Mahinda Rajapaksa: සංධාන මැතිවරණ මෙහෙයුම් නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට!

Wednesday, July 15, 2015

සංධාන මැතිවරණ මෙහෙයුම් නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට!



mahinda-upfa

ඉදිරි මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙහෙයුම් නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කල බව හිටපු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද පැවති සන්ධාන මෙහෙයුම් කමුටුවේදී ඔහු එම තනතුර භාරගත් බවත් නායකයා කවුදැයි ජනතාව තීන්දු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එහිදී අදහස් පල කල කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සන්ධානයට දේවාශිර්වාදයක් වී ඇති බවත් ඔහුගේ ප‍්‍රකාශය නිසා ශ්‍රීලනිපයේ බෙදී සිටි අය එකතු වූ බවත්ය.

සන්ධාන පක්ෂ නායකයින් රැසක් එහි පැමිණ අතර මින් මද වේලාවකට පෙර රැස්වීම ඇරඹිණි. ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ප්‍රභා ගනේෂන්, තිස්ස විතාරණ, තිස්ස අත්තනායක ඇතුළු සන්ධානයට සහාය දක්වන කණ්ඩායම් රැසක නියෝජිතයෝ එහි පැමිණියහ.

ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මැතිවරණයේදී පක්ෂග්‍රාහිත්වයකින් තොරව කටයුතු කරන බව ඊයේ දිනයේ නිවේදනය කළේය. එම නිවේදනයත් සමගින් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ආකාරය පිළිබඳ වැදගත් තීන්දු තීරණ හදිසියේ ගැනීමට සන්ධාන නායකයින්ට සිදුවිය.

එසේම ජනාධිපති සිරිසේනගේ විශේෂ ප්‍රකාශයේ ඇතැම් කරුණු නිසා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සංධානයටත් ද්‍රෝහී වී ඇති බවට සංධාන මන්ත්‍රීවරුන් අතර මතයක් නිර්මාණය වී ඇත. එසේම ඔහු සමග මෙතෙක් සිටි මධ්‍යම කාරක සභිකයින්ද තමන්ව පාවා දුන් බව කියමින් කළකිරීමට පත් වී සිටී. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඔහුගේ බලය නුදුරේදීම ගිලිහෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. (මූලාශ්‍ර: දෙරන, ලංකාදීප සහ mahinda.info වාර්තාකරු)

37c4121c5563ffb1ed1a10b42f2044ae4b707b2eb9133697472362bbc830e849[1]

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

12 comments:

  1. Samdhanaya pawaladila nokiya ranilge mada haha kiyala ekata chande nohagena vidihata danna kiyala ewelema anith pattata kiyanawa pattak ganne haha kiyalath oita wada nambukara nadda kelinma mama aliyath ekka yanawa aliyata chande kiuwanam.tawath oya depita kattuwawa sabahapathi vidihata tiyan Inna eka api wage pakshakayanta karana agaurawayak..

    ReplyDelete
  2. දෙපත් නයා නොහොත් පොලගා, නොහොත් රුකඩ පඹයා, සුන්නත්දුවිලි කරන්න කාලය පැමින ඇත, දුටුවිට සර්පයා අතනැරින් මිත්‍රයා, ද්‍රොහියාට යන එන මන් නැත එහෙත් අපායේ දොර විවර කර තිබේ.

    ReplyDelete
  3. ජයවෙිවා නියමයි

    ReplyDelete
  4. MR needs to take the leadership and make a speech to the public about the entire episode before this election becomes a comedy..


    it is clear where MS is and what he has in his mind..

    the entire country is confused including the ppl watching the events from overseas as we do not want this moment to lose..

    this would be the last opportunity to correct what went wrong..

    There may be ppl in the team with double standered and needs to identify them sooner....they are not there to do any good to MR ..they are there to support MS ......

    Media needs to come forward and go public and educate the ppl faster as time is running out..

    Manuri writing from Toronto

    ReplyDelete
  5. podu jana nayaka!!!!!!!!!! MY3 aparade UNP ekatama giyanam hari chandrika ekkama

    ReplyDelete
  6. Maithripala Samadhanaye Sethpewa!

    Otherwise it is speculated that he leafy agreed to hand over Mahinda and Gota to UNHCR /iaspora.

    ReplyDelete
  7. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමණි,

    ඔබතුමා මේ අප උපන් මාතෘ භූමිය 2009 කුරිරු මිනීමරු ත්‍රස්තවාදය අවසන් කරදමා නිදහස් නිවහල් දේශයක් රටේ ජනතාවට උදාකර රටේ ඒකීය භාවය හා ශක්තිමත් බව තහවුරු කරා සේ මෙවරත් දුර්ජන යමපල්ලන්ට හා යමපල්ලන්ගේ යමරජු වන කුහක ආප්ප පාලටත් දේශපාලනික වශයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින්,නැවතත් දැවැන්ත විජයග්‍රහණයක් කර අපේ රටේ අපේ සදාදරණීය නායකයා වන බව ස්ථීරයි,තීන්දුයි,නිවරණයි.

    රටට,ඔබතුමාට හා මාතෘ භූමිය යමපල්ලන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් ජනවාරී 9 වනදා සිටම දැවැන්ත සටනක යෙදුණු,යෙදෙන සියලු දේශමාමක සුජාත පුත්‍රයින්ටත්…

    ජයෙන් ජය ම වේවා..!

    ReplyDelete
  8. Obatuma samaga inney kabarayek eya sitana patana deywall kirimata janata adikaranayen teendu ganney ema nisa oya natili tulin yam viteka janadi pathi putuwath kada watimata ida ata.Kallpana kariva apekshaka mahatun sitima itamath wadagath jaya wewa.67.8 % 100 pratishatayak laksha 70 ho asannawa asana mattamin baluwoth 127 tath 132 atarata viya hakiya.

    ReplyDelete
  9. My3ගේ නින්දිත පහත් ප්‍රකාශයෙන් පසුවත්, රටක් ආදරය කරන අපේ මහින්ද මැතිදුන්ගේ මුහුණේ පින්බර සිනහව එහෙමමයි. මේ පින්තූර වල විමල්, දිනෙශ්,වාසු මෙන්ම අනුර,සුසිල් මැතිදුන් ඇතුලු සැමගේ සිනාමුසු මුහුණු දැක මේ කවි මතක් වුනා.

    "සුලන් කොපමණ-සැරෙන් හැමුවත්-සැලෙන්නේ නැති ගල් කුලක් සේ..
    රිදුම් දෙන-නින්දා ප්‍රශන්සා-හමද්දී-නැණවත්තු නොසැලේ"..
    ඔබෙන් තොර-හෙළ බිමක් කුමටද-හඩ නගයි-මුලු රටම එකසේ..
    වඩිනු මැන-පිරිවරා ජනගග-කිරුළ ඔබටයි-සින්හලේ..!

    කටුක අමිහිරි-තවත් බාධා-එල්ලවනු ඇත-මැතිද පෙර සේ..
    දිරිය ගෙන සැම-ඉදිරියට යමු-ඔබට ජයමයි-තුන්හෙළේ..
    බාරගනු මැන-පියාණනි ඔබ-රටෙහි මුල්තැන-පෙර ලෙසේ..
    ඔබේ ගුණ ගී-ගැයෙයි සැමදා-මහමැදුරෙ සහ-අතුපැලේ..!

    ReplyDelete
  10. වෙන කෙනෙකුන් කොයින්ද
    මුලු රටටම මහින්ද..

    ReplyDelete
  11. සන්ධානය දිනුවොත් බහුතර කැමැත්තෙන්
    අගමැති කරන්නේ මහින්ද
    - ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ එක හඬින් කියති

    අනුර බාලසූරිය

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කළොත් එහි බහුතර මන්ත්‍රී කැමැත්තෙන් අගමැති ලෙස තෝරාගනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ පැවැසූහ. ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කළොත් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔවුහු මේ බව පැවැසූහ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) රැස්‌වූ සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්‌වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (15දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයෝ ඒ බව සඳහන් කළහ.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න උප සභාපතිවරුන් වන කුමාර වෙල්ගම, ඩලස්‌ අලහප්පෙරුම මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්‌වූහ.

    ශ්‍රී.ල.නි.ප යේ ජ්‍යෙෂ්ඨයන් අතර අගමැති ධුරයට සුදුසුම කෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත්, සන්ධානයෙන් අගමැති ධුරය ලබාදිය යුතු බවට වැඩි කැමැත්ත ඇත්තේත් මහින්ද රාජපක්‍ෂ මහතාට බවත් ඔවුහු සඳහන් කළහ.

    ඉදිරි මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කළත් අගමැතිධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්නයක්‌ නැගූ අවස්‌ථාවේදී ඊට පිළිතුරු දුන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.

    සන්ධානයේ අගමැති අපේක්‍ෂකයකු නම් නොකරන බවත්, ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පත්වන සන්ධාන මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ කැමැත්තෙන් අගමැති පත්කරන බවත් ජනාධිපතිවරයා මෙයට සති දෙකකට පෙර මාධ්‍ය නිවේදනයක්‌ මගින් ප්‍රකාශ කරතිබුණා.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වන්නේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ වැඩිකැමැත්ත දිනාගන්නා තැනැත්තා අගමැති ධුරයට පත්කරගත යුතු බවත් සමස්‌ත බහුතරය දිනාගන්නා තැනැත්තාට නොදෙන බවට කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බවත් පැවැසූ ශ්‍රී.ල.නි.ප. උප සභාපති කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයා පෙරේදා කළ ප්‍රකාශය තුළින් අපි අතර මත භේදයක්‌ තිබුණු පාර්ශව හිටියානම් පසුදින උදේ වනවිට සියලුදෙනා අමනාපකම් අත්හැර එකට අත්වැල් බැඳගත් බැවින් එම ප්‍රකාශය අපට දේවාශිර්වාදයක්‌ ලෙස හුවා දකින බවත් කීවේය.

    ReplyDelete
  12. Prof Nalin De Silva Had said that there are Indian spies in our national list. You may take it as a joke. But Prof is not a fool. There might be hundreds of spies everywhere. Even in these meetings. They have to be very careful.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.