එම සිද්ධිය නිවේදකයාගෙන් දැනගත් ජනතාව, තම මිතුරාගේ විපතේදී අත හැර නොයන තම ආදරණීය නායකයා ගැන බෙහෙවින් සතුටු විය. වීඩියෝව පහතින්.
සංධානයේ නාමයෝජනා සැකසීම සඳහා අධිකතර වෙහෙසක් ගනිමින් දුරකථන ඇමතුම් දහස් ගණනකට පිළිතුරු දෙමින් දිවා රෑ නොබලා සහාය දුන් හෙයින් ඇතිවූ අධික වෙහෙස නිසා සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ රාත්‍රියේ අසනීප වී රෝහල් ගත කළ අතර මේ වන විට එතුමා සුව වී සිටී.
"UPFA General Secretary Susil Premajayantha had been admitted to a private hospital in Colombo last night due to a sudden illness and had been discharged this morning." - source: dailymirror.lk
මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසන පිරිස, එතුමා මෙලෙස පිටව යන්නේ "තමන්ට නාමයෝජනා නොලැබුණ නිසා" බව පවසමින් මෙම සංවේදී සිදුවීමත් යොදාගෙන ෆේස්බුක් පෝස්ට් දමා තිබුණි. නමුත් එජාපයේ අන්තිම බලාපොරොත්තුවත් සුන් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගලින් නාමයෝජනා ලබාගෙන එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී අවසන්ව ඇත. විස්තර මෙතනින්.
එදා කොටි ත්රස්තවාදීන් කැබිතිගොල්ලෑවේ බස් රථකයට බෝම්බ දමා ගම්මානයක්ම මළ ගමක් කළ අවස්ථාවේදී පවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය ජීවිතාරක්ෂාව ගැන පවා නොසිතා එහි ගොස් ජනතාව අස්වැසුවේ තමන්ගේ ආදරණීය ජනතාව දුකට පත් වූ අවස්ථාවේදී බලා සිටීමට එතුමාට නොහැකි නිසයි.
යාලුවන්ටත් මේවා දැනගැනීමට Share කරන්න.