රාජපක්ෂවරුන්ට එරෙහි ලැම්බෝගිණි චෝදනාව ගැන ඇත්ත හෙළිදරව්ව!

[1]. මීට කලකට ඉහතදී රන්ජන් රාමනායක විසින් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ලැම්බෝගිනි කාර් ගැන චෝදනාවක් කරනු ලැබුවා. පහත වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු පවසන්නේ රාජපක්ෂ පුත්තු විසින් තීරු බදු නොගෙවා ලැම්බෝගිණි 3 ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

රන්ජන් රාමනායක එලෙස පවසන්නේ බොරැල්ල ප්‍රදර්ශනාගාරයක ඇති ලැම්බෝගිණි 3 පිළිබඳවයි. නමුත් එය මයික්‍රෝ සමාගම විසින් නීත්‍යානුකූලවම අප රටේ ප්‍රදර්ශනය සඳහා මෙරටට ගෙන්වූ ඒවා. පහත වීඩියෝව බලන්න.

මයික්‍රෝ අධිපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා එදා ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ ලැම්බෝගිණි 3 හේතු කොටගෙන මේ වන විට මීගමුවේ ව්‍යාපාරිකයෙක් විසින් පාවිච්චි කරන ලද ලැම්බෝගිණි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා. එහිදී රජයට පමණක් ලැබුණ බදු ආදායම රුපියල් ලක්ෂ 580 ක්. (Rs. 58,000,000.00)

 

[2]. මෑතකදී රවි කරුණානායක සඳහන් කළේ නියමිත බදු ගෙවීම් පැහැර හරිමින් පසුගිය රජය සමයේ ආනයනය කළ ලැම්බෝගිනි මෝටර් රථ 3ක් යළි මෙරටින් පිට කිරීමේ සැලසුමක් පැවැති බවයි.

නමුත් රවි කරුණානායක විසින් සත්‍යය විකෘති කරමින් සඳහන් කරන්නේත් ඉහත දැක්වූ පරිදි මයික්‍රෝ සමාගමෙන් මේරටට ප්‍රදර්ශනය සඳහා ගෙන්වන ලද ලැම්බෝගිණි කාර් 3 පිළිබඳවයි. ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා ගෙන්වූ බැවින් තීරු බදු ගෙවීමට අනවශ්‍ය වූ අතර, නැවත සැපයුම්කරුට යැවූ පසුව රජයට ගෙවිය යුතු ලක්ෂ 2700ක මුදල නිසි පරිදි මයික්‍රෝ සමාගමෙන් ගෙවා තිබෙනවා. මේ කිසිවකට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නැහැ. රාජපක්ෂවරුන් කෙරෙහි වෛරයෙන් රවි කරුණානායක එලෙස මඩ ගැසීමෙන් හානි සිදුවන්නේ ශ්‍රී ලංකවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය දේශීය ව්‍යාපාරිකයෙකුටයි.

 

[3]. මේ වන විට ලංකාවේ දෙදෙනෙකුට ලැම්බෝගිණි මෝටර් රථ තිබෙනවා. එක් අයෙක් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව. අනෙක් කෙනානම් ඉහත දෙවැනි වීඩියෝවේ ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා සඳහන් කළ මීගමුවේ ව්‍යාපාරිකයායි. මූලාශ්‍රය සහ වැඩිදුර කියවීමට: http://www.adaderana.lk/biz/lambo/

මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීම සඳහාම එජාපය සිදුකළ මඩ ගැසීම නිසා සිදු වූයේ , ලැම්බෝගිණි මෝටර් රථ පමණක් නොව ඒ හා සමාන සුඛෝපභෝගී මෝටර් රථ පවා මිලදී ගෙන රජයට විශාල බදු මුදල් ගෙවීමට හැකියාව තිබූ උදවියත් අධෛර්යයට පත් වීමයි. මඩ ප්‍රචාරණය නොවන්නට මේ වන විට අප රටේ ලැම්බොගිණි මෝටර් රථ දුසිම් ගණනක් තිබෙන්නට ඉඩ තිබුණා. එසේ වූවානම් රජයට අය වෙන බදු ආදයම විතරක් ලක්ෂ දසදහස් ගණනක්… එසේ වූවානම් යහපාලන ආණ්ඩුවට වයෝවෘද්ධ ජේෂ්ඨ පුරවැසියන්ට රුපියල් 2000 දීමනාව ගෙවාගන්න බැරි වෙන්නේ නෑ.

 

[4]. පසුගිය ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙරදී එජාපයේ සුජීව සේනසිංහගේ ෆේස්බුක් පිටුවේ පහත පින්තූර පළ වුණා. පින්තූර 5 ක් පමණ පළ කර තිබුණත් 3 ක්ම අතේ මාට්ටු වූ බැවින් ඒවා ඉවත් කරලා. මූලාශ්‍ර 1 , 2 සුජීව සේනසිංහ පැවසූයේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී නාමල් රාජපක්ෂ මහතා තම ලැම්බෝගිණි මෝටර් රථ කිහිපය රහසේම රට පටවන බවයි. මෙම පින්තූර යොදාගනිමින් තවමත් එක්සත් ජාතික පක්ෂයේ මඩකරුවන් විසින් මඩ ගැසීම සිදුකරනවා.

sri-lanka-lamborghini

නමුත් ඉහත දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් වාහන නොව ශ්‍රී ලංකන් එයාර්ලයින් එක විසින් ප්‍රති අපනයනය සඳහා මෙරටට ගෙන්වූ වාහනයි. එම පින්තූර ජනාධිපතිවරණ සමයේ ගත් ඒවා නොව ඊට වසර 2 කට පෙර එනම් 2012 තරම් ඈතකදී සිදුවූ ප්‍රති අපනයනය කිරීමකුයි. මූලාශ්‍ර 1 , 2 , 3 , 4

2014 ජූලි මාසයෙන් පසුව ශ්‍රී ලංකන් එයාර්ලයින් මගින් කිසිදු වාහනයක් ප්‍රති අපනයනය කිරීම සිදු නොකළ බවත් ඔවුන් රජයේ නිල වෙබ් අඩවියෙන් දක්වා තිබෙනවා. http://www.news.lk/news/sri-lanka/item/5537-srilankan-airlines-has-not-uplifted-high-value-luxury-cars-as-cargo-since-july-2014

පහත දැක්වෙන්නේ සුජීව සේනසිංහ විසින් මඩ ගැසීමේ අරමුණින් පළ කරන ලද පින්තූර වල සැබෑ අයිතිකරුවා විසින් ෆේස්බුක් එකේ පළ කළ සටහනක්.
10898208_10152568780778085_43751910082500473_n[1]

කට උත්තර නැති වූ මඩ බලකාය ඊළඟට පැවසූයේ Dhanushka Pradeep මහතා එම ෆේස්බුක් ඇල්බම් වල දින වෙනස් කර ඇති බවයි. නමුත් ෆේස්බුක් කොමෙන්ට්  වල දින කෙසේ වත් වෙනස් කළ නොහැකියි. මෙම පින්තූරයේ සමහර කොමෙන්ට් 2012 තරම් ඈත කාලයේ වන අතර එමගින් එම පින්තූරත් 2012 ඒවා බව තහවුරු කරනවා.

sri-lanka-lamborghinijpg
පහත දැක්වෙන්නේ ලැම්බෝගිනි මඩ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය කාලය තුළ අපගේ සහෝදර ෆේස්බුක් පිටු විසින් ෆේස්බුක් එකේ කරන ලද දැනුවත් කිරීම්.

namal-rajapaksa-lamborghini

namal-rajapaksa-lamboghini

 

[5]. නාමල් රාජපක්ෂ මහතා සතුව තීරු බදු නොගෙවූ එකදු ලැම්බෝගිනි මෝටර් රථයක්වත් තිබුණානම් ඒවා සොයාගෙන රට ඉදිරියේ පෙන්වීමට තිබුණා. එසේම ඔහු වරදක් කර තිබේනම් ඔහුට එරෙහිව නඩු දැමීමට හැකියාව තිබුණා. ඒ සඳහා ගෙවුණ මාස 6 හොඳටම ප්‍රමාණවත්. එසේ නොකිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ තාක් කල් කරන ලද ලැම්බෝගිණි චෝදනා පට්ට පල් බේගල් බවට ජනතාව ඉදිරියේ ඔප්පු වුණා.

එදා නාමල් රාජපක්ෂ මහතාට ලැම්බෝගිණි වාහන ගැන චෝදනා එල්ල කළ අයගේ සැබෑ ස්වරූපය කෙසේදැයි තවම ජනතාව දැනුවත් වී නෑ. මේ බලන්න අධි සුඛෝපභෝගී ලිමොසීන්. එක්සත් ජාතික පක්ෂයේ චෝදනා මෙන් මේවා කටකතා හෝ චම්පිකගේ මෙන් ෆොටෝශොප් හෝ නොව අප පල කරන්නේ ජාතික පුවත්පත් වල පල වූ ඒවායි. මූලාශ්‍රය: http://nation.lk/online/2015/07/22/in-yahapalanaya-luxury/

limousine

ඉහත අප ඔප්පු කර පෙන්වූයේ පසුගිය කාලය පුරාවටම එජාපයෙන් එල්ල කළ ලැම්බොගිණි මඩ ප්‍රහාරයේ පදනම් විරහිත බවයි. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දී, නොදියුණු ලොවක සිට සංවර්ධිත ලොවක් කරා අප රට ගෙන යාමට සිටි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තව කොතරම් බොරු බේගල් ඇද බාන්න ඇත්ද… තවත් එවන් ව්‍යාජ මඩ අවලාද චෝදනා සිය ගණනක් ඇති අතර ඒවායින් බොහෝමයකට mahinda.info වෙබ් අඩවිය පුරාවටම පිළිතුරු දී තිබෙනවා.

තවමත් රාජපක්ෂවරුන්ගේ ලැම්බෝගිනි හොයන යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

30 comments to රාජපක්ෂවරුන්ට එරෙහි ලැම්බෝගිණි චෝදනාව ගැන ඇත්ත හෙළිදරව්ව!

  • Don

    This is not enough not all see Mahinda.info you have to know marketing strategies , get this to people.

    Why don’t you take these revaluations to the media?

  • Nalin

    //තවත් එවන් ව්‍යාජ මඩ අවලාද චෝදනා සිය ගණනක් ඇති අතර ඒවායින් බොහෝමයකට mahinda.info වෙබ් අඩවිය පුරාවටම පිළිතුරු දී තිබෙනවා.//

    Great work guys. Please please keep this up.
    Your posts are going viral in social networks.
    Let people know the truth.

  • manula

    These information should go to people who belive unp lies.still we are not satisfying with MR campaign . unfortunately lot of people belive on these lies.Otherwise this time also will win the lies just like on 8th of January.We are with you …

  • Power

    අනිවාර්යයෙන්ම…

    මෙවැනි කටේ පුපුරන කෙප්ප ගහන දේශපාලුවන්ගේ බොරුවලට තවත් මේ රටේ හිතක් පපුවක් ඇති ජනතාව ඉදිරියටත් අැන්දවීමට නොහැකියි.මෙවුන්ගේ මෙවැනි බොරුවලට අහුවෙන්නෙ මේ පිළිබඳ යම්කිසි දැනීමක් නැති පිරිස වගේම,හිතා මතාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වෛර කරන පිරිස පමණයි. එහෙත් ඔවනුත් මෙහි සැබෑව නොදන්නවා නොවේ.එහෙත් රාජපක්ෂ පවුල සමඟ පවතින් වෛරය හා පවතින ඊර්ශියාව පිරිමසා ගැනීම වෙනුවෙන් “රාජපක්ෂලා ලැම්බෝ ගෙනවා,හෝටල් හැදුවා,හොරා කෑවා,අරක කරා මේක කරා” යනුවෙන් දහසකුත් මඩ ගොතමින්,මඩ හදමින්,මඩ ගසමින් අපි මේ කරන්නෙ බොරුවක් නේද කියන වඟ දැන දැනත් බොරුව ම මොවුනුත් පිළීගෙන එය මුලු මහත් සමාජයටමත් මුදා හරිමින් රාජපක්ෂ පවුල විනාශ කර දමා මොවුන්ගේ යමපාලන ජඩපාලනයක් බලයට පත් කර ගැනීම වෙනුවෙන් බොරුවෙන් ම තව තවත් සමාජය නොමඟ යැවීමට උත්සහ කරමින් පවතී.

  • Champika Ranawaka is a master of cooking stories and selling them too.

    But Champika is guilty of contempt of court at his launching speech at APEGAMA. MR campaign still failed to hold him accountable for his fabrications. Champika cut many votes to UNP but he himself is unlikely to win, as his message of Hatred is like Fonseka. Both doomed run out of substance.

    MR campaign can bring plenty of legal challenges to Champika, Ranil, Rajitha. Hope it will happen at least on their proven corruption.

    • attama kewot man katawat chandayak da ho aduma tarame lipiyakwat monama rajayakin aragana neha.namuth mata kiyanna one mage wayasedi ratata wedak kalanam mahinda mayage rajayen pamanaie.man Colombo rajaye sevaye inda rata rekiyawaka apu kenek.akak tiyanawa unp ta chandekata avit kiyanna deyak neha me serama pita ratawal wala adahas mahinda ain karanna gahapu weda.awasan wasayen kauru hari magen ahain adnduwe rekiyawak karanna kage hari passé noya beha kiya.mage miya giya piyata suwarga sepa lebenna one man enna tatwe nisa.stutie.victor

  • I think a best way is mention the lies of last election with the authors name and a creative funny line.

    Eg golden rail tracks by Champika put the sound biteor video clips

    Then offer aPublic reward for anyone who can prove that true.

    Also show how many times people said onto Ranilinelectio.
    Eg add the mo votes the totalwillexceed perhaps Indian Population.

  • MR campaign definitely need a resounding answer toll these lie and fabrications.

    This is a key strategy.

    Here is a clue,

    Buddha said lies can be conquered by THE POWER OF TRUTH.

    It’s ashame onMRcampif they again allow Ranil Mangala Lies to let the fate be decided.

  • Dinithi

    There is a lot of critical info here.

    But perhaps 10-20% voters would even knew this
    Available. Or ever access it.

    Please strategies these info to flow in to voters.

    Facebook shares. MR himself SHOULD GIVE PUBLICITY TO THIS SITE
    AND BETTER HE MENTION THESE ON HIS RALLIES THAN MEANINGLESS SLOGANS.

    Campaign need boost against UNP West lie machines well lubricated.

  • Dinithi

    It’s sad to see JVP and Champika and Ranil Rajitha Mangala
    Painting lies effectively. They done the research funded by West.

    Offensive is best defense. Pre emptively go after JVP murder and vandalism.
    Mangala $18B Ranil Batalanda bond scam. Champika charges on divorce papers , mega deals.

  • Richard De Soyza

    Ranil Wickramasinghe with clear intention to commit Bond Scam (Ashe was taught how to fund his way by Western Master) acquired CentralBank under his jurisdiction.

    Then he placed a LTTE fund raiserArjun Mahendren in charge of it breaking integrity. Then put Ravi Karupiah Sandresh as Finance Minister. Ranil sent UNP members to do the scam on his behalf.

    All these evidence is clear STILL MR CAMP can’t corner Ranil.

    God ! This is a miracle, the Bond Scam MASTERMIND RANIL has the odacity to run for PM.

    Any other country even in BEEUNDI or NIGERIA or Ithiyopia Ranil would not have seen day light again.

    On top of that man supposed to have no civil rights per Batalanda commission.

    If Ranil Thief gets PM he will first sell Eelam to highest bidder.

  • Richard De Soyza

    Your message is helpful but your audience is negligible.

    Even your Facebook page has merely 15K followers it’s link about this article has about 250 sharers.

    Whereas Mahinda page has nearly. 600K followers. At least please use his page or another interactive session to get the truth across effectively. Lies fly truth walks .

    Let’s strategize.

  • Richard De Soyza

    This election won’t be free and fair. Ranil will dictate results.

    Expecting fairness from Bank Robber ???

    Western master has tught Ranil how to get money fast and win easy.

    If you crack Western Masters code, you my just win.

  • Richard De Soyza

    Understand this question you will get a free book from Ramil :HOW TO SCAM ANYBANK,

    Ravi Sandresh Karunanayagam is the worlds only Finance Minister who choose
    The day for Budget on his court date and forece the court to change the law.

    Then he got 7 year legal case on LTTE money laundering to be dismissed on technical
    Issue. After the verdict Judge went to affluent retirement and hiden.

    Sujeewa Serasinghe use his ministry to manipulate mega deals.

    While Wijedasa Rajapakse is selling the Sinhala identity and flag ,

    Voters think UNP will give free and fair election. Waiting for 8|17.
    This election will be rigged, west and amnesty HHRW will first to declare it free and fair
    Their election monitors already written the report.

    MR must have Land slide victory to UPFA to have any chance.

  • manoj

    wassem wa meruwai kiyala CID eka rpt ekak deela thiyenawa.. dan mokda wenne ethakota????

  • GIGADEAL RANAWAKA

    Champika Ranawaka received Rs400 lacks to his account 003460000261 in Samaoath bank for JHU. This was in March.

    This sudden cash flow came twice. Is it from Ranil’s Bond scam money or from west or from Indian Oil?

    This is a GIGA DEAL .

    Champika already spent 65 lacks forTV ads.

  • GIGADEAL RANAWAKA

    Investigate Samapath bank account 003460000261 . Champika Ranawaka got huge cash deal

  • gihan

    ලඟදි කඩේක ප්ලේන්ටියක් ගහගෙන සිගරට් බිබී හිටපු සිමෙන්ති අනන එවුන් ටිකක් කතා කර කර හිටියෙ අලියා සක්තිමත් සතෙක් බුද්ධිමත් සතෙක් කියල ඒකයි අපි අලියට චන්දෙ දෙන්නෙ කියල. එහෙම නැතුව මේ මෝඩ මිනිස්සුන්ට යූ. එන්. පී. පාලකෙයො ගැන අදහසක් නෑ. අලියා කියන සතාට තියෙන ගෞරවය සහ ඌ ගැන තියෙන ආකල්පය ගැන තමයි මේ මිනිස්සු දන්නෙ. මහින්ද මාම මේ රට බේර ගත්ත කියන එක උන්ට දැනෙන්නෙ නෑ. කොහොමටත් මොන තරාතිරමක වුනත් බුද්ධියෙන් අඩු අය තමයි එජාපයට පාක්ෂිකව කතා කරන්නෙ. මහින්ද කොටින්ට සල්ලි දුන්නා කියල යූ.එන්.පී. පාලකයො හදපු කතාව මේ මෝඩ මිනිස්සුන්ගෙ ඔළු වලට නිතරම ඇහෙන්න සැලැස්වුවාම උන් ඒව විශ්වාස කරන්නත් බැරි නෑ.

  • sumeda

    මෙම මඩ ලංකාවේ හැම අස්සක් මුල්ලකම ප්‍රචාර වී තිබෙන නිසා, ෆේස් බුකියෙන් නොව පුවත් පත් වලින් මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් ලෙස හෝ ප්‍රචාරය කොට මේ කඩප්පුලි නපුංසකයන්ගේ නිරුවත හෙළිකරන්න.

  • JANAKEE

    SEND THESE THINGS TO MASS MEDIA

  • Anthony

    This massages(troth) need to send all villages in srilanka

  • Loorey

    What ever the situation it’s worthwhile to investigate how these 2 cars has been affordable to 2 Sri Lankans. We all know how much a Sri Lankan can earn. Negambo businessmen ; even he seeks his total business he will not have enough money to afford that kind of a car. All these happens before 2015.

  • kapila

    මේවා ගැන සාමන්‍ය ජනතාවගේ දෑනුවත් වීම ඉතාම පහල මට්ට්මකයි තියෙන්නේ. මේක මෑතිවරනයේදි අවසාන ප්‍රතිපලයට අවාසි සහගත වෙන්න පුලුවන්. මේ ලෑම්බොගිනි සාධකය ගියවර ජනාධිපතිවරනයේදි ඉතාම කපටි අන්දමින් මහින්ද මහතාට විරුද්ධව යොදාගත ආකාරය අපි හොදින් දුටුවා. මතක තියාගන්න ඕන කාලය ඉතාම සීමිතයි

  • taminda

    boruwata ayusha natha. meka baudhdha rata boru keeme vipaka mowun nodani boru kiya ratak rawatanawa dhutusema idiriyedi ewa paladenawada apita dakinnata labei

  • Dilshan

    Bulath kolayata vote karala mr’s katiyata vote karanna , mr ge katiya gana danne na. Pahadili wistharayak denna apata…-regrds.

Leave a Reply