Mahinda Rajapaksa: ජාතික ආණ්ඩුවට විරුද්ධයි, මහින්ද සමග 65 ක් විපක්ෂයට - වාසු හෙළිකරයි!

Saturday, August 22, 2015

ජාතික ආණ්ඩුවට විරුද්ධයි, මහින්ද සමග 65 ක් විපක්ෂයට - වාසු හෙළිකරයි!

parliament

එජාප ශ‍්‍රිලනිප ඒකාබද්ද ආණ්ඩුවට විරුද්ධ සංධාන මන්ත‍්‍රීවරුන් 65 දෙනකු ලිපියකට අස්සන් තබා එය ඉදිරියේදී ජනාධිපතිවරයාටත්, නව කතානායකවරයාටත් බාර දීමට තීරණය කළ බව මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වූ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවති බවත් කී ඔහු සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වුණු මන්ත‍්‍රීවරුන් 65 දෙනෙකු පමණ ඊට සහභාගී වූ බවත් ඒ මහතා කියයි.

මැතිවණයේදී ජනමතය ලැබුණේ සභාග ආණ්ඩුවකට එක්වීමට නොවන නිසා ලැබුණු ජනමතය ට හිසනමා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මෙම මන්ත‍්‍රීවරුන් පිරිස විපක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කළ බවද නානායක්කාර මහතා පැවසීය.

එජාප සහ ශ්‍රීලනිප එක් වී "ජාතික ආණ්ඩුව" ක් පිහිටුවනවා කීවද එහිදී ටීඑන්ඒ සහ ජවිපෙ ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරුන් නියෝජනය නොවේ. ඒ අනුව එය "සභාග ආණ්ඩුවකි". එවිට සිදුවන්නේ එජාපය මෙම මැතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කටයුතු කිරීමකි. එවැන්නක් සිදුවුවහොත් එය එජාපයට එරෙහිව ශ්‍රීලනිපයට ඡන්දය දුන් ජනතාව පාවා දීමකි.

යම් ලෙසකින් එවැනි "සභාග ආණ්ඩුවක්" පිහිටවුවහොත් එවිට විපක්ෂය වන්නේ දෙමළ ජාතික පක්ෂයයි. එවන් විටෙක දෙමළ ජාතික පක්ෂයට තම මතවාදය ලෝකය ඉදිරියේ කියා පෑමට වේදිකාවක් සැපයේ. අග්‍රාමාත්‍යවරයාගේ මතය හා සමානවම විපක්ෂ නායකවරයාගේ මතයත් ලෝකය පිළිගනී. ජිනීවා වාර්තාව එලි දකින අවස්ථාවක එය රටක් වශයෙන් අනතුරුදායක තත්ත්වයකි.

එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය දුන් ජනතාව පාවා නොදී වාසුදේව මහතා  පවසා ඇති පරිදි වෙනම විපක්ෂයක් ලෙස වාඩි වීමේ වැදගත්කම ඇති වන්නේ මෙවන් වාතාවරණයකයි.