බෙදුම්වාදී අනතුර රට ඉදිරියේ… – ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්! ((VIDEO))

ශ්‍රී ලංකාව රටක් වශයෙන් මුහුණ දී ඇති බෙදුම්වාදී අවදානම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළි කරයි. එතුමා මේ කථාව කරන ලද්දේ බණ්ඩාරගමදී පැවැති දේශනයකදී ය.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

11 comments to බෙදුම්වාදී අනතුර රට ඉදිරියේ… – ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්! ((VIDEO))

  • Ranjit

    Can someone show the video clips of Mahinda Rajapakse asking LTTE to surrender from the presidential office.

    That’s a powerful election tool as well.

  • Ranjit

    Also show how how Ranil negotiating and signing CFA with LTTE.

    PREMADASA AT ARMOIR STREET

    CHANDRIKA AT 1999 bomb

    JRJ wadamarachchi

  • Power

    වැඩක් නෑ..ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමණි,

    වර්තමාන යමපාලන ජඩපාලන නඩය එවැනි රටේ ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ගෙන දෙන එවැනි ප්‍රචන්ඩ ක්‍රියා මේ රටේ ජනතාවට හඳුන්වා දෙන්නෙත් “මේක තමයි සැබෑ යහපාලන නිදහස කියලා” හැබැයි ඕකුන්ගේ යමපාලන නිදහස නිසා දිනාදුන් දේශය නැවතත් බෙදුම්වාදය කරා යන බව යමපල්ලන්ට නොතේරෙනවා විය හැකිද..? කිසි සේත්ම නැත. නොතේරෙන්ඩ ඕකුන් බබ්බුයැ. නොතේරුං කමක් නොවේ. ඊට වැඩිය එකක්නේ මේ රටේ බෙදුම්වාදය අවසන් කර දමා ශක්තිමත් ආරක්ෂක ජාලයක් නිරිමාණය කර දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා,එහි ආරක්ෂක ලේකම්තුමා හැටියට ඔබතුමා ඇතුලු අපේ වීරෝදාර රණවිරුවන්ට අපහාස කරමින්,වෛර කරමින් රාජපක්ෂලාව ජාතීද්‍රෝහීන් වන ලේබලය යටතේ වර්ග කොට ඒ හරහා රටට හෙණ ගැහුවත් කමක් නෑ යනුවෙන් සිතා ඕකුන්ගේ බඩගෝස්තරවාදී කාළකන්ණි දේශපාලු සංස්කෘතිය මේ රටේ රජ කරවා ගැනීමට හැකි වූණොත්…

    ඒ සඳහා යමපාලන නඩය මෙවරත් වෛරය,පළිගැනීම,කෙටවීම,බොරව,රැවටීම,හා පුද්ගලික ජීවිතයට පවා අනන්ත අප්‍රමාණ මඩ ප්‍රහාර එල්ල කරමින් දෙස් විදෙස් රාජ්‍ය නොවන ශ්‍රී ලාංකික දේශද්‍රෝහී බත්බැලයන් පිරිසක් ද පරෙටුව තබමින් රට,ජාතිය පාවාදීමට සූදානම් වෙයි.

  • Rata wenuwen

    හිතවත් පවර් මහත්තයෝ,
    අමන පාදඩයන්ට නිසි පාඩම් දෙන්න , අද බොහෝදෙනා විශේසයෙන් ගියවර කුනුවූ හන්සයාට චන්දය දුන් අයද ඇතුලුව අප ගම්පැතිවල පෙරමුනු අරගෙන තියෙන්නේ.
    සන්නස්ගලයා කියන ලෙසට ආතල් එකට බිහිවුනු අවජාතකයන්ට උඩින්, යටින් යන්න වදින්න වැඩ සැලසුම් බොහෝමයි. බඩගෝස්තරවාදී ඩොලර් කාක්කෝ සමග නිදිවදින අමන රැලගේ අවසාන භාගය උදාවෙමින් පවතින්නේ. අපේ අදිටන, සින්හලයන්ගේ ලේවලින් තෙත්වූ අපේ දේශය, අපේ ජාතිය පාවාදීමට ඉඩනොදී දිවිහිමියෙන් රැකගෙන ඒ දේශද්‍රොහින්ට, පරයන්ට , පහර පිට පහර ගහන්නයි.
    අපේ අධිස්ඨානය සර්ව ප්‍රකාරයෙන්ම ඉශ්ඨවෙවා.
    ජයෙන් ජයම වේවා!!!

  • Sampath Vithanage

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග
    ටී.එන්.ඒ. පෙඩ්‍රල් ඉල්ලයි යන මැය යටතේ ලක්බිම පත්‍රයේ (2015 ජූලි මස 27 වැනිදා පළවූ) පුවතින් ප්‍රකාශ කෙරෙන්නේ දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වූ බවය. උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ මූලික පරමාර්ථය ආර්. සම්බන්දන් මහතා ප්‍රමුඛ ඒ සන්ධානයේ අනෙකුත් පක්ෂවල අභිප්‍රාය වන්නේය. දකුණේ සිංහලයින් එකිනෙකාට අවලාද නගමින් වේදිකාවල විසූක දස්සන මාධ්‍ය සන්දර්ශන පවත්වන අතරේ බොර දියේ මාළු ඇල්ලීමට දැන් දෙමළ ජාතික සන්ධානය වැඩ අරඹා ඇත.
    ඔවුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සහ ජනතාවට දෙන ‍පොරොන්දු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉල්ලන ලද ඉල්ලීම්වලට වෙනස් නැත. අප රටේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සටන් කරමින් කරන ලද ඒ ඉල්ලීම් අද වටමේස සාකච්ඡාවලින් සහ මහා මැතිවරණයට මුවා වී කටයුතු කිරීමට සැරසීම ගැන රටේ අනෙකුත් සිංහල සහ මුස්ලිම් ජනතාව මීට වඩා විමසිලිමත් විය යුතුව ඇත. මුස්ලිම් දේශපාලන නායකයෙක් මේ අල්ලපනල්‍ලේ කියා තිබුණේ ඔවුන්ට නැගෙනහිර වෙනම කලාපයක් අවශ්‍ය බවකි.
    බෙදුම්වාදී ජාතිවාදී දේශපාලනයට අවතීර්ණ වී සිටින්නේ යැයි සිංහල දේශපාලනඥයින්ට දොස් කියන දකුණේ දේශපාලනඥයින්ගේ දෑස් විවර කිරීම පිණිස පහත සඳහන් කරුණු ඉදිරිපත් කිරීම අපගේ ජාතික යුතුකමක් සේ සලකන්නෙමු.
    ඉහත සඳහන් පුවත් පතෙහිම දෙමළ ජාතික සන්ධානය සඳහන් කළ පහත සඳහන් කරුණු ගැන විමසිය යුතුව ඇත. විජය කුමාරයා ලංකාවට ගොඩබසින විට ත්‍රිකුණාම‍ලේ කෝනේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, යාපනේ නගු‍ලේශ්වරන්, මන්නාරමේ තිරුකේශ්වරම් හා ගාල්ලේ කොනේස්වරම් යන හින්දු දේවස්ථාන පිහිටා තිබුණු බව සිංහල ජාතික ඉතිහාසඥයෙකු සඳහන් කර ඇතැයි ද ඒ අනුව දෙමළ ජනතාවට දිගු ඉතිහාසයක් තිබෙන බව සනාථ වන්නේයැයි දෙමළ ජාතික සන්ධාන සභාපති ආර්. සම්බන්ධන් මහතා කරන ලද ප්‍රකාශයට අභියෝග කරමි. ඒ සිංහල ඉතිහාසඥයන්ගේ ‍පොතේ පිටු අංක සමග ඉදිරිපත් කරන ලෙස සම්බන්ධන් මහතාට අභියෝග කරමි. එයට ව්‍යාජ ඉතිහාසයක් ප්‍රකාශ කිරීමකි.
    දෙමළ නිජබිම් මිථ්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයා විසින් මීට වසර 40 පමණ ඉහතදී THE ARYA
    KINDOM IN NORTH CEYLON නමින් 1961 වර්ෂයේදී රාජකීය ආසියාතික සමිතියේ දේශනයක් පවත්වන ලදී. එම දේශනය එම සඟරාවේ පළවිය. එය එතුමාගේ ශිෂ්‍යයෙකු වන මහාචාර්ය අබය ආර්යසිංහ අප ඇදුරිඳු තුමා 1986 දී “උතුරේ ආර්ය රාජ්‍යය” නමින් සිංහලෙන් ග්‍රන්ථයක් පළ කළේය. එහි මෙසේ සඳහන්වේ. දහතුන් වැනි ශත වර්ෂයේදී උතුරු ප්‍රදේශයේ දෙමළ පාලනයක් පැවැති බවට මෑතකදී (1961) ග්‍රන්ථාරූඪ කළ සාක්ෂි අනුව ගොඩනගා ඇති තර්ක අසත්‍ය බව කිව යුතුය.
    එසේ දෙමළ නිජබිමක් පැවැති බවට තීරණයකට බැසීමට උපයෝගී වන සෙල්ලිපියක් කාසියක් හෝ වාස්තු විද්‍යාත්මක සාක්ෂියක් නැත. මෙසේ තීරණයකට බැසීමට උපයෝගී වන ස්මාරකයක් (පුරාවිද්‍යාත්මකව) යාපනය අර්ධද්වීපයෙන් සොයා ගෙන නැත. ඉතාම පැරණියැයි තීරණය කළ හැකි දෙමළ සෙල්ලිපි හමුවන්නේ ලංකාවේ වෙනත් පළාත් වලිනි. යාපනය දිස්ත්‍රික්කයේ පැරණි ස්ථාන වලින් හමුවන මූර්ති මෙන්ම පුරාණ ගොඩනැගිලි අවශේෂද සහ කාසි ආදිය අපරටේ අනෙකුත් පළාත් වලින් හමුවන බුදු පිළිම හා ඊට අදාළ වන පුරාණ මූර්ති කැටයම් සහ ගොඩනැගිලි අවශේෂවලට සමානය. අප දිවයිනේ අපමණ විස්තර සඳහන් කරන දකුණු ඉන්දියාවේ ශිලා ‍ලේඛන වල දහතුන්වැනි සියවසට පෙර උතුරේ වෙනම රාජ්‍යයක් පැවැති බවට සාක්ෂි නැත.
    යාපනය සහ එහි පාලකයන් ගැන විජය නගර ලිපිවල ඉඳුරාම සඳහන්වේ. දෙමළ භාෂාව භාවිතා වූ භාවිතා කළ ප්‍රදේශයක් ගැන කියන පුරාණ දෙමළ සාහිත්‍ය ‍පොත්පත් විසින් එම දෙමළ භාෂාව භාවිතා කළ ප්‍රදේශයක් ලෙසින් ලංකාව ගණන් ගෙන නැත.
    රටේ අනෙකුත් පළාත්වල සිටි රාජකුමාරවරුන් සේම අනුරාධපුර රජවරුන් යටතේ නාගදීපය පාලනය කර ඇත. වසභ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 69 – 109) ස්වකීය ඇමතිවරයෙකු විසින් නාගදීපය කළ බව වල්ලිපුරම් රන්පතින් තහවුරු වී හමාරය. යාපනය අර්ධද්වීපය පමණක් නොව අසල පිහිටි දූපත් කීපය පවා පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි. ව. 1153 – 1186) අණසකට යටත්ව තිබුණූ බව නයින තිව් පූවරු ශීලා ලිපියෙන් (ඒ රජතුමා විසින් පිහිටුවන ලද) තහවුරු කරයි.
    THE ARYAKINGDOM IN NORTH CEYLON – DR.SENARAT PARANAVITANA – සිංහල පරිවර්තනය – මහාචාර්ය අබය ආර්යසිංහ පිටු 17-18 (1986) විජය රජුගෙන් පටන් ගෙන දැන් ඉතිහාසය ගැන කතා බහ කිරීමට උතුරේ සමහර දෙමළ දේශපාලනඥයින් සැරසෙන්නේ ඉහතින් සඳහන් ඒ මිථ්‍යාවක් ලෙසින් පවතින දෙමළ නිජබිම යළිත් වරක් පිරිබාහරන් නැවතුන තැනින් පටන් ගැනීමට දෝ දැයි සැකයක් දැන් දැන් මතු වී ගෙන එයි. දෙමළ ජන්දදායකයින් අරමුණු කරගෙන ඡන්දය ලබා ගැනීමට උත්සාහ කිරීම ගැන අපි එහි සභාපති (T.N.A.) ආර්. සම්බන්ධන් මහතාට විරුද්ධ නොවෙමු. එය ඔහුගේ අයිතියකි. එහෙත් නැති ව්‍යාජ ඉතිහාසයක් මවා පාමින් පිරිබාහරන්ගේ ක්‍රියාවලිය යළි මතු කිරීමට ඉඩ දිය හැකිද? අතුරුදන් වූ දෙමළ ජනතාව ගැන සෙවීය යුතුය. එහෙත් ආරක්ෂක කඳවුරු ඉවත් කිරීමට හේතුවක් ලෙසින් සඳහන් කරන්නේ (ජන්ද දායකයින්) දෙමළ ජනතාවගේ ඉඩම් වල එම කඳවුරු සාදා ඇති බව කියමිනි. ඊට අමතරව පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපක් බවට පත් කිරීම, උතුරු-නැගෙනහිර කර්මාන්ත සඳහා සෘජු විදේශ ආයෝජන ලබා ගැනීම යන කරුනු සමග දෙමළ ජනතාවගේ ආත්මගරුත්වයට ද ආර්. සම්බන්ධන් මහතා ආමන්ත්‍රණය කරයි. මෙහි යටි අරමුණු රැසක්ම ඇති බව දැන් පැහැදිලිය. තමිල්නාඩුවේ පසුගිය කාලයේදී තිබූ අර්බුදකාරී අවස්ථාවට පෙර උතුරේ ඇතැම් දේශපාලන නායකයින් ක්‍රියා කළ අන්දම අමතක නැතැයි සිතමු.
    ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේදී සකල ශ්‍රී ලංකාවම එක්සේසත් කළ (ඒ රජුගේ ශීලා ‍ලේඛන අනුව) වසභ රජතුමාගේ පාලනයට සමස්ත මෙකල යාපන දිස්ත්‍රික්කයම යටත් වී තිබුණි. වල්ලිපුරම් රන්පතෙහි වසභ රජු පාලන සමයේදී යාපනයේ (නකදිව) පාලනය කළ පාලකයෙකු ඉසිරිගිර විසින් ලියන ලද රන්පත සැබවින්ම ක්‍රි.ව. දෙවැනි සියවසේ උතුරේ සිංහල රාජ්‍යයට අයත්ව තිබූ බවට ලියන ලද රත්රන් ඔප්පුවක් ලෙසින් සඳහන් කළයුතුව ඇත. මෙම රන්පත පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් සෙනරත් පරණවිතාන මහතා විසින් ලියන ලද EPIGRAPHIA ZEYLANICA IV (1943) වන වෙළුමෙහි සඳහන් කර ඇත.
    වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය – සිරිසමන් විජේතුංග පි. 31 (2003)
    අප රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින සුළු පිරිසක් පමණක් මේ පිළිබඳ දැනුම්වත්ව සිටින බව අපි දනිමු. එසේ වුවද අපේ ඉතිහාසය ගැන මීට වඩා දැඩි අවධානයකින් අපේ රටෙ දේශපාලන නායකාරකාදීන් නොවෙතත් ඔවුන්ට ඒ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරු පිළිබඳ උපදෙස් දෙන උපදේශකවරුන් විසින්වත් ඒ ගැන නිසි අවධානයක් යොමු කරන නැති බ අපට හැඟී යන කරුණකි.
    ව්‍යාජ ලෙසින් දෙමළ ඡන්ද දායකයින් තමන්ට හරවා ගැනීමේ උපායක් ලෙසින් දේශයේ සත්‍ය ඉතිහාසය විකෘති කිරීමට දේශපාලන න්‍යායපත්‍ර සකස් කරන්නන්ට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත. මෙසේ ව්‍යාජ දෙමළ නිජබිමක් ගැන තොරුතුරුවලින් දෑස් අන්ධකර සයනයිඩ් කරලත් පළඳවා සිංහල දේශයට එරෙහිව දෙමළ, සිංහල මුස්ලිම් සියලුම ජනතාව බිල්ලට ගත් ඊනියා පිරිබාහරන් නායකත්වය දුන් දෙමළ තරුණ පිරිස නැවතත් ඒ සඳහා කැඳවීමක් මෙවැනි ප්‍රකාශවලින් සිදු කරන්නේදැයි සැකයක් මතුවේ.
    කෙසේවෙතත් අප රටේ සත්‍ය ඉතිහාසය සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව දෙමළ, මුස්ලිම්, බර්ගර්, හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ආගම් අදහන හැමටම වටහා දීම පාසල පන්ති කාමරයේ සිටම කළ යුතුව ඇත. වසර 10 පමණ ඉහතදී පිරිබාහරන් විසින් දෙමළ ව්‍යාජ ඉතිහාසයක් ඒ කාලයේ යාපනයේ පාසල් දූදරුවන්ට ඉගැන්වීමට ‍පොත් පත් පවා මුද්‍රණය කළ බව ප්‍රසිද්ධ රහසකි.
    මේ අපගේ ශිෂ්ටාචාරය වැනි ශිෂ්ටාචාරයකි. ඒ සඳහා ක්‍රී. පූ. 3 සියවසේදී බුදුදහම (මහින්දාගමනයත් සමග) මෙහි ස්ථාපිත විය. ඒ නිසා මෙ ශිෂ්ටාචාරයෙහි පදනම කවුරුන් අකමැති වුවත් ප්‍රකාශ කළ යුතුය. මෙම ශිෂ්ටාචාරය සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරයයි. මෙහි පදනම එයයි. උදාහරණයක් ලෙසින් මේ අපගේ පුරාණ ශිෂ්ටාචාරය ගොඩනැගිල්ලක් ලෙසට මොහොතකට සිතමු. ඒ ගොඩනැගිල්‍ලේ අත්තිවාරම සිංහල, බෞද්ධ කමය. එහෙත් ඒ ගොඩනැගිල්‍ලේ සිටිය යුත්තේ සිංහල පමණක් නොවේ දෙමළ, මුස්ලිම්, බර්ගර් යන අන්‍ය ජාතීන්ද එහි සමගිව විසිය යුතුය. එමෙන්ම සිංහලයින් පමණක් නොව මේ ශිෂ්ටාචාර පදනම ගැන දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන්ට දැනුම්වත් විය යුතුය. එය කළ හැක්කේ රාජ්‍ය ප්‍රතිපත්ති සහිතවූ අධ්‍යාපනයට පණකි. ජනමාධ්‍යවලද යුතුකමක් ඒ පිළිබඳව ඇත. අප රටේ සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් යන හැම ජාතියක්ම සමගිව වාසය කළ යුතුය. ඔවුනොවුන්ට මෙය බෙදා වෙන කිරීමේ අවශ්‍යතාවය (දෙමළ සහ මුස්ලිම්) ඇත්තේ ඔවුන්ගේ ඡන්දදායකයන්ට නොවේ. මේ දේශපාලන නායකයින්ට බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි. එහෙත් මැතිවරණයට මුවාවී ජාතිවාදය ඇවිලීමට හෝ රට බෙදීමට ජාතික ආරක්ෂාව නොතැකීමට ඉඩ දිය යුතු නොවේ.

    • Samare

      කිසිම ලිඛිත සාක්ෂියක් නොමැතිව ඉතිහාසය විකෘති කරමින් මහජනයා නොමග යවන සුලු ප්‍රකාශ ප්‍රසිද්ධියේ කරන අයට දැඩි දඬුවම් දිය යුතුය.

  • Power

    සත්තකින්ම Rata wenuwen මහත්මයා,

    ඔබ සැම දෙනා වගේම මම පුද්ගලිකව අන්තර්ජාලය හරහා හා මගේ යහලු මිත්‍රආදිය සමඟත් මෙවර අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මතින් උවද අපට පුලුවන් උපරිමයෙන් ම යමපාලන ත්‍රස්තවාදය මේ බිමෙන් අතුඟා දැමීම වෙනුවෙන් කටයුතු කරමින් පවතිනවා.කරන කියන සෑම දෙයක් ම මෙසේ ප්‍රසිද්ධියේ පැවසීම නොසුදුසුයි.කුමක් නිසාද කියනවානම් අර විමල් වීරවංශ මැතිතුමා කියන ආකාරයට යමපල්ලන් විසින් අපේ පෑලෑන් එක විනාශ කිරීම සඳහා වෙනම පෑලෑන් එකක් ඔවුන් විසින් සූදානම් කරනවා.

    අපේ ජයග්‍රහණය ස්ථීරයි.එකේ ආය සැකයක් තියාගන්ඩ දෙයක් නෑ…

  • chanda

    ඩිලාන් පෙරේරා කියලා කියන්නේ මහින්ද දැන දැනත් තාමත් හුරතල් කරන තවත් අති බිහිසුණු දෙමල බෙදුම්වාදය ජීර්ණය වූ මරුමුස් පාපිස්ටයෙක්.

    • Samare

      සන්ධානයේ සිටින කපටිම පුද්ගලයා ඩිලාන්ය. ජනතාවට කිසිම සේවයක් නොකරන ඔහු සිය කටේ බලෙන් දේශපාලනයේ රැඳී සිට්යි.

Leave a Reply to chanda Cancel reply