Mahinda Rajapaksa: රාජපක්ෂවරුන්ට හොරා කීමට ඇවිත් ආයිත් අතේ මාට්ටු වෙයි. (VIDEO)

Tuesday, July 7, 2015

රාජපක්ෂවරුන්ට හොරා කීමට ඇවිත් ආයිත් අතේ මාට්ටු වෙයි. (VIDEO)

පසුගිය ආණ්ඩුවේ දුෂණ හෙළි කරන බව පවසමින් එජාපය විසින් ආරම්භ කර ඇති හෙළිදරවුව නම් වැඩසටහනට ආ හිටපු මන්ත‍්‍රී නලින් බණ්ඩාරගෙන් මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු බලවත් අපහසුතාවයට පත් විය.



කාලය විනාඩි 1 සිට නැවතත් බලන්න. කවුරුන් හෝ ලියා දුන් කොළයක් බලාගෙන ඔහුවත් මීට කළින් අසා නොමැති කාරණා වගයක් ගැන මඩ ගැසීම සිදුකළද ඔහු කියපු කිසිදු කාරණාවක් සනාථ කීරිමට ඔහු ගාව සාක්ෂි නොතිබුණි.

[1]. මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට ගෙන යාමට හැදුවේ, එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැනීමෙන් පසුව පුරප්පාඩු වූ සෞඛ්‍ය අමාත්‍ය ධූරයට තිස්ස අත්තනායක මහතාව පත් කළ බව කියමිනි. මෙවන් විහිළු සහගත චෝදනාවකට අල්ලස් කොමිසම් ගානේ රස්තියාදු කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. එය අවසානයේදී ඔවුන් අතහැර දැමූ අතර උසාවියේදී එම චෝදනාව ප්‍රතික්ෂේප විය.

[2]. අනෙකුත් චෝදනාත් හුදු මඩ පමණක් වන අතර ඒවා විස්තර කරමින් ඔබගේ වටිනා කාලය අපතේ නොයවමු. එම චෝදනා එකක් හෝ ඔප්පු කිරීමට ඔවුන් ගාව සාක්ෂි තිබුණානම්, හිස්ව තිබූ සෞඛ්‍ය අමාත්‍ය ධූරය පිරවීම පමණක් අල්ලස් කොමිසමට ගෙන යාමට හේතුවක් කරගන්නේ නැත.

[3]. පසු දිනක තැබූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් දැඩි ලෙස නලින් බණ්ඩාරගෙන් ප්‍රශ්න කරද්දී ඔහු ඉදිරිපත් කළ සාක්ෂිය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස අරලිහගහ මන්දියේදී උදැසන ආහාර වේලක් සඳහා රුපියල් ලක්‍ෂ 94 ක් වියදම් කර ඇති බව කියමින් හිල්ටන් හෝටලයේ බිල්පතකි.



mahinda.info-nalin-bandara

නමුත් එහි දැක්වෙන්නේ මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ආහාර සැපයිමේ බිලයි. මන්ත‍්‍රීවරයා උත්සාහ කලේ එය රාජපක්‍ෂ පවුලේ දිනපතා උදැසන ආහාර වියදම බව ඇඟවීමටයි.

[4]. මහින්ද රාජපක්ෂ මහතාගේ දිනපතා කෑම බිල රුපියල් මිලියන ගාණක්, අරලිය ගහ මන්දිරයේ කෑමට විතරක් මිලියන ගාණක් ගියා ආදී වශයෙන් සමහර නලු බට්ටන් පවසන්නේ මෙම චෝගම් සම්මන්ත්‍රණයේ වියදම ගැනයි.

[5]. චෝගම් සමුළුවේ කෑමට ලක්ෂ 94 ක් යාම අධික වියදමක් කියන අයට මෙලෙස පිළිතුරු දෙන්නමු.

(i). චෝගම් සමුළුවට විදේශ රාජ්‍ය වල රාජ්‍ය නායකයින්, ඔවුන්ගේ කාර්ය මණ්ඩලය, විදේශයන්හි මැති ඇමතිවරුන්, රාජත්‍රාන්තිකයින්, ප්‍රභූන්, දෙස් විදෙස් ජනතාව ඇතුළු  දහස් ගණනක් සම්බන්ධ වූ අතර, එය අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් වූ බැවින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සේවා සැපයීමට සිදුවිය.



(ii). එජාපයේ සමහරු හිතන් ඉන්න ආකාරයට ජාත්‍යන්තර සමුළුවක් යනු සයිවර කඩේකට ගොස් කෑම අරන් දී පැවැත්විය හැක්කක් නොවේ.

(iii). අනික් අතට අද කාලයේ ඉහළ පැළැන්තියේ විවාහ උත්සවයක උත්සවශාලා+ආහාර වියදමත් රුපියල් ලක්ෂ 10 පැනීම සාමාන්‍ය දෙයක් බව වැඩිහිටියන් දනී. ඉතින් ජාත්‍යන්තර සමුළුවක එම වියදම සාධාරණයි.

(iv) චෝගම් සමුළුවේ හෝ වෙන ඕනෑම තැනක මහින්ද රාජපක්ෂ මහතා අතින් අයථා මුදල් පරිහරණයක් වී ඇතිනම් පසුගිය මාස 6 තුළ යහපාලකයින් විසින් ඒ ගැන කිසිවක් නොකළේ ඇයිදැයි ඇසිය යුතුයි.

[6]. යහපාලකයින් රට රවටද්දී ඔවුන්ගේ බොරුව ප්‍රශ්න කරන මාධ්‍යවේදීන්ට අපගේ ප්‍රණාමය හිමි වෙන අතර, මේ ආකාරයෙන් සියලුම මාධ්‍යවේදීන් සත්‍යය වෙනුවෙන් හඬ නගනු ඇතැයි අප බලාපොරොත්තු වෙන්නෙමු.

[7]. අන්තර්ජාලය තුළත් කවරෙක් හෝ තවමත් හොරා හොරා හොරා කියමින් මඩ ගසත්නම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ "දින 100 ක් නෙමෙයි, මාස 6 ක්ම ගිහිල්ලත් ඒ කිසිදු චෝදනාවක් අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට නොහැකි වුණේ ඇයි?" යනුවෙනුයි.

යාලුවන්ටත් බැලීම සඳහා Share කරන්න.