Mahinda Rajapaksa: August 2015

Monday, August 31, 2015

චීන නියෝජිත පිරිසක් මහින්ද මැතිඳුන්ව හමු වෙයි. රට සංවර්ධනය කිරීම ගැන ප්‍රසංශා

චීනයේ සිට පැමිණි විදේශික නියෝජිතයින් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසුණා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට කටයුතු කිරීම ගැනත්, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාව ලෝක බලවතෙක්ගේ කුළුපග මිත්‍රයෙක් කිරීම ගැනත් ඔවුන්ගෙන් එතුමට ප්‍රසංශාව හිමි වුණා.

යහපාලන ආණ්ඩුවේ පෙරගමන්කරුවෙක් වන මාදුළුවාවේ සෝබිත හිමිත් යහපාලන ඇමරිකන්වාදී ප්‍රතිපත්ති වලට එරෙහිව යමින් මෑතකදී ප්‍රකාශයක් කළා. උන්වහන්සේ පැවසූයේ "මේ මෑත කාලයේ ලංකාවේ සීග්‍ර සංවර්ධනය සඳහා මහ මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළවල්, මේ වගේ විශාල වශයෙන් චිනය අපට ආධාර ලැබිල තියෙනවා..." "චීනය අපේ ළඟම මිත්‍රයෙක්." යනුවෙනුයි. එහි වීඩියෝව.

චීන විරෝධයක් පෙන්වමින් බලයට පැමිණි එජාප ආණ්ඩුව, එදා මහින්ද රාජපක්ෂ මහතා ඇරඹූ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති කරගෙන යාමට තවමත් මූල්‍යාධාර ලබා ගන්නේ චීනයෙනුයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන නියෝජිතයින්ගේ හමුවේ පින්තූර පහතින්.













KP ව අල්ලන්න තරම් චෝදනා නෑලු. මහින්දට ගහපු තවත් UNP මඩක් මාට්ටු !

[1]. පසුගිය ජනාධිපතිවරණ කාලයේ සිටම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපය ප්‍රමුඛ ඔවුන්ගේ හවුල්කරුවන් විසින් මඩ ගැසීමට ප්‍රධාන නිමිත්තක් කර ගත්තේ KP හෙවත් කුමරන් පත්මනාදන් ය. එසේ නින්දිත මඩ ගැසීමක් සිදුකළේ KP ට එරෙහිව ඔවුන් කිසිදු නඩුවක්වත් දාන්නේ නොමැතිව යි.

 

[2]. එහි උච්ඡතම අවස්ථාව වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාගේ මුහුණ විකෘති කර KP ගේ මූණ ඊට බට් කරෆොටෝශොප් කළ පින්තූරයක් යොදා ගනිමින් පාථලී චම්පික රණවක විසින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. (වැඩි විස්තර සහ Video)



 

[3]. KP යනු ජාත්‍යන්තර කොටි ජාලයේ හිටපු නායකයෙකි. ඔහු කිසි සේත්ම දේශප්‍රේමියෙක් නොවේ. හමුදා බුද්ධි අංශ මගින් KP ව අත් අඩංගුවට ගෙන යොදා ගත්තේ අනෙකුත් ජාත්‍යන්තර කොටි නායකයින්ව සහ කොටි ජාල හසු කර ගැනීමටයි. සතුරා වුවද හසු වූ පසුව සතුරාගේ තොරතුරු ලබා දේනම් යම් නිදහසක් ලබා දීම ඕනෑම රටක ක්‍රමයකි. KPට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි දැයි එජාපයෙන් පළමු චෝදනාව එද්දීම ඔහුවට එරෙහිව නඩු දැමීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබුණි. නමුත් එම මඩ ඉවසාගෙන එතුමා සිටියේ හමුදා බුද්ධි අංශ මගින් සිදුකරන ජාතික මෙහෙවර අඩ පන නොකිරීමටයි. තවත් විදිහකට කිවහොත් හමුදා බුද්ධි අංශ මෙහෙයුම් වලට ඉඩ දීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා තම දේශපාලන ගමනට හානි වෙන්නට ඉඩ හැරියේය.

 

[4]. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ KP මගින් හමුදා බුද්ධි අංශ වලට තොරතුරු ලබගත හැකි වුවද ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත්තේ එහි අනික් පැත්තයි. මන්ද යත් KP වැන්නන් තම ජිවිත ආරක්ෂාව සඳහා වඩාත්ම බලවත් කණ්ඩායම වෙත එකතු වෙන බැවිනි.

 

[5]. අද දින ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළ වූයේ "කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ" යනුවෙනි. (Archive) එක්සත් ජාතික පක්ෂයේ මඩ ගැන එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත වන රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීපයෙන්ම පිළිගන්නට සිදුවීම දෛවයේ සරදමකි.



 

[6]. එක විටම KP ට විදේශ ගත වීමේ තහනමත් ඉවත් කිරීමෙන් යහපාලනයේ රෙදි ගැලවී යන නිසා ඊට ටික කාලයක් ගනු ඇත. එසේ කර ඔහුව රටෙන් පිට කර මෙතෙක් කල් හමුදා බුද්ධි අංශ මගින් සිදුකළ මෙහෙයුම් ආපසු හැරෙව්වත් පුදුම නොවන්න.

 

[7]. මෙතෙක් කාලයක් දේශපාලන වාසි ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසූ අය දැන් නිහඬයි. ඒවාට රැවටුණ අය තෘෂ්ණීම්භූතව සිටී.

යාලුවන්ටත් ඇත්ත දැනගනන්ට Share  කරන්න.

Sunday, August 30, 2015

රනිල් හදන බව කියන කැළණි ගුවන් පාලමත් මහින්ද පටන් ගත්ත එකක්! එදා රනිල් විරුද්ධ වුණා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව කැළණි ගඟ හරහා දැවැන්ත ගුවන් පාලමක් ඉදිකරන බවට ෆේස්බුක් එකේ ප්‍රචාරයක් දියත් වෙන බැවින් ඒ ගැන ඇත්ත කතාව සාක්ෂි සහිතවම ජනතාවට පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

[1]. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටින බව වත්මන් යහපාලන ආණ්ඩුවෙන් පාලනය වෙන දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා. මූලාශ්‍රය 2015/08/28 දිනමිණ (archive)

[2]. රනිල් වික්‍රමසිංහ මහතාගේ රූපයත් යොදා ගනිමින් එය එතුමගේ සංකල්පයක් මත ඉදිවන්නක් ලෙස ෆේස්බුක් එකේ ප්‍රචාරය කරන ලද්දේ මෙලෙසයි.



[3]. නමුත් කැළණිය ගුවන් පාලම සෑදීමට සැලසුම් සකසා මුදල් ප්‍රතිපාදන වෙන් කළේත් අර "අවුරුදු 10 ක් ඉඳලත් මුකුත් කරල නෑ. කොමිස් ගැහුව විතරයි" කියල එජාපෙන් මඩ ගහපු මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළදීමයි.

මෙන්න මූලාශ්‍රය 2014/03/27 The Island (archive)



[4]. හදන්න යන දැවැන්ත ගුවන් පාලම ගැන 2014/04/03 දින ඉංජිනේරුවරයෙක් අන්තර්ජාලයට එක් කර තිබූ සටහනක්. මූලාශ්‍රය: 2014/04/03 skyscrapercity.com (archive)

[5]. ගුවන් පාලම හැදුවම දිස් වෙන විදිහ... මූලාශ්‍රය: 2013/09/26 dailynews.lk

[6]. දැන් සමහරු කියාවි මහින්දගෙ කාලෙදි කොමිස් ගැහුවා ඒත් දැන් රනිල් දූෂණ අඩු කරලා පාලම හදනව කියලා. බලන්න [3] කරුණෙහි දැක්වෙන පරිදි මහින්ද මහතාගේ කාලයේ පාලම හදන්න ණය ලබා ගත්තේ රු බිලියන 45 ක්. ඒ වගේම [1] කරුණෙහි දිනමිණ දක්වා ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන් හදන පාලමට යන්නේ රුපියල් බිලියන 45 ක් බවයි.  එකම ගාණ. රනිල් මහතා සත පහක්වත් අඩු කරගෙන නෑ. ඉතින් යහපාලුවන් පැවසූ කොමිස් මඩ පට්ට පල් බොරුවක් බවට ඔයිටත් වඩා සාක්ෂි කුමකට ද?

[7]. හාස්‍යජනකම දේ තමයි අද යහපාලකයින් තමන්ගෙ වැඩක් වගේ කරන මෙම කැළණිය / පෑළියගොඩ ගුවන් පාලමට එදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වපු විදිහ.

"ඔය ගුවන් පාලම වැඩක් නෑනෙ. අපි කොච්චර කල් පෑලියගොඩින් ගියාද කවුරුත් මැරුණෙත් නෑනෙ. ඕකෙ මිනිත්තු 15 ක් හිටිය කියන එක පුරුදුයි. මේ මොනවටද මේ ගුවන් පාලම්?" - රනිල් වික්‍රමසිංහ

විශ්වාස නැතිනම් අහලම බලන්න...


[8]. පේනව නේද වුණ දේ... එදා රට සංවර්ධනය කරනවාට එරෙහි වුණ අය කොමිස් දූෂණ හොරකම් ගැන කප්පරක් බොරු ගහලා, රට සංවර්ධනය කරන එකටත් මඩ ගහලා, කුමන්ත්‍රණ කරලා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කළා. අන්තිම බලයට ආවට පස්සේ යහපාලකයින්ට රට ඇදන් යන්න වෙලා තියෙන්නේත් ගමේ බයියා කියල එජාපෙන් ඇනුම්පද ගහපු ඔහු එදා ජාත්‍යන්තරට ගොස් සංවර්ධනය සඳහා ලබා ගත් ණය වලිනුයි.

[9]. ඒ වගේම එදා සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර තිබුණත් ජනමාධ්‍ය වලින් සංවර්ධන සංදර්ශන පවත්වන මේ යහපාලන මහත්තුරු පාලම හදල ඉවර වෙනකම් වැඩේ හරියට කරයිද කියලත් විශ්වාස කරන්න අමරුයි. උදාහරණ ලෙස හමුදා මූලස්ථානයක් හදන්න ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන් කර දී තිබූ මුදල් ටික රවි කරුණානායක මහතා ආපහු භාණ්ඩාගාරයට හරව ගත්තා.

විශේෂ ස්තුතිය නාවික ඉංජිනේරු විශ්ව චින්තන මහතාට.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

Saturday, August 29, 2015

මහින්ද මහතාගේ නම යොදා ගනිමින් මුදල් ගරන වංචාකරුවන්ට නොරැවටෙන්න.

මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව පෙන්වමින් එතුමාගේ නම යොදා ගනිමින් කිසියම් වංචනිකයින් පිරිස් සංවිධානාත්මකව අන්තර්ජාලයේ සහ ඉන් පිටත මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාර වල නියැලෙන බව දක්නට ලැබෙයි.

ඒ ගැන mahinda.info මාධ්‍ය අංශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා බලන ලදී.

මහින්ද රාජපක්ෂ මහතා හෝ එතුමාගේ පවුලේ උදවිය මුදල් එකතු කිරීමේ කටයුත්තකට කිසිවෙකුට කිසිදු ආකාරයකට අවසරයක් ලබා දී නැති බව තහවුරු කළේය.

එහෙයින් එතුමාගේ කීර්තිනාමය යොදා ගනිමින් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ කටයුතු වල නියැලෙන වංචනිකයින්ට හසු නොවන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සාධාරණ මැතිවරණයේ ඇත්ත කතාව ගෙවිඳු රටටම කියයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ලංකා ඉතිහාසයේ සාධාරණතම මැතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයින් සහ එජාප මාධ්‍යවේදීන් විසින් නිතර කියමින් ගොබෙල්ස් කරනය කරයි. නමුත් ඒ කතාව එහෙමද නැතිනම් ඒකේ අනිත් පැත්තදැයි ජනතාවට හිතන්නට වෙන කරුණු දැක්වීමක් ගෙවිඳු කුමාරතුංග මහතා පළ කළා. පහත දැක්වෙන්නේ ඔහු හිරු බලය වැඩසටහනේදී මැතිවරණය සම්බන්ධයෙන් පෙන්වා දුන් කරුණු යි...



මැතිවරණයට කළින් දිනයේදීත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දැන්වීම් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනගේ ලංකාදීප පුවත්පත.



එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනට අයත් ලංකාදීපයේ මැතිවරණයට කළින් දිනයේදී පළ කළ එම දැන්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අවසර නොමැතිව එතුමාගේ රූපය යොදා ගත් ආකාරය වම් පසින්. රාජ්‍ය ජනමාධ්‍යයක් වන සිළුමිණ මගින් මැතිවරණයට කළින් දිනයේදී දැන්වීමක් බව නොකියාම දැන්වීම් දාපු හැටි දකුණු පසින්.



සම්පූර්ණ බලය වැඩටහන පහතින්...



යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

මහින්ද මැතිඳුන් අමාදම් සිසිල 140 වන ධර්ම දේශනාවට සහභාගී වෙයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනාව පරිදි සෑම පසළොස්වක පොහෝ දිනකම සිදුකරන "අමාදම් සිසිළ" ධර්ම දේශනා මාලාවේ 140 වන ධර්ම දේශනාව අද දින සිය තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණි. ඔබටත් පින්බර නිකිනි පුන් පොහෝ දිනයක් වේවා.!







Friday, August 28, 2015

මාදුලුවාවේ හිමිටත් මහින්දගේ සංවර්ධනයේ වටිනාකම කියවෙයි.

පූජ්‍ය මාදුලුවාවේ සෝබිත හිමි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන විවේචනාත්මක වාග් ප්‍රහාරයන් හෘදසාක්ෂියට එකඟව කරන විවේචන නොවන බව පෙනී ගොස් තිබෙනවා. ඒ සඳහා හොඳම පිළිතුරක් අප වෙත ලැබුණා.

පසුගියදා කරන ලද දේශනයකදී උන්වහන්සේ පැවසූයේ "මේ මෑත කාලයේ ලංකාවේ සීග්‍ර සංවර්ධනය සඳහා මහ මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළවල්, මේ වගේ විශාල වශයෙන් චිනය අපට ආධාර ලැබිල තියෙනවා..." ආදී වශයෙනි.



උන්වහන්සේ චීනය ඉස්මතු කරන්න ගියත් උන්වහන්සේගෙන් නොකියාම කියවුණේ මහින්ද රාජපක්ෂ මහතා කරන ලද සේවයයි. රටේ ජනාධිපතිවරයා මහා මාර්ග, වරාය, ගුවන්තොටුපොළ ආදී ඒ මහා සංවර්ධන සැලසුම් සකසා නායකත්වයක් නොදෙන්නට වෙනත් රටවල් පැමිණ ස්වෙච්ඡාවෙන් මහා පරිමාණ ව්‍යපෘති සිදුකරනේ නෑ.

නමුත් සෝභිත හිමි ආදීන්ගේ මූලිකත්වයෙන් කරන ලද යහපාලනයෙන් සෝබිත හිමි පැවසූ සීග්‍ර සංවර්ධනයට සිදුවූයේ කුමක්ද?

1. රට පුරා අධිවේගී මාර්ග පද්ධතියක් ස්ථාපනය කිරීමට උපකාරී වූ චීන රජයටත් කොමිස් ගැහුවා කියා චෝදනා කිරීම. අවසානයේදී චීන තානාපති තුමාටත් යහපාලන පච වලට එරෙහිව පිළිතුරු දැක්වීමට සිදුවීම. වැඩිදුර විස්තර

2. නැව් එන්නේ නැති වරායක් ගැන කියමින් මාගම්පුර වරායට මඩ ගැසීම. වැඩිදුර විස්තර

3. මත්තල ගුවන්තොටුපොළත් මඩ ගසා එය වී ගබඩාවක් බවට පත් කිරීම. වැඩිදුර විස්තර

4. එතැනින් නොනැවතී මසක පමණ කාලයක සිට චීනයට වීසා දෙන එකත් අත් හිටවීම. වැඩිදුර විස්තර

අවසානයේදී අපේ රට ගැන කළකිරී චීන රජයෙන් මේ වීඩියෝවේ අන්තිමට කියන දේ අසා බලන්න.



මාදුලුවාවේ සෝබිත හිමි පවසන ලෙසටම අපට උපකාරී වූ මිතුරු රටක් වන චීනය , අවසානයේදී යහපාලන ආණ්ඩුව ඇවිත් තරහ කරගත්තා. රට බේරා දී සීග්‍ර සංවර්ධනයක් සිදු කළ නායකයාට මඩ අවලාද එල්ල කළා.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

Thursday, August 27, 2015

"ගෝඨාභය" නම නැවතත් බබළයි. අවි ගබඩාව නීත්‍යානුකුලයි! යහපාලනෙන් නඩුව ඉල්ලා අස් කර ගනී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ වාරණ අකුලා ගනී. මෙච්චර කල් එතුමාට එරෙහිව මඩ ගහපු අයට කට උත්තර නෑ. මෙන්න සම්පූර්ණ වාර්තාව.



 

[1]. ශ්‍රී ලංකා රජයට අයත් රක්නා ආරක්ෂක සමාගමට අනුබද්ධව ඇවන්ගාඩ් සමාගම විසින් සමුද්‍ර ආරක්ෂක ජාලයක් පවත්වා ගෙන ගියා. යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම සති කිහිපයක් ඇතුළත එහි ආයුධ තිබූ නැව අත් අඩංගුවට ගෙන ජනමාධ්‍ය වලින් හෙළි කර මහා පාවාදීමක් කරනු ලැබුණා. (කළින් ලිපිය)

2002 දිගු දුර විහිදුම් බලකාය පාවා දීම හා සමානම මහා පාවාදීමකුයි එහිදී සිදුවුණේ. එහි සේවය කළ රණවිරුවන්ව අත් අඩංගුවට පත් වීම වැළැක්වීම සඳහා හිටපු නාවික හමුදාපති තුමාට ප්‍රකාශයක් ලබා දෙන්නත් සිදු වුණා.


 

[2]. යහපාලන ආණ්ඩුවෙන් සිදු කරන ලද මහා පාවාදීමට එරෙහිව රාජ්‍ය ආරක්ෂක අංශ වලින්ම එල්ල වූ විරෝධය නිසා පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූල බව පිළිගැනීමට යහපාලන ආණ්ඩුවට සිදු වුණා. මූලාශ්‍රය 2015.03.04 දිවයින
divaina

 

[3]. ඇවන්ගාඩ් සමාගම බිහි කිරීමට මූලිකත්වය ගෙන ලංකා ඉතිහාසයේ දෙවන වතාවට (පළමු වතාව: මහා පරාක්‍රමබාහු රජ සමය) ශ්‍රී ලංකා සමුද්‍ර සීමාවෙන් එපිටට ගොස් යුධ මෙහෙයුම් වල නියැලීමට අපේ රටේ රණවිරුවන්ට ශක්තිය ලබා දුන් නායකයාගෙන් පන්න පන්නා පළි ගන්න පටන් ගත්තා. මහනුවර පැවැත්වූ රැළියෙන් පසුව ඇවන්ගාඩ් හි උපදේශකවරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් තහනම් කරනු ලැබුවා.


 

[4]. එතැනින් නොනැවතී ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට රැගෙන ගියා. ඔවුන්ගේ අරමුන වූයේ අල්ලස් කොමිසමේ ප්‍රශ්න කර ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමයි.  මූලාශ්‍රය


 

[5]. නමුත් මැතිවරණය අවසන් වී සතියක් ගිය තැන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ වාරණ නියෝගය ඉල්ලා අස් කර ගත්තා. මූලාශ්‍රය (වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පත්තරේ මූලාශ්‍ර දැම්මේ මෙය එජාපයේ අයටත් බොරු යැයි කීමට නොහැකි වෙන්නයි) මව්බිම සහ නෙත් වෙබ් අඩවි වලත් මේ බව සඳහන්.


 

[6]. එය මැතිවරණය ඉලක්ක කරගත් යහපාලන පළිගැනීමක් බව තවදුරටත් සැකයක් නෑ. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දුන්, මානුෂික මෙහෙයුමෙන් පසුව කොළඹ නගරය සංවර්ධනය කර ලෝකයේ අංක 1 ට ගෙන ආපු එතුමාට අන්තිමට මඩ ගැසුවා. අද වන විට ඒවා බොරු චෝදනා බව ඔප්පු වී තිබෙනවා. නමුත් මෙය අවසාන මඩ ගැසීම නොවේ...

Wednesday, August 26, 2015

තවත් ඡන්ද මඩගියක්! මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද එකතුවත් වරදියි.

මැතිවරණ විකාශයේ වැරදීම් බොහෝ සෙයින් තිබුණ අතර ඒවා අදාල මාධ්‍ය ආයතන වලින් සිදුකළ වැරදි යැයි කියමින් බලධාරීන් අත පිස දා ගත්තේය. නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවද ගණන් වරද්දා තිබේ.

පහත දැක්වෙන්නේ අපගේ සහෘදයෙක් විසින් ෆේස්බුක් එකේ පළ කර අප වෙත එවන ලද්දකි. (source)

election-thief

මීට පැය 5 කට පමණ පෙර පළ කල එම සටහන දැකීමෙන්දෝ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සටහන නැවතත් සකසා ඇත. http://www.slelections.gov.lk/2015GE/AIVOT.html

සැයු: මෙම පුවත පළ කළේ 2015/08/26 වන දින වන අතර මේ වන විට ගූගල් කෑෂ් අප්ඩේට් වී ඇත. ඒ අනුව ගූගල් කෑෂ් වල පෙර තිබූ වෙබ් අඩවිය මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වෙනස් කළ එක බවට පත් වී තිබේ. නමුත් මේ වන විට බොහෝ පිරිසක් මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ එම වරද දැක අවසන්ව ඇති බව සඳහන් කළ යුතුය.

ගූගල් කෑෂ් හි තිබූ ආකාරය අප බාගත කර තබාගෙන ඇති අතර එය මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න. Download

===================================

අප කළින් දැක්වූ පහත පැහැදිළි කිරීමෙන් ගිය විට ලැබෙන්නේ අලුතෙන් අප්ඩේට් වූ ගූගල් කෑශ් වෙබ් අඩවියයි. එනිසා කඩ ඉරි අතර ඇති මෙම කොටස කෑෂ් අප්ඩේට් වීම නිසා අදාල නොවේ.

නමුත් Google එකට හොර කළ නොහැකියි. මේ තියෙන්නේ 26 Aug 2015 00:06:28 GMT කාලයට අදාල අදාල Google Chche එක.

ඔබටම මැනුවලි Google Chache ලබා ගන්නා ආකාරය මෙලෙසයි.

1. ගූගල් වෙත පිවිසෙන්න www.google.co.uk

2. ගූගල් සර්ච් බොක්ස් එකේ මෙම ලින්ක් එක ඇතුළත් කරන්න. http://www.slelections.gov.lk/2015GE/AIVOT.html

3. සර්ච් රිසල්ට් එකේ URL එක අගට ඇති ඊතලය ක්ලික් කළ විට එන Cached මෙනුව ක්ලික් කරන්න.

4. අන්න ඒකෙ තියෙන්නේ මීට පෙර ගූගල් විසින් මතක තියා ගන්නා ලද වෙබ් අඩවියයි. (Google Chache ගැන වැඩි විස්තර මෙතනින්)

5. එම කෑශ් වෙබ් අඩවිය , අප්ඩේට් සමග ඉදිරීයදී වෙනස් වෙන බැවින් එය ඔබත් Save කර ගන්න. (ඉදිරියේදී ප්‍රයෝජනවත් වේවි)

===================================

ගූගල් කෑශ් හි තිබූ මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවි පිටුවේ තීරු 3 ම එක්සෙල් ශීට් එකකට කොපි කර එකතුව බලන්න. (Download)

එකතුව ලැබෙන්නේ 11,148,541
නිල වශයෙන් පළ කළ එකතුව 11,167,185
වෙනස 18,644

7. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල ලෝකයටම කියන නිල මාධ්‍ය යයි. රටක් වශයෙන් අතිශය සංවේදී තොරතුරක් වන බැවින් එහි තොරතුරු ඇතුළත් කරන්නේ ඒ සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් ඇති ප්‍රවීනයන් විසිනි. ඔවුන් එම දත්ත දෙපාරක් නොව දහ පාරක් සිතා බලා ඇතුළත් කරයි. එසේම වෙබ් අඩවියට ඡන්ද ඇතුළත් කළ පසුව ඡන්ද ගාණ බැලන්ස් නැති බව කවුරු හෝ ෆේස්බුක් එකේ දාපු ගමන් ආයිත් ඡන්ද එහාට මෙහාට කර නිවැරදි කිරීමේ සම්ප්‍රදායකුදු නොමැත.

8. මෙතරම් තාක්ෂණය දියුණුව තිබියදීත් වෙන කිසිදු මැතිවරණය නොතිබුණ අයුරින් මෙවර එක එක මාධ්‍ය ආයතන එක එක ඡන්ද ගණන් ඉදිරිපත් කළ අතර, දැන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල ඡන්ද ප්‍රතිඵලයත් වරද්දයි.

පලි 1: විකීපීඩියා වෙබ් අඩවියේ ඡන්ද එකතුවත් වෙනස් බව අපට සහෘදයෙක් විසින් පෙන්වා දී ඇත. විකීපීඩියා හි දත්ත ඇතුළු කරන්නේ මූලාශ්‍ර අනුව වන අතර 2015/08/27 දිනට WayBack Machine මගින් archieve කළ විකීපීඩියා වෙබ් අඩවිය මෙතනින්.  (WayBack Machine යොදා ගන්නේ ඔවුන් වෙබ් අඩවිය අප්ඩේට් කළත් පරන වෙබ් අඩවියම දැක ගැනීමටයි) එදිනට විකීපීඩියා අනුව දැක්වෙනේ මුළු ඡන්ද එකතුව 11,166,975 ලෙසටයි.

පලි 2: news.lk යනු රජයේ නිල පුවත් වෙබ් අඩවියයි. එහි ඡන්ද වල එකතු වතවත් එකකි.  2015/08/27 දිනට WayBack Machine මගින් archieve කළ news.lk මැතිවරණ ප්‍රතිඵලය මෙතනින්.  එහි දැක්වෙන වගුවේ හි එකතුව අනුව වලංගු ඡන්ද ප්‍රමාණය 11,166,991. එය තහවුරු කරමින් දෙරන වෙබ් අඩවියේ සමස්ත ඡන්ද එකතුවත් එම අගයම ලැබේ. රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් පළ කරන තොරතුරු වලට නිල පිළිගැනීමක් ලැබෙන අතර, එමගින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵලය පිළි නොගන්නා බව පෙනී යාමෙන් රජයේ පාර්ශවයන්ගෙන්ම ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කර තිබේ.

ඒ අනුව...,

මැතිවරණ වෙබ් අඩවියේ දැන් ඇති නිල වලංගු ඡන්ද 11,167,185
මැතිවරණ වෙබ් අඩවියේ කළින් තිබූ නිල වලංගු ඡන්ද 11,148,541
විකීපීඩියා වෙබ් අඩවියේ තිබූ නිල වලංගු ඡන්ද 11,166,975
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ සහ දෙරන වෙබ් අඩවියේ තිබූ නිල වලංගු ඡන්ද 11,166,991.

මෙහෙම හැමෝටම වරදින්න පුළුවන්ද? තීරණය ඔබට බාරයි.

වැඩි විස්තර: ඡන්ද මංකොල්ලයක් ගැන සමාජ ජාල කැළඹෙයි. අපගේ විශ්ලේෂණය.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

ඡන්ද වංචාවක් ගැන උදය ගම්මන්පිළ මහතා හෙළි කරයි. ((video))

2015 මහ මැතිවරණයේ ප්‍රතිඵලය අස්වාභාවික බවත්, එහි යම් ගැටළු කාරී තැන් ඇති බවත් mahinda.info විශේෂ ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති.  පසුගිය දිනෙක උදය ගම්මන්පිල මහතාත් ඡන්දයේ වංචාකාරී සිදුවීම් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි.



උදය ගම්මන්පිල මහතා මතු කළ කාරණා වල සාරාංශය.

1. මැතිවරණයට පෙර ස්වාධීන මත විමසුම් වලින් එක්සත් ජනතා නිදහස් සංධානය 110-115 ත් අතර මන්ත්‍රී ධූර දිනා ගන්නා බව පැවසීම.

2. රටේ බුද්ධි අංශ වලින් සෘජුව තොරතුරු ලබා ගන්නා රටේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධූරය වෙනත් ජේෂ්ඨයෙකුට ලබා දීම ගැන පැවසීම. විපක්ෂ නායක ධූරයක් ගැන නොකීම. අගමැති ධූරය ගැන කතා කරන්නේ ජයග්‍රාහී පක්ෂය සමග මිස පරාජයට පත් වෙන පක්ෂය සමග නොවෙයි.

3. පෙරේදා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී ජනපති මෛත්‍රීපාල මහතා තහවුරු කර ඇත්තේ තමන්ට ලැබුණ වාර්තා අනුව සංධානය මන්ත්‍රීධූර 110 ත් 115 ත් අතර ගණනකින් දිනන්න හිටි බවත් තමන්ට අනාරක්ෂිත භාවයක් දැනුණ නිසා ලිපිය යවන්නත් ලේකම්වරු ඉවත් කරන්නත් සිදු වුණ බව. එනම් සංධානය දිනන්න හිටි බවත් එය පරාජය කළේ තමන් බවත් සංධාන නායක මෛත්‍රීපාල මහතා පිළිගනී.

4. එම කතාව තවත් තහවුරු කරමින් මෛත්‍රීපාල මහතාගේ නිජබිම වන පොළොන්නරුවේ ජයග්‍රහණය එජාපය ලබද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් පළාත වන හම්බන්තොටත් එතුමා තරග කළ කුරුණෑගලත් සංධානය ජයග්‍රහණය ලැබීම.

උදය ගම්මන්පිළ මහතාගේ පෞද්ගලික අත්දැකීම් මෙතැන් සිට...

5. ඡන්දය දින රාත්‍රී 7.30 ට වෙන විටත් (ඒ වන විට කළුවර වැටී ඇත) මහරගම විවේකාරාමය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි ගෙන ගිහින් නොතිබීම. පසුව මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් ඡන්ද පෙට්ටි රැගෙන යාම.

6. ගණන් කිරීමේ මධ්‍යස්ථාන 70 දී බුලත් කොළයට කතිරය ගැසූ ඡන්ද පත්‍රිකා 200 කට වඩා ප්‍රමාණයක් නිල මුද්‍රාව නෑ කියමින් (නිලධාරීන්ගේ වරදක් නිසා) ප්‍රතික්ෂේප කිරීම.

7. සමහර ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පෙට්ටිය සීල් තබද්දී වෙනදා මෙන් ලාකඩ වලින් සීල් තැබුවේ නැති බවට තොරතුරු ලැබීම.

8.සමහර අපේක්ෂකයින් මාධ්‍ය ආයතන වලට සංග්‍රහ කර තමන්ට වාසිදායක ලෙසට මාධ්‍ය මෙහෙයවා ගැනීමට උත්සාහ දරා ඇත. එමගින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බැවින් ඔවුන්ට එරෙහිවත් ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව මැතිවරණ දූෂණයක් සිදුවූ බව සනාථ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එම දූෂණය නිසා මැතිවරණ ප්‍රතිඵලය වෙනස් වුණ බවට ඔප්පු කළ යුතුයි. ඒ අනුව ලැබෙන සාධක අනුව ඉදිරියේදී මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කරනු ඇත.

එසේම විමල් වීරවංශ මහතාත් මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුයේය. ඔහු පැවසුවේත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.



යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

Monday, August 24, 2015

"අප්පච්චි" සමග ෆේස්බුක් අපි සුහද හමුව

මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ, එතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ කැප වී කටයුතු කළ ආදරණීය පාක්ෂිකයින් අතර සුහද හමුවක් සංවිධානය කර තිබේ.

ඊට ඔබත් සම්බන්ධ වීම සඳහා ඔබගේ...,
1. නම
2. ලිපිනය
3. දුරකථන අංකය
4. පසුගිය මැතිවරණයේදී ඔබ සහය දුන් ආකාරය
5. ඔබ හරහා ක්‍රියාත්මක වුණ ෆේස්බුක් පේජ් තිබේනම් ඒ ගැන විස්තර

desahambanthota@gmail.com නැමැති ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න.

විස්තර සඳහා www.facebook.com/desahambanthota

suhada-hamuwa

එතනෝල් තොග පිටින් ගෙනාවේ යහපාලන ආණ්ඩුවෙනුයි, සිරසTV හෙළි කරයි.

එතනෝල් යනු මත් වතුර නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒනමුත් එතනෝල් වල තවත් ප්‍රයෝජන ගණනාවක් තිබෙනවා. එනම් තීන්ත දිය කිරීම, සුවඳ විලවුන් නිෂ්පාදනය සහ විෂබීජ නැසීම යනාදිය යි. ඒ අනුව වර්ෂයකට යම් ප්‍රමාණයන් එතනෝල් ආනයනය සිදුවෙනවා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විරුද්ධවාදී බලවේග විසින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා කළේ එතනෝල් බහුලව ගෙනාවා යනුවෙනුයි. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත අපි විමසා බලමු.

එතනෝල් චෝදනාවට පිළිතුරක් ලෙස අර රවි කරුණානායක, චම්පික රණවක මහත්වරුන් කරනවාක් මෙන් අපිත් මොනව හරි ඉලක්කම් ටිකක් කිව්වොත් ඒක ඔප්පු කළ හැකි පිළිතුරක් නෙමෙයි. ඊගාවට හිරු හෝ දෙරණ වැනි ස්වාධීන මාධ්‍ය ආයතනයක වාර්තාවක් පෙන්වුවත් එයත් එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රතික්ෂේප කරාවි. නමුත් අපි එක්සත් ජාතික පක්ෂයට හිතවත් සිරසේ පළ වූවක් ගෙනහැර දැක්වුවහොත් එය ප්‍රතික්ෂේප කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයින්ටවත් නොහැකියි. මෙන්න ඒ කටුක සත්‍යය පසුගිය දිනෙක සිරසෙන්ම හෙළි කළා...



මහින්ද රාජපක්ෂ යුගයේ:
2014 වර්ෂයේ එතනෝල් ස්ප්‍රීතු ආනයනය: මිලි ලීටර් ලක්ෂ 14.7 ක්

ඊනියා යහපාලනයෙන් පසුව:
2015 මුල් මාස 6 තුළ එතනෝල් ස්ප්‍රීතු ආනයනය: මිලි ලීටර් ලක්ෂ 13.9 ක්

ඒ කියන්නේ 2014 වර්ෂය තුළ ආනයනය කළ එතනෝල් ප්‍රමාණයට ආසන්නව, අලුත් යහපාලන ආණ්ඩුව ඇවිත් මුල් මාස 6 තුල ආනයනය කළා. අමතක කරන්න එපා, ඒ දේවල් සිදුවුණේ මහ මැතිවරණයක් ඔන්න මෙන්න තිබියදීයි. මැතිවරණයෙන් පසුව එජාපයෙන් කරන්න යන දේ සිතාගැනීම ඔබට බාරයි.

සැබැවින්ම එතනෝල් ගෙනවිත් මේ රට විනාශ කරන්නේ කවුදැයි කියලා දැන් පැහැදිළියි නේද? නමුත් එජාපයේ මඩමාද්‍යවේදීන් විශාල මුදලක් වැය කරමින් කරන ලද ප්‍රචාරක යාන්ත්‍රණයට රැවටී සමහරුන් චෝදනා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි.

අනිත් අයටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

Sunday, August 23, 2015

මහින්ද රාජපක්ෂ මැතිතුමාව විපක්ෂ නායක්වරයා ලෙස පත් කිරීමේ අන්තර්ජාල පෙත්සම

oppl

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ජනමතය නියෝජනය වන විපක්ෂයක් සහ ඊට නායකත්වය දීමට හැකි විපක්ෂ නායකවරයෙක් අවශ්‍ය වී තිබේ. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යි. එතුමාව විපක්ෂ නායකවරයා ලෙස පත් කරන මෙන් ඉල්ලමින් අන්තර්ජාලය භාවිතා කරන ජනතාවගේ අත්සන් ලබා ගන්නා පෙත්සමට ඔබගේ දායකත්වයත් ලබා දෙන්න.

https://www.change.org/p/speaker-of-the-parliament-of-sri-lanka-mahinda-rajapaksa-for-leader-of-the-opposition

යාලුවන්ටත් මේ සඳහා දායක වීමට Share  කරන්න.

යුධ අපරාධ චෝදනාවේ ඇත්ත කතාව... විද්වත් පැහැදිළි කිරීමක් (video)

රුසියා සහ චීන රජයන් මගින් ශ්‍රී ලංකාව රැක ගැනීම වළක්වාලමින් දේශීය ලේබලයක් අලවා ඊනියා යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ සූදානම. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පැහැදිළි කිරීමක්.



යාලුවන්ටත් දැනගැනීම සඳහා Share කරන්න.

මහින්ද මහතාව විපක්ෂ නායක කරන ලෙස සංධාන මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඉල්ලීම මත යෝජනාවක් සම්මත කරති.

president-rajapaksa-speaking-in-parliament[1]

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් රැසකගේ හමුවක් කොළඹදී පැවැත්වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වන්නේ ලැබී ඇති ජන වරමට අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන බවත් එසේම විපක්ෂ නායක වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් ය.

එම කරුණ සම්බන්ධයෙන් කතා කළ ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ, මහින්ද රාජපක්ෂ මහතා හුදු විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීමට තමන් ඇතුළු සංධාන මන්ත්‍රීවරුන් එකඟ නැති බවයි. එවිට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එය තම පුද්ගලික මතය බවයි.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක බවට පත් කිරීමේ යෝජනාව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අතර රංජිත් සොයිසා මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කරනු ලැබුණි.

අදහස් දැක්වීමෙන් අනතුරුව රැස්වීමට පැමිණි සියලුම සංධාන මන්ත්‍රීවරුන් එම තීරණය ඒකමතිකව සම්මත කළෝය.

පුද්ගලික තීන්දු ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට දැන් අයිතියක් නැත්තේ එතුමා රටේ ජනතාවගේ පොදු චරිතයක් නිසා බව හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින්ම කෘතිමව සකසන ලද විපක්ෂයක් තබා ගතහොත් එ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අනතුරකට ලක් විය හැකි බවත්, එසේම එය ජන මතය පාවාදීමක් බවත්, ටී එන් ඒ එකට විපක්ෂ නායකත්වය ගියහොත් ඔවුන් ජිනීවා වාර්තාව පිට වන වකවානුවේ කුමක් ලෝකයට ගෙන යාවිදැයි සැකයක් ඇති බවත්, සංධාන පාක්ෂිකයින්ගෙන් දිගින් දිගටම සිදුවෙන පළි ගැනීම් වලට එරෙහිව කවරෙක් හෝ නැගී සිටිය යුතු බවත් ආදී කාරණා එහිදී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළෝය.

Saturday, August 22, 2015

ගෙවල් ගිණි තියයි. කුරුණෑගල යහපාලනය දිගටම...

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් තම ජයග්‍රහණයෙන් උදම් වී එක්සත් ජනතා නිදහස් සංධානයේ ආධාරකරුවන්ට හිරිහැර කිරීම දිගටම කරගෙන යයි. කුරුණෑගල බමන්න ප්‍රදේශයේ සංධාන ආධාරකරුවන්ගේ ගෙවල් ගිණි තබා ඇත්තේ මෙලෙසයි.

11908439_874531105974936_4834904823513765699_n[1]

11866273_874531139308266_4781510127161105707_n[1]

11846697_874531152641598_7191721812625809072_n[1]

11947566_1642677726018944_4022200198929232239_n[1]

11873777_1642677689352281_7492657398435056364_n[1]

 

මහින්ද මැතිඳුන් දැඩි සත්කාර ඒකකට යයි. මහ රෑ කඩු පොලු වලින් පහර කෑ ආධාරකරුවා මුණගැසෙයි. ((VIDEO))

janaka

කුරුණෑගල කුඩා හෝටලයක් හිමි ජනක දේශප්‍රිය නැමැති ව්‍යාපාරිකයා මහින්ද රාජපක්ෂ මහතාට කලක සිට ආධාර කරන පාක්ෂිකයෙකි. ඡන්දයට පසුව මැදියමේ එජාප මැරයන් විසින් ඔහුව බිම දමාගෙන කඩු හා පොලු වලින් පහර දී ඔහුගේ හෝටලයත් කුඩුපට්ටම් කර තිබේ. එහි CCTV දර්ශන පහතින්.









එජාපය බලයට පැමිණි වහාම විරුද්ධවාදීන්ට පහර දීම සිරිතක් කරගෙන ඇත. පසුගිය ජනවාරියේදී ජයග්‍රහණය සැමරීම සඳහා එජාප මන්ත්‍රී පාලිත තෙවරපෙරුම විසින් සංධාන මන්ත්‍රී මුරුගන් පුෂ්පකුමාරටද මෙසේ දෙනෝ දාහක් මැදදී මහ මග පහර දුන්නේය.  එහි වීඩියෝව මෙතනින්. 

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්, CCTV කැමරා, රට පුරා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන්, සමාජ ජාල, කැමරා ෆෝන් ආදිය ඇති වර්තමානයේදීත් එජාපය මෙසේ හැසිරෙයිනම් , ඒ කිසිවක් නොමැති එදා 88/89 භීෂණ වකවානුවේ සිදුවුණ දේවල් ඔබට සිතාගත හැකි වේවි.....

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ජනක දේශප්‍රිය මහතා සහ තවත් අයෙකු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

දුකේදීත් සැපේදීත් ජනතාව සමග සිටින මහින්ද රාජපක්ෂ මහතා ඔහුව බැහැදැක සුවදුක් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අද දින කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණියේය.

11892049_894462083952742_5309736326514053786_n[1]

11870746_894462110619406_8598954230854742290_n[1]

11951917_894462143952736_2568699655087291557_n[1]

11855661_894462190619398_2468780249631722486_n[1]

එජාපෙ හැටි අනිත් අයටත් දැකගන්නට Share කරන්න.

ජාතික ආණ්ඩුවට විරුද්ධයි, මහින්ද සමග 65 ක් විපක්ෂයට - වාසු හෙළිකරයි!

parliament

එජාප ශ‍්‍රිලනිප ඒකාබද්ද ආණ්ඩුවට විරුද්ධ සංධාන මන්ත‍්‍රීවරුන් 65 දෙනකු ලිපියකට අස්සන් තබා එය ඉදිරියේදී ජනාධිපතිවරයාටත්, නව කතානායකවරයාටත් බාර දීමට තීරණය කළ බව මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වූ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවති බවත් කී ඔහු සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වුණු මන්ත‍්‍රීවරුන් 65 දෙනෙකු පමණ ඊට සහභාගී වූ බවත් ඒ මහතා කියයි.

මැතිවණයේදී ජනමතය ලැබුණේ සභාග ආණ්ඩුවකට එක්වීමට නොවන නිසා ලැබුණු ජනමතය ට හිසනමා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මෙම මන්ත‍්‍රීවරුන් පිරිස විපක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කළ බවද නානායක්කාර මහතා පැවසීය.

එජාප සහ ශ්‍රීලනිප එක් වී "ජාතික ආණ්ඩුව" ක් පිහිටුවනවා කීවද එහිදී ටීඑන්ඒ සහ ජවිපෙ ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරුන් නියෝජනය නොවේ. ඒ අනුව එය "සභාග ආණ්ඩුවකි". එවිට සිදුවන්නේ එජාපය මෙම මැතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කටයුතු කිරීමකි. එවැන්නක් සිදුවුවහොත් එය එජාපයට එරෙහිව ශ්‍රීලනිපයට ඡන්දය දුන් ජනතාව පාවා දීමකි.

යම් ලෙසකින් එවැනි "සභාග ආණ්ඩුවක්" පිහිටවුවහොත් එවිට විපක්ෂය වන්නේ දෙමළ ජාතික පක්ෂයයි. එවන් විටෙක දෙමළ ජාතික පක්ෂයට තම මතවාදය ලෝකය ඉදිරියේ කියා පෑමට වේදිකාවක් සැපයේ. අග්‍රාමාත්‍යවරයාගේ මතය හා සමානවම විපක්ෂ නායකවරයාගේ මතයත් ලෝකය පිළිගනී. ජිනීවා වාර්තාව එලි දකින අවස්ථාවක එය රටක් වශයෙන් අනතුරුදායක තත්ත්වයකි.

එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය දුන් ජනතාව පාවා නොදී වාසුදේව මහතා  පවසා ඇති පරිදි වෙනම විපක්ෂයක් ලෙස වාඩි වීමේ වැදගත්කම ඇති වන්නේ මෙවන් වාතාවරණයකයි.

Friday, August 21, 2015

සංධානයේ ජාතික ලයිස්තු පත් කිරීම ගැන ජනතා මතය [[ඡන්ද විමසීම]]

2015 අගෝස්තු 17 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුනු එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලයිස්තු ධුර 12 සඳහා මන්ත‍්‍රීවරුන් නම් කර තිබේ. සංධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම පරිදි මෙම ජාතික ලයිස්තුව සකසා ඇත. මෙහි විශේෂත්වය වන්නේ මැතිවරණයෙන් පරාජය වූ 7 දෙනෙකුත් මෙහි සිටීමයි.

ජාතික ලයිස්තු පිරිස මෙසේය.

විජිත් විජිතමුණි සොයිසා
එස් බී දිසානායක
තිලංග සුමතිපාල
මහින්ද සමරසිංහ
සරත් අමුණුගම
ඩිලාන් පෙරේරා
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
අංගජන් රාමනාදන්
එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්
මලිත් ජයතිලක
ෆයිසර් මුස්තාපා
ඒ එච් එම් ෆවුසි




යාලුවන්ටත් ඡන්දය ලබා දීම සඳහා Share කරන්න.

මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමට පැමිණෙයි. (පින්තූර)

මීට සුළු මොහොතකට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට නව අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගී වුණ අතර එතුමා රනිල් වික්‍රමසිංහ මහතාට තම සුබපැතුම් පළ කළේය. මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා සමගත් සුහදව කතාබහ කළේ හිතේ කිසිදු කහටක් තබා නොගනිමිනි. මීට පෙර අගමැතිවරුන් දිවුරුම් දෙද්දී විරුද්ධ පාර්ශවයන් ඊට සහභාගී වී සුබපැතීමක් දක්නට නොලැබුණි.

ප්‍රතිවාදියා තම ජයග්‍රහණය සමරන අවස්ථාවේ ඊට සහභාගී වී තම සුබ පැතුම් පළ කරන මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු ආසියාවටම අලුත් දේශපාලන සංස්කෘතියක් දායාද කළ බව එහි පැමිණි විද්වතුන්ගේ අදහස විය.

4

5

3

2

1

6

Thursday, August 20, 2015

ඡන්ද මංකොල්ලයක් ගැන සමාජ ජාලයන් කැළඹෙයි...!!! මෙන්න mahinda.info විශ්ලේෂණය

අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඉමහත් ආන්දෝලනයක් ඇති වෙලා. අපගේ සහෘදයින් ඒ ගැන සඳහන් කරමින් ඊමේල් සිය ගණනක් එවා ඇති අතර ඒ ගැන mahinda.info වෙබ් අඩවියේ විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරන මෙන් ඉල්ලා තිබෙනවා. සහෘද ඉල්ලීමට කරන ගරු කිරීමක් වශයෙනුයි මේ ලිපිය පළ වෙන්නේ.

Vector illustration of red exclusive stamp on white background

[1]. ඡන්ද අඩු වීම

2015 ජනාධිපතිවරණ  ප්‍රතිඵලය (මූලාශ්‍රය)
මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090

2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය (මූලාශ්‍රය)
ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මේ වන විට
UNP  5,098,916
JVP 543,944
ITAK 515,963
SLMC 44,193
DP 28,587
එකතුව 6,231,625

ජනාධිපතිවරණයේදී  මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද මේ වන විට
UPFA 4,732,664

එතකොට ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්‍රමාණය මෙවරත් ඊට ආසන්නයේම 6,231,625 කට තිබෙනවා.

නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්‍රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426 ක් අඩු වී තිබෙනවා

ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377 (මූලාශ්‍රය)
පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 11,684,098 (මූලාශ්‍රය)
ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේතු මැතිවරණයේදී "ප්‍රකාශ නොවූ" ඡන්ද (ඉහත අගයන් දෙකේ වෙනස) 580279
"ප්‍රතික්ෂේපිත" ඡන්ද 517,123 (මූලාශ්‍රය) - නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ශේප වී ඇත්තේ ඡන්ද 140,925 පමණයි (මූලාශ්‍රය)
"ප්‍රකාශ නොවූ" සහ "ප්‍රතික්ෂේපිත" ඡන්ද වල එකතුව 1,097,402

ඒකෙන් පේන විදිහට මෛත්‍රීපාල මහතාගෙ ඡන්ද පුදුම විදිහට එහෙමම්ම තිබෙනවා. සංධානයේ අඩු වූ ඡන්ද සහ, මෙවර "ප්‍රකාශ නොවූ සහ ප්‍රතික්ශේපිත" ඡන්ද වල එකතුව ඊටත් වඩා පුදුම විදිහට ආසන්නව සමාන අගයක් ගන්නවා.

ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්‍රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?

 

[2]. පොළොන්නරුවේ සහ නුවර එළියේ විතරක් ඡන්ද අඩු වීම බෙහෙවින් අඩුයි.

රට පුරා සමස්ත ප්‍රතිඵලය ඉහත දැක්වූ අයුරින් වෙද්දී පොළොන්නරුව සහ නුවරඑළිය වෙනස්. පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකම සන්ධානයට අවාසි සහගත දිස්ත්‍රික්ක. මේ පාර සන්ධානයට ඡන්දය දැම්මේ නැත්තේ මිනිස්සු අධෛර්යයට පත්වීමෙන්නම් ජනාධිපතිවරණයට සාපේක්ෂව මේ දිස්ත්‍රික්ක දෙකේත් සන්ධාන ඡන්දවල සෑහෙන අඩුවීමක් තියෙන්ඩ ඕනේ. සන්ධානයට අවාසි සහගත දිස්ත්‍රික්ක නිසා ඇත්තටම නොදීපු පරතරය වැඩි වෙන්ඩ ඕනේ අනිත් දිස්ත්‍රික්ක වලට වඩා. නමුත් එහෙම වෙලා නෑ. මේ කාරණාව පැහැදිළි කරන්නේ කෙසේද?

polonnaruwa-nuwaraeliya

 

[3]. "ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව" ගැන අගයන් දෙකක්!

2015/08/18 රාත්‍රී 9.30 "හිරු" පුවත් හි විකාශය වූ ප්‍රවෘත්ති උදෘතයන් මෙන්න.

"සමස්ත ඡන්ද 5,098,916 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණා. එය ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.66% ක ප්‍රතිශතයක් වර්තා කරමින්." (මූලාශ්‍රය)
(5098916/45.66) x 100 = 11,167,140

"එක්සත් ජනතා නිදහස් සංධානය මෙවර මහ මැතිවරණයේදී සමස්ත ඡන්ද 4,732,664 ක් ලබා ගත්තා. එය ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 42.38% ක්".(මූලාශ්‍රය)
(4732664/42.38) x 100= 11,167,210

ඒ අනුව ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව 11,167,000 කට ආසන්න අගයක්. (ප්‍රතිශය වටයා ඇති නිසා අගයේ සුළු වෙනසක් ඇති වේවි)

නමුත් විකීපීඩියාවේ සඳහන් වන්නේ ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව (Total Polled) 11,684,098 ක් බවයි. මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මෙම අගය සොයාගැනීමට නොහැකි වුවත් විකීපීඩියාවේ ඇති අගය එය යැයි සිතනවා.

හිරු ටීවී එකේ විකාශය වූ පරිදි පරිදි ප්‍රකාශිත සමස්ත 11,167,000 ඡන්ද ප්‍රමාණය සහ විකීපීඩියාවේ සඳහන් 11,684,098 අතර වෙනස ඡන්ද ලක්ෂ 5 ක් විතර වෙයි. ඒ කියන්නේ මැතිවරණයේ ජය කාටදැයි තීරණය කරන තරම් ඡන්ද සංඛ්‍යාවක්.

මෙහිදී නිවැරදි ඡන්ද ගණන මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අගය බවත් , හිරු ටීවී එකට වරදින්න ඇති බවත් කියමින් අත පිස දා ගන්න බෑ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව මේ වගේ රටක් වශයෙන් සංවේදී කාරණාවක් තම ප්‍රධානතම ප්‍රවෘත්ති විකාශයේදී වරද්දනවා කියල හිතන්න අමාරුයි. හිරු ටීවී එකට එම අගය ලැබුණේ කෙසේදැයි සොයා බැලියයුතුයි. අනික් අතට එය ඔවුන් අතින් ඇත්තටම සිදුවුණ වැරදීමක් නම් ඒ ගැන එවැනිම ප්‍රචාරයක් දෙමින් නිවැරදි කිරීමක් කරන නමුත් අප එවැන්නක් දුටුවේ නෑ.

 

[4]. මහින්ද රාජපක්ෂ මහතා තරග වැදුණ කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය...

kurunegala1

2010 මැතිවරණයේදී එජාපයට ලැබුණ 213,713 ඡන්ද ප්‍රමාණය, මෙවර 441275 දක්වා ලක්ෂ 227,562 කින් වැඩි වී තිබෙනවා. එජාපෙ බාගයක්ම 2010 දි නිදාගෙන ඉඳල තියෙන්නේ.

කුරුණෑගල වැඩි වූ වලංගු ඡන්ද 282,892 න් 227,562 ක්ම ගොස් තිබෙන්නේත් එජාපයටයි.

අකිල විරාජ් කාරියවසම් මහතා 2010 දී මනාප 66,477 යි. (මූලාශ්‍රය) 2015 දී මනාප 286,155 ක්. (මූලාශ්‍රය) ඒ කියන්නෙ වැඩි වුණ ඡන්ද හැම කෙනෙක්ම වගේ අකිල විරාජ්ට මනාප දීලා. මහින්දෝදය විද්‍යාගාර නම ගලවා විවෘත කළ නිසා එතරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නට ඇති.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද 556,864 ක් ලැබෙද්දී, එජාප ජවිපෙ ෆොන්සේකා ආදි සියල්ලන්ම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන් මහතාට ලැබුණේ ඡන්ද 476,602 ක් පමණයි. (මූලාශ්‍රය) වැඩි ඡන්ද 80262 යි. මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින්ම ඡන්දෙ ඉල්ලදී විරුද්ධවාදී පාර්ශවය ඡන්ද 11347 ක් වැඩිපුර ගන්නවා.

 

[5]. 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වඩාත් ජනප්‍රිය වෙලයි. එවකට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ මඩ චෝදනා සියල්ලක්ම බොරු බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි වූ බොහෝ පිරිස් පසුගිය මැතිවරණයේදී එතුමාට සහයෝගය දැක්වුවා. ෆේස්බුක් එකේ ඔබගේ මිතුරන් දෙස බලද්දී ඔබ එය අද් දකින්නට ඇති. ෆේස්බුක් එකේ අප දුටු විශාලතම සමීක්ෂනයේ ප්‍රතිඵලයත් මේ වගේ.

neth

අනික් අතට යහපාලනයක් වෙනුවෙන් එජාපයෙන් ගොඩ නැගූ සුන්දර චිත්‍රය බැඳුම්කර වංචාව ආදිය නිසා මේ වන විට ව්‍යාජයක් බව ජනතාවට තේරුම් ගියා. එජාපයෙන්ම ඡන්දය ඉල්ලූ චම්පික රණවක වැන්නවුන් එජාපය බැඳුම්කර සිද්ධිය ගැන දිගට හරහට විවේචනය කළා.

ඉතින් ඡන්ද ප්‍රමාණය අඩු වීම බොහෝ අයට ගැටළුවක් වී තිබෙනවා.

 

[6]. මේ දේ අපට පමණක් නොවෙයි ජවිපෙටත් ප්‍රශ්නයක්. කළින් එජාපයට ඡන්දය දුන් අප දන්නා සමහර උගත් නාගරික හිතමිතුරන් මෙවර ඡන්දය දී තිබෙන්නේ ජෙවිපෙටයි. අනෙක් අතට එජාපය මවා පෙන්වූ යහපාලනය ඔවුන් නොකරන බව පෙනී ගිය නිසා, ජවිපෙ වටා එජාපයට යන පාවෙන ඡන්ද දායකයින්ගේ විශාල රැල්ලක් ඇති වුණා. සෑම දෙනාම බලාපොරොත්තු වුණේ ඔවුන් ආසන 16 ක් වත් ගනීවි කියලයි. නමුත් ජවිපෙ ඡන්ද පදනම වැඩි වී නැහැ.

ජවිපෙ තනියම ඉල්ලපු අවස්ථා
2000 මහමැතිවරණය - ප්‍රතිශතය - 6% ආසන 10
2001 මහමැතිවරණය - ප්‍රතිශතය - 9.1% ආසන 16
අළුත් නායකත්වයක් නව ජවයක්, රාජ්‍ය සහයෝගය හා අළුත්ම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එක්ක...
2015 මහමැතිවරණය - ප්‍රතිශතය - 4.87% ආසන 6

මේක වෙන්න පුලුවන් දෙයක්ද?

 

[7]. පහත වගුවේ දෙවැනි තීරුවේ දැක්වෙන්නේ ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේන්තු මැතිවරණයේදී සංධානයෙන් අඩු වූ ඡන්ද ගණනයි. තුන් වැනි තීරුවේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශ නොවූ ඡන්ද ගණනයි. (මූලාශ්‍රය) ඒවා අසාමාන්‍ය ලෙස සමානයි නේද?  හරියට ඒ ඒ දිස්තික්ක වල මිනිස්සු කතා වෙලා කරපු වැඩක් වගේ.

preferential

 

[8]. නිල ඡන්ද ප්‍රතිඵලය පිට වෙන්නත් කළින් එසේම ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා කිසිවක් ප්‍රකාශ කරන්නත් කළින් AFP නැමැති ප්‍රංශ පුවත් සේවයේ ට්විටර් ගිණුමේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය බාර ගත් බව දැක්වූවා.

afp

නමුත් ඊට පැය 2 කට පමණ පසුව මහින්ද රාජපක්ෂ මහතා පළ කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ ජය හෝ පරාජය පිළිගැනීමට තවමත් ඡන්ද ප්‍රතිඵලය ලැබී නැති බවයි. එසේම අප එතුමාගෙන් ඒ ගැන විමසූ විටත් අපට දැන්වූයේ ප්‍රංශ පුවත් සේවයට මේ හදිසියේ කිසිවක් ප්‍රකාශ කර නැති බවයි.

mrtwitter

මෙම ට්විටර් පණිවිඩ දෙක පළ කළ වේලාවන් අතර වෙනස ගැන බලන්න.

ඡන්ද ප්‍රතිඵලය සාධාරණ බවට මහින්ද පාක්ෂිකයින්ට ඒත්තු ගැනවීමට එවැනි ව්‍යාජ පුවතක් අන්තර්ජාතික මාධ්‍යයක් යොදාගෙන පළ කළා විය හැකියි.

 

[9]. රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ලේකම්වරයා ඡන්ද ගණන් කරලා.


"අපි කරපු ගණන් කිරීම් අනුව, අපි කරපු ඒ අපි කරපු ගෙනාපු ප්‍රතිඵල සටහන් අනුව රවි කරුණානායක මන්ත්‍රීතුමා 2 වෙනි ස්ථානයේ හිටියේ"

ඡන්ද ප්‍රතිඵලය සැක බව එජාපයේ අයම පවසයි.

ඊටත් වඩා ගැටළුවක් වන්නේ රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ලේකම් ඡන්ද ගණන් කිරීමක් කළේ කෙසේද? ඔහු ගණන් කිරීමේ නිලධාරියෙක් ලෙස කටයුතු කළානම්, රවි කරුණානායක මහතාගේ ලේකම් කමත් දැරීම කොතරම් යුක්තිසහගත ද?

 

[10]. පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ හිටපු ඇමතිනී රෝසි සේනානානයක මහත්මිය තමාගේ මනාප නැවත ගණන් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. (මූලාශ්‍රය)

ඒකෙ තේරුම තමයි එජාපයේ රෝසි සේනානායක මහතිමිය සිතන විදිහට ඇගේ මනාප එජාපයේ වෙනත් අය සොරාකාමින් "මනාප මංකොල්ලයක් සිදුවුණා".

දැන් අපිට අහන්න තියෙනෙන එජාපය ඇතුළේම තත්ත්වය මෙහෙමනම් එජාප ආණ්ඩුව යටතේ එජාපයෙන් සංධානයට මොන වගේ හැන්දකින් බෙදන්න ඇද්ද කියලයි.

 

[11]. මේ ඔබ දකින්නේ සති කිහිපයකට පෙර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අත් වී තිබූ යහපාලනයයි. එජාපයේ පක්ෂ කාර්යාලයක් ලෙස පැවතුණ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යනු "ඡන්ද පත්‍රිකා" පවා මුද්‍රණය කරන ආයතනයයි.

department of government printing

 

[12]. ව්‍යාජ ඡන්ද පත්‍රිකා පහළොස්දාහක් පමණ කන්තලේ එජාප පක්ෂ කර්යාල තුළ තිබී හමුවුණා. මූලාශ්‍ර: 2015/08/07 දිවයින.  මේ බව ada.lk වෙබ් අඩවියත් වර්තා කළා. මෙතරම් ඡන්ද පත්‍රිකා තිබුණේ කන්තලේ විතරක්යැයි සිතිය හැකිද?

sheets

 

මේ ගැන යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.