ගෝඨාභය මහතාව යළිත් ආරක්ෂක ලේකම් ලෙස ගැසට් පත්‍රයේ පළවෙයි.

සැයු:: අප මෙය පල කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් අදාල සිද්ධියට ප්‍රතිචාර දැක්වීම උදෙසා නොව, ඒ ආකාරයේම වෙනත් සිදුවීමක් ගැන පැහැදිළි කිරීමට ප්‍රස්තුතයක් වශයෙනුයි.

[1]. 2015-06-19 වන සිකුරාදා රජයේ ගැසට් පත්‍රයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වශයෙන් දක්වා තිබුණා. මූලාශ්‍රය: නෙත් එෆ් එම්. පහත දැක්වෙන්නේ එම ගැසට් පත්‍රයේ අදාල කොටසයි.

gotaa[1]

[2]. ඉන් දින 2 කට පසුව, එලෙස ගැසට් පත්‍රයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පළ වීම “මුද්‍රණ දෝෂයක් හේතුවෙන්” බවට රජය ප්‍රකාශ කර තිබෙනවා. මූලාශ්‍රය: දෙරණ. “මුද්‍රණ දෝශ” නැමැති පුළුල් වපසරියක් ආවරණය වෙන කොටසට එය ලඝු කළත්, එය මුද්‍රණ යන්ත්‍රයේ හෝ මුද්‍රණය කළ පරිගණක පද්ධතියේ දෝශයක් නොව, එම ගැසට් පත්‍රය සකස් කළ හෝ මුද්‍රණය කළ නිලධාරීන් විසින් සිදුවූ “අතපසුවීමක්” බව පැහැදිළියි.

[3]. එලෙස පත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක හෝ වේවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පළකිරීම මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් නීතිමය වශයෙන් වගකීමකට ලක් වෙනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේම මෙලෙස අදාල නීති පනත සඳහන්.
Act-S[1]
[4]. ඒ අනුව “මාගේ නම අයථා ලෙස යොදා ගනිමින් කූඨ ලෙස ගැසට් පත්‍රය සකසා මාව අපහසුතාවයට පත් කළා” කියමින් අවශ්‍යනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාල යහපාලන අමාත්‍යවරයාට සහ ඔහු පත්කළ යහපාලන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව තිබුණා.  ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය කාලයේ යහපාලකයින් විසින් ගෙන ගිය මඩ අවලාද ව්‍යාපාරයට (ඒවා මෙතනින්) පිළිතුරක් හැටියට එවැන්නක් කළ යුතු බව බොහෝ අය පවසන්නත් ඇති. අප දන්නා අයුරින් ගැසට් වැරදීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා තියා මාධ්‍ය වෙත කිසිදු ප්‍රතිචාරයක්වත් දක්වා නැහැ. එය පැහැදිළිවම කා අතින් හෝ සිදුවූ අතපසුවීමක් බව පෙනී යන නිසා, “වැරදි සිදුවීම මනුස්ස කම…” නිසාත් එතුමා එය නොසලකා හැරියා.

[5]. එහෙත් මෛත්‍රීය පදනම් කරගත්තායැයි කියන යහපාලන ආණ්ඩුව පසුගිය මාස 6 තුළ හැසිරුණේ කෙසේදැයි ඔබ දන්නවා. උදාහරණයක් ගතහොත් සිරිලිය සවිය ගිණුමේ භාරකරුවන්ගේ හැඳුනුම්පත් අංක අදාල බැංකුව විසින් නිවැරදි ලෙස ඇතුළත් කර නොතිබීම යොදාගනිමින් පසුගිය මාස කිහිපයක් පුරාවටම ශිරන්ති රාජපක්ෂ මහත්මියව දඩයම් කිරීමට යහපාලකයින් උත්සාහ ගත්තා. එය බැංකු නිලධාරීන්ගේ අතින් සිදුවූ අතපසුවීමක් බව අප පවසද්දීත් එජාපය ඊට ඇහුම්කන් දුන්නේ නෑ. මාස 6 ක් තිස්සේ කොතරම් උත්සාහ දරලත් එතුමියව අත් අඩංගුවට ගැනීමට හේතුවක් හොයාගන්නට යහපාලකයින්ට නොහැකි වුණා, සිරිලිය සවිය ගැන කෑ ගැසූ යහපාලකයින් ජනතාව ඉදිරියේ නිරුවත් වුණා.

[6]. අදාල ලේඛන මුද්‍රණය කළ නිලධාරීන් අතින් සිදුවූ වැරදීම් නිසා එම ගැටළු හටගත් බව අප කොතෙකුත් කිව්වත් එජාපය පිළිගන්න සූදානම් වුණේ නෑ. අපි අද අහනවා… රජ‍යේ ප්‍රධානතම ලේඛනය වන සතියකට වරක් පමණක් මුද්‍රණය කරන ගැසට් පත්‍රයත් වරදිනවානම් , දවස පුරාම වෙහෙසෙමින් එක දිගටම බැංකු ගිණුම් වලට ඩේටා එන්ටර් කරන නිලධාරීන්ට වරදින්න බැරිද?

යාලුවන් අතරේ Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

23 comments to ගෝඨාභය මහතාව යළිත් ආරක්ෂක ලේකම් ලෙස ගැසට් පත්‍රයේ පළවෙයි.

  • vimali

    ඒක නෙමෙයි. මහ ප්‍රශ්නයක්. මහින්දගෙ වෙබ් අඩවියෙ තියෙන එතුමාගෙ පින්තූර අරන් යූ. ඇන්.පී. කාරෙයො ෆේස්බුක් එකේ දාල උන්ගෙ සංකේත ඒ පොටෝ උඩින් දාල වෙනත් අර්ථයක් ඇතිවෙන වාක්‍ය ලියල. යූ. ඇන්. පී. වෙබ් අඩවියෙන් ඒවට ප්‍රචාරය දෙනව. උන්ගෙ වෙබ් සයිට් සහ ෆේස්බුක් ප්‍රෝෆයිල් හදල තියෙන්නෙ අපිට කමෙන්ට්ස් දාන්න බැරි විදිහට.

    • ඒවයේ ලින්ක් දෙන්න.

      • vimali

        http://www.lankadeepa.lk/index.php/top_story/334793
        ඉහත ලින්ක් එක ලංකාදීප පත්තරේ රනිල් විහාර මහා දේවි පාක් එකේ මිනිස්සු දාගෙන තව සුරංගනා ලෝකයක් පෙන්නන හැටි. එයා කියනව එයාට ඕනෙ හැම පවුලක්ම දින 1800කින් රජ කරවන්න කියල. ( එයාගෙ පවුල වෙන අයගෙ රැජින වුනත් ). මං පිළිතුරු වශයෙන් ලිවුව දැං රජ කරවන්න දෙයක් නෑ මහින්ද ජනාධිපතිතුමා හැම පවුලක්ම ත්‍රස්තවාදයෙන්, වහල් බවෙන් නිදහස් කරගෙන තියෙන්නෙ. සංවර්ධනය කරන්න දෙයක් නෑ රටට අවශ්‍ය සේරම සංවර්ධන කරල තියෙන්නෙ. ලෝකයේ විෂිශ්ඨතම අධ්‍යක්ෂවරයෙක් වන ලෙස්ටර් ජෙමස් මහතාව එඩිට් කරන පාටලී චම්පිකට වගේ අය ඇතුලු මෙතන ඉන්න සේරම හොරු. කරන්නෙ බොරු ආදී වශයෙන්. ඒව ලංකාදීප පත්තරේ කමෙන්ට්ස් වලින් පෙන්නන්නෙ නෑ. හානේ… හෝයියා ජයවේවා කියල උන්ම කමෙන්ට්ස් දාගන්නව.
        මේ ලිපියෙ තියෙනව http://www.unp.lk කියල වෙබ් ඇඩ්ඩ්‍රස් එකක්. ඒකට ගියාම පහතින් ජනාධිපතිතුමා පරිගණකයක භාවිතා කරමින් සිටින ඡායාරූපයක් තියෙනව උඩින් උන්ගෙ සංකේතයක් දාල යූ. ඇන්. පී. ග්‍රීන් බ්ලඩ් කියල. https://www.facebook.com/UNPGreenBlood ඒකෙ පොටෝ එකේ පේනව ජනාධිපති තුමා ෆේස්බූක් එකේ කමෙන්ට්ස් දානව නෙවෙයි කියල. තුනේ පංතියෙ දැනුමක් වත් නැති හෙංචයියො, කුම්භාණ්ඩෙයො වට කරගෙන ඉන්නව මහින්ද ජනාධිපතිතුමාගෙ කකුල් වලින් අදින්න. චම්පික එඩිට් කලොත් අහුවෙන නිසා චීත්ත කෑලි ඇඳගත්ත වෙන එවුන් පොටෝ හොයාගෙන කෙළ පෙරාගෙන කුපාඩි කතා කියනව. මේ රට හදන්න බෑ.

  • vimali

    ලංකාදීප පත්තරේ රනිල්ගෙත්, ලෙස්ටර් ජේම්ස් මහතාට හොර පොටෝ හදපු පාටලීගෙත් රැස්වීම් ගැන බොරු දාල ප්‍රචාරය ගෙනියනව. ඒවට අපි දාන කමෙන්ට්ස් ගන්නෙ නෑ. යූ. එන්. පී හිතවාදී කමෙන්ට්ස් විතරයි පල කරන්නෙ.

  • Rata wenuwen

    මහින්ද මහතාට පක්ශ මොනවා හරි කොමෙන්ට්ස් ලිව්වොත් ලන්කාදීප සයිට් එකේ පල්වෙන්නෙම නැහැ, ඒ විතරක් නොවේ cනෙව්ස් වලත් ඒ ජරා වැඩේ කෙරනවා එතනත් බත්බැලයෝ ඉන්න වගයි පේන්නේ.

  • Ranjith Wimalaratne

    What he says is really true. I tried several times to make comments in Daily Mirror, Lankadeepa, and Colombo Telegraph but they did not take it.

    I sent an email to Colombo Telegraph and they rejected it 4 times. Only Cnews takes adverse comments.

    • Sitharan

      Isn’t colombo telegraph mangala’s newspaper? Thay should be the reason. Anyway this tells much about the yahapalana media freedom, daily mirror is a notorious promoter of Sinophobia say anything good about China and they will block you. As a Tamil, this hypocrisy is very alarming because when you criticize tna you are branded racist in seconds but Sinophobia is good and dandy.

      • Field Marshal

        i think Mr. Ranjith what you shoud do is, send copys of u r emails to admin or make some post share around facebook. Lankadeepa Gossiplanka and other UNP media doesn’t tolerate our comments. I stop commenting there post. With in last 4 weeks they report my 5 profiles bcoz im commenting against them with a proof. They are media such parady medias….they all makes paradies for MR support pages….Sri AVTV, Sinhala Buddhist etc.

  • Robert

    You have to include attractive items related to consumption.

    People vote mainly for relief package.

    I think lower income samurdhi recipients should get vital food for credit or free from cooperative shops.

    Australia gives dole, America gives free food even money called food stamps, it’s a bank card type payment to get fre food up to certain amount. This is why poor never do revolutions. They are fat and well fed.

    At least for schooling children pregnant mothers need quality nutrition. Not just bags fith foiled food like UNP.

    I hope UPFA manifesto include attractive vote getter like salary increment, business loans for youth, pension scheme for all elderly.. Upfa can use bond scam money recovered to fund these.

    People need SOMETHING FR WALLET OR KITCHEN TABLE.

  • Robert

    Ranil and UNP CONTROLS ALL interact websites.

    News media Facebook all project UNP opinions. it’s increasingly harder to send opposing views.

    NOW UPFA NEEDS ATTENTION GETTER LIKE 25000 salary increase over 5 years.

    Or UNP (Ravi, Arjun’, Ranil) connection to EELAM creation.

    Why no one is talking about Radhad Baduideen willpattu?

  • Rata wenuwen

    As I have quoted with “Mahindha Sulaga report Article ” It is very much needed at this junction to include something favourable to attract lower income voters towards us. We have to stop talking about “Yudhdhaya ” and ” Sanwardhanaya” for the time being.We know that with a little bit of understanding, (As NIYAMA SUJATHA Dharuwan -NOT as Sannasgalayage kramayata Upan Awajathakayan ) how we sacrificed our lives to save our Mother Land from the Terrorists and Traitors

    Lower income voters always think about “BADA” and “SAAKKUWA”, they do not talk about how we won the WAR and made “SANWARDANAYA”, They do not worry about rulers make our Mother land into pieces,
    PLEASE ACT NOW as Quick as Possible

  • Ranjani

    Here is a western and Anglican conspiracy to ridicule Buddhism using the monks.

    Similar to using Maithree in SLFP to go against SLFP Mahinda.

    Then comes the Willpattu of Rishad.

    UPFA NEEDS TO SCORE BIG ON MANIFESO.

    Like UNP copied MR budget proposals, copy and make better some UNP proposals.

    Most Voters care about their stomachs and wallets before the national security,
    Give targeted food items at concessional price
    20,000 salary increments to performance based productivity based over next 5 years
    Understand the sick and poor
    All senisaw and chronically I’ll have treatment options at low cost and free of charge basis.
    Senior pension scheme for all, amount deducted from children’s salaries for this and employees pay in to this from pay.
    Poor Women and children and infants get quality nutrional items through local sathosa, at low or free of cost as developed countries
    Benefit card for poor to use at farmers groceries.
    90 da drug elimination operation,
    Technology centers affiliated to local libraries with wifi.
    University dons, teachers and security services be targeted benefit packages.
    Training centers for youth, employment, fishing, textile
    Education system targeted to create more emphasis on math science, research , innovation
    Special guideline fr politicians
    Past corruption allegations including bad scam get special inquiry board.
    Loan facilities for universit passed youth
    Non aligned foreign policy

  • Kasub

    It is true. Daily Morror and Lankadeepa do not publish my comments because I am critical about Pro Yahapaalana news. You can’t even tick ‘agree’ or ‘don’t agree’ buttons.

  • Samare

    I don’t like this post much. this is a bit old story isn’t it? I saw this about one month ago published by somebody else. when I read it again as one of your posts I thought there was something new and for a brief second thought Gota had been actually appointed as the defence secretary. If you gave a heading like “Yahapaalana government even do mistake in gazzette”or something like that it would have been OK. These days we expect fresh and more exiting posts. When we see poor quality posts in your site we get the fear that is being hacked. Any institute can get infected by live ware hackers or spies in other words. Beware of them please.

  • hemasiri

    ලංකාවෙ හැම අස්සක් මුල්ලක්ම යූ. එන්. පී. විෂබීජය විසින් ආක්‍රමණය කරල විනාශ කරල තියෙන්නෙ. ත්‍රස්තවාදය වැනසුවත් මහින්ද ජනපති තුමා ඇතුළු අපට එය පාලනය කර ගන්න අපහසුයි.
    දරනාගම කුසලධම්ම ස්වාමින් වහන්සේගේ බෞද්ධයා නාළිකාවත් එහෙමයි. එතන එ.ජා.ප. සොරුන් මුල් බැස ගත් තිප්පොලක්. මයිත්‍රීපාලගෙ මෝඩ බොළඳ කතා හැමදාම ප්‍රවෘත්ති වල කියනවා. ඉස්සර මහින්ද ජනාධිපති තුමාගෙ සාර්ථක ක්‍රියාදාමයන් කලාතුරකින් පළ කලා. කුසලධම්ම ස්වාමින් වහන්සේගෙ වස විස නැති ආහාර පොළෙත් සංවිධායක කමට රිංගගෙන ඉන්නෙ යූ. එන්. පී. කාරයෙක්. එතන නියම නීත්‍යානුකූල විදියට වැඩ කරන සංවිධායකයෙක් හිටිය. දැං එයා එන්නෙ නෑ. දැං එතන බඩු විකුණන වෙළෙන්දො යූ. එන්. පී. කාරෙයො. දැං එතන බඩු මිළ ගිය අවුරුද්දට වඩා වැඩියි. සෙනග එන්නෙ නැති නිසා දැං ටී.වී. එකේ සෙනග පෙන්නන්නෙ නැතුව ගොවියන්ගෙ ගොවිපොලවල් වලට රිංගලා වගා කරන හැටි පෙන්නලා මිනිස්සුන්ට කියනව බඩු ගන්න එන්න කියල. නායක හාමුදුරුවො මේව දන්නෙ නෑ. ගිය අවුරුද්දෙ එතන හාල් 1kg 170යි. දැන් 210යි. ඉස්සර අඟල් 9ක් දිගට හදපු රොටියක් 50යි. දැං අඟල් 7ට හදල 70යි. මෙව රටට හෙළි කරන්න මාධ්‍යයක් නෑ. එතන පිටකොටුවෙන් ගේන දේවලුත් පැකට් කරල විකුණනව. අපරාදෙ මෝඩ සිංහල ජාතිය වැනසෙන හැටි. ගෝඨාභය මහතා හිටියෙ එතන නවීකරණය කරල පිළිවෙලකට හදල දෙන්න.

    • ramani

      දවසක් මං එතනට යනකොට ඒකෙ මහ එකා රැස්වීමක් දාගෙන කියනව දැං සෙනග හොඳට එනවලු. ආණ්ඩුවෙන් බඩු මිල අඩු කරපු නිසා එතන වෙළෙන්දන්ටත් අඩු කරන්නලු. ඒ යකා කිවුවා වෙළෙන්දන්ට නිළ ඇඳුමක් හදා ගත්තොත් හොඳයි කියල. උන් ඔක්කොම කෑ ගැහුව කොල පාටින් හදා ගමු කියල.

      • jayawardana

        සිංහලයා වස ආහාර කනව දැකල කුසලධම්ම හාමුදුරුවො දාල දීපු එකම පොලත් යූ.එන්.පී. කාරයන් විනාස කරපු හැටි. මුං සිංහලයාට කවදාවත් ගොඩ යන්න දෙන ඒකක් නෑ වගේ.

  • Rata wenuwen

    යුඑන්පියේ බොරු රජවන පොරොන්දුලු,
    ජාතකයේ වරද සකසා ආ පුරුද්දලු,
    ඇට අට දුන්න හැටි අමතක නොවේලු,
    මුන් කරනා චන්දය බලු නොවටීලු,

    65හේ ඩඩ්ලි නිකන් හාල් සේරු දෙක දෙනව කිව්වා , දුන්නද? නැහැ බොරුව.
    77 ජේඅර් පප්පා ඇට අටක් දෙනවා කිව්වා, දුන්නද? , නැහැ බොරුව.
    ඊලගට ප්‍රේමේ ආවා, නිකන් ගෙවල් සමග ඉඩම් කැල්ලක් දෙනවා කිව්වා, දුන්නද ? ,නැහැ බොරුව.
    ඊලගට 91දි පිනා-සමලින්ගිකය ආවා, මොනවද දෙනවා කිවා, දුන්නද? නැහැ බොරුව.
    ඊලගට 2015 දී පිනා සමලින්ගිකයා නැවත ආවා දින 100 ට පොරොන්දු කප්පරක් දෙනවා කිව්වා ,දුන්නද?නැහැ බොරුව, මෙහෙම බොරුවේ උල්පතට අපි නැවතත් යටවෙමුද,

  • LSJ

    Meke uda eke dinaya thiyenne 2013 November. Ekko me pituwe sampurna scan copy ekak danna nathnam meka ain karaganna. Nathnam meka parawalallak wenna puluwan, toyyo oka pawichchi karala meka boruwak kiwwoth mahindata sahaya dena ayai amaruwe watenne…

Leave a Reply