

නීතිමය ක්‍රියාමාර්ග මගින් එලෙස අය කරගන්නා වන්දි මුදල් අඩු ආදායම් ලාභී පවුල් වල තෝරාගත් දක්ෂ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.
පසුගිය ජනාධිපතිවරණයේ සිට මේ දක්වා එජාපයෙන් එල්ල කළ බොහෝ මඩ ප්‍රහාර වලට අප mahinda.info වෙබ් අඩවියෙන් පිළිතුරු ලබා දී ඇත.
1. ජනමාධ්‍ය මගින් සිදුකළ චෝදනා වලට පිළිතුරු
2. අන්තර්ජාලය හරහා සිදුකළ චෝදනා වලට පිළිතුරු
එහිදී සම්ප්‍රදායික ලෙස ඡේද වශයෙන් නොලියා අංක දමා කරුණු ගොනු කර ඇත්තේ මන්දැයි සමහරුන් අතර කතාබහට ලක් විය. ඊට හේතුවනම් ප්‍රධාන වශයෙම නීතීඥවරුන්ට කරුණු ගොනු කිරීමේදී සහයක් වීම උදෙසායි.
එසේම මෙම වෙබ් අඩවිය දකින ලද විද්වතුන් සහ වෘත්තිකයින් විසින් අපගේ සීමාවන්ට හසු නොවූ තවත් බොහෝ කරුණු කාරනා සාක්ෂි වශයෙන් අප වෙත ඒවා ඇති අතර ඒ සියල්ලම නීතිමය කටයුතු සඳහා භාර දෙනු ලැබේ.
තම මූලස්ථාන කේන්ද්‍ර කරගනිමින් පිහිටවා ඇති ඒකක වල සිට සංවිධානාත්මකව සාහසික ලෙස අසත්‍ය දෑ පතුරුවමින් මහින්ද රාජපක්ෂ මහතාගේ චරිත ඝාතනය සිදුකරන , මෙන්ම අපගේ පාක්ෂිකයන්ට හිරිහැර කරන කල්ලි කණ්ඩායම් ද අප විසින් හඳුනාගෙන සිටින අතර , ඔවුන්ගේ තොරතුරුද ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කෙරේ.
යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.