එම කතාව සම්පූර්ණ අසත්‍යයක් වන අතර එම මඩ වෙබ් අඩවියේ කතුවරුන් මඩ ගැසීම උදෙසාම ගොතන ලද හිතලුවක් පමණි. ගොසිප් වර්ගයේ වෙබ් අඩවි වලින් පළ කරන එවන් කතා වලට පිළිතුරු ලබා ගනිමින් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කාලය මිඩංගු කිරීම අනවශ්‍ය බව සිතන්නෙමු.
මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ නාම යෝජනා ලැබීම සහ එහි මෙහෙයුම් නායකත්වය හිමි වීම හේතු කොටගෙන සංධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ගැන එජාපයේ සමහරුන් දැඩි වෛරයකින් පසු වූ අතර එනිසා මෙවැනි කතා ගෙතූ විට ඒවාට තටු ලැබෙයි.
අනුරාධපුර සංධාන රැළියට ගොඩ වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා, ඉදිරි මහ මැතිවණයෙන් පසු නියත ලෙසම මේ රටේ අගමැති වන්නේ මහින්ද රාජපක්ෂ මහතා යයි දැක්වූ අදහස්, එලෙස ප්‍රචාරය කෙරෙන මඩ වලට කදිම පිළිතුරක් බවත් අප සිතන්නෙමු.
lankanewsweb.com වෙබ් අඩවිය මීට පෙරද කථානායක චමල් රාජපක්ෂ මහතා මුල් කරගෙන මඩක් ගසා තිබූ අතර එය අතේ පැල වී ඔවුන්ට නිවැරදි කිරීමක් පළ කරන්නට සිදුවිය. ඒ ගැන සම්පූර්ණ ලිපිය මෙතනින්.
යාලුවන් අතරේ Share කරන්න.