Mahinda Rajapaksa: රටට සතුරු වෙබ් මාෆියාව නැවතත් කරලියට.

Thursday, July 23, 2015

රටට සතුරු වෙබ් මාෆියාව නැවතත් කරලියට.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරමින් විදේශ මුදල් මත යැපෙන රටට එරෙහි මාධ්‍ය ඒජන්ත වරුන් වැඩ ආරම්භ කර තිබේ. මොවුන් කෙතරම් සූක්ෂමද කිවහොත් මොවුන්ගෙන් සමහරුන් රාජ්‍ය මාධ්‍ය තුළටත්, තවත් අය සිරිකොතේ සහ අරලිය ගහ මන්දිරයේ සිටත් ජාලගතව මෙහෙයුම් සිදුකරයි.

තවත් මාධ්‍ය ඒජන්තවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ප්‍රබලයන්ට සමීපව සිටින අතර ඔවුන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිමාමක ජනබලය දියාරු කිරීමට උත්සාහ දරමින් සිටී. ඒසෑම ඔවුන් ෆේස්බුක් හරහාද එක්සත් ජනතා නිදහස් සංධානයේ දේශපාලඥයින් නොමග යැවීමටත් උත්සාහ දරයි.

ඔවුන් ගැන සොයාගෙන යාමේදී, පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අමූලික බොරු ගොතමින් වැඩිපුරම මඩ ගැසූ lankaleaks.com , lankaxnews.com යන ඩොමේන් වල අයිතිකරු කවුදැයි මේ වන විට හඳුනාගෙන තිබේ. ඔහු කල්ප පල්ලියගුරුගේ නැමැත්තෙකි.

එජාප ය තුළ සම්බන්ධතා මාර්ගයෙන් ලැබුණ එම තොරතුර සනාථ කරන දෑ අන්තර්ජාලයේත් ඇත. උදාහරණ ලෙස lankaleaks.net නැමැති වෙබ් අඩවිය ලියාපදිංචි කරගෙන තිබෙන්නේ කල්ප පල්ලියගුරුගේ විසිනි. මූලාශ්‍රය: http://whois.domaintools.com/lankaleaks.net

kalpa-palliyaguruge

lankaleaks.com නැමැති වෙබ් අඩවිය "Private Registration" ලෙසට ලියාපදිංචිව ඇති නිසා whois මගින් අයිතිකරුගේ නම බලාගත නොහැකි වුණත් ඊට සමාන domain නාමය කල්ප පල්ලියගුරුගේ වීම සහ එය අපට ලැබුණ අභ්‍යන්තර තොරතුර හා සමාන වීම අනුව දෙආකාරයකටම (double checked) මෙය තහවුරු වී තිබේ. එවැනි වෙබ් අඩවි මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන අදහාගත නොහැකි බොරු පුවත් මවමින් මඩ ගැසීම සිදුකළ අතර ඒවා ප්‍රචාරය කිරීමට විවධ කණ්ඩායම් යොදාගනිමින් facebook ගිණුම් දහස් ගණනක් ද නිර්මාණය කර ඇත.

lankaleaks.com වෙබ් අඩවිය හරහා "යෝෂිත රාජපක්ෂ සහ තජුඩීන්" නම් රගර් ක්‍රීඩකයෙකු අතර යම් ගැටුමක් තිබු බවට ව්‍යාජ පුවතතක් පළකරමින් , හදිසි අනතුරකින් මියගිය එකී තාජුඩීන් ගේ මරණයට යෝෂිත රාජපක්ෂ පැටලවීමට කටයුතු කර තිබුණි. (නමුත් එම චෝදනාව තජුඩීන්ගේ සහෝදරයා තරයේම ප්‍රතික්ෂේප කර ඇති බව asianmirror.lk හි සඳහන් වෙයි. එහි මූලශ්‍රය මෙම ලිපියෙන්) මෙම ව්‍යාජ  පුවත භාවිතා කරමින් යහපාලන රජය යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම උත්සහ කළ බව පසුගිය මාස කීපය තුළ විවධ මාධ්‍ය ඔස්සේ වාර්තාවිය.

මීට අමතරව lankaleaks.com වෙබ් අඩවිය හරහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරහිව මැවූ "රත්තරන් ගණුදෙනුව", නාමල් රාජපක්ෂට එරහිව නැගු "ක්‍රිස් හෝටල්" චෝදනා ඇතුළු බොරු චෝදනා රැසක නිර්මාණ කරු මෙම පුද්ගලයා බව දැනගැනීමට ලැබී ඇත.

කල්ප පල්ලියගුරුට ඇත්තේ අමුතුම පැටිකිරියකි, වසර 2004දී ඔහු පොදුජන එකසත් පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රධාන කාර්ය භාරයක් කරනු ලබන පුද්ගලයෙකි , ඉන් අනතුරුව වසර 2005 දී සහ 2010 ජනාධිපති මැතිවරණ වලදීද මැතිවරණ ප්‍රචාරණ වියපෘතියේ ප්‍රධානතම හවුල් කරුවෙකි. කෙසේ උවද මෙම පුද්ගලයා පින්සිරි කල්ලිය ඉතාම ලගින් ඇසුරු කල අයෙකි .

පුද්ගලික කාරණා හේතු මත රාජපක්ෂ වරුන් සමග උරනවූ කල්ප පල්ලියගුරුගේ, රාජපක්ෂවරුන්ගෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවි, එජාපයේ ආසන සංවිධානයක ධූරයක් ද ලබාගෙන , පසුගිය වසර දෙක තුනකට අසන්න කාලයක් තලදී රහසිගතව විවිධ රාජ්‍ය විරෝදී මඩ වෙබ් අඩවි සහ FACEBOOK (මුහුණු පොත්) භාවිතා කරමින් , මහින්ද විරෝධී මාධ්‍ය නඩය වන රුවන් ෆෙර්දිනාන්දු , දර්ශන සම්පත් සහ චන්දිම විතානආරච්චි කණ්ඩායම සමග එක්වී රාජපක්ෂ වරුන් කෘතිමව හොරු කිරීමේ වියාපාරයේ ප්‍රධාන සැලසුම් කරු ලෙස කටයුතු කළ බව ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත.

ව්‍යාජ ලෙස මඩ ගසන මාධ්‍ය මෙහෙයුමක් ඉදිරි මැතිවරණ කාලය තුල දී ද නැවතත් සිදුකිරීමට නියමිතව ඇත. එම නිසා ඉදිරියේදී කරලිය එන අභූත චෝදනා සම්බන්දයෙන් එකවර නිගමන වලට නොයන ලෙස හිතාදර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමි .

පසුගිය ජනපතිවරණ සමයේදී අවසන් සති 3 තුල මෙම වෙබ් අඩවි හරහා මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඉතාම සංවිධානාත්මක ආකාරයට අභූත චෝදනා නගමින් පුවත් පළකර තිබුණි. මේවන විට මෙවැනි කණ්ඩායම් සහ කල්ලි , බටහිර රටවල ආශීර්වාදයෙන් එම රටවල සිට සියලුම මෙහෙයුම් සිදුකරන බව දැනගැනීමට ලැබී ඇත.

විශේෂයෙන් මෙම පුද්ගලයා සහ ඔහුගේ කණ්ඩායම විසින් මේවන විට පවත්වාගෙන යනු ලබන විවිධ වෙබ් අඩවි සහ මුහුණු පොත් ව්‍යාජ ප්‍රතිරූප වලට මහින්ද පාක්ෂිකයින් ආකර්ෂණය කරගෙන පසුව අවසාන තීරණාත්මක මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට එරහිව පුවත් පලකිරීමේ සුදානමක් තිබෙන බව අපට ඉතාම විශ්වාසදායක මාර්ගයකින් දැනගැනීමට ලැබී ඇත.

විශේෂ ලියුම්කරු - නාත් බණ්ඩාර

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

19 comments:

  1. ඒ නිසා තමයි අපි කියන්නේ මහින්ද. info site එකේ තොරතුරු පොදු ජනනාවට ගෙනයන්න ක්‍රමයක් හදන්න

    ReplyDelete
  2. Mahinda.info ගොඩක් ස්තුතියි මේ එලිදරව්වට. මොන විදියේ මඩ කතා සමාජ ජාලා වල පැතිරුනත් මහින්ද පාක්ශිකයින් නම් වෙනස් වෙන්නෙ නැහැ කීයටවත්. කෙසේ වෙතත් මඩ කතා වලට පැහැදිලි කිරීම් හැකි විගසින් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමු.

    ReplyDelete
  3. චවුරයෝ කව්ද කියා දැනගත්තේ නම් අපිත් නිකන් සිටිය යුතුද? අපිත් කවුන්ට ඇටැක් එකක් දෙමු., නැත්නම් උන්ට ගිය රට, අපිත් කව්ද කියා ඒ චවුරයන්ට නිසි පාඩමක් දෙමු.

    ReplyDelete
  4. Sampath VithanageJuly 23, 2015 at 6:04 AM

    හොරු, හොරු කියා අනුන්ට ඇඟිල්ල දික්‌කරන මේ රජය යහපාලනය තුළ කරපු මහාම වංචාව මහ බැංකු වංචාවයි. එජාපය නැවත බලයට ආවොත් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රක්‌ෂණ සංස්‌ථාව, වරාය, සිංහරාජ වනාන්තරය විකිණීම සඳහා දැනටමත් පිඹුරුපත් සකසා අවසානයි. මේවා රටේ සම්පත්. ඒවා බේරා ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. අද මේ රජය රටේ සංවර්ධනය නවතා දමලා මහින්ද හදපුවා විවෘත කරමින් යනවා. විලිල-ජාව කියලා දෙයක්‌ නැහැ

    ReplyDelete
  5. ලංකාවේ අන්තර්ජාල පහසුකම් ඇත්තේ සීමිත පිරිසකටය. එහෙත් යම් පුවතක් අන්තර්ජාලයේ පලවූ වහාම එය සිත් ගන්නා සුලු නම් කට කතාවක් බවට පත්වී මුලු රට පුරාම පැතිරෙයි. මිනිසුන්ගේ හොඳට වඩා නරක දැකීමට සැදී පැහැදී සිටින මිනිසුන් ඒවා විශ්වාස කර කලකිරීමට පත්වේ.කුමන්ත්‍රණ කරුවන් ප්‍රයෝජනයට ගන්නේ මිනිසුන්ගේ මේ දුර්වල කමයි.මිනිසුන්ට බුද්ධිය ඉන්ජෙක්ෂන් කිරීමට බැරි නිසා අපට කල හැකි එකම දෙය නම් විමසිල්ලෙන් බලා සිට එම ප්‍රචාර උපන් ගෙයිම නිෂ්ක්‍රිය කිරීමයි. ඔබ මෙය ඉතා සාර්තකව කරන ආකරය අපට පෙනේ.මහින්දගේ අත ඇඹරවීමේ කේස් එක වහාම පෙන්වීමෙන් විශාල මඩ ප්‍රහාරයක් වැලැක්වීමට හෙකිවිය.අලුත් මඩ ප්‍රචාර ඔබ වෙත වහාම දැනුම් දීමෙන් හැකිතරම් ඊට දායක් වීමට අපි පොරොන්දු වෙන්නම්.

    ReplyDelete
  6. Dr. Arun VincentJuly 23, 2015 at 6:20 AM

    Ranil can buy anyone to UNP propaganda. He got the bond scam money. He got trained in West, on how to hunt people's money.

    Ranil agreed to build a bridge to connect Tamil Nadu and Sri Lanka, far back in 2002. as per Dayan Jayatilake at Gammanpilla launching.

    This is one of his priorities. If this happens our heritage would be history. Country will be filled by cheap labor and kallatonis. 60 Million of them in Tamil Nadu, some of whom used to swim across rameshwaran will run here and we will become part of Tamil Nadu under 1 year.

    RANIL ALSO AGREED TO GIVE SEPERATE ADMINISTRATION TO HASSAN ALI /SLMC HAKEEM.

    Election Commissioner is sleeping, while Rani and UNP is using massive funds from Bond Scam for election.

    IF THIS IS HOW CORRUPT RANIL AND UNP IS DO YOU THINK ELECTION AND IT'S RANIL's WESTERN MONITORS WILL DO ANYTHING TO ENSURE FAIRNESS?

    ReplyDelete
  7. Sampath VithanageJuly 23, 2015 at 6:24 AM

    බැංකු කඩපු රනිල්, බටලන්දේ වධකාගාරයේ අපේ තරුණ තරුණියන් දහස්‌ ගණනකගේ ජීවිත විනාශ කළා. ත්‍රස්‌තවාදීන් සමග සන්ධානගතවී රණවිරුවන් දහස්‌ ගණනක්‌ ජාතියට අහිමි කළා. මේ තරම් විනාශයක්‌ කරපු රනිල් දැන් සුදන වෙන්න හදනවා. රනිල්ගේ පාර්ලිමේන්තු බලය තිබුණේ හතළිහකට. දැන් මේ අය අලිබබා සහ හොරු හතළිහ වෙලා. මීගමුවේ බැංකු කොල්ල කාපු මන්ත්‍රී අද එජාප අපේක්‌ෂකයෙක්‌.මේක උන්ගේ යහපාලනය, මේ දුර්දාන්ත රජය පෙරළා දමන්න ලබන 17 දා මේ රටේ ජනතාව කටයුතු කරන බව ඒකාන්තයි.


    මුලු රට එක හඩින්ද
    ඇරයුම් කල හෙයින්ද
    අදිටන ඉටු වෙමින්ද
    පෙරමුණ ගති මහින්ද..

    අප පෙර කල පිනින්ද
    පැතුමන් සපුරමින්ද
    ජනගග දිනු හෙයින්ද
    නැතුවම බැරි මහින්ද..

    මගෙ රට රැක ගමින්ද
    සිහ නද පතුරමින්ද
    වෙන කෙනෙකුන් කොයින්ද
    මුලු රටටම මහින්ද..

    ReplyDelete
  8. Sampath VithanageJuly 23, 2015 at 6:42 AM

    api pasugiya dawas wala hitiye thissamaharame..e atharathura mattala airport ekatath yanna amathaka kare na..ahedi ahe wada karana aya kuwe anndu maruwath ekka aheta ena airways okkoma nawaththala FLY DUBHAI arenna.mattala popular weegena enakota thamai mahema une..wada karana ayata rassa na.godak ain karala damma,mahema gyoth meka aparade kiyala.issara air hosters la wenne salli kara palanthiye rassawa hobby ekak karaganna ayatai,habai game ahinsaka duppath manussayage duwata air hoster kenek wenna beri una..meka hadapu nisa api wage duppath ayatath me wage international airport ekaka wada karanna puluwan wela theyanawa,danatamath kauruth anne nathi tharam,issaranam katunayaka ta land karanna beri ewa divert kare mattalata.dan aimath e flight divert karanne chennai airport ekata.meka diunu weegena enakota thama mahema wahala danna hadanne balen..meka adata wada issarahata meka diunu wenawa aniwarenma..puluwannam mewa prasidda karanna. me chanden UPFA paradawela UNP aanduwak awama mattala wahala ethana garment ekak danna sudanam wenawalu.ahema wenna denna epa....oka thamai mattala port ake wada karana aya kuwe,,me sambandawa awadanaya yomu karala me topic eka katha karanna.samajaye katha bahak athi karanna kiyala thama ahe wada karana aya kiyanne.....@ admin obata puluwannam me sambandawa ihala pudaglayinwa danuwath karanna.katha bahak athi karanna..katha karana deshakayanta me thorathiru laba denna.

    ReplyDelete
  9. මත්තල ගුවන්තොටුපොළ ගැන අප විසින් මීට පෙර ලිපියක් පළ කළා. එහි බොහෝ විස්තර අඩංගුයි. http://www.mahinda.info/2015/04/maththala/

    ඒ ගැන අන්තර්ජාලයේ තව දැනුවත්කිරීම සිදුකරන්නම්.

    ReplyDelete
  10. බෙදුම්වාදී මනශිකත්වයේ නිතර වුරුවන් බාන රොත්තකුත් තනතුරු තාන්න මාන්න දී වටේට තියන් හිටිය එක මහින්ද කරපු ලොකුම ගොන් වැඩෙය.මේ වගේ ඊලගට කට අරින්න ඉන්න කෙනෙක් ඩිලාන් පෙරේරා.

    ReplyDelete
  11. If the facebook details of these guys are published on Mahinda.Info all internet supporters of MR can visit these bogus pages and lodge complaints! if this is done they wont be able to continue for long! All MR supporters who have facebook should initiate this action!

    ReplyDelete
  12. Mahinda jaya sikurui .sinhala jathiye abhimanawath nayakaya do swamy. Jayaweva

    ReplyDelete
  13. ගිය ඡන්දෙත් නොයෙක් මඩ පින්තූර හදලා මහින්දගෙ පාක්ෂිකයන්ව ෆෙස්බූක් එකෙන් අයින් කරා. මේ ගැන මහින්ද මහතාගෙ වෙබ් අඩවි වලට මා අනතුරු ඇඟෙවුවත් වැඩක් වුනේ නෑ. මහින්දගෙ වටේ ඉන්න මිනිස්සු හරි මන්දගාමියි. එනිසා මහින්ද පැරදුනා. මිනිස්සු මෝඩයි. එදාට කන්න මොනව හරි පොඩ්ඩක් කටට දානව කිවුව එකාට ඡන්දෙ දෙනව. ප්‍රේමදාස මේගැන දැනගෙන හිටිය නිසා මේ මෝඩ මිනිස්සු රවට්ටලා උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ කාලෙ රූපවාහිනියෙ දවසෙම ගියෙ ප්‍රේමදාස කන්න දෙන පොරොන්දු ගැන ගෑනු උදම් අනපු විදිහ. එක ගෑනියෙක් කිවුවා මෙහෙම කන්න දෙනව නම් දෑතින්ම බඩ පුරෝගන්න පුළුවන්නෙ කියල. කෑම වලින් රටේ නායකය තෝරන ලෝකෙ පෙරේතම මිනිස්සු ජාතිය ඉන්නෙ මේ රටේ.

    ReplyDelete
  14. සැරියුත් මහ රහතන් වහන්සේට ගහන්නත් මිනිස්සු ඉන්දියාවෙ හිටිය. මල් ආසනයෙ මළ මිනී හංගල බුදුරජාණන් වහන්සේටත් අපහාස කරන්න මිනිස්සු ඉන්දියාවෙ හිටිය. බඩේ දර මිටි බැඳගෙන අපහාස කරන්නත් ගෑණු හිටිය.
    විජය රජ්ජුරුවො 700ක් පිරිස එක්ක ලංකාවට ආවම එහෙම ආපු උන් අතරෙ එවුන්ගෙ පරපුරේ එවුන් හිටිය. උන් දැන් රටේ බෝවෙලා තියෙන්න. දැන් පරක්කු වැඩියි. උන්ගෙන් පැවත එන එවුන් මේ රට කරන්න දෙන්නෙ නෑ. ඉතිහාසය පුරාම මේ රටේ රජකම හොරා කන්න වරින් වර කුමන්තණ කරා. රජ්ජුරුවන්ට එදත් මේ විදියට කේලම් කිවුව, මැරෙවුවා, එළෙවුව්වා, වස දුන්නා, කටු අණෙවුවා.
    වීර පුරන් අප්පු පාවලා දුන්න. සරදියෙල් පාවා දුන්න. අනගාරික ධර්මපාල තුමාව එළවලා දැම්ම. අදත් එහෙමයි. රනිල් අපේ ජනාධිපතිතුමාව එළවලා දැම්ම. ඒකයි රනිල් අධ්‍යාපනයෙන් ඉතිහාසය අයින් කරන්නත් හදන්නෙ.

    ReplyDelete
  15. ඔබ කල මෙහෙය මගෙ රට දැය ගොඩ ගන්ට..
    සමකල හැකිය නිරිදුන් දුටු ගැමුණු හට..
    බැති පුද දෙමින් රට වැසි සැම ඔබ නමට..
    අදටත් හෙටත් සදහට අපි මහින්දට..!

    හිත හොද සැවොම ඔබ වෙතටයි අප්පච්චී..
    කළ ගුණ දත් අයත් ඔබටයි අප්පච්චී..
    හෙළ බොදු මෙන්ම සැම සුරැකුව අප්පච්චී..
    වැඩි කල් නොගොස් මුලු රටටම අප්පච්චී..!

    දින දින ඔබගෙ යහ ගුණ මෙහි පැතිරේවා..
    බොරු මඩ ගැසූ අය එලියට විසි වේවා..
    ජනගග අදිටනින් බලයෙන් වැඩි වේවා..
    ජය ජය ජයම වේ සැම දෙවි රැක දේවා..!

    ඔබ එනතුරා මග බලමින් අප්පච්චී..
    තුන් තිස් පැයේ නෙතු කදුලින් බරවෙච්චී..
    ලග ලග ඇසෙයි රණ බෙර හඩ අප්පච්චී..
    ජය ගොස පතුරුවා හිනැහෙමු අප්පච්චී..!

    පින්බර සිනහවට සහ තේජස් කමට..
    කද්ලක් නොහෙලු කිසිවකු නැහැ හතර වට..
    "අප්පච්චී" යලි ජය ලැබ පැමිනි විට..
    රට සරුසාර වන බව නියතයි මෙමට..!

    ReplyDelete
  16. can the information in this web disseminate more effectively in to general public , as I see the history is repeating again and MR side is weak on responding to damaging propaganda campaign run buy UNP /JVP. It's vital that MR camp should respond more efficiently to avoid any disappointment this time.

    ReplyDelete
  17. හැබෑමයි. රනිල් චිංචි මානවිකාවගෙ පරපුරෙන් පැවත එන එකෙක්. ඌ ගෑනු මැද්දට පනල රබං ගහනව. ගෑනුන්ට කන්න පාරෙ කෙහෙල් ගෙඩි එල්ලනව.

    ReplyDelete
  18. api wahama kiyanawa akurasse wage dewal thawa wenna puluwan. mahinda mahathata wahama arksawa dadi karanna. senaga atharata yana eka adu karanna. api ethumata adarei. chiran jayathu mathiduni.

    ReplyDelete
  19. "විශේෂයෙන් මෙම පුද්ගලයා ඔවුගේ කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලබන විවිධ වෙබ් අඩවි සහ මුහුණු පොත් ව්‍යාජ ප්‍රතිරූප වලට මහින්ද පාක්ෂිකයන් ආකර්ශනය කරගෙන පසුව තීරණාත්මක මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පුවත් පළ කිරීමේ සූදානමක්"

    හරියට හරි..මේක තමයි මේ අවජාතක බල්ලන්ගෙ අලුත්ම ගේම් එක,මුන් හදන්නෙ නැවතත් මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතුමාව හා එතුමාගේ මහා ජනබලයට වෙත ඉතා සූක්ෂක ම ලෙස ප්‍රහාරයක් එල්ල කර මහින්ද ජන බලය කණපිට ගැසීමටය.මටත් පුද්ගලික ව මේ පිළීබඳ සමහර පුවත් හා සම්බන්ධව හා එයට සමහර පිරිස් විසින් යොදා තිබෙන කමෙන්ටු පිළිබඳ විමසා බැලීමේදී විශාල සැකයක් මතුවුණා.එම නිසා ඔබ සැම දෙනාත් මේ පිළිබඳ ව දැඩි අවදානයකින් සිටිය යුතුය.මේ නරුමයෝ කරන්නෙ තම උපන් මවුබිමට ද්‍රෝහීකම් කරන ගමන්ම අපේ සදාදරණීය නායකයාව දහසකුත් අමු බොරු චෝදනා හා පුද්ගලිකව පවා අභූත මඩ ප්‍රහාර දියත් කරමින් මේ රටේ ජනතාව අතර පිළිකුලින් යුතුව හෙලා දැක්වීමට සලස්වා එයින් ඔවුන්ගේ කූට යමපාලන පාණ්ඩුව නැවතත් මේ රටේ රජ කර ඒ හා සමඟාමීව නැවතත් බෙදුම්වාදී මිනීමරු ත්‍රස්තවාදයේ ත්‍රස්ත රාජ්‍යයක් බවට පත් කිරීමටයි.

    එබැවින් "මහින්ද දේශමාමකයන්" ඔබ සැම මේ යමපාලන ත්‍රස්තවාදයේ වර්තමාන ස්භාවය මැනවින් වටහා ගෙන කටයුතු කර නිවැරදිව එවුන් බලාපොරොත්තු නොවන ආකාරයේ දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට වඟබලා ගත යුතුමය.කුමක් නිසාද කියනවානම් නැවතත් ඔබ මෙවැනි පට්ටපල් බොරු ගහන බොරුකාර නරුමයන්ට රැවටී මෙවර සටනත් වැරදී ගියහොත් එය ඔබට ජාතී ජාතීත් විඳ වීමට සිදුවන කාරණයක් වගේම අප උපන් මාතෘ භූමිය හා එම මාතෘ භූමියේ නිදහසේ ජීවයේ පියාණන් වන අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාව අනාරක්ෂිත වී එතුමාට අනතුරක් වීමට හා අනතුරක් කිරීමට හැකි හැකියාව තව තවත් ඉහළ යන බැවිනි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.