Mahinda Rajapaksa: අකුරැස්සේදී මහින්දගේ අත අඹරවපු සැබෑ සිදුවීම සහ ජාතික ආරක්ෂාව...

Wednesday, July 22, 2015

අකුරැස්සේදී මහින්දගේ අත අඹරවපු සැබෑ සිදුවීම සහ ජාතික ආරක්ෂාව...

මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් සපයා ඇති ආරක්ෂාව අඩු බවත්, පසුගිය දින කිහිපයේම විශාල ආරක්ෂක ගැටළු ඇතිවුණ බවත් අප දිගින් දිගටම පෙන්වා දුන්නා. ඉදිරි පරාජයක් ගැන බියෙන් සහ දෙගිඩියාවෙන් සිටින ජාතිද්‍රෝහී බලවේග බෙදුම්වාදී බලවේග විවිධ ප‍්‍රකෝපකාරී ක‍්‍රියා භාවිතා කර රාජපක්ෂ මහතාට ඇති ජනතා පිළිගැනීම දිය කර දැමීමට උත්සහ ගනිමින් සිටින අතර එහිදී මහින්ද මහතාට එරෙහිව අපවාද නැගිමට සහ ප‍්‍රකෝපකාරි ක‍්‍රීයා කිරිමට කුළියට මැරයන් සහ එජන්තයන් යොදවා ඇති බව අකුරැස්සේදී පෙනී ගියා.

ඒ ගැන එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදියෙක් වන සංඛ විදානගම මහතා ෆේස්බුක් එකේ දක්වා තිබුනේ මෙලෙසයි.

sanka-vidanagama

ඔහුගේ ෆේස්බුක් ප්‍රොෆයිලය නිරීක්ෂණය කිරීමෙන් ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ සහායකයෙක් නොවන බව පැහැදිළි වේවි. දේශපාලන මතය කුමක් වුවත් වැරදි පුවතක් නිවැරදි කිරීම මගින් සැබෑ ජනමාධ්‍යවේදීයෙකුගේ කාර්‍ය්භාරය ඉටුකළ සංඛ මහතාට ස්තුතියි.

පහත වීඩියෝවේ Quality 480P ලෙස සකසා මුල් තත්ත්පර කිහිපය තුළ සිදුවෙන දෑ හොඳින් නිරීක්ෂණය කර බලන්න. මාධ්‍යවේදී සංඛ විදානගම මහතා පැවසූ ආකාරයටම එතුමාගේ අතින් කවරෙක් හෝ ඇද ඇඹරවීමට හදන හැටි ඔබටත් පසක් වේවි.



වීඩියෝවේ මුල් තත්ත්පර කිහිපය අනුව එතුමාගේ ජීවිතය ඒ වෙලාවේ අනතුරට ලක් වූ බව ඕනම කෙනෙකුට පැහැදිළියි. එවන් අවස්ථාවකට මුහුණ දිය යුත්තේ කෙසේද? අත අදින කෙනාට ඔහෙ ඇදගන්නට ඉඩ දී සෙනගත් සමගම බිම ඇද වැටීමද? මහ හයියෙන් කෑ ගැසීමද? සමහර විට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසන අයගේ නායකයින් නම් එසේ හැසිරේවි.

ආරක්ෂකයින් සිද්ධියට අවතීර්ණ වන තත්පරයක සුනන්ගුවෙන් සෙනග තෙරපුම නිසා මීට වඩා බරපතල දෙයක් එහි සිදුවීමට ඉඩ තිබුණා.  ගිරුවාපත්තුවේ මහින්ද මහතා මෙහිදී නියම පිරිමියෙක් ලෙස සිද්ධියට මුහුණ දෙනවා. නමුත් එජාප මඩ කල්ලියෙන් කියනවා වගේ එතන කිසිදු පහරදීමක් සිදු නොවන බව වීඩියෝව බැලීමෙන් පැහැදිළියි.

සාමාන්‍යයෙන් වෙනත් නායකයෙක් නම් මෙවන් අවස්ථාවක කරන්නේ ආරක්ෂකයින් වට කරගෙන ක්ෂණයකින් පලා යාමයි. ඒත් මහින්ද රාජපක්ෂ මහතා එම පුද්ගලයාගේ ග්‍රහණයෙන් මිදුණ ගමන්, අඩි දෙකක් පස්සට පැන තියුණු බැල්මක් හෙලමින් අනතුරක් කිරීමට ආ පුද්ගලයා කවුදැයි හොඳින් නීරික්ෂණය කරනවා. තමන් වෙනුවෙන් රැස්වූ ජනතාව ආරක්ෂිත බවත් වැටහුණ පසුවයි එතුමා යන්නෙ. එසේම එතුමා ගිය පසුව එම සිද්ධිය ක්ෂණයකින් අමතක කර දමා කිසිදු වෙනසක් නැතිව සුපුරුදු ලෙස රැළිය අමතනවා. ජීවිතයට අනතුරක් වෙන්න ගිය මොහොතක පවා එය ක්ෂණයකින් අමතක කර දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඇමතීමට එතුමාට මානසික සංයමයක් තිබෙනවා.

එදා කැබිතිගොල්ලෑව බස් රථයට කොටි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මුළු ගමම මළගෙයක් කර තිබුණ මොහොතේ එය ආරංචි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වහාම කැබිතිගොල්ලෑවට යන්නේ ගම තුළ කොටි ත්‍රස්තයින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශයෙන් අනතුරු අඟවලා තිබියදීයි. නමුත් එහි ගොස් ජනතාවගේ දුක බෙදා ගන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත කොළඹට අවුත් කරන්නේ කුමක්ද? ජාතිය අමතමින් ශෝක ප්‍රකාශ කරමින් කල් මැරීමද? නැතිනම් කොටි සමග සාම සාකච්ඡා සිදුකිරීමට උත්සාහ දැරීමද? නෑ..... වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවා සේනා සංවිධානය කිරීමට අණ දෙනවා. අද අප සැබෑ සාමයක් භුක්ති විඳින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ පෞර්ෂත්වය නිසයි.

පහත දෙබස ඔබ කොහෙදි හෝ අසා තිබේද?

"ඔබට යළිත් රජ කුමරෙකුගේ රාජතාන්ත්‍රික භාවය පිළිබඳව කියා දිය යුතුද?"
"රටේ අහිංසක මිනිසුන් මදුරුවන් වගේ ඝාතනය කරනකොට, රාජ්‍යය බිහිසුණු තර්ජනයකට ලක්ව තිබෙනකොට රාජතාන්ත්‍රික සිරිත් විරිත් පමණක් අරක්ෂා කර තිබීමේ ඵලය කුමක්ද?"

තමන්ගේ දේ වෙනුවෙන්, ආත්මාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නටවත් කොන්ද පන නැති නිවටයින්ට, රටක් ජාතියක් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඔවුන්ගේ ඒ පෞර්ෂත්ව දුර්වලතාවය ජාතික වැදගත් කමකින් යුත් තිරණ ගැනීමේදීත් මතු වෙන හැටි අප අත්දැක්කා. පසුගිය මාස 6 තුළ අපේ රටේ ආරක්ෂාව ගැන ඇති වුණේ බියකරු වාතාවරණයක්. 

පහත දැක්වෙන්නේ මැයි මස සිට මේ දක්වා මාස 3 ක් තුළ පමණක් සිදුවුණ සිදුවීම් කිහිපයක්...

[2015/05/12]. මියගිය කොටි සමරමින් මුලතිව් වෙරළේ පහන් දල්වයි lankadeepa.lk

[2015/05/16]. මුලතිව් කොටි සැමරුමක් පැවැත්වෙයි. පසුව එය උසාවියෙන් නවත්වන්න ට සිදුවෙයි. lankadeepa.lk

[2015/05/21]. යාපනයේ හර්තාල්. උතුරේ ප්‍රකෝපකාරී තරුණයින් උසාවියට ගල් මුල් ගසයි. dinamina.lk

[2015/05/27]. උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි - විග්නේෂ්වරන් යාපනයේදී කියයි divaina.com

[2015/05/29]. කොටි පාලනය ඉතා හොඳයි.. හමුදාව අල්ලාගත් දා සිට උතුරේ අපට ආරක්‍ෂාවක් නෑ – ඇමතිනී විජයකලා  මහේෂ්වරන් පවසයි Video

[2015/06/01]. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ‍අහෝසි කිරීමට ශ‍්‍රි ලකා රජය පොරොන්දු වී ඇති බව ලෝක ත්‍රස්තවාදය පිළිබඳව නවතම ඇමරිකානු වාර්තාවේ සඳහන් වෙයි. state.gov

[2015/06/02]. එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීමට විඡේදාස-සුමන්තිරන් හමුවක්‌ divaina.com

[2015/06/06]. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරයි. divaina.com

[2015/06/08]. උතුරේ සිටින හමුදාව නිසා දෙමළ කාන්තාවන් ආරක්ෂාකාරී නැති බවත් එනිසා හමුදාව ඉවත් කළ යුතු බවත් උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් පවසයි. පොලිස් ඇමති ජෝන් අමරතුංග ඊට එකඟ වෙයි Video 

[2015/06/21]. ඉන්දියානුවන්ට පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදි කරයි. divaina.com

[2015/06/30]. කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින් දෙන්නෙක් යාපනයේදී හසු වෙයි. lankadeepa.lk

[2015/07/09]. විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයින් වන දිගු දුර විහිදුම් බලකායේ රණවිරුවෙකුට මරණ දඬුවම දී දංගෙඩියට යවයි. rivira.lk

[2015/07/10]. යාපනය පොලිසිය ගලවා ඉවත් කිරීමට සූදානම් බව එජාපයේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පවසයි. asiantribune.com

[2015/07/18] අළුත්ගම බස්නැවතුම් පොළ අසල තිබියදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි බෝම්බයක් හමු වෙයි. ITN

[2015/07/21]. ක්‍රීඩාලෝලීන්ගේ ගැටුමක් මැඩපැවැත්වීමට නොහැකිව කවදාවත් නැතිව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නවත්වා මුළු රටම අපකීර්තියට ලක් වෙයි. rivira.lk

ලිපිය දිගු වෙන නිසාත් ඔක්කොම මතක නැති නිසාත් බොහොම ටිකයි දැම්මේ... මාස 3 ක් තුළදී පමණක් වුණ දේවල් බලද්දී ලොකු සනීපයක් දැනෙනවා නේද?

නිවසේ තාත්තා නොහොත් අප්පච්චිට මුළු පවුලේම ගෞරවය හිමි වන එක් හේතුවක් වන්නේ තමන්ට හෝ තමන්ගේ දරු පවුලට කවුරු හරි හානියක් කරන්න හදනවානම් රෑ දෙගොඩ හරියක වුනත් එලියට බැහැලා "කවුද බොලව්?" කියල අහන්න කොන්ද පන තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ජාතියේම "අප්පච්චි" කියල උපහාර ලබන්නේ මුළු රටම තමන්ගේ දරු පවුල ලෙස සලකමින් රට වෙනුවෙන් නැගී සිටීමේ අන්න ඒ පෞර්ෂය නිසා.

අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ වේදිකාවේ නැගලා අත් වනමින් ඉඟ නටවමින් ඩාන්ස් එකක් පෙන්වන නායකයින් හෝ කාන්තාවන්ට යෝග්‍ය ශරීර සුවතා කරන - ශොපින් යන හැටි ලෝකෙට පෙන්වන නායකයින් නෙමෙයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් නැගී සිටිය හැකි, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කිසිදු ලැජ්ජාවකින් තොරව අභිමානවත්ව අණ පිළි පැදිය හැකි, රටේ සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තරයට හිස නොනමා තීරණ ගත හැකි කොන්ද පන ඇති නායකයෙකුට මේ මොහොතේ ජාතියම විසින් කැඳවීමක් කර තිබෙනවා.....

ඔබත් එසේ සිතයිනම් Share කර යාලුවන් අතරේ බෙදා හරින්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.