Mahinda Rajapaksa: මහින්ද යුගයේ ලංකාව , නීතියේ ආධිපත්‍යයෙන් දකුණු ආසියාවේම පළමු තැන...!

Tuesday, July 28, 2015

මහින්ද යුගයේ ලංකාව , නීතියේ ආධිපත්‍යයෙන් දකුණු ආසියාවේම පළමු තැන...!

[1]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව පැවැති 2014 වර්ෂයේදී, නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව මුළු මහත් දකුණු ආසියාවේම අංක 1 ට පත්ව තිබේ.

මේ බව හෙළි වෙන්නේ 2014 ලෝක යුක්ති වාර්තාව හෙවත් World Justice Project හි Rule of Law Index මගිනි. මූලාශ්‍රය: worldjusticeproject.org

 

[2]. World Justice Project යනු ලෝකයේ සෑම ජාත්‍යන්තර ආයතනයක් විසින්ම ලෝකයේ ඒ ඒ රටවල් වල නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ස්වාධීන දත්ත ලබා ගන්නා, ඇමරිකාවේ වොෂිංටන්හි පිහිටා ඇති ආයතනයයි. වැඩි විස්තර සඳහා wikipedia.org

 

[3]. මෙය මහ මැතිවරණය ආසන්නයේ රටට හෙළි කරන ලද වාර්තාවකුත් නොවේ. එජාපයේ රුවන් විජේවර්ධනලාට අයත් Financial Times පුවත්පතෙන්ම මේ ගැන හෙළි කරන ලද්දේ 2014 අගෝස්තු තරම් ඈතකදීයි. මූලාශ්‍රය

rule-of-law-sri-lanka

 

[4]. "යහපාලනය" ඇති කරන බව කියූ එජාප ආණ්ඩුවක් බලයට ආ බැවින් මේ වන විට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය මහින්ද යුගයටත් වඩා ඉහල බව සමහරවිට ඔබ සිතාවි. නමුත් මිත්‍රවරුණි අපේ මාතෘ භූමිය එදාට වඩා ආපස්සට ගිහින් ඇත.

rule-of-law-index-2015-sri-

Rule of Law Index 2015 නවතම වාර්තාවට අනුව නීතියේ ආධිපත්‍යය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 2 වන තැනට පහතට වැටී ඇත. ඒ අතර ලොක මට්ටම 48 සිට 58 දක්වා පහත වැටී ඇත. ඔබට ලැබුන "වෙනස" සහ "අපමණ අගය" එයයි. මූලාශ්‍රය: http://data.worldjusticeproject.org/#/groups/LKA

පසුගිය කාලය තුළ ඔබ දිනපතා ප්‍රවෘත්ති බලනවානම් එසේ වූයේ ඇයිදැයි ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. වත්මන් අගවිනිසුරුවරයාව පත් කිරීම සිදුවූ ආකාරයේ සිටම මේ දක්වා රටේ නීතියේ ආධිපත්‍යයට වුණ දේ සිතා බලන්න.

 

[5]. එහෙත් මහින්ද යුගයේ නීතියේ ආධිපත්‍යය නැති බවට ජනතාව අතර මතයක් ගියේ ඇයි? ඒ ගැන ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරන මහතා කරන ලද කෙටි පැහැදිළි කිරීමත් ඔබ අනිවාර්යයෙන්ම අසා බලන්න.



යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.