[1]. කිසියම් චෝදනාවක් කරනු ලබන තැනැත්තා විසින් අදාල චෝදනාව ඔප්පු කිරීමේ අවශ්‍යතාවය පවතී. මෙය සාමාන්‍ය නීතියේදී "Legal burden of proof" ලෙස හැඳින්වෙයි. එසේ නැතිව මොකක් හෝ කටට එන දෙයක් පවසමින්, එය නොකළ බවට ඔප්පු කරන්නයැයි අභියෝග කරන්නේ අන්තර්ජාලය භාවිතා කරන්නේ මෝඩයින් යැයි සිතාගෙන විය යුතුය.
පා. ච. රණවක (පහසුව තකා නම කෙටි කර දක්වමි) කරන චෝදනාවම මීට පෙර අනුර කුමාර දිසානායකත් කළ අතර ඊට මහින්ද ඉන්ෆො වෙබ් අඩවියෙන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම් වරයෙක්ද පිළිතුරු දක්වා තිබෙන නිසා ඒවා නැවතත් සඳහන් කිරීම අනවශ්‍යයැයි සිතමු.
(i). මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව
(ii). අනුර කුමාර දිසානායක මහතාගේ බොරු ප්‍රචාර - මාධ්‍ය නිවේදනය
[2]. පහත දැක්වෙන්නේ පා. ච. රණවක 2009 දී පළ කරන ලද තම ස්වයං ලිඛිත චරිතාපදානය වන "පටිසෝතගාමීව තිස් වසක්" නම් කෘතියේ 147 වැනි පිටුවේ මහින්ද කොටින්ට කප්පන් දී ඡන්ද වැළැක්වූවා කියන චෝදනාවේ ඉතිහාසය පැහැදිළි කර ඇති අයුරුයි.

දැන් මේකෙන් හරි වෙන්නේ පා. ච. රණවක එදා කී දේ ද? නැතිනම් අද කියන දේ ද? පා. ච. රණවකගේ පදනම් විරහිත අභියෝගයට ඔන්න පා. ච. රණවක ලියූ පොතකින්ම පිළිතුරු ලැබී තිබේ.
[3]. පා. ච. රණවකගේ 1985 සිට 2005 දක්වා තම දේශපාලන ගමන මේ ආකාරයෙන් ලඝු කොට දැක්විය හැකියි.
1. ජනතා විමුක්ති පෙරමුණ
2. ජාතික චින්තනය
3. ජනතා මිතුරෝ
4. සිංහල වීර විධානය
5. සිංහල උරුමය
6. හෙළ උරුමය
7. එක්සත් ජනතා නිදහස් සංධානය
8. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
9. යහපාලන ජාතික පෙරමුණ
10. එක්සත් ජාතික පක්ෂය
පුද්ගලයකුට කාලයත් සමඟ තමන්ගේ දේශපාලන අදහස් වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇත. ඒ අනුව පා. ච. රණවකට මාක්ස්වාදියෙක්, ජාතිකවාදියෙක් හෝ ලිබරල් නූතනවාදියෙක් ලෙස තම අදහස්, මතිමතාන්තර වෙනස් කර ගත හැක. එහි ගැටළුවක් අපට නැත.
නමුත්, පුද්ගල මතය වෙනස් වුවද ඉතිහාසයේ සිදුවූ සිදුවීම් වෙනස් කරමින් හුවා දැක්වීමට ඉඩක් නැත. යමෙක් එසේ කරන්නේ නම් ඔහු තමන්ගේ පුද්ගලික දේශපාලන මතිමතාන්තර වෙනුවෙන් ඉතිහාසගත කරුණු විකෘති කරමින් ජනතාව රවටන අවස්ථාවාදියෙකු බව කීමට සිදුවෙයි.

[4]. පා. ච. රණවකගේ පටිසෝතගාමීව තිස් වසක් කෘතිය scribd.com වෙබ් අඩවියේ තිබේ. විශේෂයෙන්ම එම කෘතියේ 129 පිටුවේ සිට ඇති "මහින්දාගමනය" කොටස, එදා ඔහු කී දේ සහ අද ඔහු කියන දේවල් අතර වෙනස පෙන්වන කැඩපතකි.
යාලුවන්ටත් දැනුවත් වීම සඳහා Share කරන්න.