ඒ තමයි 2014 අගෝස්තු 25 වන දින විවෘත කරන ලද පිටකොටුවේ පාවෙන වෙළඳපොළ. පිටකොටුව නම ඇහෙද්දිත් දැනෙන ගඳ එදා වෙනස් වුණා. දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ විවේක ගැනීමට එය කදිම නවාතැන්පොළක් වුණා.
Arcade Independence Square හි මනරම් දසුන්. බිම වැටෙන ටොෆි කොළය පවා දිනපතා ඉවත් කිරීමට සේවකයින් යොදවා සිටි බැවින් එහි පරිශ්‍රය ජාත්‍යන්තර තත්ත්වයේ උද්‍යානයක සිරි ගත්තා. සිංහයින් මැදිකොට ඇති පොකුණ අසළට මගී ජනතාව එක් රොක් වෙන්නේ කවුරුත් කියන නිසා නෙමෙයි.
දහවලට විතරක් එහි ගියොත් ඔබට එවන් දසුන දැකීමට නොහැකි වෙනවා.
එදා දුහුවිළි බැඳී කලු පැහැ ගැන්වී තිබූ නිදහස් මන්දිරය වෙනස් වුණේ ඒ ආකාරයෙනුයි.
සන්නිවේදන කටයුතු සඳහා ඉදි කෙරෙමින් පැවැති නෙළුම් කුළුණ මරදානේ සිට පෙනෙන ආකාරය. මීටර් 350 ක් උසැති එය පැරීසියේ ඇති සුප්‍රසිද්ධ අයිෆල් කුළුණටත් වඩා උස බව ඔබ දැන සිටියාද?
ගංගාරාම විහාරය සහ එදා ගඳ ගසමින් පැවති බේරේ වැවත් එහි පක්ෂීනුත් වෙනස් වූ හැටි. දසකයකට පමණ පෙර බේරේ වැවේ පක්ෂියකුට සුදු පාටින් සිටීම යනු සිහිනයක් පමණයි. ඒත් ඒ සිහිනය සැබෑ වුණා.
කොළඹ වරායේ සන්ධ්‍යා යාමය දිස් වූයේ මේ ආකාරයෙනුයි. ඒ ලස්සන මුහුදේ ඈතින් පහත ආකාරයේ සිහින නගරයක් ඉදි කිරීම ආරම්භ වුණා.
අනෙකුත් පින්තූර වලින් ඔබ දුටු විස්මයම, ඉහත කොළඹ වරාය නගරයේ පින්තූර යතාර්ථක්ම වීමට තිබූ බව පසක් කරාවි. නමුත් යහපාලුවන් විසින් වරාය නගරයට මඩ ගසා චීන සමාගම් පවා දැඩි ලෙස අපහසුතාවයට පත් කර, කාලයක් නවතා තබා එම ඉදි කිරීමට දැඩි අලාභයකුත් සිදුකර, නැවතත් එය කරන බවක් කියනවා. ආයිත් නොකරන බවකුත් කියනවා. අන්තිමට ඔවුන් රවටන්නේ රටේ සුබ අනාගතයක් බලාපොරොත්තු වෙන ජනතාව වයි.
මේ වොශිංටනයේ Capital Building ඉදිරිපිට දසුනක් නොවෙයි. කළින් වික්ටෝරියා පාර්ක් ලෙස නම් කර තිබී පසුව නම වෙනස් කළ "විහාරමහාදේවී උද්‍යානයේ" සිට කොළඹ නගරශාලා ගොඩනැගිල්ල ප්‍රදේශය පෙනෙන ආකාරයයි.
නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල රාත්‍රී කාලයේ දිස් වන්නේ ඒ ආකාරයෙනුයි. (ඉහත පින්තූර බොහෝමයක් අප උපුටා ගත්තේ dailylife.lk වෙබ් අඩවියෙන් ලබා දී ඇති අවසරය අනුවයි. ඔවුන්ට අපගේ ස්තුතිය.)
දහවල් කාලයේදී එක් ආකාරයකත්, රාත්‍රී කාලයේදී තවත් ආකාරයකත් සුන්දරත්වයක් ඔබ ඒ පින්තූර වලින් දකින්නට ඇති. එය අහම්බයක් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව රාත්‍රී කාලයේ වෙනම දසුනක් පෙන්වන ආකාරයෙන් සංවර්ධනය කර නොනිඳන නගරයක් ලෙස සංචාරක ආකර්ෂණයට පත් කරගැනීමේ ක්‍රියාවලියක් පසුගිය කාලයේ දියත් වුණා. එවන් කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කොළඹ නගරය ලොව අංක 1 ට තේරී පත් වුණා. ඒ වෙනස සිදු කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවෙන් ආරාධනා කරද්දී, අපේ සමහරු කළේ එතුමට මඩ ගහන එකයි.
ඉහත පින්තූර වලදී ඔබ දුටු චමත්කාරය වර්තමානයේ එහි ගියත් දැකගත නොහැකි වේවි. සමහර විදුලි බුබුළු මේ වන විට අක්‍රීයව ඇති අතර ඒවා අලුත්වැඩියාවක් සිදුවී නෑ. තවත් තැන් වල වල් වැවුණත් උදළු ගා නෑ. ඒ ගැන පින්තූර සහිත ලිපියක් අප මීට පෙර පළ කළා. කොළඹ නගරයේ අලුත්ම තත්වය ප්‍රසිද්ධ රූපවාහිනී වලින් වාර්තා කළේ මෙලෙසයි.
ත්‍රස්තවාදයත් අවසන් කර, පාරවල් ටිකත් හදා දී, කොළඹ නගරය ලෝකයේ අංක 1 ට ගෙන අවුත් බාර දුන් රටේ කුණු ටික ඉවත් කරගන්න බැරිව යහපාලුවන් ලත වෙනවා.
එදා සහ අද අතර වෙනස යාලුවන්ටත් දැක ගැනීමට Share කරන්න.