මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව!

මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා. හිරු නිවුස් පුවත මෙලෙසයි.

මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. යට මුදල් දුන්නා – ජවිපෙන් යළි චෝදනා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ නිමා වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

හුදු දේශපාලන මඩ ප්‍රහාරයක් වන එම චෝදනාවට පදනම් වූ කිසිදු මූලාශ්‍රයක් අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙනහැර දක්වා නැහැ. අප මූලාශ්‍ර සහිතවම ඒ චෝදනාවේ පදනම් විරහිත භාවය ඔබට පෙන්වා දෙන්නම්.

[1]. මේ ඇත්තේ 1994 සිට 2015 දක්වා ජනාධිපතිවරණ වලදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයි.

 වර්ෂය  යාපනය   වන්නි
(i). 1994  2.97 %  22.41 %
(ii). 1999  19.18 %  31.22 %
(iii). 2005  1.21 %  34.30 %
(iv-1). 2010  25.66 %  40.33 %
(iv-2). 2015  66.28 %  72.57 %

යාපනය මූලාශ්‍රය wikipedia.org/wiki/Jaffna_Electoral_District
වන්නි මූලාශ්‍රය wikipedia.org/wiki/Vanni_Electoral_District

(i). 1994 වන විට උතුර සම්පූර්ණයෙන්ම කොටි ග්‍රහණයේ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු මට්ටමක පැවතුණා.

(ii). 1999 වන විට යාපනය අර්ධද්වීපයේ බටහිර කොටස හමුදාව විසින් මුදාගත් අතර, ඒ නිසාම ඡන්දය ප්‍රකාශ කිරීම තරමක් වැඩි වුණා. වන්නි දිස්ත්‍රික්කයේ ද හමුදා පාලන ප්‍රදේශ වල ඉහළ යාමක් තිබුණු අතර, ඡන්දය ප්‍රකාශ කිරීමද තරමක් වැඩි වුණා.

(iii). 2005 දී ඊනියා සටන් විරාම ගිවිසුම යටතේ යාපනය නැවතත් කොටි ග්‍රහණයට ලක් වූ නිසා ඡන්දය ප්‍රකාශ කිරීම නැවතත් අඩු වුණා.

(iv). ත්‍රස්තවාදය අවසන් වූ පසු 2010 සිට ඡන්දය ප්‍රකාශ කිරීම ක්‍රමයෙන් සාමාන්‍යය අගයන් කරා පැමිණියා.

(v). ඉහත තොරතුරු අනුව ඔබට ඉතාම පැහැදිලිව පෙනෙන කරුණ නම් උතුරේ දමිළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය LTTE සංවිධානයේ බලයට ප්‍රතිලෝමව සමානුපාතික බවයි. 1994 දී සහ 1999 දීත් කොටි සංවිධානය ඡන්දය වර්ජනය කර තිබෙනවා. මෙය 2005 ට සුවිශේෂී තත්වයක් නෙමෙයි.

(vi). ඒ අනුව 2005 දී ජනාධිපතිවරණය වර්ජනය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොටින්ට මුදල් දුන්නා යන කතාව කිසිදු පදනමක් නොමැති මඩ ප්‍රහාරයක් බව පැහැදිළියි.

(vii). කොටින් ඡන්දය වර්ජනය කළේ “උතුරේ ජනතාව දකුණේ නායකයන් පිළිනොගනී” යන පණිවිඩය ජාත්‍යන්තරයට දෙමින් වෙනම රාජ්‍යකක් දිනා ගැනීමට මිසක් වෙන දේකට නොවෙයි. අනුර කුමාර දිසානායක මහතා හදන්නේ කොටින්ගේ බෙදුම්වාදී ඉතිහාසයට සුදු හුණු ගෑමට බවත් මින් පෙනී යයි.

 

[2]. මෙලෙස සංඛ්‍යාලේඛන මගින්ම ඔප්පු කර තිබියදීත් අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත යැයි තවමත් කවුරු හරි කියනවානම් පහත නිගමන වලට ඔහුට ඒමට සිදුවෙයි…

(i). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් 1994 දී සහ 1999 දීත් කවුරුන් හෝ ඡන්දය වර්ජනය කිරීමට කොටින්ට සල්ලි දී තිබෙනවා.

(ii). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් ත්‍රස්තවාදී සංවිධානයක් “පීචං” වෙන්නටම අන්දවා බලයට පැමිණ, ඒ සංවිධානයම කුඩුපට්ටම් කර දැමීමේ ගෞරවය වඩාත් ලොකුවට මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතුයි. එවන් ගේමක් ගැසීමේ හැකියාවට හිස නමා ආචාර කළ යුතුයි.

 

[3]. කොටින්ට සල්ලි දුන්න කතාව සෑම විට කරලියට එන්නෙ ඡන්දයක් එනකොට පමණයි. 2010 ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 ජනාධිපතිවරණයේදීත් එජාපයේ සමහරුන් ඔය කතාව කී අතර, ඉන් පසු මාස 6 ක් ම ගිහිල්ලත් ඒ වෙනුවෙන් කළ නීතිමය ක්‍රියාමාර්ගයක් නෑ. සමහරුන් ගාව තිබුණා කියූ ඊනියා සාක්ෂි එලියට දැම්මේත් නෑ.

 

[4]. කොටි සංවිධානයට ආධාර දී ඇත්තේ එජාපයේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් බවත් ඔබ අසා ඇති. මෙන්න විකීපීඩියා එකෙන්ම…

President Premadasa ordered the Sri Lanka Army to clandestine handed over arms consignments to the LTTE to fight the IPKF and its proxy, the Tamil National Army (TNA). These consignments include RPG guns, mortars, self-loading rifles, T81 automatic rifles, T56 automatic rifles, pistols, hand grenades, ammunition, and communications sets.[63] Moreover, millions of dollars was also passed on to the LTTE. – source: wikipedia

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊනියා සාම කාලය තුල ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුණු බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

during Ranil Wickremesinghe’s regime that the LTTE dragged the peace talks to smuggle weapons and ammunition including aircraft. source: wikipedia

එකී චෝදනාව සනාථ කරමින් සහ රනිල්-ප්‍රභා මිතුදම පෙන්වමින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට සිටින ඔරලෝසු , රණවිරුවන්ට මානුෂික මෙහෙයුම අතරතුරදී හමුවී තිබෙනවා.

 

අප ඉහත සෑම කරුනක්ම දක්වා ඇත්තේ මූලාශ්‍ර සහිතවයි. නමුත් 88/89 භීෂණය කාලයේදීත් ඉන් පසුවත් ජවිපෙ වෙනුවෙන් නොමිලේ පෙනී හිටපු ආදරණීය නීතීඥයා මෙන්ම, ත්‍රස්තවාදයෙන් රට බෙරා දුන් අභීත නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු පදනමකින් තොරව ජවිපෙ නායක මඩ ගසයි. එහෙම කරන අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මිය ගිය සහෝදරවරුන්වත් පාවා දෙමින් අද සුද්ද කරන්නේ කවුරු කවුරුන්වදැයි ජවිපෙ බුද්ධිමත් සහෝදරවරුන්ට පැහැදිළි වීමට ඉහත මූලාශ්‍ර ප්‍රමාණවත් වේවි.

යාලුවන්ටත් ඇත්ත දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව!

  • Ruwan

    Champika before acused mahinda keeping LTTE 2nd leader he even edited photos to show that. But when he came to power he doesn’t utter a word a that yahapalanaya doing the same.

    Champika Ranawaka in his campaign launching evnt at “Apegama”, accused supreme court judges and their judgements. Accused former Chif Justice was bought by the tobacco company and other judges favored the LTTE.

    Supreme court credibility must be upheld and Mr. Ranawaka, remarks violated consitition and the faith people have on legal system.

    Why doesn’t he face the same law that S B Disabayake faced.

    CHAMPIKA SHOWING CLEAR SIGNS OF ALIANATION BY UNP AND HE TRIES TO USE HEMA, NEXT HE WILL USE MERVYN.

    • අනේ බං ඔය දේශපාලනෙන් පාරාජිකා වෙච්ච හෙළ කරුම වසලය ගැන කතා කරනකොටත් බඩ දඟලනවා. ඕක ගැන කෑ ගහල කථා කරපං මරදානේ පොදු වැසිකිලිය ගාවට ගිහිල්ල. වැසිකිලි යන මිනිස්සුන්ට වැඩේ පහසු වෙන්න.

  • gayan

    what is the link we can watch matale rally taken placed on today

    guys pls share ..i am matariyan..dakune kollek ban..share karanna.mata mahinda mahattyage katawa balanna ona

    pls appreciate if anybody share the link i can see matale rally on today

  • Warnaputa

    Batalanda commission has recommended to cancel civil rights
    Of Ranil Wickramasinghe.

    Ranil is the master mind of Asia’s biggest financial crime, BOND SCAM.

    Ranil entered in to agreement CFA
    With worlds most dangerous terrorist organization, LTTE and separated the country.

    Ranil sold nations assets to foreign 
    Agents including Air Lanka.

    Betrayed the intelligence community in Millennium city.

    Ranil keep appointing corrupt fellows like Ravi, Arjun, sujeewa , sajith, etc 

    Ranil gave nominations to drug dealer Roise Minor also imported 
    Massive ethanol quantities

    Ranil abuse presidents powers and refuse to remove Arjun Mahendran  

    Ranil was accused of several ihomosexual advances to MPs and young boys. Including mervyn.

    Ranil was dishonest by marriying Maithree Wickramasinghe to show that he is not homo. 

    Ranil usedFCID for political vendetta to arrest and remand.

     Did not use BOND SCAM to be investigated in COPE

    Ranil changed UNP constitution and got dictatorial powers. 

    Ranil attempted to use 20 amendment to get executive PM

    Ranil avoided historic no confidence motion in parliament by
    Abusing presidential powers.

    Ranil was involved in Gamini Dissanayaka bombing, as per Mithree Sirisena video deposition and evidence to back he claimed.

    Ranil got western training to strategize oust of govt. 

    During Premadasa impeachment Ranil betrayed Gamini And Lalith. 

  • dhanushka

    පසුගිය වසර 9 ඇතුලතදි ලංකාවට පැමිණි විදේශ ආයෝජන පිළිබදව විස්තර ඇතුලත් වාර්ථාවක් කඩිනමින් ලාබා දෙන්න, ගෙවි ගිය වසර 9 තුළදි ලංකාවට එක විදේශ ආයෝජකයෙක් පැමිණියේ නැ යනුවෙන් හැම තැනම දාගෙන යනවා, ප්‍රසිද්ධ කිරිමට නොවේ

  • හිටන්

    මහින්ද මැතිදුනි
    මීලග ආණ්ඩුව පිහිටවීමෙන් පසු

    1)රවී කරුනානයක සම්බන්ද මුදල් විශුද්ධිකරණය පිළිබද නඩුව නැවත විමර්ශනය
    2)මහා බැංකු බැදුම්කරය පිලිබදව විශේෂ විද්වත් කමිටුවක් මගින් විමර්ශනය
    3) මහා පරිමාන වංචා පිළිබද පිළිගත හැකි ආයතනයක් පිහිටුවීම

    වැනි කාර්යයන් පිහිටුවන්න

  • Sampath Vithanage

    ඉකුත්දා අකුරැස්‌ස මහජන රැස්‌වීමේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් ඇද්දා යෑයි යන ප්‍රවෘත්තියට සම්බන්ධ පුද්ගලයා බුලත් අතක්‌ රැගෙන බෙලිඅත්තේ වේදිකාවට පැමිණ මහින්ද රාජපක්‍ෂ මහතාට දී තම වැරැද්දට සමාව ඇයද සිටීම විශේෂ සිද්ධියක්‌ විය.

    me video eka hari e pudgalayage prakashayak hari theyanawanam hodai..toiyanta redenna denna ona pahu giya dawas keepaye kiyapu pacha walata uththarayak widiyata………..

  • janika

    ලඟදි දවසක ඔය ආප්පයක් කාල බොරු කියාගෙන ආපු මෙලෝ වැඩක් කරන්නැති මයිත්තිරිපාල කියන මිනිහ පිළියන්දල පැත්තටත් ඇවිල්ල තියෙනව. එහෙ ඉන්න්ව නිරෝසන් පාදුක්ක කියල මෝඩයෙක්. ඌත් චන්දෙ ඉල්ලනව. ඌ පොතක් හදල තියෙනවලු ජනතා සාක්කුව කියල. මයිත්තිරි පාලයා ඒකත් එලි දක්කන ගියාලු. මත්තිරිපාලය දන්න මගුල. නිරෝසන් අපාදුක්ක ගියෙ තර්ස්ටන් එකට. ඌ ඉස්සර පොඩි එවුන්ගෙ පංති වලට රිංගල “මල්ලි, රුපියලක් ගනිං, මල්ලි රුපියල් දෙකක් ගනිං කියල සල්ලි එකතු කරනව. ඒකට කියන්නෙ කලෙක්ෂන් දානව කියල. ඌ ප්‍රිෆෙක්ට් එකෙක් වෙන්න අවුරුද්දකට කලින් ඒක නැවැත්තුව. ප්‍රිෆෙක්ට් එකෙක් වුනාට පස්සෙ ගුරුවරු නැති පංති වලට ගිහිල්ල පොඩි එවුන්ට අසභ්‍ය කතා කියල දෙනව. අතින් හැඩ හදල පෙන්නල පිරිමි අවයව ගැන කියනව. ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙ මූ අවුරුදු දෙකක් විතර ආරංචියක් නැතුව හිටිය. ඊට පස්සෙ චන්දෙ ඉල්ලං ආව රුසියාවෙ ගිහිං උපාදියක් අරං ආව කියල. අදත් පිළියන්දල පැත්තෙ මං ගියාම තිබුනා හන්දියෙ මුගෙ කඩේ විතරයි බඩු එලියට දාල පේමන්ට් එකත් අල්ලං තියෙන්නෙ. ඒ හරියෙ මිනිස්සු යන්නෙ පාරෙන්. තට්ටු හතරෙ විසාල කඩෙයක් තිබිලත් මූ මිනිස්සුන්ට යන්න තියෙන පෙමන්ට් එකත් කොල්ල කනව. කඩේ ප්‍රශ්නයක් වුනාම පොලිසියෙන් ආවොත් මූ පැනල බේර ගන්නවලු. මුට තව උත්සව ශාලාවකුත් තියෙනව කොට්ටාව පාරෙ. ලඟදි මූ අලුත් වැඩක් කියල මහින්ද හදපු හයිවේ එක දිගේ පිළියන්දලින් මාතරට බස් එකක් අරිනව. මුගෙ පොටෝ එකකුත් මහින්ද අපට දීපු විසාල බස් එකක පිටිපස්සෙ අලෝගෙන. ඒකෙ සෙනග 10ක් විතර තම්යි හිටියෙ. වැඩේ පාඩුයි. මුට කිසි දැනුමක් නෑ. අපරාදෙ ලංගමයෙ සල්ලි. වහාම මුගෙ මෝඩ වැඩ සහ යහපාලනය නැවැත්විය යුතුයි.

  • Hanglian

    2005 ජනාධිපතිවරණ ප්‍රතිපල වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා යාපනය, වන්නි හා මඩකලපුව යන දිස්ත්‍රික්ක වලින් ලැබූ ඡන්ද පහත දැක්වේ

    —————යාපනය වන්නි මඩකලපුව
    මහින්ද රාජපක්ෂ 1967 17197 28836
    රනිල් වික්‍රමසිංහ 5523 65798 121514

    මහින්ද රාජපක්ෂ මහතා ලැබූ වැඩි ඡන්ද 180,786ට මෙයින් බලපෑමක් නැති බවනම් පැහැදිලිය.
    කෙසේ වෙතත් එලෙස මුදල් දුන්නා නම් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා අඩුවෙන් එම දිස්ත්‍රික්ක වලින් ඡන්ද ලැබෙන්නේ ඇයි

    • හොඳ තර්කයක්.

      • හිටන්

        බුද්ධික පතිරණ මන්ත්‍රී තිමා විසින් හමුදාවට කෑම සැපයීම ගැනfile එකක් පෙන්න පෙන්න යනවා මහින්ද එකෙනුත් හොරකම් කරලලු මෙයට විස්තරාත්මක පිලිතුරක් ලබා දෙන්න

  • Power

    පරාජයේ වේදනාව දැනී සීනූ අනුරයා මරු කියවනවා…

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මිනීමරු කොටියට මුදල් ලබා දුන්නෙ නම් රනිල් වික්‍රමසිංහ මේ රට මිනීමරු කොටියට රිසි සේ මිනීමරා මේ රටපුරා මිනීකුණු ගඳ වැපිරීමට ගිවිසුමකින් බාර දුන්නා සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒ ආකාරයෙන් ම ගිවිසුමකට පැමිණීමට හැකිව තිබුණා.තම උපන් මාතෘ භූමිය හා මාතෘ භූමියේ තම ජනතාව දශක තිහකට අධික කාළයක සිට මරණ බියෙන් තැති ගැනුණු යුගය සඳහටම නිමා කිරීම සඳහා එඩිතර ජනාධිපතිවරයෙකු වශයෙන් හා යුද්ධයට නිසා නායකත්වක් දුන් සේනාධිනායකයා වශයෙන් අප මාතෘ භූමිය වෙලාගෙන පැවති මිනීමරු යුගය අවසන් කිරීමෙන් අනතුරව පක්ෂ පාට,ජාති ආගම්,කුළමළ භේද නොසළකා හරිමින් මේ රට අපේ ය යන උදාර සංකල්පය පෙර දැරිව රටේ ජීවත් වන සැම දෙනාටම නිදහසේ ජීවත් වීමට හැකි නිදහස් රටක් උරුම කරදුන්නෙ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දක්ෂ,එඩිතර නොසැලෙන,විශිෂ්ඨ නායකත්වයට පිං සිද්ධ වීමටය.එසේ අප වීරෝධාර රණවිරු ජීවිත පරිත්‍යාගයෙන් දහසකුත් දුක්කම් කටලු වලට මුහුණ දෙමින් මිනීමරු කොටියා අවසන් කරදමා අභීත තේජාන්විත සිංහ ධඡය අප රටේ ලෙලදවීමට හැකි වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා නොවේ කියා මහින්ද කොටියට සල්ලි දුන්නාය කීම කෙතරම්නම් කුහක,ගුණමකු නරුම කමක්ද..

    කිසිදා කිසිවෙකුට පරාජය කිරීමට නොහැකියැයි කී මිනීමරු කොටියා පරාජය කර වූ අප නායකයාට වර්තමානයේ අනුරයා හා අලි චම්පිකයා ඉතා වෛරී ලෙස අපහාස චෝදනා එල්ල කරන්නෙ ඕකුන්ගේ කාළකණ්නි දේශපාලු යුගය නැවතත් මේ රටේ රජ කරවා නැවතත් මිනීමරු කල කෝලාහල සහිත බෙදුම්වාදී යුගයට මේ රට තල්ලු කර ඕකුන්ට දෙස් විදෙස් බෙදුම්වාදීන්ගේ හොඳ මුදලක් ලබා ගැනීමට උවමනා නිසාය. එම නිසා මේ රටේ ජනතාවට මහින්ද කියන්නෙ හොරෙක් වංචාකාරයෙක් (දැන් කියනවා මිනීමරු කොටියට සල්ලි දුන්නා කියලා) කියා මේ රටේ බහුතර මහින්ද දේශමාමක ජනතා බලය බිඳ දැමීමේ කූට අරමුණෙනි.එම නිසා මෙවැනි කටකුණු වන පාදඩ දේශපාලුවන්ගේ වෛරී දේශපාලනයට තිත තබා, මේ රට යලිත් කට ඇරියොත් එවැනිම ආකාරයෙන් වෛරය ම වපුරන පාදඩයන්ගෙන් බේරා ගැනීමට කාළය පැමිණෙමින් ඇත.

  • Sampath

    ආරක්‍ෂාව ඇලජික්‌ද?

    ත්‍රස්‌තවාදය ගැන බොහෝදුර දැක “විමර්ශනශීලී අනාවැකි” පළ කරන විද්වතුන්, භික්‍ෂූන් වහන්සේලා, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් බොහෝමයක්‌ දෙනා පසුගිය දවස්‌වල හංවඩු ගැහුණේ “සමාජයේ බිය වපුරන්නන්” හැටියටය.

    එහෙත් ඒ කිසිවකුත් “පේන” කියන්නන් හෝ “නිමිති” බලන්නන් නොව, රටට විය හැකි දේ ගැන නිවැරදි අනතුරු හැඟවීම් කළ අයය. ත්‍රස්‌තවාදය අවසන් කළද බෙදුම්වාදය අවසන්ව නැති බවත්, ත්‍රස්‌තවාදයේ අළු යට ගිනි පුපුරු තවමත් ඇවිළිය හැකි මට්‌ටමින් පවත්නා බවටත් ඔවුන් අනතුරු හැඟවීම් කළේ බොහෝ කාලයකට පෙර සිටය. එදා එම අනතුරු ඇඟවීම් තුට්‌ටුවකට ගණන් නොගත් පිරිස අදද මුඛ පූට්‌ටු වී දඟලනු දක්‌නට ලැබේ.

    “අබු සුරෙයියා සයිලානි” ගලේවෙලින් කටුනායකටත් එතැනින් සිරියාවටත් ගොස්‌ අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ත්‍රස්‌ත කණ්‌ඩායමට සම්බන්ධ වන තෙක්‌ම සයිලානිගේ අසල්වැසියන්ට තබා රටේ බුද්ධි අංශවලට පවා හසුනොවන්නේ “නැවත ත්‍රස්‌තවාදයක්‌ එන්නේ නැතැයි” පාරම්බෑ මෝඩයන්ට පිංසිදු වන්නටය.

    “සයිලානි” අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ත්‍රස්‌තයන් සමග එක්‌වීම හුදකලා සිදුවීමක්‌ නොවන බව මුලින්ම කීවේ “දිවයින” කතුවැකියයි. අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් සමග පමණක්‌ නොව තවත් ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සමග සබඳතා ඇති තවත් බොහෝ පිරිසක්‌ සිටිය හැකි බවද අපි කීවෙමු. මේ වන විට එය සනාථ වන තොරතුරු ලැබේ. සයිලානිට සමීප තවත් පුද්ගලයන් කිහිපදෙනකු අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ම්ලේච්ඡයන් සමග එකතුව සිටින බවට අනාවරණය වේ. ඒ අතර “සුරෙයියා සයිලානිගේ” මස්‌සිනාද වේ. සයිලානිගේ මස්‌සිනා පමණක්‌ නොව බාප්පා, පුංචි අම්මා, නැන්දා, මාමා, ඥතී සහෝදරයන්, මිත්‍රයන් පවා අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදීන් සමග එක්‌වීම පුදුමයට පත්වීමට කරුණක්‌ නොවේ. ත්‍රස්‌තවාදයේ ස්‌වභාවය එබඳුය. අන්තවාදයේ ක්‍රමය එබඳුය. දන්නා කියන අය කලින්ම කීවේ එයයි. රට “මිලිටේරිකරණය” කරනවා යෑයි බෙරිහන් දුන් සමහර සිංහල සයිලානිලාට මෙය පෙනුණේ නැත.

    ත්‍රස්‌තවාදයේ මුහුණුවර දැන් වෙනස්‌ ආකාරයක්‌ ගෙන තිබේ. ඒයට තුළ විවිධ රටවල මූලධර්මවාදීන්, අන්තවාදීන් ඉතා පහසුවෙන් සිය ජාලයට එක්‌කර ගැනීමේ හැකියාවක්‌ පවතී. ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්‌තවාදය පිටුදකින්නට බොහෝ ක්‍රමෝපායන් උපයෝගී කර ගනියි. බුද්ධි අංශ, ඔත්තු සේවා, හදිසි වැටලීම්, හමුදා මෙහෙයුම් ඒ අතර බහුලය. කිසිදු රටක්‌ එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල කළ ප්‍රහාරය මතක ඇති කිසිවෙකුත් මිලිටේරිකරණය ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ඉන්දියාවේ, පාකිස්‌තානයේ සිදුවූ ප්‍රහාර, බෝම්බ පිපිරීම් දුටු කිසිවකුත්, එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදීන් සිදුකළ කුරිරු ඝාතන දුටු කිසිවකුත් එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ත්‍රස්‌තවාදයේ කුරිරු බව ගැන ඕනෑවටත් වඩා හොඳින් අත්දැකීම් ඇති අපේ රටේ බොහෝ දෙනකුට ආරක්‍ෂාව “ඇලජික්‌” වීමේ ප්‍රති විපාක “සයිලානි” වර්ගයේ කණ්‌ඩායම් බිහිවීමයි.

    ප්‍රභාකරන්ගේ කිට්‌ටුම සගයෙක්‌ යෑයි කියන කොටි සාමාජිකයකු ඉන්දියාවේ රාමේෂ්වරම්වලදී කොටුවන්නේ සයනයිඩ් කරල් තොගයක්‌ද සමගිනි. සයනයිඩ් කරලක ඇති විෂ ප්‍රමාණය එක්‌ මිනිසෙකුට සියදිවි නසා ගැනීමට ප්‍රමාණවත්ය. සයනයිඩ් තොගයක්‌ යනු තවත් කොටි සාමාජිකයන් සිටින බවට ඉඟියකි. “සයිලානි” සිරියාවේදී මිය යැම තවත් කොටි සාමාජිකයන් සිටින බවට ඉඟි පළවීම ආදිය අහඹු සිදුවීම් නොවේ. හිටි හැටියේ දෙමළ සන්ධානය ෙµඩරල් ඉල්ලීමද අහම්බයක්‌ නොවේ. මේ සියල්ල එකට ගැට ගැසුණු සිද්ධි දාමයක්‌ බව අපේ විශ්වාසයයි. ඒ නිසාම අයි.එස්‌.අයි.එස්‌. හෝ එල්ටීටීඊය පමණක්‌ නොව ලෝකයේ ඕනෑම මූලධර්මවාදී අන්තවාදයකට පැමිණ නැටිය හැකි පරිදි මේ රටේ පිටිය සැකසීම නවතා දැමිය යුතුය.

  • Sampath Vithanage

    පසුගිය දිනවල බැංකුවලට චක්‍රලේඛයක්‌ නිකුත් කර තියෙනවා. විශ්‍රාමික හමුදාවේ අයට දුන් අඩු පොලී ණය ක්‍රමවේදය අත්හිටුවන්න. රට බේරාගත් මේ අයට කුඩම්මාගේ සැලකිලි කරනවා

  • Sampath Vithanage

    බොරු යුද අපරාධ පෙත්සමට මුවාවී 840 ක්‌
    දේශපාලන රැකවරණ ඉල්ලති

    “යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනය සම්පූර්ණ නොකළොත් ද්‍රවිඩ සන්ධානය ජාත්‍යන්තර ප්‍රජාව සමග අඛණ්‌ඩව සාකච්ඡාවල නිරත වන්නෙමු”
    – තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා.

    මෙරට ජනතාව මැතිවරණය දෙස යොමු වී තිබියදී ප්‍රභාකරන්ගේ නීති උපදේශක ලෙස කටයුතු කළ විශ්වනාදන් රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ රජයත් හමුදාවත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙන යැම සඳහා අත්සන් දස ලක්‍ෂයක්‌ ලබා ගැනීමේ මෙහෙයුම ව්‍යාප්ත කර ඇත. මෙලෙස අත්සන් ලබා ගන්නේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව පෙත්සමක්‌ ගොනු කිරීමටයි.

    එහෙත් මේ පෙත්සමේ විශාල ලෙස ඇත්තේ හොර අත්සන් යෑයි අනාවරණය වී ඇත.

    පසුගිය ජුලි 16 වැනිදා වනවිට රුද්‍රකුමාරන්ගේ රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමින් අටවාගෙන තිබූ හොර සංවිධානය රටවල් 11 කින් අත්සන් 1170033 ක්‌ ලැබී තිsබූ බව නිවේදනය කරනු ලැබීය. ඉන්දියාවෙන් 699281 ක්‌ ද, ශ්‍රී ලංකාවෙන් 91687 ක්‌ ද, මැලේසියාවෙන් 61148 ක්‌ ද, බ්‍රිතාන්‍යයෙන් 57566 ක්‌ද, ප්‍රංශයෙන් 37945 ක්‌ ද, කැනඩාවෙන් 32251 ක්‌ද, ඔස්‌ටේ්‍රලියාවෙන් 32156 ක්‌ද, සිංගප්පූරුවෙන් 19217 ක්‌ ද ජර්මනියෙන් 15181 ක්‌ ද ඇමරිකාවෙන් 18269 ක්‌ ද, එමීර් රාජ්‍යයෙන් 9171 ක්‌ ද එකී පෙත්සමට අත්සන් කර තිබූ බව තවදුරටත් වාර්තා විය.

    මෙම පෙත්සමේ මෙලෙස දක්‌වා තිබුණි.

    එක්‌සත් ජාතීන් වෙත කෙරෙන හදිසි ආයාචනයයි

    “ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කරන්න.

    ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සහ වර්ග සංහාරයේ යෙදුණු අපරාධකරුවන් හා අපරාධ සම්බන්ධව චූදිතයන්ට දඬුවම් දීම සඳහා ක්‍රියාකරන ලෙසත් ඊට සාධක වන කරුණු කෙරේ අවධානයට යොමු කරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු”.

    භාෂා පහළොවකින් මෙම පෙත්සම සකස්‌ කර ඇති අතර ප්‍රධාන සාක්‍ෂිකරුවන් ලෙස දක්‌වා ඇත්තේ පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සහ මෙරට හිටපු ඇමරිකානු තානාපතිනි පැට්‌්‍රෂියා බුටේනිස්‌ ය.

    විග්නේශ්වරන් විසින් පසුගියදා උතුරු පළාත් සභාවේදී සම්මත කළ වර්ග සංහාර යෝජනාව පෙත්සමට සාක්‍ෂියක්‌ ලෙස දක්‌වා ඇත. එසේම යුද හමුදා සහ දේශපාලන නායකයන් 12 කගේ නම් දැක්‌වෙන ලැයිස්‌තුවක්‌ ද එකී පෙත්සමට ගොනු කර තිබේ. එකී ලැයිස්‌තුවේ ශවේන්ද්‍ර සිල්වා – ජගත් ඩයස්‌, නන්දන උඩවත්ත, කමල් ගුණරත්න ජී. ඒ. චන්ද්‍රසිරි, µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා සහ හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ සහ වසන්ත කරන්නාගොඩ යන නිලධාරීන්ගේ නම් සඳහන් කර ඇත. මෙහිදී කොටි සංවිධානය පරාජය කිරීම සඳහා වන්නි මෙහෙයුමක්‌ දියත් වීමේ සිද්ධිය වසන් කර ඊට වර්ග සංහාරය යන නම යොදා තිබේ.

    පෙත්සමේ සිංහල පිටපතේ උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් සම්මත කළ වර්ග සංහාර යෝජනාව ගැන සඳහන් කර නැති අතර එය ඉංගී්‍රසි පිටපතට ඇතුළත් කර ඇත.

    මෙලෙස ජාති ඝාතනයක්‌ හෙවත් වර්ග සංහාරයක්‌ දියත් වූ බව දක්‌වමින් රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පෙත්සමක්‌ යොමු කළේ සර්බියාවට එරෙහිව බ්‍රිතාන්‍ය විසින් යුද අපරාධ චෝදනාවක්‌ ගොනු කිරීමට ක්‍රියා කළ අවස්‌ථාවේය.

    සර්බියාවේ සෙබ්‍රනිකාහි වර්ග සංහාරයක්‌ සිදුවූ අයුරින් මුල්ලිවයික්‌කාල්හි වර්ග සංහාරයක්‌ සිදුවූ බව ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීම “රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ” ඉලක්‌කය වී ඇත.

    ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා කොටි ක්‍රියාකාරීන් දියත් කළ මෙහෙයුම සඳහා ඇමරිකානු විද්‍යාත්මක ආයතනයේ චන්ද්‍රිකා මගින් සොයාගෙන ඇත්තේ සුසාන භූමි තුනක්‌ පමණකි. මේ සුසාන භූමිවලින් එකක්‌ කොටි සුසාන භූමියක්‌ යෑයි හෙළි විය.

    එහෙත් පෙත්සමේ දැක්‌වෙන්නේ ලක්‍ෂ 3 ත් 4 ත් අතර සිවිල් වැසියන් සංහාරය වූ බවයි. මේ සිවිල් වැසියන් කවුද? ඔවුන් පදිංචිව සිටියේ කුමන ස්‌ථානයකද සහ ඔවුන්ගේ ඥතීන් කවුද යෑයි අනාවරණය කිරීමට රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවට සහ ද්‍රවිඩ සන්ධානයට නොහැකි වී ඇත. එසේ වුවත් ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක්‌ වූ බව දක්‌වමින් යුරෝපා පාර්ලිමේන්තු සංකීර්ණයේ ද උද්ඝෝෂණයක්‌ පවත්වා තිබේ. ජර්මනියේ ස්‌ට්‍රාස්‌aබර්ග් නගරාධිපති ඇතුළු කොටි ක්‍රියාකාරීන් පැවැත්වූ මෙම විරෝධතාවයෙන් පසු යුරෝපා පාර්ලිමේන්තුවට ඉල්ලීම් පහක්‌ ඇතුළත් සංදේශයක්‌ භාරදී ඇත. මෙම ඉල්ලීම් මෙසේයි. උතුරින් සිංහල හමුදාව ඉවත් කරනු. ස්‌වයංපාලන අයිතිය ලබා දෙනු. කොටි සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරනු. එක්‌සත් ජාතීන්ගේ නිරීක්‍ෂණය යටතේ උතුර නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පවත්වනු.

    මේ අන්දමට ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී හමුදාවට එරෙහිව යුද අපරාධකරුවකු වන රුද්‍රකුමාරන් සමග එක්‌වී යුද අපරාධ චෝදනා නඟන රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ උපදේශකයන් අතර හිටපු ඇමරිකානු නීතිපතිවරයකු වූ රැම්සේ ක්‌ලාක්‌ ද වේ.

    රැම්සේ ක්‌ලාක්‌ සමඟ එක්‌වී රුද්‍රකුමාරන් හොර අත්සන්වලින් යුත් පෙත්සමින් ඉල්ලන්නේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශන මණ්‌ඩලයක්‌ හෝ අපරාධ පරීක්‍ෂණයට යොමු කරන ලෙසයි.

    මේ ඉල්ලීමට කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත මන්ත්‍රී පැටි්‍රක්‌ බ්‍රවුන් ද එක්‌ වී ඇත. මේ වසරේÊමැයි මස කැනඩා පාර්ලිමේන්තුව ඇමතූ පැටි්‍රක්‌ බ්‍රවුන් වන්නි මෙහෙයුමේ අවසන් සමයේදී 70000 ක්‌ ඝාතනය වී ඇති බව පවසා තිබුණි. එහෙත් පෙත්සමේ දැක්‌වෙන්නේ හාර ලක්‍ෂයක්‌ සිවිල් වැසියන් ඝාතනය වූ බවයි. මෙම පසුබිම මැද උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ලන්ඩන් නුවර පැවැති ද්‍රවිඩ සංස්‌කෘතික උත්සවයක්‌ අමතමින් දෙමළ ජනතාවට ස්‌ථිර විසඳුමක්‌ ලබා දියයුත්තේ තිම්පු සම්මුතිය හෙවත් තිම්පු ප්‍රකාශනය මත යෑයි කියා සිටියේය.

  • Sampath Vithanage

    විග්නේශ්වරන් ලන්ඩන් නුවරදී කළ දේශනයේ මෙලෙස සඳහන් විය.

    තිස්‌සමහාරාමයේ කුඹුරුවලින් අඩක්‌ වගා කළේ ද්‍රවිඩ ජනතාවයි. එම කුඹුරුවලින් ද ද්‍රවිඩ ජනතාව පැන්නුවා යෑයි ඔහු සඳහන් කළේය.

    විග්නේශ්වරන් ඉල්ලන මේ තිම්පු සම්මුතිය කුමක්‌ද?

    ඒ 1985 ජුලි 13 දා භූතානයේ තිම්පු නුවර දී ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්‌ඩායම වෙත ද්‍රවිඩ නියෝජිත කණ්‌ඩායම ඉදිරිපත් කළ කරුණු හතරයි. ද්‍රවිඩ ජනතාව ජාතියක්‌ ලෙස පිළිගැනීම, ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුය. ස්‌වයංපාලනය පිළිගැනීම සහ ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම එකී කරුණු වේ.

    මේ කරුණු ඉදිරිපත් වූයේ යුද්ධය නතර කිරීමේ අරමුණෙනි. එහෙත් වන්නි මෙහෙයුමින් කොටි පරාජය වී ඇතත් විග්නේශ්වරන් වසර 30 කට පසු තිම්පු ඉල්ලීම් ලබාගැනීමට උත්සාහ කර ඇත.

    2015 ජුලි 19 දා විග්නේශ්වරන් මෙම තිම්පු ඉල්ලීම් ඉදිරිපත් කිරීම මෙරට ජනතාවට සරදම් කිරීමක්‌ නොවේද?

    එසේම විග්නේශ්වරන් උත්සාහ කරන්නේ 1985 ඉන්දීය රජය මෙරට කටයුතුවලට මැදිහත් වූ අයුරින් මෙවරද එකී ක්‍රමෝපාය අත්හදා බැලීමටයි.

    මේ අතර 2015 වසරේ ජනවාරි සිට ජුනි දක්‌වා කාලය තුළ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 840 ක්‌ ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ඇත.

    2014 වසරේදී ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 364 කට දේශපාලන රැකවරණ ලබාදීමට ස්‌විස්‌ රජය ක්‍රියා කළේය. ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූවන්ගෙන් සියයට 54.7 කගේ ඉල්ලීම ස්‌විස්‌ බලධාරීන් පිළිගෙන ඇත. එහෙත් මේ ද්‍රවිඩයන් කවුදැයි යන්න රජය හෙළි කර නැත. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ඇමරිකානු රජය මේ වසරේ ජනවාරි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල ප්‍රගතියක්‌ ඇති බව ප්‍රකාශ කර තිබියදී ද්‍රවිඩයන් 840 ක්‌ ශ්‍රී ලංකාවෙන් පැන ගියේ මන්ද යන්නයි. 2014 දී මරණීය තර්ජනය එල්ලවන බව දක්‌වමින් ද්‍රවිඩයන් ස්‌විස්‌ටර්ලන්තයට පැන ගොස්‌ තිබේ. එහෙත් මේ වසරේ මුල් මාස 6 තුළ ද්‍රවිඩයන් 840 ක්‌ ස්‌විස්‌ රජයෙන් දේශපාලන රැකවරණය පැතීමෙන් සනාථ වන්නේ ද්‍රවිඩයන් ශ්‍රී ලංකාවෙන් පිට වන්නේ ව්‍යාජ අරමුණු මත බවයි.

    ජිනීවා ආරංචි මාර්ග දක්‌වන අන්දමට මෙලෙස දේශපාලන රැකවරණ ලැබූවන්ගෙන් වැඩිදෙනා හිටපුq කොටි ක්‍රියාකාරීන්ය.

    මේ අතර විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ අත්සන් දස ලක්‍ෂයේ පෙත්සමේ ශ්‍රී ලංකා ඒජන්තවරයා ප්‍රභාකරන්ගේ ඥතියකු වූ එම්. කේ. සිවාජිලිංගම් යෑයි හෙළි විය. යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ ඇමතූ සිවාජිලිංගම් ශ්‍රී ලංකා හමුදාව 100000 කට අධික ද්‍රවිඩ ජනතාවක්‌ ඝාතනය කළ බවට සාවද්‍ය චෝදනාවක්‌ නඟමින් හමුදා සහ දේශපාලන නායකයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙන යැම සඳහා එකී පෙත්සමට අත්සන් කරන ලෙස ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් ඉල්ලා ඇත. මේ පසුබිම මැද තමිල්නාඩුවේ මදුරෙයි සිට රාමන්තපුරම් දක්‌වා ධාවනය වෙමින් තිබූ මෝටර් රියක්‌ පරීක්‍ෂා කළ පොලිසිය එහි සිටි හිටපු කොටි ත්‍රස්‌තයකු වූ කේ. ක්‍රිෂ්ණකුමාර් නමැත්තා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සතුව සයනයිඩ් කරල් 75 ක්‌ සහ සයනයිඩ් පවුඩර් ග්‍රෑම් 300 ක්‌ ද තමන් සිටින ස්‌ථානය දැන ගැනීමට හැකි ජී. පී. එස්‌. හෙවත් ග්ලෝබල් පොසිsසන් නම් වූ උපකරණ හතරක්‌ තිබී හමු විය.

    ක්‍රිෂ්ණකුමාර් නමැත්තා බෝට්‌ටුවක්‌ මගින් යාපනයට පැමිණිවිට සැලසුම් කර තිබූ බවද අනාවරණය වී ඇත. උතුරේ මැතිවරණ කටයුතු පැවැත්වෙන සමයේ සයනයිඩ් කරල් යන ජී. පී. එස්‌. උපාංග රැගෙන යාපනයට පැමිණවීමට ඔහු සැලසුම් කළේ මන්ද යන්න අබිරහසකි.

    හිටපු කොටි ක්‍රියාකාරීන් නවදෙනෙක්‌ යාපනයට තරග කරන අවස්‌ථාවේ ක්‍රිෂ්ණකුමාර් සයනයිඩ් කරල් රැගෙන යාපනයට පැමිණීම තුළින් සනාථ වන්නේ ඔහුට සම්බන්ධ වූවන් යාපනයේ ස්‌ථානගත වී සිටින බවයි.

    ක්‍රිෂ්ණකුමාර් නමැති කොටි ත්‍රස්‌තයා යාපනයට යෑවීමට සැලසුම් කළ ශෂි කුමාර් සහ රාඡේන්ද්‍රන් නමැති තමිල්නාඩු ද්‍රවිඩයන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ විමර්ශන වාර්තාව තව දින 51 කින් ප්‍රකාශයට පත් වේ.

    මෙම වාර්තාව ප්‍රකාශයට පත් වන අවස්‌ථාව සඳහා කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් රැසක්‌ මානව හිමිකම් සමුළුවට පැමිණෙන බව අනාවරණය වී ඇත.

    එහෙත් මේ යුද අපරාධ වාර්තාව මෙරට බහුතරයගෙන් වසන් කිරීම සඳහා දැන් සිට විවිධ සාවද්‍ය ප්‍රචාර දියත් වී ඇත.

    වාර්තාවේ අඩංගු තොරතුරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් මෙන්ම ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් වෙත ලැබී තිබේ.

    එහෙත් යුද අපරාධ චෝදනා සඳහා සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන් හෝ එකී චෝදනා විමර්ශනය කළ පරීක්‍ෂණ කණ්‌ඩායම කවුදැයි මානව හිමිකම් කවුන්සිලය හෙළි කරන්නේ නැත.

    මේ සාක්‍ෂිකරුවන් අනාවරණය වන්නේ වසර 2032 දී යෑයි මානව හිමිකම් කවුන්සිලය තීන්දුවක්‌ ගෙන ඇත. කොටින්ම කිවහොත් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය කැකිල්ලේ රඡ්ජුරුවන්aගේ ක්‍රියාදාමයට සමානය.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ හොර රහසේම පරීක්‍ෂණ පවත්වා වාර්තාවක්‌ සකස්‌ කර එය ප්‍රකාශයට පත් කිරීම වැනි ක්‍රියාදාමයන් මින් පෙර සිදු වී නැත.

    ජිනීවා ආරංචි මාර්ග දක්‌වන්නේ හිටපු කොටි ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එකී පරීක්‍ෂණ මණ්‌ඩලයේ සාක්‍ෂිකරුවන් අතර සිටින බවයි.

    මේ පාර්ශ්ව සැප්තැම්බර් 15 දා වන විට අනාවරණය වනු නියතය.

    කීර්ති වර්ණකුලසූරිය

Leave a Reply