Mahinda Rajapaksa: මහින්දගේ පුනරාගමනය නිසා ඇමරිකාවේ බලාපොරොත්තු යළි සුනු විසුනු වෙයි. Asian Tribune විශේෂ වාර්තාව...

Wednesday, August 5, 2015

මහින්දගේ පුනරාගමනය නිසා ඇමරිකාවේ බලාපොරොත්තු යළි සුනු විසුනු වෙයි. Asian Tribune විශේෂ වාර්තාව...

ඒසියන්ට්‍රිබියුන් වෙබ් අඩවියේ පළ වූ "Sri Lanka: U.S. forced to retreat with re-emergence of Rajapaksa" නම් ලිපියේ සිංහල පරිවර්තනය: නලින් සුබසිංහ මහතා විසින් mahinda.info වෙත එවන ලද්දකි.
image002[1]
මේ වසරේ ජනවාරි 8 වන දින පැවති ජනාධිපතිවරණයෙන් හිටපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් වීමෙන් පසුව ශ්‍රීලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ එක්සත් ජනපදයේ වඩාත්ම විශ්වාස කටයුතු සගයා වන රනිල් වික්‍රමසිංහයි. අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ ඔහුට සැලකිය යුතු දේශපාලන බල අධිකාරයක් හිමි විය. මේ සමඟම 2007 මාර්තු මස අත්සන් තැබූ පිවිසුම් සහ අන්තර් සේවා ගිවිසුම (Access and Cross Servicing Agreement) බලාත්මක කිරීමටත්, ඉන් ඉදිරියට ගොස් මූලෝපායික රාමු සම්මුතියකට (Strategic Framework Agreement) ගිවිසුම් ගත වීමත් එක්සත් ජනපදයේ බලාපොත්තුව විය.

මේ ගිවිසුම හරහා එක්සත් ජනපද ශාන්තිකර ඒකාබද්ධ-හමුදා බලඇණියේ US Pacific Command (PACOM) සහ එක්සත් ජනපද ශාන්තිකර නාවුක බලඇණියේ US Pacific Fleet (PACFLT) මූලික අරමුණ වී ඇත්තේ
ශ්‍රී ලංකාව හරහා ඉන්දියානු සාගරයේ විශාල බලයක් අත් පත් කර ගැනීමත්, ඒ මඟින් ලෝකයේ ආර්ථික සහ හමුදා බලවතෙකු ලෙස නැගී එන චීනයට එරෙහිව බලපෑමක් එල්ල කිරීමය. මේ සඳහා එක්සත් ජනපදය කාලයක සිට ප්‍රයත්න දැරුවද ඒ සඳහා බාධාවක් වී තිබුණේ රාජපක්ෂ දෙසොහොයුරන්ය - විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂත්, බලගතු රාජ්‍ය නිලධාරියකු වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් යන දෙදෙනා ය. එවන් තත්වයක් යටතේ රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීමටත්, ඔවුන් නැවත බලයට පැමිණිය නොහැකි පරිදි වාතාවරණය සැකසීමටත් එක්සත් ජනපදය රනිල් වික්‍රමසිංහට ආධාර දීමට ක්‍රියා කළහ. එහිදී ඔවුනට බටහිර ලැදි විදේශ අමාත්‍ය මංගල සමරවීර සුවිශේෂ උපකාරයක් විය.

එක්සත් ජනපදය, සිංගප්පූරුව සමඟ එක්සත් ජනපදය දැනටමත් මෙවන් ගිවිසුමකට එළැඹ තිබෙන අතර එහි අභිලාශය වනුයේ ඔවුන්ගේ නාවුක කඳවුරු සහ වරායන් ආරක්ෂක කටයුතු සඳහා සීමා රහිත තත්වයන් යටතේ භාවිතා කිරීමට ඉඩ ලබා ගැනීමයි. ඊට අමතරව ඔවුන්ගේ C2- Greyhound නම් ප්‍රහාරක ගුවන් යාත්‍රා සඳහා රටේ ගුවන් තොටුපළ භාවිතා කිරීම සඳහා ඉඩ ලබා ගැනීමටද අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපදයේ මේ මූලෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැවත අසීරු අඩියකට පත් වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට නැවත සිය පක්ෂයෙන් මැතිවරණය සඳහා තරඟ කිරීමට අවස්ථාව ලබා දීමත් සමඟයි. මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුගේ සොහොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සැමවිටම ක්‍රියා කළේ එක්සත් ජනපදයට හිතකර ආකාරයෙන් නොවේ. කොටි බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව ශ්‍රීලංකා ආණ්ඩුව විසින් ගෙන ගිය යුධමය ක්‍රියාමාර්ග සඳහා සහාය දෙන ප්‍රතිපත්තියක එක්සත් ජනපදය මුලදී සිටියද, මානව හිමිකම් කඩවීම් පිළිබඳව, විශේෂයන් පැට්‍රික් ලීහිගේ (Patrick Leahy) මූලිකත්වයෙන් පත්කෙරුණු කොන්ග්‍රස් කමිටුවේ නිර්දේශ වැනි කාරණා නිසා, එම ආධාර දෙන ප්‍රතිපත්තිය නතර කෙරිණි.

2009 දී, එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානත්වය දැරූ ජෝන් කෙරී (John Kerry) , යුධ මෙහෙයුම් සහ දෙමළ සරණාගතයන් පිළිබඳව ශ්‍රීලංකා ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කර, එක්සත් ජනපද රජයට අනතුරු ඇඟවීමක් කළේ ය. ශ්‍රීලංකා ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින්නේ, දේශපාලනිකව සහ ආර්ථිකව, බටහිර බලවතුන්ගේ අභිලාශයන්ගෙන් සෑහෙන දුරස්ව බවත්, එවන් වාතාවරණයක් යටතේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීයව ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රීලංකාව, තමන්ට හිතකර නොවන ස්ථාවරයකයට තල්ලු වීම එක්සත් ජනපදයට විශාල ලෙස අවාසි සහගත බව ඔහු දන්වා සිටියේය. නිර්දේශ වශයෙන්, අදාළ ප්‍රශ්නය දෙස කෙටිකාලීන මානවවාදී (Humanitarian) දෘෂ්ඨිකෝණයකින් බලනවාට වඩා පුළුල් දැක්මකින් බැලිය යුතු බවත්, යුධ මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකා ආණ්ඩුවට හිතකර ප්‍රතිපත්තියක පිහිටා සබඳතා ශක්තිමත් කර ගත යුතු බවත් ඔහු දන්වා සිටියේය.

කෙසේ වුවත් පැට්‍රික් ලීහි ගේ වාර්තා අනුව යමින් එක්සත් ජනපදයට ශ්‍රීලංකා ආණ්ඩුවට ආධාර කිරීමට නොහැකි විය. යුධ සමයේ අවසාන වකවානුවේ එක්සත් ජනපදය ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට යොමු වූහ. මෙවන් තත්වයක් තුළ කොටි බෙදුම්වාදී අරගලය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ සමත් වූ අතර, දෙරට අතර සබඳතා දුරස් විය.

2011 දී, එක්සත් ජනපදයේ නාවුක යුධ කටයුතු පිළිබඳ විද්‍යාලයේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් "ශ්‍රී ලංකාව මූලෝපායිකව එක්සත් ජනපදයට වැදගත් වන අයුරු" යනුවෙන් සමීක්ෂණ වාර්තාවක් නිකුත් කළේ ය. එම වාර්තාවේ දැක්වුණේ පහත අදහසයි:

" ශ්‍රී ලංකාව තුළ ඉකුත් වසර කිහිපයේදී යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් අත් පත් කරගෙන ඇති බවත්, විශේෂයෙන් හම්බන්තොට නව වරාය සහ ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීම වැනි කාරණා හේතුවෙන්, ශ්‍රී ලංකාව ගෝලීය මෙගා මධ්‍යස්ථානයක් (Global Mega Hub) බවට පත් වෙමින් පවතී. එය එක්සත් ජනපදයේ පැසිෆික් සහ අත්ලාන්තික් වෙළඳ තීරයන්, යුරෝපය සහ ඈත පෙරදිග ගෝලීය මෙගා මධ්‍යස්ථාන හා සමරූපී එකක් වනු ඇත. අවසන් අදියරේදී හම්බන්තොට වරාය සිංගප්පූරුව හෝ නෙදර්ලන්තයේ රොටඩෑම් වැනි වරායන් මෙන් දස ගුණයක් තරම් විශාලත්වයකට පත් වනු ඇති බවත්, අරාබිකරය සහ සිංගප්පූරුව අතර පවතින එකම ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පත් වනු ඇත. මුළු ලෝකයේම වෙළඳ හුවමාරු මාර්ග වලින් 45% ක් වැටී ඇත්තේ හම්බන්තොට වරායට සැතැප්ම 10ක නුදුරින් වීම මෙහි විශේෂත්වය තවත් වැඩි කරවයි. ශ්‍රී ලංකාව දැනටමත් ඔවුන්ගේ වර්ධනය වෙමින් පවතින වාණිජ ශක්තිය BRIC සංවිධානයේ රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගනිමින් සිටී."

2011 නොවැම්බරයේදී නමින් එක්සත් ජනපදයේ එවකට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් Pivot to Asia නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වන ලදී. “America’s Pacific Century” නම් ලේඛනයක එම ප්‍රතිපත්ති විග්‍රහ කරන ඇය සඳහන් කරන්නේ:

"ඉරාක යුද්ධය අවසන් වීම සහ ඇෆ්ගනිථානයේ හමුදා ඉවත් කර ගනිමින් පවතින අවස්ථාවක එක්සත් ජනපදය සංධිස්ථානයකට පැමිණ තිබේ. ඒ අනුව එක්සත් ජනපදයේ ඉදිරි දශකයේ වඩාත්ම ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික, මූලෝපායික සහ වෙනත් අංශවලින් ආසියා-ශාන්තිකර කලාපය තුළ "ආයෝජනයන්" වර්ධනය කිරීමයි. ඉන්දියානු සාගරයේ සිට ඇමෙරිකානු බටහිර වෙරළ තීරය දක්වා පැතිර ඇති, උපාය මාර්ගිකව වැදගත් නාවුක මාර්ග විශාල ප්‍රමාණයක් වැටී ඇති ආසියා-ශාන්තිකර කලාපය දේශපාලනික වශයෙන් වැදගත්ම කලාපය වනු ඇත. "

ජනවාරි 8 වන දා ශ්‍රී ලංකාවේ සිදු වූ බල පෙරළිය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තම්නේතුවට ඉන්දියානු සාගරයේ මර්මස්ථානය වූ ශ්‍රී ලංකාව සිය "මහා අභිප්‍රාය" සඳහා යොදා ගැනීම සඳහා වෙස් වළා ගත් ආශිර්වාදයක් වැනිය. රාජපක්ෂ ගේ පුනරාගමනය එක්සත් ජනපදයේ බලාපොරොත්තු යළි සුන් වෙමින් තිබේ.

යාලුවන්ටත් කියවීමට Share කරන්න.