Mahinda Rajapaksa: මැතිවරණ පරාජයක් ගැන AFP වෙත මහින්ද රාජපක්ෂ මහතා කිසිදු ප්‍රකාශයක් කර නැත.

Monday, August 17, 2015

මැතිවරණ පරාජයක් ගැන AFP වෙත මහින්ද රාජපක්ෂ මහතා කිසිදු ප්‍රකාශයක් කර නැත.

afp

"Former Sri Lanka leader Mahinda Rajapakse tells AFP he concedes defeat in election" (මැතිවරණ පරාජය පිළිගත් බවට හිටපු ශ්‍රී ලංකා නායක මහින්ද රාජපක්ෂ ඒඑෆ්පී වෙත පැවසුවේය) යනුවෙන් ට්විටර් පණිවිඩයක් ප්‍රංශ පුවත් සේවයට අයත් ටිවිටර් ගිණුමේ සඳහන්ව තිබෙයි.

ඒ සම්බන්ධයෙන් අප මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර එවැන්නක් එතුමා පවසා නොමැත. එසේම මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් AFP වෙත එතුමා වෙනත් කිසිදු ප්‍රකාශයක්ද ලබා දී නොමැත. ඒ අනුව AFP ටිවිටර් ගිණුමේ සඳහන්ව ඇති එම පණිවිඩය සත්‍යයෙන් තොරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ටිවිටර් ගිණුමේ සඳහන්ව ඇත්තේ ද "ජයග්‍රහණය හෝ පරාජය පිළිගැනීමට මහ මැතිවරණයේ නිල අවසාන ප්‍රතිඵලය තවමත් ලැබී නොමැති බවයි" (Mahinda Rajapaksa hasn’t yet received official final results of #GenElecSL to accept victory or concede defeat.)

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.