Mahinda Rajapaksa: Google Loon නොමිලේ ඉන්ටර්නෙට් ලබා දෙනවාද?

Thursday, July 30, 2015

Google Loon නොමිලේ ඉන්ටර්නෙට් ලබා දෙනවාද?

ගූගල් සමාගම විසින් ලෝකයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන බවට , මේ දින වල සමාජ ජාලයන් හි පුවතක් පතුරුවා හරියි.

ajithpperera

නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙසේ හෙළි කරන්නේ සිරස වෙබ් අඩවියේ පළ වූ පුවතකි.
sirasa-google-loon
අජිත් පී පෙරේරා සමග සිරස මාධ්‍ය ජාලය රට හමුවේ තබන දේවල් වල ඇත්ත නැත්ත අන්තර්ජාලයේ කාටත් පිළිගත හැකි මූලාශ්‍ර ඇසුරෙන් විමසා බලමු.

 

[1]. Google Loon යනු කුමක්ද?

ලෝකයෙන් 2/3 වන ජනතාවට අන්තර්ජාල පහසුකම් තවමත් නොමැත. එවන් ඈත පිටිසර ප්‍රදේශ වලට අන්තර්ජාලය සඳහා අවශ්‍ය පහසුකම් ආවරණය කිරීම ගූගල් ලූන් ව්‍යාපෘතියෙන් සිදුකෙරේ.
...two-thirds of the world’s population does not yet have Internet access. Project Loon is a network of balloons traveling on the edge of space, designed to connect people in rural and remote areas, help fill coverage gaps, and bring people back online after disasters. source: www.google.com/loon

3G දක්වා වේගය සහිත අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහා ආධාරක ලෙස ගුවනේ බැලුන් පිහිටුවනු ලැබේ.
The project uses high-altitude balloons placed in the stratosphere at an altitude of about 32 km (20 mi) to create an aerial wireless network with up to 3G-like speeds. source: wikipedia.org/wiki/Project_Loon

 

[2]. ගූගල් ලූන් යනු ශ්‍රී ලංකාවට අතිශය වැදගත් ව්‍යාපෘතියක් ද?

ඉහත පෙන්වා දුන් ආකාරයට ගූගල් ලූන් මගින් ලැබෙන්නේ 3G දක්වා වේගයකි. 3G යනු 384kbps සිට 2Mbps දක්වා වේගයයි.
While stating in commentary that "it is expected that IMT-2000 will provide higher transmission rates: a minimum data rate of 2 Mbit/s for stationary or walking users, and 384 kbit/s in a moving vehicle. source: wikipedia.org/wiki/3G#Data_rates

නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුලදීම එනම් 2013 දී රජයට අයත් Mobitel මගින් ශ්‍රී ලංකාවට 4G තාක්ෂණයත් හඳුන්වා දෙනු ලැබුණි. එසේ කළේ වෙනත් ඇමරිකන් සමාගමක් විසින් නොව අපේම රටේ මිනිසුන්ගේ වෙර වීරියෙනි.
Sri Lanka Telecom Mobitel said yesterday it has launched the country’s first mobile 4G/LTE network to provide enhanced services to the public. - source: Financial Times 2013-01-01. 

4G යනු 100Mbps සිට 1Gbps දක්වා තරම් ඉහල වේගයක් සහිත අන්තර්ජාල සේවා සැපයීමයි.
peak speed requirements for 4G service at 100 megabits per second (Mbit/s) for high mobility communication (such as from trains and cars) and 1 gigabit per second (Gbit/s) for low mobility communication (such as pedestrians and stationary users). wikipedia.org/wiki/4G#Technical_understanding

Mobitel වෙබ් අඩවියට ගිය විට එම වේගය සහිත සේවා ලබා දෙන බව ඔබටම තහවුරු කරගත හැකියි. www.mobitel.lk/4g-lte (මහින්ද රාජපක්ෂ මහතා විසින් දකුණු ආසියාවේ විශාලතම සන්නිවේදන කුළුණ වන නෙලුම් කුළුණ ගොඩ නැගුවේ මෙලෙස අධිවේගී 4G සන්නිවේදනය වේගවත් කිරීමටයි. නමුත් වත්මන් යහපාලන ආණ්ඩුවෙන් එයට නොයෙකුත් අපහාසයක් සිදුකළ අතර එසේම ඔවුන් එය ගොඩනැගීම ප්‍රමාද කර ඇත.)
It will function as a radio and television broadcasting antenna ISDB-T and proposed DVB-T2 support structure for 50 television services, 35 FM Radio Stations and 20 telecommunication service providers... Source: wikipedia.org/wiki/Colombo_Lotus_Tower 

එසේනම් ශ්‍රී ලංකාවට 4G පවා ඇති යුගයක, ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඉන්ටෙර්නෙට් පහසුකම ලබාගතහැකි යුගයක හා ඉතාම ජනශුන්‍ය ඈත පිටිසර ප්‍රදේශ නැති කුඩා රටක් වන ශ්‍රී ලංකාවට, යල් පැනපු 3G පහසුකම් සැපයීමේ මෙම Google Loon ව්‍යාපෘතිය අනවශ්‍යයැයි බැහැර කළ නොහැකි වූවත්, විශේෂ වටිනා කමක් නැත.

ශ්‍රී ලංකාවේ දත්ත එකතු කිරීම සඳහා ඇමරිකාවටනම් මෙහි සුවිශේෂී වටිනාකමක් තිබේ. ඇයි අප එසේ කියන්නේ? ඉන්දියාවට කිලෝමීටර් සිය ගාණකට මෙහායින් හදපු නෙලුම් කුළුණත් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියමින් ඉන්දියාව මැසිවිලි නැගුවේය. එසේනම් ඇමරිකානු සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ අහස පුරාම පිහිටුවන අන්තර්ජාල සම්බන්ධතාවය සහිත බැලුම් ගැන කුමන කතාද...

රජයක් වශයෙන් කළ යුත්තේ මීට වසර 2 1/2 කට පෙරදී අවසන් කළ 3G වෙත ආපසු යාම ගැන කෙකර ගෑම නොව , 4G වේගයේ උපරිමය ලබා ගැනීමට අපේම රටේ Mobitel ආයතනයට අවශ්‍ය පහසුකම් ලබා දීමයි., අපේ රටේ ජනතාවට අධි වේගයෙන් අන්තර්ජාල භාවිතා කිරීමට උපකාරී වන නෙලුම් කුළුණ ගොඩ නැගීම වේගවත් කිරීමයි.

[[එදා මහින්ද රාජපක්ෂ මහතාගේ සංධාන රජය විසින් මීට වසර දෙක හමාරකට තරම් ඈතකදී, මොබිටෙල් ආයතනය හරහා 4G තාක්ෂණය හඳුන්වා දී ශ්‍රී ලංකාව ලෝකය සමග අධිවේගයෙන් සම්බන්ධ කෙරුණි. අද වන විට එහි සභාපති ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරා පත් වී සිටී. කිසිදු අධිකරණ නියෝගයක් හෝ අඩුම තරමින් හේතු දැක්වීමක්වත් කරන්නේ නැතිව හුදු දේශපාලන පළිගැනීමක් ලෙසටම මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම www.mahinda.info වෙබ අඩවිය Mobitel මගින් වාරණය කර ඇත. ඒ බව මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවය සහිත ඔබගේ හිත මිතුරන්ගෙන් ඇසුවොත් තහවුරු කරාවි.]]

 

[3]. ගූගල් ලූන් මගින් නොමිලයේ ඉන්ටර්නෙට් ලැබෙනවාද?

Google Loon ව්‍යාපෘතියට අනුව ඉන්ටෙර්නෙට් බැලුම අන්තර්ජාල සේවා සපයන්නෙකුට සම්බන්ධ විය යුතුය.
Web traffic that travels through the balloon network is ultimately relayed to our local telecommunications partners’ ground stations, where it connects to pre-existing Internet infrastructure. source: www.google.com/loon/faq

ඉන් සිදු වන්නේ සම්ප්‍රේෂණ කුළුණු වලට යන අධික වියදම කපාහැරීමක් පමණි.
මෙම ඉහළට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ. source: www.lankadeepa.lk/index.php/articles/336008

ඒ අනුව "නොමිලයේ ඉන්ටර්නෙට්" ලැබෙන බවට කී උදවියගේ පුවත් වල විශ්වාසනීයත්වය ගැන තීරණය කිරීම ඔබට බාරයි. (We report You decide :) )

 

[4]. ගූගල් සමාගම විසින් කලින් කලට යම් යම් ව්‍යාපෘති හඳුන්වා දෙනු ලැබේ. උදාහරණ ලෙස Google Maps ආරම්භ කරන ලද්දේ 2005/02/08 දිනයි. එවකට තිබූ එක්සත් ජනතා නිදහස් සංධාන රජය සමගත් ගූගල් සමාගම ගිවිසුම් වලට අත්සන් කර ශ්‍රී ලංකාව සිතියම් ගත කිරීමට එකඟතාවයකට එන ලදී.

ගූගල් මැප් හඳුන්වාදීම සම්බන්ධයෙන් එවකට සංධාන රජය කිසිම විටෙකවත් ලකුණු දාගන්න නොගිය අතර, එසේ ලකුණු දා ගන්න හැදුවානම් එය මහ විහිළුවකි. ඇමරිකානු ගූගල් සමාගම ලාභ ඉපයීම සඳහා සිදුකරන ලූන් ව්‍යාපෘතිය යොදා ගනිමින්, මාස 6 තුළ කල දෙයක් නොමැතිව වැලේ වැල් නැති වී සිටින එජාපය ලකුණු දා ගන්න යාමත් එවැනිම විහිළුවක් වෙයි.

 

[5]. මහින්ද රාජපක්ෂ යුගය තුල ශ්‍රී ලංකාවේ 5 ස් දෙනෙකුගෙන් එක් අයෙකුට හෙවත් 21.9% කට මේවනවිටත් අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත. එනම් මිලියන 4 ක් අන්තර්ජාල පහසුකම් ලබා දි භාවිතයේ යොදවයි. මූලාශ්‍රය google.com/publicdata මානුෂික මෙහෙයුම අවසන් වීමත් සමග කලාපීය බලවතාවත් අභිබවමින් ශ්‍රී ලංකාව ලෝකය වෙත යන හැටි බලන්න.
mahinda-rajapaksa-internet-

2014 ජූලි වන විට රටේ ජනතාවගෙන් 40% ක් පරිගණක සාක්ෂරතාවයෙන් යුක්ත විය. අපේ රටේ එසේ වෙද්දී ඉන්දියාවේ පරිගණක සාක්ෂරතාවය තවමත් 6.15% ක් ලෙස වාර්තා වෙයි. මහින්දෝදය පරිගණක විද්‍යාගාර 1000 ක් කඩිනමින් රට පුරා ඉදි කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වූයේ 2016 වන විට රටේ පරිගණක සාක්ෂරතාවය 75% දක්වා වර්ධනය කිරීමයි.

ඒ අතරේ රු 30 කට ගත හැකි මෙගාබයිට් 100 ක් දීම, මහින්දෝදය නම ගලවා තමන්ගේ නම ගසා ගනිමින් විවෘත කිරීම, ගූගල් සමාගම ලෝකය පුරාම සිදුකරන ව්‍යාපෘති වලින් ලකුණු දා ගන්න හැදීම වැනි බොළඳ වැඩ සිදුකර මහා ඝෝෂාවක් කිරීම එජාපය සිදුකරයි.

යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

17 comments:

  1. kiyana eka supiriyatama kiyala thiyenawa...

    ReplyDelete
  2. මෙහි පළකරන ලද

    මත්තල පිලිබදව මගම්පුර වරාය ආදිය පිළිබද ලිපි පුවත්පත්වලට සැපයීම හෝ රුපවාහිනි වැඩසටහනක් ලෙස ඉදිරිපත් කිරීම ඉතා කාලෝචිතයි මුදල් පිළිබද ගතළු ඇත්නම් ගිණුම් අංක ලබාදෙන්න අපි සුදානම්
    ඔබත් එක්ක එකතුව රටට ඇත්ත කියලදෙන්න

    ReplyDelete
  3. 4G තියෙද්දී ආයෙත් 3G වලට යන එක හරියට expressway එකක් තියෙද්දී trafiච තියෙන පාරේ යනවා වගේ

    ReplyDelete
  4. ස්තුතියි. ඒ සම්බන්ධයෙන් අප අදාල සංවිධායක වරුන්ව දැනුවත් කර තිබෙනවා.

    ReplyDelete
  5. Pasan RanasingheJuly 30, 2015 at 6:31 PM

    මොබිටෙල් වලින් මේ සයිට් එක බ්ලොක් කරල. මම එන්නෙ ප්‍රොක්සියකින්. මොබිටෙල් වර්ජනය කළ යුතු බවට හැමොමව දැනුවත් කරන්න.

    ReplyDelete
  6. මැටි මොල් යහාපලන කාරයන්ට මොලයක් කිය අබගෙඩියක තරම් වත් නැහැ.ඇමරිකන් කාරයා කූට උපක්‍රමයෙන් පොඩි දරුවන්ට සීනිබෝල දී රවටන ලෙසට අපේ රටේ තොරතුරු ඉතාමත් රහසිගතව ලබාගැනිමේ ක්‍රමය සාර්තක කරගත්තා,( මේ තාක්ශන දැනුම ඇති , එම ශෙක්ත්‍රයේ නියලී ඇති අයගෙන් මේවා ගැන දැනගැනිමට පුලුවන් ), මුන් හදන්නෙ තවත් දේදුන්නක් පෙන්වන්න, එය අස්තිර වස්තු බිජයකි, ජලවාශ්ප බින්දු, වාතය, හිරුඑලිය නැත්නම් මොන දේදුනුද, පොඩි ලමයි රවටන සුරන්ගනා පාට කීපයක් පෙන්වන්න. ජඩද්‍රොහියාට, මරුසිරාට, පඹයට, රූකඩයට මේවා ගැන කිසිම දැනීමක් නැහැ, නුමුත් කට්ට වෙට්ට පිත්තල පොන්න ගෲප් එක අපි වැඩැක් කියලා පෙන්වන්න තමයි මේ දේ කලේ.
    බෝහෝම අගෙයි, ඉහත ප්‍රතිචාරයකින් සවිස්තර කරුණුකාරනා ඉදිරිපත්කිරීමගැන අපේ දේශයට ආදරැති සැමගේ ආදර භක්තිය ඔහුට හිමිවිය යුතුමයි.
    අපට සුරක්ශිත රටක් ඕනැ, අපේ අනාගත පරපුරට ඇමරිකන් අදිරාජ්යවාදින්ට යටනොවූ රටක් ඕනැ (පොන්මන්ගලයට, පොන් රනිලයට ලමයි ඉන්න එකක්යැ )
    දැන් විද්වතුන් එකතුව කතිකාවක් අවශ්ශයි අපෙ විරුද්දත්වය ප්‍රකාශ කර, මේ කාර්ය සම්පූර්නයෙන්ම අත්හිටවීමට කටයුතුකරන්න පුලුවන්ද. මෙය දේශපාලන වේදිකාවට ගෙනත් අපේ අසරන දේශ මාමකයන් දැනුවත් කර ටොයියන්ට බැටදෙන්න පටන්ගන්න, මේ ආදීනව ගැන සවිස්තර සහිත ලිපී මුද්ද්‍රනය කර බෙදාහරින්න.

    ReplyDelete
  7. මොබිටෙල් වර්ජනය කීරිමට අවශ්‍ය නෑ මිත්‍රයා. තව හරියටම දින 18 කින් කොහොමත් බ්ලොක් එක ඉවත් කරනවානෙ. :)

    එජාපයට වඩා අපි වෙනස්. අපි කිසිම විටෙකවත් පරිපාලනය කරන පුද්ගල වැරදි හේතු කොටගෙන රාජ්‍ය ආයතන වලට එරෙහිව පළි ගැනීම් සිදු කරන්නේ නෑ.

    ReplyDelete
  8. Thank You Very Much For You Details

    ReplyDelete
  9. වරක් මම සහබාගි වූ Google නියෝජිතයන් සමග පැවැත්වූ රැස්වීමකදී ඔවුන් පිළිගත්තා Google සමාගම මගින් අපි යවන විද්‍යුත් තැපැල් පණිවිඩ (emails) කියවන බව. එසේම වරක් Google සමාගමට අධිකරණයක් විසින් විශාල දඩයක් නියම කලා ඔවුන් විසින් Google Street වැඩසටහන යටතේ චායාරූප ගැනීමට යොදා ගන්නා වාහනයේ ඇති උපකරණ මගින් අවට ඇති Wifi ජාල වලට සම්බන්ධවී ජනතාවගේ පුද්ගලික දත්ත සොරකම් කල බව ඔප්පු වීම නිසා...

    ReplyDelete
  10. obaga danwath kirimata godak pin.

    ReplyDelete
  11. කමල්, ඔබට ගොඩක් ස්තූතියි මේ ගැන අප දැනුවත් කලාට.එක දෙයක් කියමින් ඇවිත් ඔවුන්ට අවශ්‍ය වෙනත් අරමුණු ඉටු කර ගැනීමට ඔවුන් ඉතාම දක්ෂයි.තමන්ගේ වාසියට යම් යටි අරමුණක් ඉටු කර ගැනීමට එන මොවුන් හැම වෙලේම පෙන්නුම් කරන්නේ අපට ආදරේට මහා සේවයක්,උපකාරයක් කරන බවයි.
    අර කිව්වා වගේ මුන්ගේ කුණු ලෙඩ අපිට බෝ කරලා ඒවාට බේත් විකුණන්න ලෑස්ති වෙනවද කියන්නත් බෑ.
    එහෙම උනොත් නොමිලේ ඉන්ටනෙට් අරන් හොරි කස කස තමයි කාටත් ඉන්න වෙන්නේ.ඒ නිසා පරිස්සමින්. නොමිලේ ලැබෙන ඔය යල් පැනපු බැලුමට වඩා අපේ මහින්ද මැතිඳුන් අපිට 2013දිම දීලා තියෙන 4ජී බී තාක්ෂණය අපිට වටිනවා.
    18 එලි වෙනකොට ඔය බැලූන් ටික එකතු කරලා එල්ලන්න ඕනේ තැන අපි තීරණය කරමු.
    (අපේ දිනූ නම් බරටම වැඩ වගේ; ජය වේවා!,)

    ReplyDelete
  12. බිය නොවන්න මව්බිම හෙට,පරගැති සිත් පරදන්නට පණ ඇති මිනිසා නැවතත් මහ පොලොවට වඩිනවා.

    ReplyDelete
  13. නොමිලේ හෝ ඉතා අඩු මුදලකට හෝ අන්තර්ජාල පහසුකම් අසීමිතව අත්විදීමට හැකිවනවාට වඩා ඔබට වටින්නෙ දහසකුත් ජීවිත පුද දෙමින් නිදහස් කර දුන් ඔබ උපන් මාතෘ භූමිය යලිත් බෙදුම්වාදය හිස එසවීමට නොදී රැකගැනීම වෙනුවෙන් කැපවීම නොවේද..?

    තාක්ෂණික විප්ලවයත් සමඟින් නොමිලේ අන්තර්ජලය නම් කෙදිනක හෝ අප ශ්‍රී ලංකා භූමිය කරාත් පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇත,එහෙත් එවිට අපට අපේ ම කියා රටක් නොතිබුණොතින් නොමිලේ අන්තර්ජාලයෙන් ඇති පලේ කුමක්ද..?

    එම නිසා මෙවර සිතය යුත්තෙ නොමිලේ අන්තර්ජාලය භාවිතා කරන ආකාරය ගැන ද..?

    එසේ නොමැති නම් තම උපන් ලක් දෙරණ මිනීමරු කොටියගෙන් බේරාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභූත චෝදනා එල්ල කරමින් බෙදුම්වාදය හිස එසවීමට කැස කවන වර්තමාන යමපාලන පිල්ලිය අතුඟා දමා යලිත් අප රට එම ත්‍රස්තවාදයෙනුත් බේරා ගන්නා ආකාරය නොවේ ද..?

    ReplyDelete
  14. buddiyen sithanna oni awasthawak meka.... rawatenne epa... ata 8 (dhanya raththal 8 (mallilata Bracelet) ( wage thamai)...

    ReplyDelete
  15. Now mobitel has lifted the ban. Now I am connected through mobitel.

    ReplyDelete
  16. Yes, that's a great news. :) Perhaps they might realized the victory of MR.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.