මහින්ද, ගෝඨාභය මහත්වරුන් පදිංචි ප්‍රදේශයේ සන්නද්ධ පුද්ගලයින් හසු වී අත් අඩංගුවට…

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අවදානම් තත්ත්වයක් ඇතිවී ඇති බව මීට පෙර ලිපියකින්ද අප පෙන්වා දුන්නෙමු.

අද දින මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි මිරිහාන ප්‍රදේශයෙන් හමුදා සෙබළුන් සමඟ වෑන් රියක් අත්අඩංගුවට පත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් දෙරන වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තිය මෙලෙසයි.

මේජර් ජෙනරාල්වරයෙකු‍ගේ යැයි කියනු ලබන යුද හමුදාවේ සාමාජිකයින් තිදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන ප්‍රදේශයේ සැරිසරමින් තිබූ සැකකටයුතු සුදු පැහැති වෑන් රථයක් පරීක්ෂා කිරිමේදී එහි සිටි මෙම යුද හමුදාවේ සාමාජිකයින් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඊයේ රාත්‍රී 7.30ට පමණ පොලීසිය විසින් මෙම සැකකටයුතු වෑන් රථය පරීක්ෂා කළ බවයි.

අදාළ වෑන් රථය තුළ සිට ඇත්තේ යුධ හමුදාවේ සේවය කරන සිවිල් ඇඳුමින් සැරසුරූ පුද්ගලයින් තිදෙනෙකු බවත්, ඔවුන් සතුව පැවති ගිනි අවියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දෙරණට කියා සිටියේය.

මෙම සැකකරුවන් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේදී තමන් මේජර් ජෙනරාල්වරයෙකුගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කරමින් සිටින බව පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා ඇත්තේ ඔවුන් ගමන්ගත් සුදු පැහැති වෑන් රථය සහ එහි අංක තහඩුව යුධ හමුදාවට අයත්දැයි යන්න වග සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මීට අමතරව පොලීසියට හමුවූ ගිනි අවිය අදාළ පුද්ගලයින් විසින් සඳහන් කළ මේජර් ජෙනරාල්වරයාගේ පරිහරණයට ලබාදුන් එකක්ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලීසිය විසින් යුධ හමුදා පොලීසියට දන්වා තිබේ.

එම වාර්තා අද දහවල් 2.00 වන විට පොලීසිය වෙත නොලැබුණහොත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්කරන බව මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-මූලාශ්‍රය: adaderana.lk

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක විජයානන්ද හේරත් මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය.

wijayananda-herath

Share  කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to මහින්ද, ගෝඨාභය මහත්වරුන් පදිංචි ප්‍රදේශයේ සන්නද්ධ පුද්ගලයින් හසු වී අත් අඩංගුවට…

  • GHANALATHA

    siriesenayoo uoba denagan mahindamethiedunta hoo gotabayata kumak hoo unahoth eetapasu denata uobagee paula winasai.

  • Rata wenuwen

    මේ ඇහෙනකොට ,පාපතර පාලයාගෙ (ද්‍රොහියාගෙ ) සිතුවිලි කොතරම් පාපතරද කියා ලක් වාසී ජනතාවට හොදට පැහැදිලියි, මහින්ද මහතා නැතිකිරිම අපෙ මුලු ජාතියම සන්හාරයකරන්න මානබැලිමක්, මේවගෙ සුනක පාලකයන්ට අපි තවත් ඉඩදිය යුතුද,
    මහින්ද මහතා රැස්විම්වලට සහභාගි නොකර සන්දානයේ අනිකුත් නායකායන් පොකුරු පිටින් එකතුව රැස්විම් තියන්න පටන් ගන්න, එතුමාගේ ආරක්ශාව රට වෙනුවෙන් අපට අවශ්ශයි. ජාතියේ නාමයෙන් පාල නැමති සුනකයාට පාඩමක් උගන්වන්න අපි සුදානම් විය යුතුයි.

    පාල නැමති සුනකයා, නැතිබන්ග වන්න,
    නිතර දොවොල් ගොස් වස් කවි ගී වයන්න,
    උගෙ මලදානේ හැකි ඉක්මන ඉටුකරන්න,
    වැසි නොවැසා, හෙන ගෙඩියක් පාත්වෙන්න.

    මේ වස් කවිය ගයමින් රටවෙනුවෙන් මම ,(පාල නැමති සුනක දොහියාගෙ නම මතක්කරමින් ) නිතර මතුරමි

  • Indunil

    IT’S AMATTER OF TIME , Not if but when

    MR must use special glass to shield.

  • Piyaseeli Senanayake

    I always had a hunch these white vans concept was a foreign import. The local agents did this during MR time to put the blame on him, now they are at it again, this time to get rid of him.

    I wish we all remember the fear free society we took for granted during MR’s time and vote for him on Aug 17th. Long live MR, Long live GR, Long live Mother Lanka.

  • Dinuu

    විෂ්ණු සමන් කද සුරිදුට..
    තෙද බල ඇති දෙව් රජුන්ට..
    පුදනෙමි නිති පිහිට වෙන්ට..
    මහින්දටම බලය දෙන්ට..!

    ලක් මව වෙත නෙත් හෙලන්ට..
    දැඩි අනතුරු නැති කරන්ට..
    සැනසිලි සුව ලබා ගන්ට..
    මහින්දටම බලය දෙන්ට..!

  • Rata wenuwen

    මහින්ද මහතා රැස්විම් වලට සහභාගි නොවි , ඔහුගේ දේශනය ඉස්කයිප් මාර්ගයෙන් ලබාගෙන ලොකු ස්ක්‍රින් එකක ප්‍රදර්ශනය කරන්න පිලියෙල කරන්න, එය තමයි මේ අවස්තාවේ හැටියට කාලෝචිත ක්‍රියාවලිය

  • Dinuu

    Rata wenuven ලියපු දේම මන් මේ හිත හිතා හිටියේ. SKYPE සහ ලොකු SCREEN එකක් මගින් ජනතාව අමතන්න. අපිට ඔබතුමා අපේ ජීවිත වලට වඩා වටිනවා. මන් අද සමාජ ජාලා වල දැක්කා සමහරු කියනවා “ඔබතුමා ගෙදරට වෙල ඉන්න. අපි චන්දේ දෙන්නම්” කියලා.

  • Rata wenuwen

    ද්‍රෝහි පඹයා මේහේ අහපන් තවම නිදිද බන්,
    අප මැතිදා නැතිකරන්න අන දුන්නද බන්,
    එහෙම වුනොත් තොගේ මලගම ඊලගටයි බන්,
    පණුවෝ දමා කුනුවෙනතුරු වලලනු නෑ බන්.

  • Dinuu

    Mahinda.info Editor,අපේ ඉල්ලීම වගකිව යුතු අය වෙත යොමු කර කරුණාකර Account No එකක් පල කරන්න මහින්ද මැතිදුන් ගේ ආරක්ශාව තර කරන්න තව පියවර ගැනීම සදහා අපි හැමෝම කැමතියි ඒ සදහා සහබාගි වෙන්න. අඩු තරමේ ඉතිරි දින 25 ට පසු අගමැති වෙලා තව ආරක්ශාව තහවුරු කරගන්නා තුරු දැඩි ආරක්ශාව අත්යවශ්ය නිසා.

    • බෙහෙවින් ස්තුතියි Dinuu. ඒ ගැන අප විසින් එතුමාගේ සමීපතමයන්ව දැනුවත් කලා. ඔවුන්ගේ ප්‍රතිචාරය ලැබෙන තුරු අපත් බලන් සිටිනවා.

  • rgr

    We should be very careful when handling this situation specially publishing news. The General who accused here is also a war hero who people saw every day in news during the war time. UNP could use this as an “attempt by Mahinda faction to sling mud at a war hero” if we are not careful.

  • හිටන්

    සංස්කාරක
    mahinda.info
    මහින්ද රාජපක්ෂ මහතාට ජීවිත තර්ජන ඇතිබව දැන් තහවුරුයි එම නිසා එතුමාව රැකගැනීමට

    1 එතුමා යන රැස්වීම් වලට සිවිල් ඇදුමින් ආරක්ෂකයන් යෙදවීම
    2 වෙඩි නොවදින වීදුරුවක් භාවිතා කිරීම
    3 skype තාක්සහනයෙන් ජන හමු ඇමතීම

    මහින්දව අපිට වටිනවා එතුමව රට්ටට වටිනවා

  • chanda

    බොහෝ වෙබ් අඩවිවල කොමෙට් දාන බොහොමයක ගොතන තර්ක විතර්ක කරුණු කාරනා දක්වමින් සුභසෙත යහපත වෙනුවෙන් නොව හුදෙක් පල් හෑලි කෙබර අදින නඩයක් නතුකර ගෙන ජයටම මේ දිනවල.

Leave a Reply