ජාතික ආණ්ඩුවට විරුද්ධයි, මහින්ද සමග 65 ක් විපක්ෂයට – වාසු හෙළිකරයි!

parliament

එජාප ශ‍්‍රිලනිප ඒකාබද්ද ආණ්ඩුවට විරුද්ධ සංධාන මන්ත‍්‍රීවරුන් 65 දෙනකු ලිපියකට අස්සන් තබා එය ඉදිරියේදී ජනාධිපතිවරයාටත්, නව කතානායකවරයාටත් බාර දීමට තීරණය කළ බව මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වූ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවති බවත් කී ඔහු සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වුණු මන්ත‍්‍රීවරුන් 65 දෙනෙකු පමණ ඊට සහභාගී වූ බවත් ඒ මහතා කියයි.

මැතිවණයේදී ජනමතය ලැබුණේ සභාග ආණ්ඩුවකට එක්වීමට නොවන නිසා ලැබුණු ජනමතය ට හිසනමා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මෙම මන්ත‍්‍රීවරුන් පිරිස විපක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කළ බවද නානායක්කාර මහතා පැවසීය.

එජාප සහ ශ්‍රීලනිප එක් වී “ජාතික ආණ්ඩුව” ක් පිහිටුවනවා කීවද එහිදී ටීඑන්ඒ සහ ජවිපෙ ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරුන් නියෝජනය නොවේ. ඒ අනුව එය “සභාග ආණ්ඩුවකි”. එවිට සිදුවන්නේ එජාපය මෙම මැතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය වෙනුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කටයුතු කිරීමකි. එවැන්නක් සිදුවුවහොත් එය එජාපයට එරෙහිව ශ්‍රීලනිපයට ඡන්දය දුන් ජනතාව පාවා දීමකි.

යම් ලෙසකින් එවැනි “සභාග ආණ්ඩුවක්” පිහිටවුවහොත් එවිට විපක්ෂය වන්නේ දෙමළ ජාතික පක්ෂයයි. එවන් විටෙක දෙමළ ජාතික පක්ෂයට තම මතවාදය ලෝකය ඉදිරියේ කියා පෑමට වේදිකාවක් සැපයේ. අග්‍රාමාත්‍යවරයාගේ මතය හා සමානවම විපක්ෂ නායකවරයාගේ මතයත් ලෝකය පිළිගනී. ජිනීවා වාර්තාව එලි දකින අවස්ථාවක එය රටක් වශයෙන් අනතුරුදායක තත්ත්වයකි.

එක්සත් ජනතා නිදහස් සංධානයට ඡන්දය දුන් ජනතාව පාවා නොදී වාසුදේව මහතා  පවසා ඇති පරිදි වෙනම විපක්ෂයක් ලෙස වාඩි වීමේ වැදගත්කම ඇති වන්නේ මෙවන් වාතාවරණයකයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

22 comments to ජාතික ආණ්ඩුවට විරුද්ධයි, මහින්ද සමග 65 ක් විපක්ෂයට – වාසු හෙළිකරයි!

  • Kumara

    මට තේරුම් ගන්න බැරි වටපිටාව,

    1. චන්ද්‍රිකා දෙවරක් ජනාදිපති උනා. පක්ස සබාපති ලෙස හිටිය. පසුව මහින්දට සබාපති කම දුන්නා . අනුසසක උන. මැතිවරණයේදී SLFP එක පරද කර UNP දිනවීමට වැඩ කලා.

    2. මහින්ද මහතා දෙවරක් ජනදිපති උනා. පක්ස සබාපති ලෙස හිටිය. පසුව මයිත්‍රිට සබාපති කම දුන්නා . අනුසසක උන. නැවත චන්දය ඉල්ලලා ප්‍රතිපල වලට අනුව දෙවන වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තු ආවා. මැතිවරණයේදී SLFP එකට නායකත්වය දුන්න.

    3. මයිත්‍රී පක්ෂය හැරදම ගොස් පක්ෂයට විරුද්දව චන්දෙ ඉල්ලලා ජනාදිපති උන. පසුව මහින්ද මහත්මයාගෙන් සබපතිකම ඉල්ලා ගත්තා. මැතිවරණයේදී SLFP පරදවන්නයි ජනතාවගෙන් ඉල්ලුවා.

    මෙම පුද්ගලයන්ගේ ඉතිහාසය මේකයි. එතකොට කාටද SLFP එකේ උරුමය තියෙන්නේ. චන්ද්‍රිකා සහ මයිත්‍රි පක්ස ව්‍යවස්ථාව අනුව පක්ෂයට ද්‍රෝහී උන මිනුසුන් නොවේද? ඔවුන් පක්ෂයෙන් ඉවත් කල යුතු නොවේද?

    තත්වය එසේ තිබියදී, මොවුන් කලා, පක්ස ලේකම්වරු වෙනස් කලා, දැන් විපක්ස නායකකමත් තමන්ට ඕන විදියට පත්කරන්න හදන්නේ කුමන ප්‍රජාතන්ත්‍රවදයට සහ රටේ කුමන ව්‍යවස්ථාවකට අනුවද?

    මහින්ද නැති චන්ද්‍රිකාට තියෙන පක්සය තුල සහ රට තුල ඇති බලය කුමක්ද? එමෙන්ම මයිත්‍රී මේ වැඩ කරන්නේ තමන් අත් හැරීයයි කියන විදායක බලතල මත නෙමෙයිද? 19 සන්සොදනයෙන් ඇත්තටම කලේ විදායක බලය වැඩි කිරීමද?

    මට හැගෙන ආකාරයට මේ සිදුවන්නේ රටට ඉතාමත් බියකරු අනාගතයක් උද කරන වැඩපිළිවෙලක් බවයි. ඉතිහාසයේ අන් කවරදාවත් නොමැති තරම් අදිකලෙස විදායක බලය ඉතා දරුණු ලෙස බවිතාකරමින් ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස වලදමන යුගයක් උදාවී ඇති බවයි.

    අනෙක් ප්‍රශ්නය, මහින්ද මහත්මයා සමග අත්වැල් බදාගෙන මැතිවරණයට මුහුණ දුන් කොන්දක් ඇති මන්ත්‍රීවරු ( කොන්ද නැති පතෝල ලේකම්ලා වන්නන් නොව නොව, එසේම මගේ පෙර ලිපියක අංක 1 යටතට වැටෙන) මේවට විරුද්දව හද නොනගන්නේ අපට නොපෙනෙන අපට නොතේරෙන කුමන බලවේග නිසාද? ඇත්තටම චන්ද්‍රික සහ මයිත්‍රී ප්‍රබල CIA නියෝජිතයින්ද? රනිල් යනු කවුද?

    වෙල් විදානේ, මයිත්‍රී, චන්ද්‍රික, රනිල්, චම්පික, රාජිත, ලප කුමාර, සිවුරු රතන, සෝබිත………… වන්නන් සැබවින්ම කවුරුන්දැයි වහ සොයාගත යුතුය. ඔවුන් බටහිර පදයට නටන බටහිර ගැත්තන් නම් නොවේ. ඔවුන් බටහිර නියෝජිතයන්ය. ගැත්තන් නම් සුලුවසයෙන් හෝ රට ගැන හැගීමක් තියෙනවා, මුදලට පාවාදීම් කලත් යම් වෙලාවක ආපසු හැරෙන්න ඉඩ තියෙනවා. නමුත් නියෝජිතයන් එසේ නොවෙයි ඔවුන් මුළුමනින්ම තමන්ගේ මෙහෙයුමේ ඉන්නවා.

    මහින්ද මහත්මයා ප්‍රමුක නිහඩව සිටිය කියල මොවුන් අල්ප මාත්‍රයකින් හෝ ද්‍රෝහී කම අඩුකරන්නේ නැහැ. තව තවත් ප්‍රබල වනවා පමණයි. මහින්ද මහත්මය ප්‍රමුක කණ්ඩායම පක්ෂය ගැන හිතමින් වෙන්වී නොයා සන්දයේ හිද තරග කිරීම අදවන විට රටටම පාඩුවක් වී හමාරයි. එබැවින් දැන්වත් වෙන්වී විපක්ෂයක් ගොඩ නාග ගත යුතුයි. ඔබ තුමාව විපක්ස නායක නොකරන්නේ ඔබව ජනතාවගෙන් ඇත කර යුද අපරාද අදිකරණයට බර දීමට රටේ විරුද්දත්වය නැති කිරීමටයි.

  • Rata wenuwen

    පරාජිතයන් තනි පුද්ගලයකුගෙ වුවමනාවකට නැවත පාර්ලිමෙන්තුවට පත්කිරීම ජනමතයට නිගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාදාමයකි. එකාදිපති වියරුවකි. මහා ලොකුවට ප්‍රජතන්ත්‍ර වාදය ආරක්ශා කරනවයි කියන්නෙ කටින් බතලකොල සිටවනවා වගේ වැඩැක්ද, මෙහේමත් රටක්.
    වාසු මහත්තයෝ ඔබෙ වැඩ පිලිවෙලට අපේ ආශිර්වදය.
    අපි චන්දේ දිලා දැන් බකන් නිලාගෙන ඉන්න වෙලා.මහත්තයෝ

  • niro

    Mahinda Rajapaksha ekka ekkenek hitiyath api oba thumage pathe… marenna vunath enawa

  • Amila

    what happened other 30… from 95…we thought all of 95 is partial to Mahinda… Mahinda must not fear to Chawuri,Wiripala…

  • Hiran

    We need an opposition that will tell the people if the govt is out of line, also at the same time these 65 Mps must get together and help the unp to abolish the presidency asap as MS promised as common candidate.

    Budhu Saranai

  • sanath

    ගරැ මැතිදුනි වසර 18ක් විදේශගතව සිටියද මම ඔබතුමාට ශක්තියක් විය එදා කොටිසංග්‍රාමයේදී විදේශයෙන් ඔබට තිබූ බලපෑම් අවම කරවීමට දිවා රෑ නොබලා කටයුතු කරමින් මා ඔබතුමන්ට ඒ ගමන ට කලහැකි සියලු පලදායි කටයුතු කලෙමි මේසියලු දැ කලේ මවුබිම ලෝකයේ ඉහලට ඔසවා තැබීමට ඔබතුමන් ගත් තැත නිවරැදිව තේරුම් ගැනීමනුයි රට ජාතිය අගම මා බෙහෙවින් අගයකරමි අනේකවිද ගැරහීම් තාඩන පීඩන හමුවේ සැබෑ සිංහලයෙකුගේ භූමිකාව ඉටුකරමින් කේසර සිංහයකුමෙන් නිර්භීත ඔබතුමන්ට මා බෙහෙවින් අදරයකරමි මැතිදුනි දිවි ඇති තුරු මාඔබතුමන්ට ශක්තියක් වෙමි .

  • NB

    සන්ධානය තුළ අප්පච්චි මළෝ සෙට් එක ජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ ඔවුන් ජය ගෙන එජාප ආණ්ඩුවට මුක්කු ගහන බව දත් නිසා. කලින් ඔවුන් එසේ කළ නිසා. ඒ කියන්නේ සන්ධාන මන්ත්‍රීවරු කිසිවෙකුට එජාප ආණ්ඩු අගුවක ලගින්න ලැබුණු ජන වරමක් නෙමේ මේක. සන්ධානයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලැබෙන්නෙත් ඒ ජනවරම තවත් ශක්තිමත් කරන්න.

    නමුත් යහ පාලන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිද්ධ වෙන්නේ ඒ ජන වරමට පිටුපෑම. සිරිසේන මහතාගේ විධායක බුල් ඩෝසරය අර ජනවරම පොළවට සමතල කරලා දූලි අළු බවට පත් කරලා ඒ අළුවලින් එජාප ආණ්ඩුවට අවශ්‍ය බහුතරය හදන්න පඹයෝ හදනවා. ජාතික ලැයිස්තුවෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ අය ගේනවා. එහෙම ගෙනැවිත් ජනතා අභිලාෂයට සපුරා පටහැනි දෙයක් නරනවා. මේක හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවෙන් පත් කළා වගේ සරළ කාරණයක් නම් නෙමේ.

    දැන් ඡන්දේ දීපු මිනිස්සු හිතන්න ඕන මේ රටේ විධායකයට හරි වෙන පිටස්තර බලවේගයකට හරි උවමනා දේ කරන එක ප්‍රජාතන්ත්‍රවාදය නම් අපෙන් කැමැත්ත විමසුවේ කුමට ද කියලා. අපරාදේ ඡන්දෙට වියදම් කළ සල්ලි. මහ බැංකු බැඳුම්කර වංචාවේ සහ පාඩුවේ කොටසක් හරි පියව ගන්න තිබුණු සල්ලි නේද? මම කියන්නේ මේක නම් යහ පාලන ලිච්ඡවි ප්‍රජාතන්ත්‍රවාදය නිකරුණේ මැතිවරණවලට සල්ලි විදයම් කරන්න එපා.

  • kumara

    “මහින්ද පිලේ නායකයින් වෙතටයි…”

    මා මෙම කරුණ නැවත ලියන්නේ නැත. කියන්නේ ද නැත. මක් නිසාද යත් අපි “ජෝතිෂ කාරයින් ” තරමට අනාවැකි කියන්නට නොදන්නා නිසාය.එහෙත් එක්වරක් පමණක් පවසන්නට සිතුනේ මාගේ ජාතික යුතුකමේ කොටසක් ලෙස සලකා ය.

    මෙවර ඡන්දය ලැබුනේ සන්ධානයට නොවේ. මහින්දට ය.එසේ හෙයින් මහින්ද ගෙන් තොර සන්ධානයක් නැත.ඒ බව තහවුරු කරන ප්‍රභල සාක්ෂියක් ඉදිරිපත් කරමි.සන්ධානයේ ” මයිත්‍රී-චන්ද්‍රිකා ” පිල නියෝජයන කල සියලු අපේක්ෂකයින් පරාජය වී ඇත(අප්පච්චි මලෝ කල්ලිය). එසේ හෙයින් සන්ධානය යනු මහින්දම පමණකි.

    තත්වය මෙසේ තිබිය දී සිරිසේන විසින් සන්ධානය කීතු කීතු වලට ඉරා බෙදා ඇත.එසේ හෙයින් මහින්දට සන්ධානයක් නැත.මහින්ද ඇත – සන්ධානය නැත. තත්වය මෙසේ වන හෙයින් සිංහල ජාතියේ ඉදිරි පැවැත්ම සඳහා මහින්දට අළුත් සන්ධානයක් අවශ්‍ය වේ.” ඉතා බලසම්පන්න මහින්ද” හට මහින්දගේම පක්ෂයක් අවශ්‍ය වේ.

    ඊළඟට එන්නේ පලාත්පාලන මැතිවරණයයි. ඊට මුහුණ දෙන්නට මේ වන විට එජනි සන්ධානයක් නැත.සිරිසේන එය රනිල්ට විකුණා ඇත.මෙවර මහින්දට පණදුන් පලාත් පාලන නියෝජිතයින් හට සිරිසේන නාමජෝයනා දේ යයි නොසිතෙන්නේ පක්ෂයේ ලේකම් වරයකු ලෙස හෝ මහින්ද පිලේ අයෙකු නොසිටීමයි. සුසිල්,අනුර දොට්ට දමා ඇත.

    දැන් කල යුත්තේ අද සිටම වෙනම සන්ධානයක් බලගන්වා, බිම් මට්ටම ආක්‍රමණය කිරීමයි.ඒ පළාත් පාලන නියෝජිතයින්ගේ මට්ටම නිසා ඉතා පහසුය.නැතහොත් රාජ්‍ය බලය හිමි එජාපයට මුහුණ දීමට මහින්ද පිලට අසීරු තත්වයක් ගොඩනැගෙනු ඇත.සිරිසේන පිල ද එජාපයේ කොටසක් ම බැවින් හා පොලොන්නරුව ද සිරිසේන විසින් එජාපයට ලියා දී ඇති බැවින් ද විපක්ෂය යනු පැහැදිලිවම මහින්ද පිලේ නියෝජනයයි.එබැවින් සටන ඇත්තේ රනිල් සහ මහින්ද අතර ය.

    බිම්මට්ටමද, අන්තාර්ජාලයෙන් සහ FACEBOOK මගින් සහය දෙන කණ්ඩායම් ද,මහින්ද වටා පෙරට වඩාශක්තිමත්ව , රඳවා ගැනීමට මහින්ද පිලට නායකත්වය දෙන අයවලුන් සිහියට ගත යුතුය. ඒ සඳහා අදම කළමනාකරණ කමිටුවක් ගොඩනගා ගැනීම කාලෝචිත ය.

    • Dinuu

      Mr Kumara,ඔබගේ අදහස ඉහලින්ම අගය කරමි. පැහැදිලිවම ජන්තාව චන්දය දුන්නේ මහින්දට ය. මහින්ද ගෙන් තොර සන්ධානයක් හෝ ශ්‍රීලනිපයක් නැත. වෛරී චන්ද්‍රිකා සහ ද්‍රෝහී සිරිසේන ශ්‍රීලනිපය(තාවකාලිකව) කොල්ල කා ගත්තත් ශ්‍රීලනිපයට ද්‍රෝහි නොවූ එහි සැබෑ උරුම කරු මහින්ද යි. ඒ බව ජනතාව පැහැදිලිවම දනී. දැන් චන්දයක් තිබ්බොත් ‘අප්පච්චි මලෝ’ කල්ලිය පමණක් නොව මහින්දට ද්‍රෝහි වී සිරිසේන ගෙන් ඇමතිකම් ගන්න යන හැමෝමත් ගෙදර යවන්න ජනතාව දෙවරක් නොසිතයි. ඒ අයගේ දේශපාලන මලගම ලියවිලා ඉවරයි. චන්දයක් ආවම ජනතාව මරණ සහතිකය අතට දෙන එක ස්තීරයි.
      නැවත ශ්‍රීලනිප ය මුදාගැනීම හෝ පිවිතුරු මාවතකට ගැනීම පේන තෙක් මානයකවත් නොපෙනෙන නිසා මහින්ද වටා අලුත් පෙරමුණක් නොපමාව පිහිටුවීම අත්‍යවශ්‍යයි. පෙරටත් වඩා ශක්තිමත්ව මහින්ද වටා අන්තර්ජාලයෙන් ඉදිරියට යන්න අපි සූදානම්! ඔබට ගොඩක් ස්තුතියි. වටිනා උපදෙස් සමග අපත් එක්ක දිගටම රැදී සිටින්න.

    • Pink Panther

      මමත් කුමාර සහෝදරයාඅවසානයටදක්වාඇති අදහසට එකඟයි. මම නම් මේ මතයකියලචන්දයඉවරඋන ගමන්ම කොමෙන්ට් කළා. මගේකාරුණිකඉල්ලීමඋනේඒමතය සමාජගත කරමහින්ද මැතිදුන් එයට එකඟ කරව ගන්නා ලෙසයි.
      ඔය සිරිසේන චන්ද්‍රකා ඉන්න නිදහස් පක්ෂයසහUPFA එකඅපිට එපා. චන්දයදීමනාස්තියක්. මහින්ද මැතිදුන්ගේ නම විකුණලා චන්ද අරන් සිරිසේන රනිල් පිලට පනින අමන කොටසක් ඉන්නේ. මෙවර ඔවුන් කලෙත් ඒක . ඒ නිසා කරුණාකරලා අලුත් පක්ෂයක් සන්දනයක් හදන්න . පළාත්සභා මැතිවරණයට විශ්වාසදායක හොඳ අයඒකෙන්ඉදිරිපත් කරන්න. එවිට ඕනේනම් සිරිසේන චන්ද්‍රිකාගේ නිදහස් පක්ෂයට ලැබෙන චන්ද එක්ක බලා ගන්න පුළුවන් සැබෑ ජනමතය මහින්ද මහතා එක්කයි ඉන්නේ කියලා. මේ සැරෙත් උනේ අපරාධයක්. වෙනම ඉල්ලුවා නම් ජාතික ලැයිස්තු මන්ත්රීදූර ටික ටියෙනවා.
      අලුත් සන්දානයට කිසිම දෙබිඩිපුද්ගලයන් ගන්න එපා. ඔවුන්කොච්චර පරණ උනත් ජනතාව අහන්නේ මහින්ද මහතාකියන දෙය විතරයි.
      ඒ නිසා එවැනි වැනෙන අය එපා. මෙවර හිටපු බුද්ධිමතුන්වත් එම පක්ෂයට ගන්න. ගෙවිඳු කුමාරණතුංග, මොහාන් සමරනායක. දයාන් ජයතිලක, සරත් එන් සිල්වා වගේ සියලු දෙනාවම ක්‍රියාකාරීව එකතු කර ගන්න.
      කණගාටුයි අද සුසිල් ප්‍රේමජයන්ත වගේ ලේකම්ලාත් නැවත ඉන්න තැන දැක්කම.
      සිරිසේන චන්ද්‍රිකා ඉන්න පක්ෂයකට මගේ චන්දය නම් ආයේදෙන්නේ නෑ..
      කරුණාකරලා වගකිවයුතු අය මේක මහින්ද මහතාට සම්ප්‍රේෂණය කරන්න.
      අදම පටන් ගන්න. එහෙමනැතුව ඉදිරියේදී මහාබලවේගයක් වෙලා වැදෙන්න බෑ..
      කරුණාකරලා මෙදේය පටන් ගන්න.

  • Rata wenuwen

    කාලයකින් කවියක් ලියන්න හිතුනා:-
    එලිවෙන යාමෙට හොද හොද සෙල්ලම්–කාගෙත් දැන් දැසුනට එන්නෙ,
    ජාතකෙ වරදින් මව්පිය නොදනිම්–තනතුරු ලෝභය ඇතිවෙමිනෙ,
    ජන වරම්, ලබාගත් ඇගයුම්– සුන් කර සන්දානය නැතිකර යන්නෙ,,
    අනේ අම්මපා මේ වාගේ බලුකම්– නොදැනැයි නේ චන්දෙ දුන්නෙ.

    • ඉතලියානෝ-Italiano

      බලන්න, ඉතාලියානෝ-Italiano මීට ඉස්සර ලිව්ව අදහස්.

      පාවා දීමේ සැකය දශම 1ක් හෝ ඇති අයට තම මනාපය දෙන්න එපා යැයි පුනපුනා ලිව්වා.
      මහින්දට වෙනම පක්ෂයකින්/ සන්ධානයකින් ඉදිරිපත් වෙන්න කිව්වා.

      ඔය දෙකම සිද්ධ වුනේ නෑ 100%ම. අද මේ සිදුවන අසික්කිත තත්වයට මුහුන දෙන්න සිදු වුනේ ඒ නිසා නොවෙද?

      සයිබර් සහෝදරවරුනි, අප එකමුතුව සිටිමු රටේ අනාගතය වෙනුවෙන්. ස්තුති…

      • Dinuu

        Italiano, ඔබ හරි. ඔබගේ කමෙන්ට් සියල්ලම කියෙව්වා. වෙනම පක්ශයකින් ඉල්ලන්න තව බොහෝ අය ආයාචනා කලා. මහින්ද මැතිදුන්වත් හිතන්න නැතිව ඇති මේතරම් ද්‍රෝහී අවස්තාවාදියෝ මේ රටේ ඉන්නේ කියලා. දැන්වත් වෙනම පක්ශයක් නොපමාව හදන්න කියලයි අපිත් නැවත ආයාචනා කරන්නේ. මහින්ද මැතිදුන් හිතනවට වඩා මේ රටේ ජනතාව එතුමාට දිවි හිමියෙන්ම හදවතින්ම ආදරෙයි.

      • Pink Panther

        ඔව් සහෝදරයා ..
        අනිවාර්යෙන්ම අලුත් පක්ෂයකට යා යුතුයි.
        නැතිනම මහින්ද මහතාගේ නම විකුණලා ආයෙත් ඔය දෙයම කරනවා.
        මේකකොහොමහරි පටන් ගන්න ඕනේ.
        ඔය සිරිසේන චන්ද්‍රිකා ඉන්න පක්ෂයකටමම නම් චන්දෙ දෙන්නේ නෑ ආයේ.
        ඉක්මනින්මමහින්ද මහතාගේ නායකත්වයෙන් පක්ෂයක් පිහිටුවන්න ඕනේ. පසුකාලීනව දැවැන්ත බලවේගයක් වෙන්න නම් පොඩියට හරි අලුත් ආරම්භයක් ගතයුතුයි.
        ඉස්සර නිදහස් පක්ෂය බිහිවෙන්නෙත් මේ වගේ දෙයක් නිසා, ඒ නිසා අද නිදහස් පක්ෂය වෙනුවට අලුත් පක්ෂයක් හදන එකත් ඒ වගේම යුගයේ අවශ්‍යතාවයක්..
        හැම දෙනාම මේ මතය මහින්ද මැතිතුමා ඇතුළු නායකයන් වෙත ගෙනියන්න.
        කව්රු මොනා දෙනවා කියල කිව්වත් ආයේ පරණ විදිහට සිරිසේනගේ නඩයේ අය සමග කිසිම දෙයකට එකඟ වෙන්න එපා කියල මහින්ද මැතිතුමාගෙන් ඉල්ලනවා…

  • Pissu

    to Admin: MR team looks like always behind the A game: need to be more clear with there plan. you should be ready to attack the CBK, MY3, Ranil plan.

  • R. Munasingha

    Gread Leader our Mahinda Rajapasha.we are love him forever.Becouse of this Lion
    we are not alon.he will save our country. he is the only one can do that.

  • Manuri

    Dear Admin

    I personally think that you guys did a great job after January 18th and up to the election ……and now you need to do better ..

    clearly there had been election malpractice but it would be hard to prove now the damage is already done…

    but you need to get your team restuctured and organize it better

    by now it is clear that Sirisena had got hold of the party…

    but you guys need to put pressure on the rest of the team to take it back …I don’t know how…but there should be a way …..

    right now Sirisena is having a free lunch …….

    please study the foreign media more ….example right now USA /Canada is going to election…..study thier plans….their stratergy……how they address the media all can be found in the Youtube…this will help in the long rung…..

    most important is reaching to the people…effective and timely communication with the public is essential and the key…..if the UPFA members trying to cross …Go Public ……..tell the people before it actually happens……..this is not the end…..this cannot be….

    Practice more rebuttle skills …..”Defeat is temproriy but giving up makes it permenent

    Manuri writing from Toronto….

    (please add the spell check to this blog )

  • Manoj

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ගායනය :සුනිල් එදිරිසිංහ
    පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
    සංගීතය : රෝහණ වීරසිංහ

  • Pink Panther

    හැමදෙනාම සිරිසේන,මය්ත්‍රී සහ අප්පච්චි මලෝ කණ්ඩායම වර්ජනය කරන්න.
    ඔවුන්ගේ කිසිම කෙනෙකුට චන්දයක් තියා කිසිම සහයක් දෙන්න එපා.
    අලුත් පක්ෂයක් මහින්ද මතිදුගේනායකත්වයෙන් යුතුව ආරම්භ කිරීමට සහය දක්වන්න. ඉල්ලීම්කරන්න.

  • එ්.රත්න

    අැත්තෙන්ම දැන්නම් අලුත් පක්ෂයක් සහ අලුත් සන්ධානයක් අවස්ය මයි වෙන විකල්පයක් නැත

Leave a Reply