කොළඹ නගරයේ ඔබ මෙතෙක් නොදුටු විස්මිත දසුන් පෙළක්…

මේ ඔබ දකින්නේ ඉතාලියේ වැනීසියේ සංධ්‍යාවක දර්ශනයක් යැයි ඔබගේ දෑස ඔබව රවටනවා විය හැකියි. ඒත් හොඳින් බලන්න මේ කොහෙදැයි ඔබ හඳුනනවා.

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

ඒ තමයි  2014 අගෝස්තු 25 වන දින විවෘත කරන ලද පිටකොටුවේ පාවෙන වෙළඳපොළ. පිටකොටුව නම ඇහෙද්දිත් දැනෙන ගඳ එදා වෙනස් වුණා. දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ විවේක ගැනීමට එය කදිම නවාතැන්පොළක් වුණා.

Transforming Colombo

Transforming Colombo

Arcade Independence Square හි මනරම් දසුන්. බිම වැටෙන ටොෆි කොළය පවා දිනපතා ඉවත් කිරීමට සේවකයින් යොදවා සිටි බැවින් එහි පරිශ්‍රය ජාත්‍යන්තර තත්ත්වයේ උද්‍යානයක සිරි ගත්තා. සිංහයින් මැදිකොට ඇති පොකුණ අසළට මගී ජනතාව එක් රොක් වෙන්නේ කවුරුත් කියන නිසා නෙමෙයි.

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

දහවලට විතරක් එහි ගියොත් ඔබට එවන් දසුන දැකීමට නොහැකි වෙනවා.

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

එදා දුහුවිළි බැඳී කලු පැහැ ගැන්වී තිබූ නිදහස් මන්දිරය වෙනස් වුණේ ඒ ආකාරයෙනුයි.

Transforming Colombo

සන්නිවේදන කටයුතු සඳහා ඉදි කෙරෙමින් පැවැති නෙළුම් කුළුණ මරදානේ සිට පෙනෙන ආකාරය. මීටර් 350 ක් උසැති එය පැරීසියේ ඇති සුප්‍රසිද්ධ අයිෆල් කුළුණටත් වඩා උස බව ඔබ දැන සිටියාද?

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

Transforming Colombo

ගංගාරාම විහාරය සහ එදා ගඳ ගසමින් පැවති බේරේ වැවත් එහි පක්ෂීනුත් වෙනස් වූ හැටි. දසකයකට පමණ පෙර බේරේ වැවේ පක්ෂියකුට සුදු පාටින් සිටීම යනු සිහිනයක් පමණයි. ඒත් ඒ සිහිනය සැබෑ වුණා.

Transforming Colombo

කොළඹ වරායේ සන්ධ්‍යා යාමය දිස් වූයේ මේ ආකාරයෙනුයි. ඒ ලස්සන මුහුදේ ඈතින් පහත ආකාරයේ සිහින නගරයක් ඉදි කිරීම ආරම්භ වුණා.

3039711port_city_2014[1]

srilanka_DLBG[1]

Colombo_Port_2016[1]

අනෙකුත් පින්තූර වලින් ඔබ දුටු විස්මයම, ඉහත කොළඹ වරාය නගරයේ පින්තූර යතාර්ථක්ම වීමට තිබූ බව පසක් කරාවි. නමුත් යහපාලුවන් විසින් වරාය නගරයට මඩ ගසා චීන සමාගම් පවා දැඩි ලෙස අපහසුතාවයට පත් කර, කාලයක් නවතා තබා එම ඉදි කිරීමට දැඩි අලාභයකුත් සිදුකර, නැවතත් එය කරන බවක් කියනවා. ආයිත් නොකරන බවකුත් කියනවා. අන්තිමට ඔවුන් රවටන්නේ රටේ සුබ අනාගතයක් බලාපොරොත්තු වෙන ජනතාව වයි.

Transforming Colombo

Transforming Colombo

මේ වොශිංටනයේ Capital Building ඉදිරිපිට දසුනක් නොවෙයි. කළින් වික්ටෝරියා පාර්ක් ලෙස නම් කර තිබී පසුව නම වෙනස් කළ “විහාරමහාදේවී උද්‍යානයේ” සිට කොළඹ නගරශාලා ගොඩනැගිල්ල ප්‍රදේශය පෙනෙන ආකාරයයි.

14158545721[1]

MR11022013NP_3[1]

නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල රාත්‍රී කාලයේ දිස් වන්නේ ඒ ආකාරයෙනුයි. (ඉහත පින්තූර බොහෝමයක් අප උපුටා ගත්තේ dailylife.lk වෙබ් අඩවියෙන් ලබා දී ඇති අවසරය අනුවයි. ඔවුන්ට අපගේ ස්තුතිය.)

දහවල් කාලයේදී එක් ආකාරයකත්, රාත්‍රී කාලයේදී තවත් ආකාරයකත් සුන්දරත්වයක් ඔබ ඒ පින්තූර වලින් දකින්නට ඇති. එය අහම්බයක් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව රාත්‍රී කාලයේ වෙනම දසුනක් පෙන්වන ආකාරයෙන් සංවර්ධනය කර නොනිඳන නගරයක් ලෙස සංචාරක ආකර්ෂණයට පත් කරගැනීමේ ක්‍රියාවලියක් පසුගිය කාලයේ දියත් වුණා. එවන් කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කොළඹ නගරය ලොව අංක 1 ට තේරී පත් වුණා. ඒ වෙනස සිදු කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවෙන් ආරාධනා කරද්දී, අපේ සමහරු කළේ එතුමට මඩ ගහන එකයි.

ඉහත පින්තූර වලදී ඔබ  දුටු චමත්කාරය වර්තමානයේ එහි ගියත් දැකගත නොහැකි වේවි. සමහර විදුලි බුබුළු මේ වන විට අක්‍රීයව ඇති අතර ඒවා අලුත්වැඩියාවක් සිදුවී නෑ. තවත් තැන් වල වල් වැවුණත් උදළු ගා නෑ. ඒ ගැන පින්තූර සහිත ලිපියක් අප මීට පෙර පළ කළා. කොළඹ නගරයේ අලුත්ම තත්වය ප්‍රසිද්ධ රූපවාහිනී වලින් වාර්තා කළේ මෙලෙසයි.

ත්‍රස්තවාදයත් අවසන් කර, පාරවල් ටිකත් හදා දී, කොළඹ නගරය ලෝකයේ අංක 1 ට ගෙන අවුත් බාර දුන් රටේ කුණු ටික ඉවත් කරගන්න බැරිව යහපාලුවන් ලත වෙනවා.

එදා සහ අද අතර වෙනස යාලුවන්ටත් දැක ගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to කොළඹ නගරයේ ඔබ මෙතෙක් නොදුටු විස්මිත දසුන් පෙළක්…

  • sayumi

    අනිච්චේ දුක්ඛේ! ජ.වි.පෙ හා කොටි ත්‍රස්තවාදින්ගෙන් මුදා ගෙන පාරාදීසයක් වගේ ලස්සන කර රැක ගත් රටට ගිය කල? පාරේ කුනු ටික ඉවත් කර ගන්න බැරි ටොයියෝ කොහොමද රට ආරක්ශා කර ගන්නේ?
    දින 100යෙන් කල මහා වැඩවලින් එකක් තමයි මේ.අවුරුදු 5කට ආවොත් කොහොමට හිටීද?

  • Power

    ඇත්තටම හිතට සහ ඇසට මහත් සහනයක් දැනෙන විශිෂ්ඨ අලංකාරම ඡායාරූප පෙලක්…

    එහෙත් එම ඡායාරූප පෙළ වර්තමානයේ නම් කීයටවත් මේ ආකාරයෙන් ගැනීමට නොහැකි බව නම් සත් සුදක් සේ පැහැදිලියි ජරා ජීරිණව පැවති කොළඹ නගරය හා මේ රටේ ගම් නියම් කරා දිවෙන මහා මාර්ග පද්ධතිය ඉදිකරමින්,ප්‍රතිසංස්කරණය කරමින් ලොව අංක එකේ රටක් බවට අප ශ්‍රී ලංකාව පත් කිරීමට වෙර දැරූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මැතිතුමා වැනි විශ්මකරම නායකයන්ට දීර්ඝායූ ලැබේවා..නැවතත් මේ රට යමපාලනයෙන් බේරාගෙන ආසියාවේ ආශ්චර්යය කරා යාමට එම නායකයන්ට මේ රටේ පාලනය ලැබේවා..පාලනය ලැබෙනවා සිකුරුයි.

    ඒ වගේම එදා ජනවාරී 8 තමන් අතින් නොදැනුවත්ව හෝ සිදුවූ වරදක් නිසා මේ රට වර්තමානයේ අපිරිසිදු,පසුගාමී,කොඳු නාරටිය බිඳුණු රටක් බවට පත්වූයේ තමන්ගේ කතිරය නිසායැයි සිතා හූල්ලමින් සිටින ජනතාව මෙවර එම වැරැද්ද නොකරණු ඇත.ඒ ආකාරයෙන්ම රාජපක්ෂවරු හොරු කියමින් වෛර කරමින් මඩ ගසිමින් එතුමන්ලාගෙන් පළි ගැනීම සඳහා එදා කතිරය ගැසූ හා වර්තමානයේ ගසන්නට ඉන්න ජනතාව ඇතුලු යමපාලන හෙණ ගෙඩියට ශාපවණු ඇත.

  • Power

    මෙන්න ඔබතුමාට මෙහි ගීත දර්ශකයට එකතු කරන්න මම ගීතයක් හොයාගෙන ආවා…

    අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අපගේ මාතෘ භූමියේ අනාගත සුබ සිද්ධය වෙනුවෙන් කරා වූ අපමණ වූ සංවර්ධන කටයුතු හා එතුමාට කෘතගුණ සැළකීමක් වශයෙන් නිර්මාණය කොට තිබෙන මෙම ගීතයත් මෙහි ගීත දර්ශකයට එකතු කරන්න.

    මෙන්න එම ගීතය:-

    https://www.youtube.com/watch?v=AJ6wKtiiZ84

    • ස්තුතියි Power මිත්‍රයා. ඒකත් එකතු කළා. ඒ ගීතය මෙම ලිපියට අදාලයි.

      මෙහි අපට මගහැරුණ ගීත තව තිබේනම් සොයා දන්න.

  • Thanks for the all…. we know and we need Excellence MR again… for our motherland….

  • Wazeer

    I agree with all brother , i love MR . plz ask MR to leave BBS , we are ready to support him .

    • “Bodu Bala Sena” organization was one of many Western conspiracies that were used to defeat him, former President Mahinda Rajapaksa has said.

      In an interview held with a French news service last Wednesday, the former president has claimed that despite various claims that his family was behind the BBS, in fact he or his brother Gotabhaya had nothing to do with the actions of the radical Sinhala Buddhist organization.

      He further stated that by looking at the foreign tours engaged by BBS leaders in Norway and USA and the nature of these visits, it is clear that these were western conspiracies.

      Mentioning the name of Minister Patali Champika Ranawaka, Mr. Rajapaksa said that when he wanted to take action against BBS atrocities, it was minister Ranawaka that prevented him from doing so.

      He said that ultimately due to actions of the BBS he lost almost all the votes of the Muslim community during the last Presidential election resulting in his defeat.

      source: http://www.theindependent.lk/index.php/news/item/706-mr-claims-bbs-a-western-conspiracy

      • Wazeer

        thank you , Mr.Mahinananda Aluthgamea was state about relation ship BBS with Mahinda in Derana TV . we were mislead by that . Thank you again for ur information .

  • Rata wenuwen

    පවර් මහාතො රට වෙනුවෙන් නැවත ලියමි==

    පඹයා කියා නම් තිබ්බට වෙනස් කලා,
    නමට ඉදිරියෙන් රුකඩ පඹයා කලා,
    අනුන් ඇටවු නුලෙන් නටවනවා බලා,
    ප්‍රවේසෙමෙන් ඉදිමුකො අපි අවිදිවෙලා.

    නොම්මර එකට පිවිසුනු නගරය ඒක,
    ගද ගැස්සුවා යහපාලන හොරු ඒක.
    ඇවිදින්නට බැරිය මගතොට අපායක,
    හැඩරුව ගනී ඉවසන්නට බැහැ විටක.

  • Rata wenuwen

    දල්වා හොදට හැඩවු පහණෙ එලිය,
    පුදකෙරුවොත් රා-නිලයට ඒ බලිය,
    අනේ අම්මපා අදිනවා පඹයට වලිය,
    අඹරනවා කොවිල් ගොස් අබ ගුලිය.

  • Power

    Mahinda.info හි අප මිතුරු ඔබතුමන්ටත් ස්තූතියි…!

    අනිවාර්යයෙන්ම තවත් ගීත තිබුණොත් සොයා දෙන්නම්.

  • Power

    Rata Wenuwen මිත්‍රයා නැවතත් රට වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් පැමිණීම ගැන සතුටුයි.එහෙත් ආය මට (පවර් මහතා) කියලා කියන්ඩ එපා. ඔන්න ඔහේ නිකං “පවර්” කියලා කියන්ඩ. 🙂

  • Rata wenuwen

    කරුණු සිතට සරිලනසේ සිදුනූවුවොත්,
    දරාගන්න බැරිවෙයි දුක් ගැට කොහොමත්,
    මුහුණ දෙන්න නොහිතන දෙය තුන් හිතකත්,
    ඇතිවෙයි යන්න වෙන රටකට ලොවේ තවත්.

    මහින්ද මහතා ප්‍රමුක අපේ හිතේශියන්ට රට කරවන්ට,ඉඩ පාර්තනා ඉශ්ටවෙවා ත්‍රිවිද රත්නයේ ආශිර්වාදයෙන් ඒ සියලු කටයුතු සාර්තකවේවා. ජයෙන් ජයමවෙවා.

  • Sandaru Rajapaksa

    Yahapalane Rata Vinasa Karanawa

Leave a Reply