Mahinda Rajapaksa: GSP+ නැවතත් ලැබුණේ රනිල් නිසාද? මෙන්න තවත් යහපාලන පචයක් මාට්ටු!

Wednesday, July 8, 2015

GSP+ නැවතත් ලැබුණේ රනිල් නිසාද? මෙන්න තවත් යහපාලන පචයක් මාට්ටු!

[1]. GSP+ සහනය නැති වූයේ මහින්ද රාජපක්ෂ මහතා නිසා බවත්, එය නැවතත් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත් පවසමින් පසුගිය කාලයේ එජාප ප්‍රචාරකයන් විසින් අන්තර්ජාලය තුළ ප්‍රචාරය කෙරුණා.  නමුත් එහි සත්‍යාසත්‍යතාවය ඔබ සිතනවාට වඩා බෙහෙවින් වෙනස්.

[2]. GSP හෙවත් "Generalized System of Preferences" මගින් සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයනයන් ඇමරිකාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් විසින් ලිහිල් තීරුබදු ප්‍රතිපත්තියක් යටතේ මිලදී ගැනීමයි. මෙය 1976 සිටම අප රටට ලැබෙයි.

[3]. (i). GSP+ මගින් සිදුවන්නේ GSP  සහනය හිමිව ඇති රටවලට, විශේෂ කොන්දේසි මත සම්පූර්ණයෙන්ම තීරු බදු ඉවත් කර භාණ්ඩ අපනයනය සඳහා යුරෝපා සංගමයට අයත් රටවල්වල වෙළඳපොළ විවෘත කර දීමයි.
(ii). 2004 සුනාමියත් සමගම ජී එස් පී + ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට හිමි වුණා.

[4]. (i). 2010 දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලැබුණු GSP+ බදු සහනය කපා හරුණු අතර ඇමෙරිකාවෙන් ලැබුනු GSP බදු සහනය එලෙසම පවත්වාගෙන ගියා.
Ambassador Kirk said, “The closure of the GSP country practice review of Sri Lanka was based on the Sri Lankan government’s noteworthy efforts over the past few years to address the worker rights issues outlined in the GSP petition. source: mea.gov.lk

The United States will continue its GSP trade benefits to Sri Lanka during the review of the petition, a spokesman for the US Embassy in Colombo said. source: sundayobserver.lk


(ii). ඉහත ලිපිවල සඳහන් පරිදිම GSP+ සහනය කපා හැරීමට හේතු වී ඇත්තේ එයට එරෙහිව එල්ල වුණ පෙත්සමකුයි. එම පෙත්සම මගින් සිදුවූයේ දේශපාලනික අරමුණක් සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය බිලි දීමේ මහා පාවාදීමකුයි. පහත දැක්වෙන වීඩියෝව බැලීමෙන් ඒ මහා පාවාදීම කර ඇත්තේ කවුදැයි ඔබටම ප්‍රත්‍යක්ෂව දැනගත හැකියි.



[5]. 2013 ජූලි 31 වනදා ඇමෙරිකාව සියළු රටවල් (රටවල් 122ක්) සඳහා ලබාදෙමින් තිබූ GSP බදු සහන වැඩසටහන නවතා දැමුවා. (ශ්‍රී ලංකාවට පමණක් නොව සියලු රටවල් සඳහා).
Since authorization of the GSP program lapsed in mid-2013, U.S. businesses that utilize GSP have paid over $1 billion dollars in tariffs on GSP products that previously entered the United States duty-free. This has been an especially heavy burden for the many thousands of small businesses that count on GSP to keep their costs down. Renewal of the program will eliminate these duty costs on GSP goods, ease the flow of trade from many developing countries, including some of the poorest countries in the world, and benefit U.S. businesses and consumers alike. source: whitehouse.gov (Page 2)


[6]. 2014 දීත්, ඇමෙරිකාව විසින් අනාගතයේදී මෙම බදු සහනය ලැබීමට සුදුසුකම් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තු ගත කොට තිබුණා.  surce: usitc.gov (Page 11)

mahinda.info-gsp+

[7]. පසුගිය ජූනි 29 වැනිදා සිදුව ඇත්තේ මෙම සහනය නැවත සියලු රටවල් 122 සඳහා ලබාදීමද ඇතුළත් පනත් දෙකකට බැරැක් ඔබාමා අත්සන් තැබීමයි. (ශ්‍රී ලංකාව පමණක් නොවේ) source: whitehouse.gov

trade_8[1]

[8]. නමුත් අජිත් P පෙරේරා කීමට උත්සාහ කරන්නේ 2013 දී මහින්ද රාජපක්ෂ මහතාගේ වරදින් මෙම ඇමෙරිකානු GSP බදු සහනය ලංකාවට අහිමි වූ බවත්, රනිල්ගේ මොළයෙන් මෙම සහනය නැවතත් ලබගත් බවකුයි. source: nethfm.com මොවුන් මෙලෙස බේගල් ඇද බාමින් අපහාස කරන්නේ බුද්ධිමත් ජනතාවටයි.

[9]. (i). නායකයින් එහෙම කරද්දි ගෝලයින් ඉතාමත් විසුළු ආකාරයේ පෝස්ටර් එකක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ ශෙයා කර තිබෙනවා. (කුඩු කන්ටේනර් එක ගැන කතාවට පිළිතුර සිරිසේන මහතාම දී තිබෙනවා)
ranil

(ii).  ඉහත පින්තූරය හේතු 2 ක් නිසා වැරදියි.
- එකක් තමයි උඩ වීඩියෝ එක බැලුවාම ඔබට ප්‍රත්‍යක්ෂ්‍ය වුණ කාරණාව. ඒක නිකම් "මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කළා, ස්තුතියි ස්තූතියි ස්තූතියි රනිල් මහත්තයෝ" කියල පෝස්ටර් එකක් ගැහුවා හා සමානයි. :D
- දෙවැනි හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදය රටවල් ගණනාවකට GSP නැවත ලබා දීමට 2014 දී සැලසුම් කර (අංක [6] බලන්න), 2015 ජූනි 29 දා සම්මත කර රටවල් 122 කට GSP ලබා දුන් පනතට රනිල් වික්‍රමසිංහ මහතා කරපු මැදිහත් වීමක් නෑ.
ඉතින් GSP/GSP+ තියා ආර්ථික විද්‍යාවේ ප්‍රාථමික දේවල්වත් නොදැන ඔය වගේ පෝස්ටර් හදන අය මැදහත් ජනතාවට එජාපය විහිළුවක් බවට පත් කරනවා.

ඒ අතර මේවා දැනගැනීමට නොලැබුණ සමහරු තාමත් මහින්ද රාජපක්ෂ මහතාට බැන බැන රනිල්ගේ හොඳ කියනවා. එනිසා Share කර සියලුම යාලුවන්ව දැනුවත් කිරීමට ඔබගේ කාරුණික සහය ලබා දෙන්න.