GSP අලුත් කිරීම ගැන UNP ප්‍රෝඩාව ඔවුන්ගේම Financial Times පුවත්පත හෙළිකරයි.

ජී.එස්.පී. ප්‍රතිලාභය අහිමි වීමේ සිද්ධිය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ දුර්වලතාවයක් බවත්, අනික් අතට ඇමරිකාව විසින් නැවතත් අලුත් කිරීම යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස හුවා දක්වමින් එජාපය විසින් පසුගිය දින වල අන්තර්ජාලයේ සහ වෙනත් ජනමාධ්‍ය වල සිංහල මාධ්‍යයෙන් පුවත් වාර්තා පළ කරනු ලැබිණි. ඒ ගැන මූලාශ්‍ර සහිතව අප කළ හෙළිදරව්වක් මීට පෙර mahinda.info හි පළ විය. නමුත් ඔවුන්ගේම ඉංග්‍රීසි පුවත්පත් වල සැබෑ සිද්ධිය මෑතකදී වාර්තා කරනු ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍ය පාථකයින් බොහෝ විට ඇත්ත සිද්ධිය දන්න නිසා විය යුතුයි. පහත දැක්වෙන්නේ “US GSP renewal: Hype and reality” මැයෙන්, අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ විශේෂඥවරියක් වන සුභාෂිණී අබේසිංහ විසින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව අතර සුප්‍රසිද්ධ Financial Times පුවත්පතේ පළ කරනු ලැබූ ලිපියකි. සිංහල පරිවර්තනය mahinda.info වෙතිනි. Financial Times යනු එජාපයේ රුවන් විජයවර්ධනලාට අයත් විජය පුවත්පත් සමාගමේ පුවත්පතක් නිසා, අපගේ අනෙකුත් ලිපි වල ඇති අයුරින් මෙම ලිපියේ ඇති ඇති කරුණු එක්සත් ජාතික පාක්ෂිකයින්ට සනාථ කර පෙන්වීම සඳහා එකින් එකට බාහිර මූලාශ්‍ර දැක්වීම අනවශ්‍ය බව සිතන්නෙමු.

එක්සත් ජනපද GSP අලුත් කිරීමේ අතිශෝක්තිය සහ යතාර්ථය

එක්සත් ජනපදයෙන් ජී.එස්.පී. අලුත් කිරීමේ පුවත ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව සියලුම සංවර්ධනය වෙමින් පවත්නා රටවල අපනයන කරුවන්ට ප්‍රියදායී පුවතක් වුණා. ප්‍රතිලාභ ලැබෙන බවට කළින් නම් කරන ලද සංවර්ධනය වන රටවලින් ආනයනය කරන ලද සමහර නිෂ්පාදන සඳහා පරස්පර නොවන ලෙස තීරු බදු වලින් නිදහස් වූ ප්‍රවේශයක් ලබාදීමේ ක්‍රියාපටිපාටියක් ඉන් සිදුවෙනවා.

එක්සත් ජනපද ජී.එස්.පී. අලුත්කිරීම සම්බන්ධයෙන් පුවත්පත් වල පළවූ සමහර ලිපි මගින් ගෙන යන්නේ වැරදි තොරතුරු සහ සැබෑ ප්‍රතිලාභය අතිශෝක්තියට ලක් කිරීමයි. උදාහරණ ලෙස සමහරුන් ප්‍රකාශ කර සිටින්නේ ජී.එස්.පී. අලුත් කිරීම සිදුවූයේ රජයේ මානව හිමිකම් වාර්තාවේ වැඩිදියුණුව නිස බවත් එය ඇමරිකා එක්සත් ජනපදයට යන විශේෂයෙන්ම ඇඟළුම් ඇතුළු ශ්‍රී ලංකා අපනයන වල විශාල වර්ධනයකට හේතු වූ බවයි. නමුත් ඒවා බොරු ප්‍රකාශන පමණයි.

එක්සත් ජනපද ජී.එස්.පී. සහනය කල් ඉකුත් වීම හෝ අලුත් කිරීම ශ්‍රී ලංකාවට කිසිදු සම්බන්ධතාවයක් නෑ.

2013 ජූලි 31 වැනි දින එක්සත් ජනපද ජී.එස්.පී. යෝජනා ක්‍රමය කල් ඉකුත් වීමත්, 2015 ජුනි 29 වැනි දින එය නැවත අලුත් කිරීමටත් ශ්‍රී ලංකාව මගින් කිසිදු බලපෑමක් සිදුකර නැහැ. එක්සත් ජනපද ජී.එස්.පී. වැඩසටහන එම සම්මේලනය මගින් කලින් කළ සිදුකරන නැවත අලුත් කීරිමට යටත් වෙනවා. එය කිසියම් නිශ්චිත රටක විශේෂ විමර්ෂණයක් සිදුකිරිම නිසා වන්නක් නෙමෙයි.

මෙම ජී.එස්.පී වැඩසටහන මෑතකදී දීර්ඝ කරනු ලැබුවේ 2013 ජූලි 31 දා තුරු වන අතර එම සම්මේලනයට අදාල දිනයේදීම නැවත අලුත් කිරීමට නොහැකි වුණා. එනිසා ජී.එස්.පී. වැඩසටහන කල් ඉකුත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 122 ක් වන සියලුම ප්‍රතිලාභ සහිත රටවල් වලට එක්සත් ජනපදය වෙත තීරුබදු රහිතව අදාල නිශ්චිත භාණ්ඩ අපනයනය කිරීමේ ප්‍රවේශය අහිමි වුණා.

ඇත්ත වශයෙන්ම කියනවානම් මෙය පසුගිය 30 වසර තුළ මෙම වැඩසටහන නැවත අලුත් කිරීමට නොහැකි වී කල් ඉකුත් වූ 8 වැනි වතාවයි. මාස හෝ වර්ෂ ගණනාවක් ප්‍රමාද වී එක්සත් ජනපද ජී.එස්.පී වැඩසටහන නැවත අලුත් කළ විට එය අතීතයට බලපාන පරිදි අලුත් වෙන අතර එවිට එක්සත් ජනපද රේගුව විසින් ආනයනකරුවන්ට ප්‍රමාද වූ වර්ෂ වලදී අදාල භාණ්ඩ ආනයනය සඳහා වැය වූ තීරු බදු මුදල් නැවත ගෙවීම (ප්‍රතිපෝෂණය) සිදුකරනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනය කරන ශ්‍රී ලාංකික අපනයන කරුවන්ගෙන් එක්සත් ජනපද ජී.එස්.පී වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන්නේ 8% ක් පමණයි.

වාර්තා වල දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සිට අපනයනය කරන භාණ්ඩ වර්ග 5000 කට තීරු බදු රහිත ප්‍රවේශය ජී.එස්.පී වැඩසටහන මගින් ලබා දී තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නිෂ්පාදිත ආවරණය ඉතමත් අඩු වන අතර එය නිෂ්පාදිත 3500 ක් පමණ වෙනවා. (එසේම එය HS සංඛ්‍යාංක 8 තලයේ වන අතර එමගින් සත්‍ය ආවරණය තවත් කුඩා වෙයි).

ප්‍රතිලාභ ලබන සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතුරින් අවම සංවර්ධිත රටවලට (LDBDC), තීරු බදු රහිත තත්ත්වය අමතර නිෂ්පාදිත 1500 ක් සඳහා හිමි වෙයි. එනිසා සත්‍ය වශයෙන්ම භාණ්ඩ වර්ග 5000 ක් සඳහා නිදහස් ප්‍රවේශය හිමි වන්නේ LDBDC රටවල් 43 කට පමණයි.

එක්සත් ජනපද අන්තර්ජාතික වෙළඳ කොමිසමෙන් ප්‍රකාශ කරන ලද සංඛ්‍යාලේඛන වලට අනුව එක්සත් ජනපද ජී.එස්.පී සහනය හිමි ශ්‍රී ලංකාවේ අපනයන ඉතාමත් සුළු ප්‍රතිශතයක්. ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජනපදයට කරන ලද අපනයන වල ප්‍රතිශතයක් ලෙසනම් එය 8% ක් වෙනවා. (පළමු රූපසටහන බලන්න)

Untitled-220[1]

ජී.එස්.පී. වැඩසටහන් සම්මේලනයේ පර්යේෂණ සේවාව මගින් පළ කරන ලද වාර්තාව අනුව, ජී.එස්.පී. ප්‍රතිලාභය සහිත රටවල් 122 ක් අතුරින් 2012 දී ප්‍රතිලාභය හිමිව ඇත්තේ ආනයනයන්ගෙන් 1% කට පමණයි. එහෙත් එම රටවල් සියල්ලෙන්ම එක්සත් ජනපදයට කරන ලද අපනයන ප්‍රමාණය 12% ක් වෙනවා. සමස්තයක් ලෙස බලන කල ජී.එස්.පී. වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන රටවල් වලට ලැබෙන ප්‍රතිලාභය වැදගත් නමුත් එය විශාල එකක් නොවෙයි.

රෙදිපිළි සහ ඇඟළුම් ජී එස් පී සහනය සඳහා සුදුසුකම් ලබා නැහැ

එක්සත් ජනපද ජී එස් පී වැඩසටහන මගින් සංවර්ධනය වෙමින් පවත්නා රටවලින් අපනයනය කරන රෙදිපිළි සහ ඇඟළුම් වැනි  සමහර “ආනයනික සංවේදී” නිෂ්පාදිත සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ නෑ. (දෙවන රූපසටහන බලන්න)

Untitled-128[1]

ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට කරන සමස්ත අපනයනයන්ගෙන් 80% ක්ම ඇඟලුම් වෙයි. ශ්‍රී ලාංකික අපනයනයිකයින්ගෙන් ජී එස් පී සහනය භාවිතා කරන ප්‍රමාණය අවම වීමට මෙය ප්‍රධානතම හේතුවයි. එනිසා එක්සත් ජනපද ජී එස් පී වැඩටහන අලුත් කිරීම මගින්, එක්සත් ජනපදය වෙත යන ශ්‍රී ලාංකික අපනයනයන්ගේ විශාල වර්ධනයක් ලබා දෙන්නේ නෑ.

එක්සත් ජනපද ජී.එස්.පී ශ්‍රී ලංකාවට යෝග්‍ය වීම 2012 දී සමාලෝචනය කර තිබෙනවා.

ජී.එස්.පී හිමිවන රටවල් සහ නිෂ්පාදිතවල යෝග්‍යතාවය වාර්ෂික විමර්ශනයන්ට යටත් වෙනවා. රටවල් ගැන විමර්ශනය කිරීමේදී සලකා බලන්නේ, රටේ ආර්ථික සංවර්ධනය තක්සේරු කර අදාල රට යෝග්‍ය වෙනවාද, එම රටේ අපනයන විවිධාංගීකරණ මට්ටම, ඔවුන්ගේ විදේශ සහ ජී.එස්.පී. සහනයට අදාල නිශ්පාදිතයන්ගේ තරගකාරීත්වයයි. මෙම තක්සේරුවට අනුව ආර්ථික වශයෙන් දියුණු සහ තරගකාරී ලෙස සලකන ලද රටවල් ජී.එස්.පී වැඩසටහනෙන් ඉවත් කරන ලෙසට නියම කරනවා.

සේවක අයිතිවාසිකම්, බුද්ධිමය දේපළ ආරක්ෂාව, වෙළඳ ආයෝජන ප්‍රතිපත්ති පැවතීම යනාදී වෙනත් මිනුම් දඬු මත අදාල රටවල් වැඩිදුරටත් සමාලෝචනය කරයි. උදාහරණ ලෙස 2013 ජුනි 27 වන දින, බංග්ලාදේශයේ ජී.එස්.පී ප්‍රතිලාභය තාවකාලිකව නතර කළ බව එක්සත් ජනපද ජනාධිපති ප්‍රකාශ කළා. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ “එම රටේ සේවකයන්ට ජාත්‍යන්තරව පිළිගත් සේවක අයිතිවාසිකම් සපයා දීමට පියවර ගෙන ඇත්තේ හෝ ගනිමින් සිටින්නේ නැත” යනුවෙනුයි.

ඇත්ත වශයෙන්ම කියතහොත් 2012 දී ශ්‍රී ලංකාවත් විමර්ශනය කෙරෙමින් පැවතුණා. නමුත් එම විමර්ශණය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවන්ට අදාලව නොවෙයි. එසේම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අනුග්‍රහය දැක්වීම අත්හිටවූයේත් නෑ. එය රටේ සේවක අයිතිවාසිකම් සම්බන්ධ භාවිතය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකුයි. එවකට තත්ත්වය සහ රජයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග විමර්ශනය කිරීමෙන් පසුව, 2012 ජුනි 29 වන දින ශ්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය ඉදිරියේදීත් ලැබෙන බව එක්සත් ජනපද වෙළඳ නියෝජිත තහවුරු කළා.

නිගමනය

මෙලෙස බලන කල එක්සත් ජනපද ජී.එස්.පී. හි මෙම අලුත් කිරීම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන විකාශනය හෝ අප රටේ මානව හිමිකම් වාර්තාව සමග කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතුරින් ජී.එස්.පී. වැඩසටහන කළින්ම නැවත අලුත් කරගැනීමට හැකිවූ රටක්.

තවදුරටත් බලතහොත් ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කරන අපනයනයන්ගෙන් ඉතාමත් කුඩා කොටසක් පමණයි ජී.එස්.පී. සහනය හිමිවන්නේ. එනිසා, එක්සත් ජනපද ජී.එස්.පී නැවත අලුත් කිරීම, සමහර එක්සත් ජනපදයට අපනයන කරන අයට ප්‍රතිලාභ අත් වෙන අතර, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට කරන අපනයන වලට විශාල වර්ධනයක් ලබා දෙන්නේ නෑ.

මෙය Share කරමින් යහලුවන්ටත් පෙන්වා දෙන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to GSP අලුත් කිරීම ගැන UNP ප්‍රෝඩාව ඔවුන්ගේම Financial Times පුවත්පත හෙළිකරයි.

  • sayumi

    සින්හල පත්තර වලට ‘බොරුව’, ඉන්ග්‍රිසි පත්තරේට ‘ඇත්ත’.
    ඉන්ග්‍රිසි පත්තර නොබලන මේ රටේ සින්හල මිනිස්සුන්ව හැමදාම මුන් ඇන්දුවේ මෙහෙම තමයි.ලන්කා දීප විතරක් නෙමේ ‘දේශය,’වගේම රු.10 ට දෙන ‘අද’,කියන්නෙත් යූ ඇන් පී ‘මාමාගෙ’ පත්තර තමයි.

    • ඔබ පවසනේ දේ ඇත්ත. මේ බලන්න විජය පුවත්පත් සමාගමටම අයත් සිංහල පත්තරේ වන ලංකාදීපයේ තියෙන්නේ මෙහෙම. http://www.lankadeepa.lk/index.php/articles/330147

      [[ඉකුත් පෙබරවාරී මාසයේ ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇමෙරිකා ජී.එස්.පී සහනය යළි මෙරටට යළි ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.]]
      මංගල සමරවීර අලුතෙන් කතා කරන්න දෙයක් නෑ. මේක 2012 ජුනි 29 වෙනිදම ලබා දෙන බවට තහවුරු වී අවසන්. අපි නෙමේ කියන්නෙ ඔවුගෙම ඉංග්‍රීසි පත්තරෙන්.

      [[භාණ්ඩ 5000 කට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාවට තීරුබදු රහිතව අපනයනය කළ හැකි මෙම ජී.එස්.පී. තීරුබදු සහනය…]]
      නමුත් ඔවුන්ගේ ඉංග්‍රීසි පත්තරේ පැහැදිළි කර පෙන්වා ඇති පරිදි අප රටෙන් අපනයනය කරන භාණ්ඩ 3500 කට පමණයි එම සහනය හිමි වන්නේ.

  • මෝඩ බයියා

    GSP ගැන නෙමේ මම දැන් කතා කරන්නෙ GSP+ ගැන. යුරෝප් වලට GSP+ නැති වුනේ මහින්ද මාමිගෙ මානව හිමිකම් ගැන රිපෝට් ආපු නිසයි. මහින්ද මාමි අපිව කෑවා බයියෝ.

    • කවුද එහෙම රිපෝට් එකක් යුරෝපයට යවලා අපේ රටේ ජී එස් පී නැති කළේ කියල හොයල බැලුවෙ නැද්ද? මේ වීඩියෝ එක බලන්න ඔබගේ නායක රනිල් වික්‍රමසිංහ කියන දේ අහල බලන්න. https://www.youtube.com/watch?v=sJ3JaTE77wM

      අපේ රට කෑවේ මහින්දද කියල ඒ වීඩියෝ එක ඇහීමෙන් පැහැදිළි වේවි.

      සම්පූර්ණ ලිපිය. https://www.mahinda.info/2015/07/gsp/

  • Kushan

    රනිල් නායකතුමා ඇවිත් මාස 6 ක් යනකම් අපිට GSP ලැබුනේ නෑ. මරාපාලනය අවසන් කල නිසයි ජී එස් පී ලැබුනෙ. මේ වගේ බොරු කියන්න උබල ලැජ්ජ වෙයල්ල. ආයිත් මහින්ද හොරාට අපි එන්න ඉඩ තියන්නෙ නෑ.

    • ඕකට උත්තරේ මේ ලිපියෙම තියෙනවානෙ. රුවන් විජයවර්ධනලාගේ ෆයිනෑන්ශල් ටයිම්ස් වෙබ් සයිට් එකේම ලිපියෙ කොටස.

      Trade Representative (USTR) confirmed that Sri Lanka will continue to receive GSP concessions.
      Thus the current renewal of US GSP has nothing to do with the current political developments in Sri Lanka and its human rights record.
      source: http://www.ft.lk/article/442917/US-GSP-renewal–Hype-and-reality

      පරිවර්තනය
      2012 ජුනි 29 වන දින ශ්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය ඉදිරියේදීත් ලැබෙන බව එක්සත් ජනපද වෙළඳ නියෝජිත තහවුරු කළා.
      මෙලෙස බලන කල එක්සත් ජනපද ජී.එස්.පී. හි මෙම අලුත් කිරීම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන විකාශනය හෝ අප රටේ මානව හිමිකම් වාර්තාව සමග කිසිදු සම්බන්ධතාවයක් නැහැ.

      ඉංග්‍රීසි වෙබ් සයිට් වල එහෙම තියෙද්දී ෆේස්බුක් එකේ සිංහලෙන් යන ඔවුන්ගේම මඩ වලට රැවටිලා නේද?

      මාස 6 ක් ගිහිල්ලත් මහින්දට එරෙහිව තිබුණ එක චෝදනාවක් ඔප්පු කළාද? මහින්ද මහතා එක රු දාහක් හොරකම් කළ බවට සාක්ෂි තිබේනම් ඒ ගැන නඩු අහන්නේ නැතිව ඉඳීවිද? සාක්ෂි නැතිව මාස 6 ක් තිස්සේ කළ දේකුත් නැතිව බොරුවට හොරා හොරා කීමෙන් තව තවත් එජාපය ජනතාව අතර විහිළුවට ලක් වෙන එකයි වෙන්නේ. පේනවානෙ දැන් රංජන් රාමනායකට වෙල තියෙන දේ…

    • sayumi

      උඹලා හොරා හොරා කියන අතරේ අන්න ෆුල් ෆේස් නැතුවම මහ දවාලේ මහ බැන්කුව කොල්ල කෑව ලෝක හොරාට තොපේ පැත්තෙන් නාම ‍යෝජනා ලැබිලා !

    • sayumi

      මේවා නිකන් චෝදනා නෙමෙයි කෝප් වාර්තාවෙන් ඔප්පු උන හොරකම්.මේ වෙනකොට පාඩුව කෝටි පනස් නමදාහයි! අධිවේගී මාර්ග 2ක් හදන්න පුලුවන් සල්ලි. දුප්පතුන්ගෙ බඩටත් නෑ රටටත් නැ.කාගෙ සාක්කුවටද මේවා ගියේ ?

  • Power

    එක්සත් ජාතික පක්ෂය තම මවුබිමේ පැවති කුරිරු යුද්ධය අවසන් කරමින් පැවති මොහොතේ තම නායකයාගේ සිට ගෝලබාලයා දක්වා තම වටිනා දායකත්වය රට වෙනුවෙන් වචනයෙන් ලබා දුන් අයුරු…

    රනිල් නායකතුමා – මොකක්ද ඕක..කී පාරක් ගත්තද…? තොප්පිගල කියන්නෙ විශාල වනයක්…වර්ග කිලෝමීටර් 700 ක් විතර තියෙනවා. මුලු කොළඹ දිස්ත්‍රික්කයට වඩා විශාලයි

    රවී කරුණානායක – මේ අය කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන්නෙ අලිමංකඩ යනවා කියලා පංමංකඩ යන්නෙ මේකයි වෙලා තියෙන්නෙ..ඕං වෙලාවක ඔලුවට ගහගන්නා අපි කිලිනොච්චියේ කියාගෙන තවත් වෙලාවක ඔලුවට ගහගන්නා මෙහෙයි කියාගෙන..ඔහොම කියාගෙන ගිහිල්ලා අන්තිමට යුද්දෙ විකුණගෙන කන එක විතරයි වෙන්නෙ.

    ලක්ෂ්මන් කිරිඇල්ල – යුද්ධ කරන්න..ඕන ඕන ගොනෙකුට පුලුවන්..පිටරට බැංකුවලින් ණය ඇරගෙන අවි ආයුධ ගන්න එක ඒ තරං අමාරු දෙයක් නෙමෙයි.

    මංගල සමිරවීර – අයි.ටී.එන්,රූපවාහීනී,සිලුමිණ,දිනමිණ මොනවා කිව්වත්,කවුරු මොනවා කිව්වත් යුද්ධය ඉතාමත් අසා..අසාර්ථක විදිහට ඇදි ඇදී යනවා….

    එදා සිටම රට විනයක් වූ UNP නැමැති කුහක කතා කියන දේශපාලුවන් ඉන්න පක්ෂය,මෙවර ජනවාරී 9 වනිදා සිට සුලුතර ජනවරමකින් දින 100 කින් හා ඉන්පසුවත් යමපාලනය ඔස්සෙ රට ආගාධයෙන් ආගාධයට යවා..සංවර්ධනය,ආර්ථිකය බිංදුවට බස්සවා රනිල් නැමැති පිං අගමැති කෙනෙකුන් යටතේ “මහින්ද හොරා හොරා” කියමින් “රනිල් පිනා පිනා” හරහා අවසන් නාඩගමට සුදානම් වෙමින් පවතී.

  • Rata wenuwen

    මුන් ඔක්කම බොරු කියන්නෙ විහිලුවට, අර මහින්ද මහත්තයට නාම යොජනා දුනහොත් දේශපානයෙන් අයින්වෙනවා කිව්ව හරින් ටොයියා කියනවා එයා විහිලුවක්ලු කලේ, බැන්කු ඩීල් එකත් බොරුවටලු, ජි.එස්.පි ගැන කිව්වෙත් බොරුවට වෙන්න ඇති,
    දැන් ඉතින් ඔය සුනක රෑ ල චන්දෙන් පැරදුනම කියවි අපි චන්ද ඉල්ලුවේ විහිලුවට කියල,
    මෙහෙමත් ජොකර්ලා, ඒකට පච වකයලා, අතන මෙතන පනිතන්ලා එකතුවුනානෙ, අනේ මෙහෙම සුනකයන්, අනිච්චේ දුක්කේ සන්සාරේ.

  • Sitharan

    Did you hear the statements of central bank staff conflicting with Mahendran? These videos should be made public. COPE report is ignored by ranil as politics but these statements expose it all. That exposes their good governance fraud. No one can deny these videos when made public. Explain how much could be done if that money is returned. I think Mr. Udaya Gammanpila is very good at explaining these matters to public. Please expose that scam with video records of the staff so their already shaking masks would fall completely. Thank you.

  • Singhe

    මෝඩ බයියා වෙත,
    ඕන මෝඩයෙක් කියන බොරු විශ්වාස කරණ නුඹ මෝඩ බයියා වීම පුදුමයක් නොවේ. කරුණු කාරනා ඇස් ඉදිරියේ තියෙද්දීම බොරුවම විශ්වාස කරන නුඹ මෝඩ බයියා වීම පුදුමයක් නොවේ. නුඹ වැනි මෝඩ බයියන් රට ජාතිය සුද්දන්ට පාවා දීමත් පුදුමයක් නොවේ.

    ඩොලර් කීපයකට රට පවා දුන් පාවාදෙන්නන් ඇහැලේපොලට ඉස්සෙල්ලත් හිටියා, ඇහැලෙපොලගෙන් පස්සෙත් හිටියා, ඉස්සරහටත් ඉන්නවා. උන්ව මසට ගන්න බැරි නිසා උනුත් ඉන්නවා, මොකද කරන්නේ. හැබැයි උනුත් දන්නේ නැතුවම සුද්දෝ උන්ව වහල් කමට ගන්නවා. උනුත් උඩ පැන පැන සතුටින් තණකොළ කකා ඉන්නවා.

  • Hector

    Breaking news,
    Rajitha and Champika to contest from TNA in next election.

  • Dinuu

    බොරු කරන්නේ ප්‍රෝඩා කරන්නේ කව්ද, ලොකුම හොරකම කලේ කව්ද දැන් මුලු රටම දන්නවා. ඒවාට උත්තර ලැබෙයි අගෝ 17 වෙනිදට.

  • හිටන්

    මේ දිනවල ඒ ජ ප ටොයියෝ මහින්ද මහත්තය හොරු ආරක්ෂා කළා කියන video එකක් හැමදේශපාලන විවාදයටම ගෙනියනවා මහින්දමලු ලොකුම දුශිතයා හොරාලු එකාදිපතියාලු නමුත් mahinda.info වෙබ් අඩවිය මගින් එම චෝදනා වලට සාක්ෂි සහිත පිළිතුරු ලබාදීම ගන සතුටු වෙමි. මෙම වෙබ් site එක ජනවාරි 8 ට කලින් පටන් ගත්ත නම් යහපාලන ෆ්‍රී wifi වලට රැවටුන තරුණ චන්ද සහ මැදහත් චන්ද මහින්ද මැතිතුමාට ලැබෙන්නට ඉඩ තිබුනා. කොහොම හරි දැන් එතුමා කුරුනෑගලින් ඉල්ලනවා එතුමාට ජයපතන අතරම දැන්වත් මහින්ද මහතා කරපු සංවර්දන කටයුතු ගැන creative video හදලා social media හරහා මෙන්ම ටීවී ඇඩ්ස් විදිහට හරි දාන්න එතකොට තරුණ කට්ටියටත් තේරෙයි

  • Ranjith Wimalaratne

    They call Mahinda “Hora Hora” but Ranil and his followers are “Patta Pal Horu ” as proved in the COPE report on the Bond issue by the central bank.

Leave a Reply