Mahinda Rajapaksa: මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව!

Sunday, July 26, 2015

මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව!

මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා. හිරු නිවුස් පුවත මෙලෙසයි.
මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. යට මුදල් දුන්නා - ජවිපෙන් යළි චෝදනා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ නිමා වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

හුදු දේශපාලන මඩ ප්‍රහාරයක් වන එම චෝදනාවට පදනම් වූ කිසිදු මූලාශ්‍රයක් අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙනහැර දක්වා නැහැ. අප මූලාශ්‍ර සහිතවම ඒ චෝදනාවේ පදනම් විරහිත භාවය ඔබට පෙන්වා දෙන්නම්.

[1]. මේ ඇත්තේ 1994 සිට 2015 දක්වා ජනාධිපතිවරණ වලදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයි.

































 වර්ෂය යාපනය  වන්නි
(i). 1994 2.97 % 22.41 %
(ii). 1999 19.18 % 31.22 %
(iii). 2005 1.21 % 34.30 %
(iv-1). 2010 25.66 % 40.33 %
(iv-2). 2015 66.28 % 72.57 %

යාපනය මූලාශ්‍රය wikipedia.org/wiki/Jaffna_Electoral_District
වන්නි මූලාශ්‍රය wikipedia.org/wiki/Vanni_Electoral_District

(i). 1994 වන විට උතුර සම්පූර්ණයෙන්ම කොටි ග්‍රහණයේ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු මට්ටමක පැවතුණා.

(ii). 1999 වන විට යාපනය අර්ධද්වීපයේ බටහිර කොටස හමුදාව විසින් මුදාගත් අතර, ඒ නිසාම ඡන්දය ප්‍රකාශ කිරීම තරමක් වැඩි වුණා. වන්නි දිස්ත්‍රික්කයේ ද හමුදා පාලන ප්‍රදේශ වල ඉහළ යාමක් තිබුණු අතර, ඡන්දය ප්‍රකාශ කිරීමද තරමක් වැඩි වුණා.

(iii). 2005 දී ඊනියා සටන් විරාම ගිවිසුම යටතේ යාපනය නැවතත් කොටි ග්‍රහණයට ලක් වූ නිසා ඡන්දය ප්‍රකාශ කිරීම නැවතත් අඩු වුණා.

(iv). ත්‍රස්තවාදය අවසන් වූ පසු 2010 සිට ඡන්දය ප්‍රකාශ කිරීම ක්‍රමයෙන් සාමාන්‍යය අගයන් කරා පැමිණියා.

(v). ඉහත තොරතුරු අනුව ඔබට ඉතාම පැහැදිලිව පෙනෙන කරුණ නම් උතුරේ දමිළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය LTTE සංවිධානයේ බලයට ප්‍රතිලෝමව සමානුපාතික බවයි. 1994 දී සහ 1999 දීත් කොටි සංවිධානය ඡන්දය වර්ජනය කර තිබෙනවා. මෙය 2005 ට සුවිශේෂී තත්වයක් නෙමෙයි.

(vi). ඒ අනුව 2005 දී ජනාධිපතිවරණය වර්ජනය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොටින්ට මුදල් දුන්නා යන කතාව කිසිදු පදනමක් නොමැති මඩ ප්‍රහාරයක් බව පැහැදිළියි.

(vii). කොටින් ඡන්දය වර්ජනය කළේ "උතුරේ ජනතාව දකුණේ නායකයන් පිළිනොගනී" යන පණිවිඩය ජාත්‍යන්තරයට දෙමින් වෙනම රාජ්‍යකක් දිනා ගැනීමට මිසක් වෙන දේකට නොවෙයි. අනුර කුමාර දිසානායක මහතා හදන්නේ කොටින්ගේ බෙදුම්වාදී ඉතිහාසයට සුදු හුණු ගෑමට බවත් මින් පෙනී යයි.

 

[2]. මෙලෙස සංඛ්‍යාලේඛන මගින්ම ඔප්පු කර තිබියදීත් අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත යැයි තවමත් කවුරු හරි කියනවානම් පහත නිගමන වලට ඔහුට ඒමට සිදුවෙයි...

(i). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් 1994 දී සහ 1999 දීත් කවුරුන් හෝ ඡන්දය වර්ජනය කිරීමට කොටින්ට සල්ලි දී තිබෙනවා.

(ii). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් ත්‍රස්තවාදී සංවිධානයක් "පීචං" වෙන්නටම අන්දවා බලයට පැමිණ, ඒ සංවිධානයම කුඩුපට්ටම් කර දැමීමේ ගෞරවය වඩාත් ලොකුවට මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතුයි. එවන් ගේමක් ගැසීමේ හැකියාවට හිස නමා ආචාර කළ යුතුයි.

 

[3]. කොටින්ට සල්ලි දුන්න කතාව සෑම විට කරලියට එන්නෙ ඡන්දයක් එනකොට පමණයි. 2010 ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 ජනාධිපතිවරණයේදීත් එජාපයේ සමහරුන් ඔය කතාව කී අතර, ඉන් පසු මාස 6 ක් ම ගිහිල්ලත් ඒ වෙනුවෙන් කළ නීතිමය ක්‍රියාමාර්ගයක් නෑ. සමහරුන් ගාව තිබුණා කියූ ඊනියා සාක්ෂි එලියට දැම්මේත් නෑ.

 

[4]. කොටි සංවිධානයට ආධාර දී ඇත්තේ එජාපයේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් බවත් ඔබ අසා ඇති. මෙන්න විකීපීඩියා එකෙන්ම...
President Premadasa ordered the Sri Lanka Army to clandestine handed over arms consignments to the LTTE to fight the IPKF and its proxy, the Tamil National Army (TNA). These consignments include RPG guns, mortars, self-loading rifles, T81 automatic rifles, T56 automatic rifles, pistols, hand grenades, ammunition, and communications sets.[63] Moreover, millions of dollars was also passed on to the LTTE. - source: wikipedia

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊනියා සාම කාලය තුල ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුණු බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.
during Ranil Wickremesinghe's regime that the LTTE dragged the peace talks to smuggle weapons and ammunition including aircraft. source: wikipedia

එකී චෝදනාව සනාථ කරමින් සහ රනිල්-ප්‍රභා මිතුදම පෙන්වමින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට සිටින ඔරලෝසු , රණවිරුවන්ට මානුෂික මෙහෙයුම අතරතුරදී හමුවී තිබෙනවා.



 

අප ඉහත සෑම කරුනක්ම දක්වා ඇත්තේ මූලාශ්‍ර සහිතවයි. නමුත් 88/89 භීෂණය කාලයේදීත් ඉන් පසුවත් ජවිපෙ වෙනුවෙන් නොමිලේ පෙනී හිටපු ආදරණීය නීතීඥයා මෙන්ම, ත්‍රස්තවාදයෙන් රට බෙරා දුන් අභීත නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු පදනමකින් තොරව ජවිපෙ නායක මඩ ගසයි. එහෙම කරන අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මිය ගිය සහෝදරවරුන්වත් පාවා දෙමින් අද සුද්ද කරන්නේ කවුරු කවුරුන්වදැයි ජවිපෙ බුද්ධිමත් සහෝදරවරුන්ට පැහැදිළි වීමට ඉහත මූලාශ්‍ර ප්‍රමාණවත් වේවි.

යාලුවන්ටත් ඇත්ත දැනගැනීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.