මෙන්න අහන්න වටින කවි – සමන් ඒකනායකගෙන් අලුත්ම කවි වරුසාවක්

විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි කලාකරුවෙකුගෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කවි වරුසාවක් ලැබුණා.

මාතර රැළියේ මහින්ද රාජපක්ෂ මහතා ගැන අපූරු කවි පන්තියක් ගායනා කර ජනතාව කුල්මත් කළ සමන් ඒකනායකගෙ තමයි මේ.

දින සීයයි පච දාහයි ගොන්කම් හැට දෙලක්ෂයයි
වැඩ මාරයි හොරු රෑණයි මහා බැංකුව විකිණීමයි
බුදු අම්මෝ දෙවියන්පා මෙහෙම ගියොත් රට ඉවරයි
මහින්ද අගමැති වුනාම සේරම කරදර ඉවරයි

මාතර රැළියේදී ඔහු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ගායනා කළ කවි පන්තිය පහතින්.

යාලුවන්ටත් අහන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to මෙන්න අහන්න වටින කවි – සමන් ඒකනායකගෙන් අලුත්ම කවි වරුසාවක්

  • chani says

    Peya ganakin kiyanna thiyena kathawak harima lassanata kawiyen keewa,samahara kawi ahanakota adunath ekka,wasanawan me wage kalakaruwo

  • Rata wenuwen

    සමන් මිතුර ඔබගෙ කවි පෙළ අහලා,
    විමන් කවුලු ඇර ලෝකය අවිදි කලා.
    දමන් සියලු වෙර සටනට පනගහලා
    මෙමන් සමග තව බොහෝ අය එකතුවෙලා.

  • A.K.A Gunawardana

    මේ කවි අහන්න ලැබුනේ අදයි අපිට .පුදුම ලස්සනයි

  • Rata wenuwen

    සමන් මිතුර අපි තොවිලයක් නටමු,
    එහෙනම් ගහන්නකෝ බෙර පදයක්…..
    ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ…..ඕ..ඕ..ඕ
    රා- නිලයට මොකුත් බැරිව නලියනවලු අනෝ…
    සමලින්ගික පොන්මන්ගා ගල් සොයමින් අනෝ…
    වලිගෙඋස්සා බලාඉදියි ඔනේ ගොනෙක් ගොනෝ…
    කානුකටා පච වකයා ඒ ගොඩේලු අනෝ…
    ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ…ඕ..ඕ..ඕ

    රට වෙනුවෙන් අපෙ යාගය දැන් පටන් ගත්තා

  • Sherine

    GREAT! EXCELLENT!!! PERFECT! FANTASTIC! I AM NOT INTEREST IN KAWI,,
    BUT TODAY FOR TE 1ST TIME, I REALLY GOT A FEELING, AND TILL THE END , I WAS BEEN ABL TO WATCH TILL THE END! ONES AGAIN,, FANTASTIC! LEADRERS TO BE HONOR’S SHOULD BE WELL HONORED!

    BEST IDEA..

  • sayumi

    විස්තර කර වර්ණනා කරන්න වචන නැති තරම්! අසිරිමත් අනර්ඝ සුන්දර කවි! වචන දාහකින් කිව යුතු දේ පද කීපයකට කැටි කර ජන හදවත් වලට කා වද්දන සමන් කලාකරුවාණෙනි ඔබතුමාට අපගේ ප්‍රණාමය!

  • Dinuu

    කවියට උපන් හපනෙකි රටටම වටිනා..
    පෙනුමට ඔබින කටහඩ අප සිත් බදනා..
    මැතිදුට ජය ගෙනෙන සටනට උර දෙමිනා..
    හදවත පිරිසිදුය කවියෙන් එය පෙනුනා..!

    දින දින ජන ගගත් මැතිදුට වැඩි වන්නේ..
    ඔබෙ කවි වලින් ජන රැලි රසවත් වන්නේ..
    අගමැති සටන ජයටම පෙරටම යන්නේ..
    ඔබ එහි නියමුවකු බව සිහියට ගන්නේ..!

    රටටම මහින්දව අද නැතිවම බැරිය..
    ජන රැලි වලට ඔබෙ හඩ නැතිවම බැරිය..
    මැතිදුන් මහින්දට දෙමු දෑතට සවිය..
    ජය ජය ජයම වේ පෙන්වමු ජන බලය..!

  • Rata wenuwen

    මහින්ද සුලග කැරකී යයි රජරටට,
    හොර අලි පැටව් මග වැටනෙවා පනබයට,
    හද බැදි හැගිම් රස කර කවි දෙසන්නට,
    මිතුර සමන් සුබ පතනවා අප ඔබට.

  • Power

    ඇත්තටම…අනර්ඝයි සමන් මහත්මයා,

    වර්තමානයේ මේ රට යමපාලනය හරහා යමලෝකෙට ඇඳගෙන යන්න උත්සහ කරන යමපල්ලන්ට හා එම යමපල්ලන්ට වටේ සිට මේ රට කාපන් කියා උල්පන්දම් දෙන රාජ්‍ය නොවන යමයන්ට හා අනෙකුත් රටට වින කරන සියලු සතුරු බලවේග වලට හීන් දාඩිය දාන්ඩ නියම කවි ටිකක් දුන්නා.

    ඒ වගේම මේ අපගේ මාතෘ භූමිය යමපාලනයෙන් බේරා ගැනීම වෙනුවෙන් සටන් කරන දේශප්‍රේමී ජනතා පුත්‍රයින්ට හා මේ රටේ කෘතගුණ දත් ජනතාවට වෙනුවෙන් ගයනා කළ කවියෙන් එම සියලු දෙනාගේම සිත් තුළට වීශාල සහනයක් හා විශාල සතුටක් හා හොඳ ගැම්මක් ලැබුණාය කිව්වොත් මා නිවැරදිය.

    (ඔබ වගේම තමා…ඔබ පොඩ්ඩක් අපේ මේ mahinda.info වෙබ් සයිට් එකට ඇවිල්ලා බලන්ඩකෝ..අපෙත් ඉන්නවා Rata wenuwen හා Dinuu කියලා රියල්ම, කවියෙකුයි කවිකාරියකුයි.)

Leave a Reply