Mahinda Rajapaksa: GSP අලුත් කිරීම ගැන UNP ප්‍රෝඩාව ඔවුන්ගේම Financial Times පුවත්පත හෙළිකරයි.

Sunday, July 12, 2015

GSP අලුත් කිරීම ගැන UNP ප්‍රෝඩාව ඔවුන්ගේම Financial Times පුවත්පත හෙළිකරයි.

ජී.එස්.පී. ප්‍රතිලාභය අහිමි වීමේ සිද්ධිය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ දුර්වලතාවයක් බවත්, අනික් අතට ඇමරිකාව විසින් නැවතත් අලුත් කිරීම යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස හුවා දක්වමින් එජාපය විසින් පසුගිය දින වල අන්තර්ජාලයේ සහ වෙනත් ජනමාධ්‍ය වල සිංහල මාධ්‍යයෙන් පුවත් වාර්තා පළ කරනු ලැබිණි. ඒ ගැන මූලාශ්‍ර සහිතව අප කළ හෙළිදරව්වක් මීට පෙර mahinda.info හි පළ විය. නමුත් ඔවුන්ගේම ඉංග්‍රීසි පුවත්පත් වල සැබෑ සිද්ධිය මෑතකදී වාර්තා කරනු ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍ය පාථකයින් බොහෝ විට ඇත්ත සිද්ධිය දන්න නිසා විය යුතුයි. පහත දැක්වෙන්නේ "US GSP renewal: Hype and reality" මැයෙන්, අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ විශේෂඥවරියක් වන සුභාෂිණී අබේසිංහ විසින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව අතර සුප්‍රසිද්ධ Financial Times පුවත්පතේ පළ කරනු ලැබූ ලිපියකි. සිංහල පරිවර්තනය mahinda.info වෙතිනි. Financial Times යනු එජාපයේ රුවන් විජයවර්ධනලාට අයත් විජය පුවත්පත් සමාගමේ පුවත්පතක් නිසා, අපගේ අනෙකුත් ලිපි වල ඇති අයුරින් මෙම ලිපියේ ඇති ඇති කරුණු එක්සත් ජාතික පාක්ෂිකයින්ට සනාථ කර පෙන්වීම සඳහා එකින් එකට බාහිර මූලාශ්‍ර දැක්වීම අනවශ්‍ය බව සිතන්නෙමු.

එක්සත් ජනපද GSP අලුත් කිරීමේ අතිශෝක්තිය සහ යතාර්ථය


එක්සත් ජනපදයෙන් ජී.එස්.පී. අලුත් කිරීමේ පුවත ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව සියලුම සංවර්ධනය වෙමින් පවත්නා රටවල අපනයන කරුවන්ට ප්‍රියදායී පුවතක් වුණා. ප්‍රතිලාභ ලැබෙන බවට කළින් නම් කරන ලද සංවර්ධනය වන රටවලින් ආනයනය කරන ලද සමහර නිෂ්පාදන සඳහා පරස්පර නොවන ලෙස තීරු බදු වලින් නිදහස් වූ ප්‍රවේශයක් ලබාදීමේ ක්‍රියාපටිපාටියක් ඉන් සිදුවෙනවා.

එක්සත් ජනපද ජී.එස්.පී. අලුත්කිරීම සම්බන්ධයෙන් පුවත්පත් වල පළවූ සමහර ලිපි මගින් ගෙන යන්නේ වැරදි තොරතුරු සහ සැබෑ ප්‍රතිලාභය අතිශෝක්තියට ලක් කිරීමයි. උදාහරණ ලෙස සමහරුන් ප්‍රකාශ කර සිටින්නේ ජී.එස්.පී. අලුත් කිරීම සිදුවූයේ රජයේ මානව හිමිකම් වාර්තාවේ වැඩිදියුණුව නිස බවත් එය ඇමරිකා එක්සත් ජනපදයට යන විශේෂයෙන්ම ඇඟළුම් ඇතුළු ශ්‍රී ලංකා අපනයන වල විශාල වර්ධනයකට හේතු වූ බවයි. නමුත් ඒවා බොරු ප්‍රකාශන පමණයි.

එක්සත් ජනපද ජී.එස්.පී. සහනය කල් ඉකුත් වීම හෝ අලුත් කිරීම ශ්‍රී ලංකාවට කිසිදු සම්බන්ධතාවයක් නෑ.

2013 ජූලි 31 වැනි දින එක්සත් ජනපද ජී.එස්.පී. යෝජනා ක්‍රමය කල් ඉකුත් වීමත්, 2015 ජුනි 29 වැනි දින එය නැවත අලුත් කිරීමටත් ශ්‍රී ලංකාව මගින් කිසිදු බලපෑමක් සිදුකර නැහැ. එක්සත් ජනපද ජී.එස්.පී. වැඩසටහන එම සම්මේලනය මගින් කලින් කළ සිදුකරන නැවත අලුත් කීරිමට යටත් වෙනවා. එය කිසියම් නිශ්චිත රටක විශේෂ විමර්ෂණයක් සිදුකිරිම නිසා වන්නක් නෙමෙයි.

මෙම ජී.එස්.පී වැඩසටහන මෑතකදී දීර්ඝ කරනු ලැබුවේ 2013 ජූලි 31 දා තුරු වන අතර එම සම්මේලනයට අදාල දිනයේදීම නැවත අලුත් කිරීමට නොහැකි වුණා. එනිසා ජී.එස්.පී. වැඩසටහන කල් ඉකුත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 122 ක් වන සියලුම ප්‍රතිලාභ සහිත රටවල් වලට එක්සත් ජනපදය වෙත තීරුබදු රහිතව අදාල නිශ්චිත භාණ්ඩ අපනයනය කිරීමේ ප්‍රවේශය අහිමි වුණා.

ඇත්ත වශයෙන්ම කියනවානම් මෙය පසුගිය 30 වසර තුළ මෙම වැඩසටහන නැවත අලුත් කිරීමට නොහැකි වී කල් ඉකුත් වූ 8 වැනි වතාවයි. මාස හෝ වර්ෂ ගණනාවක් ප්‍රමාද වී එක්සත් ජනපද ජී.එස්.පී වැඩසටහන නැවත අලුත් කළ විට එය අතීතයට බලපාන පරිදි අලුත් වෙන අතර එවිට එක්සත් ජනපද රේගුව විසින් ආනයනකරුවන්ට ප්‍රමාද වූ වර්ෂ වලදී අදාල භාණ්ඩ ආනයනය සඳහා වැය වූ තීරු බදු මුදල් නැවත ගෙවීම (ප්‍රතිපෝෂණය) සිදුකරනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනය කරන ශ්‍රී ලාංකික අපනයන කරුවන්ගෙන් එක්සත් ජනපද ජී.එස්.පී වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන්නේ 8% ක් පමණයි.

වාර්තා වල දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සිට අපනයනය කරන භාණ්ඩ වර්ග 5000 කට තීරු බදු රහිත ප්‍රවේශය ජී.එස්.පී වැඩසටහන මගින් ලබා දී තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නිෂ්පාදිත ආවරණය ඉතමත් අඩු වන අතර එය නිෂ්පාදිත 3500 ක් පමණ වෙනවා. (එසේම එය HS සංඛ්‍යාංක 8 තලයේ වන අතර එමගින් සත්‍ය ආවරණය තවත් කුඩා වෙයි).

ප්‍රතිලාභ ලබන සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතුරින් අවම සංවර්ධිත රටවලට (LDBDC), තීරු බදු රහිත තත්ත්වය අමතර නිෂ්පාදිත 1500 ක් සඳහා හිමි වෙයි. එනිසා සත්‍ය වශයෙන්ම භාණ්ඩ වර්ග 5000 ක් සඳහා නිදහස් ප්‍රවේශය හිමි වන්නේ LDBDC රටවල් 43 කට පමණයි.

එක්සත් ජනපද අන්තර්ජාතික වෙළඳ කොමිසමෙන් ප්‍රකාශ කරන ලද සංඛ්‍යාලේඛන වලට අනුව එක්සත් ජනපද ජී.එස්.පී සහනය හිමි ශ්‍රී ලංකාවේ අපනයන ඉතාමත් සුළු ප්‍රතිශතයක්. ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජනපදයට කරන ලද අපනයන වල ප්‍රතිශතයක් ලෙසනම් එය 8% ක් වෙනවා. (පළමු රූපසටහන බලන්න)

Untitled-220[1]

ජී.එස්.පී. වැඩසටහන් සම්මේලනයේ පර්යේෂණ සේවාව මගින් පළ කරන ලද වාර්තාව අනුව, ජී.එස්.පී. ප්‍රතිලාභය සහිත රටවල් 122 ක් අතුරින් 2012 දී ප්‍රතිලාභය හිමිව ඇත්තේ ආනයනයන්ගෙන් 1% කට පමණයි. එහෙත් එම රටවල් සියල්ලෙන්ම එක්සත් ජනපදයට කරන ලද අපනයන ප්‍රමාණය 12% ක් වෙනවා. සමස්තයක් ලෙස බලන කල ජී.එස්.පී. වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන රටවල් වලට ලැබෙන ප්‍රතිලාභය වැදගත් නමුත් එය විශාල එකක් නොවෙයි.

රෙදිපිළි සහ ඇඟළුම් ජී එස් පී සහනය සඳහා සුදුසුකම් ලබා නැහැ

එක්සත් ජනපද ජී එස් පී වැඩසටහන මගින් සංවර්ධනය වෙමින් පවත්නා රටවලින් අපනයනය කරන රෙදිපිළි සහ ඇඟළුම් වැනි  සමහර "ආනයනික සංවේදී" නිෂ්පාදිත සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ නෑ. (දෙවන රූපසටහන බලන්න)

Untitled-128[1]

ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට කරන සමස්ත අපනයනයන්ගෙන් 80% ක්ම ඇඟලුම් වෙයි. ශ්‍රී ලාංකික අපනයනයිකයින්ගෙන් ජී එස් පී සහනය භාවිතා කරන ප්‍රමාණය අවම වීමට මෙය ප්‍රධානතම හේතුවයි. එනිසා එක්සත් ජනපද ජී එස් පී වැඩටහන අලුත් කිරීම මගින්, එක්සත් ජනපදය වෙත යන ශ්‍රී ලාංකික අපනයනයන්ගේ විශාල වර්ධනයක් ලබා දෙන්නේ නෑ.

එක්සත් ජනපද ජී.එස්.පී ශ්‍රී ලංකාවට යෝග්‍ය වීම 2012 දී සමාලෝචනය කර තිබෙනවා.

ජී.එස්.පී හිමිවන රටවල් සහ නිෂ්පාදිතවල යෝග්‍යතාවය වාර්ෂික විමර්ශනයන්ට යටත් වෙනවා. රටවල් ගැන විමර්ශනය කිරීමේදී සලකා බලන්නේ, රටේ ආර්ථික සංවර්ධනය තක්සේරු කර අදාල රට යෝග්‍ය වෙනවාද, එම රටේ අපනයන විවිධාංගීකරණ මට්ටම, ඔවුන්ගේ විදේශ සහ ජී.එස්.පී. සහනයට අදාල නිශ්පාදිතයන්ගේ තරගකාරීත්වයයි. මෙම තක්සේරුවට අනුව ආර්ථික වශයෙන් දියුණු සහ තරගකාරී ලෙස සලකන ලද රටවල් ජී.එස්.පී වැඩසටහනෙන් ඉවත් කරන ලෙසට නියම කරනවා.

සේවක අයිතිවාසිකම්, බුද්ධිමය දේපළ ආරක්ෂාව, වෙළඳ ආයෝජන ප්‍රතිපත්ති පැවතීම යනාදී වෙනත් මිනුම් දඬු මත අදාල රටවල් වැඩිදුරටත් සමාලෝචනය කරයි. උදාහරණ ලෙස 2013 ජුනි 27 වන දින, බංග්ලාදේශයේ ජී.එස්.පී ප්‍රතිලාභය තාවකාලිකව නතර කළ බව එක්සත් ජනපද ජනාධිපති ප්‍රකාශ කළා. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ "එම රටේ සේවකයන්ට ජාත්‍යන්තරව පිළිගත් සේවක අයිතිවාසිකම් සපයා දීමට පියවර ගෙන ඇත්තේ හෝ ගනිමින් සිටින්නේ නැත" යනුවෙනුයි.

ඇත්ත වශයෙන්ම කියතහොත් 2012 දී ශ්‍රී ලංකාවත් විමර්ශනය කෙරෙමින් පැවතුණා. නමුත් එම විමර්ශණය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවන්ට අදාලව නොවෙයි. එසේම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අනුග්‍රහය දැක්වීම අත්හිටවූයේත් නෑ. එය රටේ සේවක අයිතිවාසිකම් සම්බන්ධ භාවිතය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකුයි. එවකට තත්ත්වය සහ රජයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග විමර්ශනය කිරීමෙන් පසුව, 2012 ජුනි 29 වන දින ශ්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය ඉදිරියේදීත් ලැබෙන බව එක්සත් ජනපද වෙළඳ නියෝජිත තහවුරු කළා.

නිගමනය

මෙලෙස බලන කල එක්සත් ජනපද ජී.එස්.පී. හි මෙම අලුත් කිරීම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන විකාශනය හෝ අප රටේ මානව හිමිකම් වාර්තාව සමග කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතුරින් ජී.එස්.පී. වැඩසටහන කළින්ම නැවත අලුත් කරගැනීමට හැකිවූ රටක්.

තවදුරටත් බලතහොත් ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කරන අපනයනයන්ගෙන් ඉතාමත් කුඩා කොටසක් පමණයි ජී.එස්.පී. සහනය හිමිවන්නේ. එනිසා, එක්සත් ජනපද ජී.එස්.පී නැවත අලුත් කිරීම, සමහර එක්සත් ජනපදයට අපනයන කරන අයට ප්‍රතිලාභ අත් වෙන අතර, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට කරන අපනයන වලට විශාල වර්ධනයක් ලබා දෙන්නේ නෑ.

මෙය Share කරමින් යහලුවන්ටත් පෙන්වා දෙන්න.