Mahinda Rajapaksa: ගෝඨාභය නැති නාගරික සංවර්ධන අධිකාරියේ ලාභය 85% කින් කඩා වැටෙයි.

Thursday, August 6, 2015

ගෝඨාභය නැති නාගරික සංවර්ධන අධිකාරියේ ලාභය 85% කින් කඩා වැටෙයි.

2015 ට කළින් පැවැති සංධාන රජයේදී නාගරික සංවර්ධන අධිකාරිය අප රටේ සංවර්ධන ව්‍යාපෘති වල නියමුවා විය. එවකට නාගරික සංවර්ධන අධිකාරිය අතිශය භාරදූර කර්තව්‍යයක් කළ බැවින් එය අයත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

secretay_visit_constructions1[1]

ආරක්ෂක ලේකම් ලෙසටත් කටයුතු කළ බැවින්, යුධ හමුදා ඉංජිනේරු අංශයත් නාගරික සංවර්ධන අධිකාරියේ වෘත්තිකයින්වත් ඒකාබද්ධව යොදා ගනිමින් ජනතාවගේ ඇඟට දැනෙන සංවර්ධනයක් කිරීමට මහින්ද රාජපක්ෂ ජනපති තුමාට ශක්තියක් වීමට එතුමාට හැකි විය. ලෝකයේ සීග්‍රයෙන්ම වර්ධනය වූ සංචාරක පුරවරය බවට කොළඹ නගරය පත් විය. එජාපය පැවසූයේ එය සහෝදර සමාගම බවයි. තවත් වෙලාවක කීවේ හමුදාව යොදා කාණු හාරනවා යනුවෙනුයි.

Secretary_Defence_inspects_Akuregoda_Defence_Headquarters_20140919_05p2[1]

නමුත් යහපාලනය ආ පසුව කොළඹ සංවර්ධන කටයුතු පමණක් නොව කළින් සිදුකර තිබූ ඉදිකිරීම් නඩත්තුව පවා එක තැන නතර විය. අලුත්ම තත්ත්වය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පුවත් පළ කරන ප්‍රසිද්ධ වෙබ් අඩවි වල මෙසේ දැක්වෙයි...
නාගරික සංවර්ධන අධිකාරිය විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ 2015 මාර්තු කාර්තුවේදී අධිකාරියේ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 85 කින් පහත වැටී ලාභය රුපියල් මිලියන 199 ක් දක්වා අඩුවී තිබෙන බවයි. මෙම කාර්තුවේදී අධිකාරියේ ආදායම සියයට 80 කින් රුපියල් මිලියන 709 ක් දක්වා පහත වැටී තිබීම කැපී පෙනේ. මූලාශ්‍රය: adaderana.lk/biz

ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙසේ පළ වී ඇත.
Aug 05, 2015 (LBO) – Sri Lanka’s Urban Development Authority group profits fell 85 percent to 199 million rupees in the March 2015 quarter from a year earlier, with revenues down 80 percent to 709 million rupees, the interim accounts showed.

Finance cost fell 98 percent to 4 million rupees compared to the 329 million rupees recorded a year earlier.

Administration expenses also fell 76 percent to 574 million rupees from 2.4 billion rupees a year ago.

Urban Development Authority is a body corporate, engaged in urban planning and sustainable urban development in Sri Lanka established in 1978 by the National State Assembly. source: lankabusinessonline.com

මේ විදිහට තව වසරක් ගත වුවහොත් නාගරික සංවර්ධන අධිකාරියත් පෞද්ගලීකරනය කිරීම අරඹනු ඇත. රටේ හදවතක් බඳු ආයතනයක් කඩා වැටෙද්දී එජාපය තවමත් සිදුකරන්නේ මඩ ගසමින් ඡන්ද ලබා ගන්නට හැදීමයි.

Share කර හැමෝමව දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

4 comments:

  1. බලන්න අපේ කට්ටිය ජන 8 මහා බොරු ගොඩකට රැවටිලා රටකට කරපු නස්පැත්තිය!
    ගතවුනේ මාස 7 යි.... රට අවුරුදු 100 කින් විතර ආපස්සට ගියා!
    දැන් නම් හුගක් අයට තේරිලා! මේ තීරණාත්මක මොහොතේ අපේ අය කලබල නොවී බුද්ධිමත්ව හිතලා චන්දය පාවිච්චි කරන බව මට ඉර හද මෙන් විශ්වාසයි!

    ගෝඨාභය මැතිතුමනි, මහින්ද මැතිතුමා සමග එක්ව මව්බිම බේරාගන්න! නැවත රට ගොඩ නගා 'ආසියාවේ ආශ්චර්යය' කරා ගෙනයන්න ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!

    අනන්ත බුදුගුණ බෙලෙන් සහ තිස් තුන් කෝටියක් දෙවි දේවතා වරුන්ගේ ආරක්ශාවෙන් ඔබතුමා තව බොහෝ කලක් ලක් දෙරණ ගොඩ නගමින් සුවෙන් සතුටින් ජීවත් වේවා!

    ReplyDelete
  2. Arakshaka lekam durayeth bharadura weds kotasak karamin;colabha nagaraya kramawath kirinata saha ehi Kala pariwahanaya diunnu kirimata daranalada uthsaahayata pamanak uwa a mahathage sewaya athi wishistaye.aheth colaba nagaraadipati aya wanasamin sitie.

    ReplyDelete
  3. Sampath VithanageAugust 7, 2015 at 2:26 AM

    පාතාලට සැබෑ වෙනසක්.. භාරත ඝාතන නඩුවේ විත්තිරුවෙක් සුදු වෑන් රියකින් උසාවිය ඉදිරියේදී පැහැරගනී..2015-08-07 08:51:00

    ඊයේ දිනයේ කොලඹ මහාධාකරණයේදී පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට පෙනී සිට නිවෙසට යමින් සිටි එම නඩුවේ 6 වැනි විත්තිකරු වන විදානගමගේ අමිල අධිකරණය ඉදිරිපියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

    අලූත්කඬේ මාර්ගයේ පැමිණි සුදු වෑන් රථයක සිටි පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදු කොට ඇත්තේ පස්වරැ 2.40ට පමණ ඔහුගේ බිරිද සහ පවුලේ ඥාතීන් බලා සිටියදීමය.

    කෙසේ වෙතත් තම සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නට ඇති බවට සැක කල ඔහුගේ ඥාතීන් රහස් පොලීසිය වෙත ගොස් ඒ ගැන විමසීමක් කිරීමේදී එසේ අත්අඩංගුවට ගැනීමක් නොකළ බව ඔවුන් දන්වා තිබේ.

    ReplyDelete
  4. මෙයත් ඇතුලුව, mahinda.info හි පල වෙන බොහෝ වැදගත් තොරතුරු පිළිබඳව සන්ධාන අපේක්ෂකයින් දැනුවත් වී මාධ්‍ය වල වාද විවාද වලදී මේවා කියනවා නම් හරිම වටිනවා. යූ ඇන් පී හා රතු අලින්ට තව දුරටත් ජනතාව නොමඟ යැවීමට ඇති මග ඇහිරීමට එය ලොකු පිටු වහලක් වේවි .

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.