ඔබ කළ ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. මහ මැතිවරණයට අප සූදානම්!

රටේ ජනතාව මේ මොහොතේ තමාගෙන් ඉල්ලන ඉල්ලීම තමා ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමා ඉදිරියේදී මහ මැතිවරණයට තරග කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තමන්ට කිසිදු උවමනාවක් නොමැති බවත් රට වෙනුවෙන් තමා මැතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනවාරි 08 වනදා පහතට හෙළුණු ජාතික ධජය රටේ දෙමාපියන්ගේ ආදරණිය දුවා දරුවන්ගේ නාමයෙන් යළි ඔසවා තබන බවද ඔහු පැවසුවේය. සිදුවූ සියළු අඩු පාඩු සදා ගනිමින් තමා කටයුතු කරන අතරම සියළු ජාතින් සියළු ආගම් එකට එකතු කරගනිමින් මේ ගමන යා හැකි බවද ඔහු සදහන් කළේය.

එදා පුවත් පත් වල පල වූයේ සංවර්ධන ව්‍යාපෘති පමණක් බවත් අද ඒ වෙනුවට පලිගැනීම් , අත්අඩංගුවට ගැනීම් පමණක් අන්තර්ගත වන බවද මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. දේශපාලන වෛරය ,පලි ගැනීම අපේ රාජ්‍ය සමය තුළදී ඉවත දැමූ බවත් ව්‍යවස්ථාවෙන් පිට ගොස් අප කිසිදු දෙයක් සිදු නොකල බවද ඔහු පැවසුවේය.

එදා අපි කුණු කූඩයට දාපු සියල්ලක්ම අද යළි මතුවෙමින් පවතින අතරම බෞද්ධ දර්ශනයට අනුකූලවත් අප සිදු කල යුත්තේ පලි ගැනීම් නොව රට නගා සිටුවීමට බව එතුමා සඳහන් කළේය. එදා දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ, උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර නුගේගොඩින් ආරම්භ කල ඒ සුළග ඇතුගල්පුරය හරහා හමාවිත් අද මැදමුලන දොරකඩ අසලින් අවසන්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අද (01) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර මැදමුලන නිවස අවට ප්‍රදේශය තුළ GSM ඇතුළු සියලුම දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන වාරණය කර ඇත. එනිසාම සජීවී අන්තර්ජාල විකාශය අදාල සංවිධායකයින්ට සිදු කිරීමට නොහැකි විය.

11692478_1623361714617212_5297086353349828604_n[1]

11181732_1623361927950524_7880704303538334859_n[1]

11666159_1623361874617196_2229422842623754998_n[1]

11694061_480083338818060_3150553531780436089_n[1]

11692595_882879361773803_7585182445504188240_n[1]

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සිදුකල සම්පූර්ණ ප්‍රකාශය

‘පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගත වුණු කාලය තුළ නොයෙකුත් බියවැද්දීම් තර්ජන මැත මා වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා.

අපේ නිවසට පැමිණි ඔබ සියලු දෙනා ඉතා සෙනහසින් මා පිළිගන්නවා.

ඔබ පැමිණ සිටින්නේ අධි ඇසල පොහොය දවසක. ඇසල පොහොය කියන්නේ බුදුන් වහන්සේ තමන්ගේ ගුරුවරුන් සොයා ගොස් මුල්ම ධර්ම දේශනය පැවැත්වූ දවස.

ඔබ සියලු දෙනාගේ ඉල්ලීම මට බවත දමන්න බෑ. එනිසා ශ්‍රීලනිපය හා සන්ධානය පමනක් නොවේ එජාපය ඇතුළු පක්ෂවල ඉන්නා දියලු දේශප්‍රේමීන්ට මා ආරාධනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙස.

ඔබවට මතක ඇති පසුගිය ජනවාරි නව වැනිදා. බහුතර ජනතාවගේ තීරණයට මා හිස නැමූ අකාරය ඔබ දන්නවා. මම ඒ තීරණය අරගෙන රටට ඔප්පු කළ 70දි ලාබාලම මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට ආ මම ජනාධිපති වනතුරු ආවා. ප්‍රජාතන්ද්‍රවාදයට මා ගරු කරනවා. සමහරු මා හදුන්වනවා එක එක නම් වලින්. සමහරු හදුන්වනවා සොඳුරු ආඥාදායකයා ලෙස. මේ මොන බොරු චෝදනා කළත් එදා කටයුතු කළ ආකාරය ගැන එදා මැතිවරණය හොඳ පූර්වාදර්ශනයක් සැපයූවා. පිටරට අයත් පුදුම වුණා මේ යෝදයා මේක බාර දීලා ගියාද කියලා.

පසුවදා මා තංගල්ලට සියලු දෙනා කැඳෙව්වා. අපේ ඉරණම ගැන කතා කළා. ඡන්ද ප්‍රතිපල නිකුත් වූ දා පටන් අපේ පිරිසට හිරිහැර කළා. තවත් සමරු විකල්ප ශ්‍රීලනිපයක් හැදුවා. ඒ නිසා 12 වැනි දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳව්වා. ඒ තීරණාත්මක මොහොතේ පක්ෂය ආරක්ෂා කර ගැනීම වැදගත් බව මම කිව්වා. මම කතානායක නිවසෙදි ජනාධිපති හමුවුණා. පක්ෂය ඕනෑ බව ඔහු ඉල්ලීමක් කළා. ඒ අනුව මා පක්ෂය බාර දුන්නා. දින හතක් ඇතුළට පක්ෂයේ නායකත්වය බාර දුන්නා. මට මාස හතක් ගියා සම්මේලනයක් කැඳවා නායකත්වය ගන්න.

මම කිසිම දවසක මගේ රටට, මගේ පක්ෂයට ද්‍රෝහි වෙලා නෑ. මම ඉවසගෙන පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. එජාපය මේ රට පාලනය කළ ඒ හය මාසය තුළ ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක්, ජාතික ආර්ථිකයට අභියෝග එල්ල වෙලා තියෙනවා. ඒක කාටවත් රහසක් නොවෙයි. ත්‍රස්තවාදය විනාශ කරලා අවුරුදු හයක් යන්න කලින් ත්‍රස්තවාදීන්ට වන්දි දිය යුතුයි කියා කැබිනට් පත්‍රිකා දාන්න තරම් ලැජ්ජා නැති උනුත් ඉන්නවා කියන්න වෙනවා. හැබැයි එය සම්මත වුණේ නෑ.

මා හිතනවා සමහරවෙලාවට මේ නාකයකෝ හැසිරෙන්නේ මීට අවුරුදු 12කට කලින් ත්‍රස්තවාදී නායකයා සමග ද්‍රෝහීම ගිවිසුම අත්සන් කළ ආකාරයට කියලයි තේරෙන්නේ.

වත්මන් ජනපතිට, ආරක්ෂක ප්‍රධානීන් කියන දේ අහන්නේ නැතිව කටයුතු කළ කාලය මතයකි. නව යොවුන් තරුණයන්ට එජාපයේ දරුණු කාලයේ අත්දැකීම් නෑ. රටේ නීතියට පිටින් නොයෙක් ආයතන සංවිධාන පිහිටුවා දඩුවම් දෙන සංවිධාන පිහිටෙව්වා. ගෝනිබිල්ලෝ ඇවිත් ජනතාව උස්සන් යන හැකි මේ තරුණයන් දැකලා නෑ. රජ්‍ය ආයතන පෞගලික අංශයට විකුණපු හැටි මේ තරුණයන් දැකලා නෑ. බෙදුම්වාදීන්ට මේ රට පාවා දුන් හැටි මේ තරුණයන් දැකලා නැහැ.

අපට මතකයි 89, 90 මේ රටේ තරුණයන් වෙනුවෙන් මම වාසු ඇතුළු කණ්ඩායම් එකතුවෙලා ජිනීවා ගියා. අපි එදා හඩ නැගුවා. අපි පාද යාත්‍රා ගියා. අපි ඔක්කොම එකතු වෙලා එදා පාරට බැස්සේ. මිනිස් දංවැල් ඇද්දේ, ජනඝෝෂා කළේ. හැබැයි මේ මාස හයේදි වැඩ කළ ආකාරය දැක්කම මේ තරුණයන්ට දැනගන්නට පුළුවන් වෙයි ඉතිහාසයේ කොහොමද වැඩ කෙළ් කියා.

ත්‍රස්තවාදීන් තවත් පෝෂණය කරන්නට, හමුදාව උතුරෙන් ඉවත් කරන්න, ඩොලරය 141 දක්වා යන්න ඉඩ හැරලා, දේශීය ව්‍යාපාරිකයා බංකලොත් කරලා, රජයේ සේවකයන් පීඩනයට ලක් කළා. ඔවුන් මහ මගට ඇද දැම්මා. දින සියයක් ඇතුළත එතනෝල් ලයිසන් 27ක් දීලා. දින සියයක් ඇතුළත ලංකාවේ සිදුවූ බැඳුම්කර වංචාව වුණා. එය මහා මංකොල්ලය කියලයි හදුන්වන්නේ. විරුද්ධ දේශපාලන මත තරන දේශපාලනඥයන් හිරේ විලංගුවේ දැම්මා. දූෂිතයන්ගේ නඩු ඉවත් කළා. මේ දින සියය ඇතුළත වැඩිහිටි අපට එජාපය ගැන අතීතය නැවත මතක් කළා.

ඒවගේම අපේ කාලයේ තිබුණු වරයා, ගුවන්තොටුපොළ, මාර්ග, විද්‍යාගාර, සතිපොළ ගැන දවස ගානේ පළ වුණා. ලංකාව පුරාම සංවර්ධනය වුණා. ලංකාවම වැඩ පොළක් වුණා. අද අපි පටන් ගත් ඒවා අවසන් කර පෙර බෝඩ් ගලවා අලුත් බෝඩ් ගසා විවෘත කළා.දැන් හැමදාම කියන්නේ දේශපාලනඥයන් හිරේ යවන එක ගැන.පසුගිය කාලයේ ආවා ඉතාම ඉක්මනින් දියුණු වෙන නගරය කොලඹ නගරය කියා.

මේ රටේ හානිකර දේවල් අපි දේශපාලන වශයෙන් කුණුබක්කියට දැම්මා. අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. යම් ක්‍රමවේද තියනවා යමක් කරන්න. අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසිම දෙයක් කරන්න. ව්‍යවස්ථාවට ඒ තැන දුන්නා. එදා ඇමැතිවරු අධිකරණයට බැන්නා නම් හිරේ ගියා.

මතුගමින් අපේ කෙනෙකු දන ගස්වලා තමයි පළිගැනීම් පටන් ගත්තේ.පක්ෂය බාර දීලා හිස් අතින් ගමට ආපු මට මොන චෝදනා නැගුවත් මේ රටට මා ආදරෙයි.

දිනේෂ්, උදය, විමල් ඇතුළු නායකයන් පෙරටුකරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන අද ජනපවුරක් වෙලා. එය මාතර හරහා අපේ දොරකඩට හමාගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මම රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා ඔබ කරන ඉල්ලීම මා ප්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ.

ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා. ඔබ කරන ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. ඒ නිසා මේ පැවැත්වෙන මහ මැතිවරණයට මේ ජන පවුරත් එක්ක අපි ඉදිරියට යනවා. ඒ නතර වුණු සංවර්ධනය, ආර්ථිකය ගොඩගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය අපි නැවත ගොඩ නගනවා. ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම්.

අපිට තියෙන්නේ එක ගිවිසුමයි. ඒ මේ රටේ ජනතාව සමග තිබෙන ගිවිසුම පමණයි. 2005දි 2010දි අපට බාර දුන් වගකීම් උපරිම ලෙස ඉටු කරන්න පුළුවන් වුණා.

ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ සමහර ගෙවල්වල ලිප ගිනි මෙළවුණේ නෑ. හඩා වැටුණා. කාල්ටන් නිවසට වැල නොකැඩී ආවා.එදා අඩකුඹු වුණු ජාතික ධජය අපි ඔසවන්න එදිරියට එනවා. මේ වෙහෙසකර ගමනෙදි මා හැර නොගොස් මා වෙත ආශිර්වාද කළ ඈත එපිට පිටිසර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට දියවන්නාව දක්වා පිරිසට මා හිස නමා මගේ ප්‍රණාමය පුද කරනවා.

අපි අතින් සිදුවූ වැරදි නැවරදි කරගෙන ඉදිරියට යනවා.නූතන ජාතික ගොඩනගර සටනේදී සියලු ජාතීන් අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නට අපි පියවර ගන්න ඕනෑ. ශ්‍රීලනිපය සහ සන්ධානය පමණක් නොවෙයි එජාප, ජවිපෙ ඇතුළු සෑම දේශපාලන පක්ෂවල දේශප්‍රේමීන්ට අප සමග අත්වැල් බැඳ ගන්න ආරාධනා කරනවා.‘

Share කර යාලුවන්ටත් පෙන්වන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

23 comments to ඔබ කළ ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. මහ මැතිවරණයට අප සූදානම්!

  • අපිත් එහෙනං එක පයින් සුදානම්! එහෙනං පටාන් ගත්තා ඔන්න 😀

  • shyam

    This is the best news the genuine Sri Lankan people were waiting for the past couple of months! It is with heartfelt gratefulness that the news is welcomed!We wish MR all the very best and will do everything in our capacity to make his campaign a success! He should be safeguarded at all costs since he is the man who made is possible for all Sri Lankans to walk without a death warrant hanging over their heads in recent times! Many forgot and many will continue to forget however, those who know and respect human values will never ever abandon MR! He should be protected zealously and steer our country towards a better future! He is the only one capable of retaining our nationalism and achieving this goal!Others too may be able to achieve it but at the high price of sacrificing our nationalism to parties with vested interests. This is the difference between MR and the rest! He is indeed a man of his word and will never back down in the face of adversity! Our country needs a leader like him at present any other will not do!Best of luck Sir, all our blessing are with you!

  • Samantha

    jaya wewa. api hamadama mahinda ekka. but be careful in nomination. dont give to traitors like rajitha, hirunika, rathana, patali, arjina, the will go with ranil again.

  • chandana rajapakshr

    අද පටන් ගත්තේ 2වෙනි මහින්දාගමනයයි..

  • Rata wenuwen

    පඹයගේ මුට්ටිය බිදගෙන අයියෝ කැලි ටිකත් දැන් විසිවිලා,
    කකුලත් කොරවී, අන්ශබාගදෝ, කට විරවී ඇද උඩට වෙලා,
    දත පච වකයයි තට්ටුමුට්ටුවී නරතුන්ගට ගතු පවසාලා,
    යන්නට මාරුව කොලපාටදො අර අදිනා ඉගි මතුවිලා.

  • ඇඩ්ඩින් අයියේ දෙරණේ මේක දාල තිබ්බ මිනිත්තු කීපෙකට කලින් .
    https://www.youtube.com/watch?v=UC5oOIr8Ht4

  • Piyaseeli Senanayake

    Oba Api Seiyalu Denata, Theruwan Saranai.

    I am looking forward to a Rajapakse era. Please protect our leader from enemies of the country until Gotabhaya takes over our security.

  • jawewa ape janadipathi thumata newatha digugamanakata araum jayasri piyaneni….

  • Programr

    I m writing to admin. The site Can’t be reached via mobitel network. 🙁

  • Disna

    the country needs u in a way that can’t be discribed by words sir… Please be safe! May long live! God bless u!

  • Thisara

    Welcome sir. We’ll support you

  • sayumi

    Siyalu Jaathi Aagam Bedha Duralaa Maw Bime Deweni Wijayagrahanaya Wenuwen Rodha Bandemu Ape Appachchi Samagin!!!
    Apa ha Rata Raka Gena Diunuwe Mawatha Kara Yali Meheyawimata Peramuna Ganna Ape Mahinda Mathindunta Uthum Thriwidha Rathnaye Ha Siyalu Deviyange Pihita Aashirwaadaya Nirathuru Labewa !!!
    Ko Ape Dinu ha Power?

  • Sudam_LR

    ඔබමය රට ,ඔබමය හෙට ,දැයකම හද
    ඔබමය අප

  • Power

    අපි උපන් මාතෘ භූමිය නැවත බේරාගන්නට අපේ සදාදරණීය නායකයාණන් නැවතත් පැමිණෙන පුවත අසා අපි දැඩි සතුටට පත්වීමු.

    මට හිතුනා මෙහෙම දෙයක්..දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් නවතම ගීතයක් නිර්මාණය කරලා තියනවනේ “නැවත එනුමැන රට රැකගන්ට” යනුවෙන් දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදවතින් ම සහයෝගය දෙන අප එම ගීතය මේ ආකාරයෙන් මුමුණනවා..

    නැවත එණුමැන රට රැකගන්නට
    තවත් වරක් අපගේ අතරට
    දිනෙන් දිනම රට අගාධයට යන බව
    දැනෙනවා ඔබ නැති ටික දවසට

    දිනූ දේශය…
    බේර ගන්නට
    එන්න අප වෙත
    අගමැති ලෙස ඔබ

    දැන් මෙහෙමයි..ජනවාරී 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තම ඡන්දය ප්‍රකාශ කර කෘතගුණ දන්නා ජනතාවගේ බලාපොරොත්තු සපත කරමින් අද දින අපේ නායකයාණන් නැවත මේ රට බේරා ගන්නට එන බව මහත් අභිමානයෙන්,එඩිතර බවින් යුතුව පැවසුවා..දැන් රටේ තමාගේ සහෝදර ජනයාට ඇහුම්කම් දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ගීතය මුමුණන ආකාරය…

    නැවත එනවා රට රැක ගන්නට
    තවත් වරක් ඔබ සැමගේ අතරට
    දිනෙන් දිනම රට අගාධයට යන බව
    දැනෙනවා මම නැති ටික දවසට

    දිනාදුන් දේශය
    බේරා දෙන්නට
    එනවා ඔබ වෙත
    අගමැති ලෙස මම

    අද දින මහිනද් රාජපක්ෂ මැතිතුමා වචන වලින් කරපු ප්‍රකාශය ගීතයට එක් කරොත් ඇත්තටම මෙහෙමයි නේද..?

  • Hasith Eranga

    අපගේ සියලුම ජාතින් වෙනුවෙන් පැමිණි මහින්ද ජනාධිපතිතුමනි ඔබට සියලුම දේවියන්ගේ රැකවරණය ලැබේවායි අප එක සිතින් ප්‍රර්තනා කරනවා..
    අප සැමදාම ඔබ සමගයි

    මාකොල හසිත්

  • නදික

    අප සැමදා ඔබ සමඟමයි

  • Dinuu

    හැම තත්පරයක්ම LIVE TELECAST තුලින් මහින්ද මැතිදුන් එක්කමයි හිටියේ. මුලු රටම බලා සිටි ප්‍රකාශය කරන තුරු. ඔබතුමා මේ රට බාර ගෙන ආසියාවේ ආශ්චර්යය කරා රැගෙන යන දිනය අත ලගයි. ජයෙන් ජයම වේවා!(සයුමි,ඔබට සුබ පැතුම්. අපි ඔක්කොම එතුමා සමගම ඉදිරියට යමු.)

  • Dinuu

    මුලු රට එක හඩින්ද..
    ඇරයුම් කල හෙයින්ද..
    අදිටන ඉටු වෙමින්ද..
    පෙරමුණ ගති මහින්ද..!

    අප පෙර කල පිනින්ද..
    පැතුමන් සපුරමින්ද..
    ජනගග දිනු හෙයින්ද..
    නැතුවම බැරි මහින්ද..!

    මගෙ රට රැක ගමින්ද..
    රුපු යුද දිනු හෙයින්ද..
    වෙන කෙනෙකුන් කොයින්ද..
    මුලු රටටම මහින්ද..!

    සිහ නද පතුරමින්ද..
    ජය දද ඔසවමින්ද..
    හද පිරි බැති පෙමින්ද..
    පිලිගමු මැති මහින්ද..!

  • indika padmalal

    i like mahinda. i ready to do every thing for him.

  • sayumi

    “SIHA NADA PATHURAMINDA-JAYA DHAJA OSAWAMINDA’
    ‘HADHA PIRI BATHI PEMINDA-PILIGAMU MATHI MAHINDA’

    ‘MAGE RATA RAKA GAMINDA-RUPU YUDHA DINU HEINDA’
    ‘WENA KENEKUN KOINDA-MULU RATATAMA MAHINDA”

    JAYA WEWA!!!

  • Dinuu

    මහින්ද සුලග-ජූලි 9 අනුරාදපුරයට අපි ඔක්කොම එනවා!!
    ගමන සුබයි-ජය නියතයි! ජනගග හිමි මහින්දටයි!

    “අප්පච්චී” ඔබ-එන්න අප වෙත-දැයේ දරුවන්-සනසලා..
    රටම ඔබටයි-දැයම ඔබටයි-ජය මගත් ඇත-සරසලා..
    කදුලු පිසදා-රටම හිනැහෙන-දිනය කිරුළද-පලදලා..
    ලග ලගම වේ-රජිදු ඔබ වේ-රටම ඇත දැන්-මග බලා..!

    දැයක් මග බලා-හිදියි එනතුරා-රටක් වටින අපෙ-“අප්පච්චී”..
    ලොවක් දිනවලා-රටක් ඔසවලා-සතුට උදා කල-“අප්පච්චී”..
    ගොඩක් දුක හිතෙයි-මතක් වන විටත්-ඔබ හැර ගිය දින-“අප්පච්චී”
    රටක් සනසලා-හුගක් හිනැහිලා-වඩින්න මගෙ සුදු “අප්පච්චී”..!

Leave a Reply