මහින්ද මැතිඳුන්ට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ Bill Gates ගෙන් විශේෂ ප්‍රසංශාත්මක වීඩියෝවක්.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියකි.

[1]. මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ සහ වර්තමානයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් ආවාට ගියාට කාටවත් චරිත සහතික දෙන කෙනෙක් නෙමෙයි. එහෙත් ඔහු විශේෂ වීඩියෝවක් මගින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියදී එතුමාව මහ ඉහළින් අගය කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම තොරතුරු තාක්ෂණ සංවර්ධනයේ යුග පෙරළියක් කිරීම වෙනුවෙන් කවරෙක් හෝ මෙවන් ප්‍රසංශාවක් ලැබුවානම් ඒ මහින්ද රාජපක්ෂ ජනපතිතුමායි. ලෝකයේ සුපිරි ධනවතෙක් සහ තොරතුරු තාක්ෂණයේ අමරණීය චරිතයක් විසින් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ප්‍රසංශා ලැබුවානම් ඒත් අප මහින්ද රාජපක්ෂ ජනපතිතුමා පමණයි. ඔහු එසේ ප්‍රසංශා කළේ අනාගතය කල් තියා දුටු නිසයි… අපේම සමහර අයට අගයක් නැති අපේ නායකයින්ව මුළු ලෝකයටම වටින්නේ ඒ විදිහටයි.

[2]. “මේ රටේ කොම්පියුටර් තාක්ෂණ දැනුම තියෙන්නේ 10% ක් වැනි සුළු පිරිසකට. බස්නාහිර පළාතේ 20% යි. එහෙමනම් සමහර ප්‍රදේශ වල කොම්පියුටර් පිළිබඳ දැනුම, තාක්ෂණය පිළිබඳ දැනුම 2% කට වඩා අඩුයි. අපිට අද සිදුවෙලා තියෙනවා ඒ දැනුම ගමට ගේන්න.”
– අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2005 දී එසේ ප්‍රකාශ කළා. මහින්දෝදය ගමට ගෙන ඒම ගැන එතුමා සිතන්නට පටන් ගත්තේ එවක් ඈත වකවානුවක සිටයි.

[3]. 2005 දී 8%-10% ක් වැනි සුළු පිරිසකට තිබූ පරිගණක සාක්ෂරතාවය, යුද මෙහෙයුම් වල නියැලෙන අතරේදීම 2009 වන විට 20% දක්වා වර්ධනය කර ගැනීමට හැකි වුණා.

[4]. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2014 ඊ-රාජ්‍ය සමීක්ෂණය. http://unpan3.un.org/egovkb/en-us/Reports/UN-E-Government-Survey-2014 ඉහත සමීක්ෂණ වාර්තවේ මෙම තොරතුරු අඩංගු වෙනවා.

(i). 2014 ජූලි වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 40% ක් පරිගණක සාක්ෂරතාවයෙන් යුක්ත වුණා. අපේ රටේ එසේ වෙද්දී මහා විද්වතුන් බිහි වෙන ඉන්දියාවේ පරිගණක සාක්ෂරතාවය තවමත් 6.15% ක් ලෙසටයි වර්තා වෙන්නේ.

(ii). කඩිනමින් සහ පහසුවෙන් මහජනතාවට මිත්‍රශීලී ලෙස රාජ්‍ය සේවා ලබාදීමට තොරතුරු තාක්ෂණය යොදා ගන්නා දකුණු ආසියානු කලාපීය රටවල් අතුරින් අංක 1 ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා.

(iii). එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2012 ඉ-රාජ්‍ය සංවර්ධන සමීක්ෂණ වාර්තාවට අනුව ලෝකයේ ‍රටවල් 193 අතුරින් ශ්‍රී ලංකාව 115 වැනි ස්ථානයේ සිටියා. නමුත් වසර 2 කට පසුව එනම් 2014 සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාව 74 වැනි ස්ථානය දිනා ගත්තා. මේ අන්දමට ඉතා ඉහළින් තොරතුරු තාක්ෂණ පහසුකම් මහජනතාවගේ සේවා පහසුව සැලැසීමට යොදා ගන්නා රටවල් අතුරින් ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව ස්ථාන 44ක් පිටුපසින් සිටිනවා.

(iv). ලෝකයේ මධ්‍යම ආදායම් ලබන රටවල් 48 අතර පස්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම ප්‍රස්ථාරය බලන්න.

sri-lanka-un-e-government-s

[5]. මහින්දෝදය පරිගණක විද්‍යාගාර 1000 ක් කඩිනමින් රට පුරා ඉදි කළ මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වූයේ 2016 වන විට රටේ පරිගණක සාක්ෂරතාවය 75% දක්වා වර්ධනය කිරීමයි.

[6]. මහින්ද රාජපක්ෂ යුගය තුල ශ්‍රී ලංකාවේ 5 ස් දෙනෙකුගෙන් එක් අයෙකුට හෙවත් 21.9% කට මේවනවිටත් අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා. එනම් මිලියන 4 ක් අන්තර්ජාල පහසුකම් ලබා දි භාවිතයේ යොදවයි. මූලාශ්‍රය google.com/publicdata මානුෂික මෙහෙයුම අවසන් වීමත් සමග කලාපීය බලවතාවත් අභිබවමින් ශ්‍රී ලංකාව ලෝකය වෙත යන හැටි බලන්න.

mahinda-rajapaksa-internet-

[7]. සීමිත Wi-Fi කලාප කීපයක් ඇති කිරීම වත්මන් ආණ්ඩුව විසින් විශාල ජයග්‍රහණයක් ලෙස සැලකුවද , පසුගිය වසර 10 තුළ දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල 15 ම සම්පුර්ණයෙන්ම Wi-Fi මගින් ආවරණය කළා.

[8]. නෙලුම් කුළුණ යනු උඩට නැගල මූද බලන්න හදපු කුළුණක් කියලයි සමහරුන් පැවසූවේ. නමුත් එහි ප්‍රධාන අරමුණ වූයේ රූපවාහිනී සහ අන්තර්ජාල සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම ලබා දීමයි.

It will function as a radio and television broadcasting antenna ISDB-T and proposed DVB-T2 support structure for 50 television services, 35 FM Radio Stations and 20 telecommunication service providers source: https://en.wikipedia.org/wiki/Colombo_Lotus_Tower

දැනටමත් ශ්‍රී ලංකාවේ 4G තාක්ෂණය තිබෙන නමුත් එම වේගයත් ප්‍රමාණවත් නොවන නිසා එය ත්‍රීව්‍ර කර අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දීම නෙළුම් කුළුණෙන් සිදු කෙරෙයි.

nelum kuluna photo

nelum kuluna

[9]. මෙහිදී සුප්‍රීම් සැට් ගැනත් සමහරුන්ට මතක් වෙන්නට පුලුවන්. සුප්‍රීම් සැට් යනු පෞද්ගලික සමාගමක් විසින් රජයේ කිසිදු මුදලක් වියදම් නොකර සිදුකරන ලද ආයෝජනයක්. පළමු චන්ද්‍රිකාවේ අයිතිය අඩක් නිසා එය Chinasat 12 ලෙස හැඳින්වුණා. ගුවන්ගත කිරීම. උඩට යවපු චන්ද්‍රිකාවට මොකද වුණේ කියල අහන අයට මේක පෙන්වන්න.

chinasat

එදා සුප්‍රීම් සැට් එකට හිනා වුණ යහපාලකයින් කාටත් හොරෙන් එහි ඵල ප්‍රයෝජන නෙලා ගන්නේ මෙහෙමයි.

ශ්‍රී ලංකාවට ‘යථාත්‍ය ගොවිපොළකරණ’ ව්‍යාපෘතිය හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා සුප්‍රීම්සැට් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගියදා ගොවිජන මන්දිරයේදීය. නවීනත්වය හා බැදුණු සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවන් එකතුවෙන් සකස් කරන ලද Exact Farming ව්‍යාපෘතිය මඟින් අපේ ගොවි ප්‍ර‍ජාව වෙත නවීන තාක්ෂණය නොමිලේ ලබාදීමට සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් චන්ද්‍රිකා තාක්ෂණය මඟින් සිතියම්කරණය, ඓතිහාසික දත්ත රැස්කරණය සහ විශ්ලේෂණය වැනි සේවාවන් කෘෂි කර්මාන්තයට ලබාගත හැකි අතර මෙහි ඉලක්කය තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය අපේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා යොදා ගැනීමයි. source: 2015/07/08 news.lk

ඒ ආකාරයෙන් සුප්‍රීම්ස් සැට් ආයතනයෙන් ප්‍රයෝජන ගන්න අතරේම යහපාලකයින් සිදුකළේ සුප්‍රීම්ස් සැට් ආයතනත් අහුවෙන පරිදි රු බිලියනයක බද්දක් ගැහීමයි. මූලාශ්‍රය

[8]. ඒ අතරේ රු 30 කට ගත හැකි මෙගාබයිට් 100 ක් දීම, මහින්දෝදය නම ගලවා තමන්ගේ නම ගසා ගනිමින් විවෘත කිරීම, ගූගල් සමාගම ලෝකය පුරාම මුදලට ඉන්ටර්නෙට් විකුණන Google Loon නොමිලේ දෙනවා කියමින් මගින් ලකුණු දා ගන්න හැදීම වැනි බොළඳ වැඩ සිදුකර මහා ඝෝෂාවක් එජාපය සිදුකරයි.

අනාගතයට සහතිකයක්…

[10]. එක්සත් ජනතා නිදහස් සංධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු තාක්ෂණයේ වර්ධනය වෙනුවෙන් ගන්නා ලද ප්‍රතිපත්ති සඳහන් වෙයි. (සම්පූර්ණ විස්තරය සඳහා කාරුණිකව ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න.) මේ වියදම් කෙටිකාලීනව රාජ්‍ය අයවැයට බරක් වුවද දිගුකාලීනව රටේ සංවර්ධනය වෙනුවෙන් මහඟු ආයෝජනයකුයි.

ypfa-manifesto-it

ඊට අමතරව සෑම නිවසකටම බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය ලබා දීමටත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. එදා මුදලට (රජයට බදු ගෙවා) ලබා ගත් රූපවාහිනී තරංග අද නොමිලයේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි වෙනවා. ඒ ආකාරයෙන්ම අධිවේගී අන්තර්ජාල පහසුකමුත් ලබා දීමට අවශ්‍ය යටිතල පහසුකම් තව දුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තොරතුරු තාක්ෂණ සන්නිවේදනයේ කේන්ද්‍රස්ථානය කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවයි.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

28 comments to මහින්ද මැතිඳුන්ට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ Bill Gates ගෙන් විශේෂ ප්‍රසංශාත්මක වීඩියෝවක්.

  • Power

    ඔන්න වැඩ…

    මේ වගේ දැවන්ත කාර්යභාරයන්ට උරදෙමින් අප ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම රටක් කිරීමට අවශ්‍ය පදනම පියවරින් පියවර කරගෙන පැමිණි නිසා තමා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ දේශද්‍රෝහී පිරිස් ඊර්ෂියා කරන්නෙ කුමක් නිසාද කියනවා නම් මෙතුමාගේ බොරු කයිවාරු නෑ.වැඩක් කරනවා කිව්වොත් එය මනාව නිසි ලෙස සිදුකොට පෙන්වූ නායකයෙක්..එහෙත් ඇතාගේ පක්ෂයේ කට්ටිය බොරු කයිවාරු විතරයි වැඩ බෑ.එම නිසා වර්තමාන යමපාලන නඩයේ ලොල්ලන් විසින් එතුමා මේ රටේ අනාගතය වෙනුවෙන්,ආර්ථිකය වෙනුවෙන්,නූතන නව තාක්ෂණය වෙනුවෙන්,අධ්‍යාපනය වෙනුවෙන් සිදුකලා වූ අපමණ සේවය ඉතා පහත් ලෙස හෙළා දකිමින් අදහස් පළ කරත් මුලු මහත් ලෝකයේ ම වැඩි පිරිසකගේ පරිගණකයන්හි දෘඩ තැටියේ රැදී ඇති මෙහෙයුම් පද්ධතියේ අයිතිකරුවා වන බිල් ගේට්ස් නැමැති මයික්‍රෝ මොළයක් පිහිටා ඇති පිරිගණක මෘදුකාංග නිරිමාණ ශිල්පියා හා මයික්‍රෝසොෆ්ට් සමාගමේ සභාපතිවරයාට අපේ පුංචි ලංකාවේ ලොව මවිත කරවූ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සැබෑම වීරයෙක් වී අවසානය.

    • Dinuu

      ජය සිරිමා බෝ සෙවනට..
      අද වඩිනා දෙව් රජුන්ට..
      අයදිමි රට බේර ගන්ට..
      මහින්දවම රජ කරන්ට..!

      ලෝ පාලන දෙව් රජුන්ට..
      අප කල සැම පින් ලබන්ට..
      ලක් දෙරණට පිහිට වන්ට..
      මහින්දවම රජ කරන්ට..!

  • Sumanawathi Guntilake

    This election will demonstrate the power of truth, patriotism and humane qualities of our leaders as UPFA led by Hon. Rajapakse, triumph with landslide peoples mandate. Thank you President, Rajapakse, for your service and vision. You will be enshrined in grateful hearts both in life and after.

    Last election showed how short live is the lies, fabrications and assault on Sinhala Buddhist culture is.

    We owe it to our ancestors and war heros to preserve the heritage of this resplendent land and propagate the teachings of the supreme enlightened being.

  • Sumanawathi Guntilake

    Each one who vote for Rajpakse’s glorious record of peace and unpresidented development may have THE GOOD KARMA, or PARAMITHA as being a building block of it.

    Above all he taught us how to stand on our own feet with dignity against separatist Western and domestic elements.

    Let us be grateful and cast our vote to be part of the noble cause.

    Come lets make a relationship to the prosperity and national identity.

  • Sumanawathi Guntilake

    Today Muslim and Tamil brothers are in peace doing business and studies ,
    before Tamil and Muslim terrorism took themselves and oters as casualties by LTTE. In this election
    They too will show their grate fullness and character influenced by Lord Shiva and Allah.

    Rajapakse made peace among cultures and ethnicities he had the courage to stand up against
    Extremism and he is only in this world who triumphed in defeating terrorism.

    Sri Lanka today is a land of peace and immeasurable potentiality. Let us carefully observe our foe and respect the friends specially in West and neighborhood.

    Let us isolate and expose those who appeal for our divisions.

    Let’s vote Rajapakse priceless cause.

  • mahinda

    Due to this it ability incriment,MR got defeeted.One of his lost factor is this IT ability incriment.Lots of new generation mostly used their computer ability to defeat MR.

  • Ruwan Seneiratna

    PEOPLE SHOULDN’T KEEP FAITH ON VOTES ONLY. Be ready to get to street.

    remember this election too can be manipulated by India and West using computers and cash. Besides Ranil, won’t
    give up easy this time. Sirisena is doomed now.

  • Ramal

    MAHINDA DEHAPRIYA is the Brother of SUNANDA DESHAPRIYA the alleged journalist who left country and conspires with western NGOs.

    Are you expecting fair and free elections? Common this is Goodgovernance, read the clear indication
    by illegally removing SLFP Secrataries to take over national list.

    I think People will get to street. End up completely abolishing executive presidency.

    Vote for Mahinda is a vote for yourself.

  • Romania Peris

    Election Commissioners behavior after SLFP Secratay sacking in a dictatorial manner may be indicative of election manipulayions under his consent.

    After all brother of Sunanda Deshapriya…..go figer the voters of yahapalanaya.

  • elsie.

    Why have not brought out this video months ago…???????

  • hasith

    මහින්ද මැතිතුමනි ඔබ සමග අපි සැමදාම ඉන්නවා…
    ඔබතුමා ගැන අපට ආඩම්බරයි …
    ඔබට තමා අපගේ රටේ නායකත්වය..
    බුදුසරණයි ඔබට ජය නියතයි ….

  • Mahesh

    Americawe inna Bill Gatestath therena me aththa apema rate inna moda thakathiru toyyanta notherena eka thamai duka. 🙁

  • ලබන 17 ත් වන සඳුදා ලංකාවේ ඉදිරි 20-30 වසරක ඉරණම තීන්දු කරන තීරණාත්මක දිනයකි. ඒ මහින්ද රාජපක්ෂ සාධකය නිසාම නොවේ.

    පසුගිය වසරේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන සන්ධානය විසින් “ඇහින්දා” පෙරටු කරගෙන මහින්ද ගෙදර යැවීමට පෙරමුණ ගත් සමයේම මා හඳුනාගත් එක් දෙයක් වුයේ “ඇහින්දා” ගේ ඇති අල්ප පෞරුෂය , අල්ප ජනතා ආකර්ෂණය සහ ජාතික තලයේ රාජ්‍ය පාලකයෙකුට තිබිය යුතු වැදගත්ම ගුණාංගයක් වන තම වචනයේ සහ ක්‍රියාවේ ගෞරවය රකින මහත්මා ගතියේ අල්ප බවයි. “ඇහින්දා” ජනාධිපති පදවියට පත්වීම ගොබෙල්ස් මාධ්‍ය කරණයේ සහ විජාතික ඩොලර් වල ප්‍රතිඵලයක් මිස , “ඇහින්දා” ට ඇති ජනතා කැමැත්ත මත පදනම්ව සිදුවූවක් නොවන බව පසුගිය මාස හය තුල ඔහුගේ ජනප්‍රියතාවයේ සිදුවූ සෝචනීය පිරිහීමෙන් පැහැදිලි වේ. බලය ලබාගෙන මාස තුනක් තුල ජනතාවගෙන් බහුතරයක් හෙණ ඉල්ලන තරමට පිරිහී ගිය මෙවන් ජනාධිපතිවරයෙක් ලොව මෙතෙක් පහලවුවාදැයි සැක සහිතය.

    මහින්ද මෙන් වැදගත් පවුල් පසුබිමක වැදගත් මවු පියන්ට දාව නීච කතාවට සහ ක්‍රියාවට බයෙන් (හිරි ඔත්තප්ප ) ඇතිව දේශපාලනයේ යෙදුනෙකු නොව කොලනියක උපත ලබා අටපාස් ග්‍රාමසේවකයෙක් ව ප්‍රාදේශීය මජර දේශපාලනයෙන් ඉහලට පැමිණ රටේ කරුමෙට මුග්ධ ජනතාව විසින් මුල් පුටුවට ඔසවා තබනු ලැබූ “ඇහින්දා” හට නීච ගතිගුණ ස්වභාවයෙන්ම උරුමව ඇති බව සහ ඔහු ඒ නීච ගතිගුණ එළිපිටම දැක්වීමට නොපැකිලෙන බව පසුගිය මාස හය තුලදී අප සැම නිරීක්ෂණය කළෙමු.

    ලෝක ඉතිහාසයේ නිචම සහ කෘරම ආකාරයෙන් පොදු ජනතාව වෙත භිෂණය , එකාධිපතිත්වය මුදා හල බොහෝ රාජ්‍ය පාලකයන් හට පොදු ලක්ෂණයක් වන්නේ පෞරුෂයේ සහ ජනතා ආකර්ෂණයේ ඇති අඩුපාඩුවයි. කුමන්ත්‍ර මගින් , ගොබෙල්ස් කරණය මගින් හෝ වෙනයම් කූට ක්‍රමයකින් බලයට පත්ව ටික කලකින්ම ජනතාවගේ සහයෝගය පිරිහී තනිවෙන ඔවුන් එම ජනතාවට වයිරි කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව , සන්නද්ධ බලය මගින් තම බලය පවත්වාගෙන යාමට පෙළඹෙයි.

    “ඇහින්දා” ගේ පසුගිය මාස කීපය තුල අප නිරීක්ෂණය කල භාවිතාව මගින් මෙය මෙසේම ක්‍රමයෙන් සිදුවෙන බව පෙනෙයි. ජාතික හෝ පක්ෂ ව්‍යවස්ථා තුට්ටුවකට මායිම් නොකරමින් පත්වීම් සහ පලවා හැරීම් සිදු කරමින් සහ නිල ආරක්ෂක සේවය විසිරුවා හැර තමන්ට හිතවත් සහ පාලනය කල හැකි බලකායක් ආරක්ෂාවට තබා ගනිමින් ත්‍රාඩ කෘර ඒකාධිපතිත්වයක් කරා සීග්‍රයෙන් පිය නගන “ඇහින්දා” මේ යන්නේ “සියලු විධායක බලය” අතහරින පොරොන්දුව ඉටුකරමින් නොව ඉතිහාසයේ දරුණුතම ඒකාධිපති පාලනයක් කරා බව සියල්ලන්ම තේරුම් ගත යුතුය. ජනතාවගේ පිළිගැනීමක් නොලබන ඔහු හට ජනතාව වෙත ලෙන්ගතු බවක් දැක්වීමට අවශ්‍යතාවයක් හෝ හේතුවක් නැත.

    හෙට දින තම ජනතා පරමාධිපත්‍යය දක්වන ජනතාව හොඳින් තේරුම් ගත යුත්තේ , UNP ය සහ JVP ය 88-89 කාලය තුල සිදුකල බිහිසුණු ලේ වැගිරීම් , වධ දීම් සහ මනුෂ්‍ය ඝාතන වලට සරදම් කල හැකි තාලයේ කෘර යුගයක් කරා ඒකාධිපති සිරිසේන විසින් ලංකාව සීග්‍රයෙන් රැගෙන යමින් පවතින බවයි. එය පරාජය කල හැක්කේ ඔහුගේ එම ජාති ද්‍රෝහී බලය නිශේධ කල හැකි බලවත් නායකයෙක් සමග පෙරමුණ ගත් පොදුජන එක්සත් පෙරමුණට මිස විජාතික රූකඩයක් සහ තවත් ඒ තාලයේම කෘර මිනීමරු හිතේ කරුණාව , දයාව අබ ඇටයක් පමණවත් නැති ලංකාවට , ජනතාවට ද්වේශ කරන රනිල් ප්‍රමුඛ මිනීමරු හොර නඩයකට හෝ දැන් ඒ හොර නඩයේ වල්ගේ එල්ලී සිටින මිනී මරු JVP යට නොවේ.

    අවසාන වශයෙන් කිව යුත්තේ ද්‍රවිඩයන් සහ මුස්ලිමුන් සිතා සිටින ආකාරයේ තම තමන්ගේ ජාතිකත්වයේ සුරලෝකය මැවීමට කිසිදු උවමනාවක් “ඇහින්දා” ට හෝ රනිල් ප්‍රමුඛ UNP යට නැති බවයි. 83 ජුලි කලබල ඇති කර දහස් ගණනක් ද්‍රවිඩයන් ඝාතනය කලේ UNP ය මගින් දියත්කල රාජ්‍ය ත්‍රස්තවාදයයි. එසේ ද්‍රවිඩයන් හට “පාඩමක්” උගන්වා ඉන්පසු ආපසු හැරී ඔවුන්ට ඉදිරි මැතිවරණ වලදී අභියෝගයක් විය හැකි සිංහල ජාති හිතෙෂි බලවේග වෙත කෘර රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හරියේ බලය ඉදිරියේ ඔවුන්ට කිසිදු ජාතියක් ගැන විශේෂ කැක්කුමක් නැති බව හොඳින්ම පෙන්වමිනි. එමෙන්ම කෘර මිනීමරු රනිල් ප්‍රමුඛ හොර නඩය ට පිටුපසින් හැන්ගෙමින් සහයෝගය දක්වන විජාතික බලවේග වලට අවශ්‍යව ඇත්තේ එක්සත්ව දියුනුවන රටක් නොව බෙදී වෙන්වී උනුනුන් මරාගන්නා ද්වීපයක් ම බව ද්‍රවිඩ , මුස්ලිම් වශයෙන් වෙන්වී වෙන්ව ගමනක් යෑමට සිහින මවනා , කතිරේ ගසනා සොයුරු සොයුරියන් සිහිතබා ගත යුතුය.

    පුරා මාස ගණනාවක් රට වෙනුවෙන් සහ ඉදිරි පරම්පරාවට සෞභාග්‍යවත් රාජ්‍යයක් හිමිකර දීම වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වී ජනතාව දැනුවත් කිරීමට අගනා කාර්ය භාරයක් ඉටුකළ mahinda.info හි සොයුරු සොයුරියන් , කාර්‍ය මණ්ඩලය සහ පොදු ජන අප හදවතේ නැගුන මහින්ද පවන යතාර්ථයක් , සුළි කුණාටුවක් බවට බවට පත් කල විමල් විරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන මැතිවරුන් වෙත අපගේ හර්දයාංගම ස්තුතිය සහ කෘතගුණ පලකරමි.

    • අගනා කොමෙන්ටු එක් කරමින් ජනතාව දැනුවත් කරන ඔබ සැමටත් බෙහෙවින් ස්තුතියි. 17 වෙනිදාට පසුවත් අපි දිගටම ඉන්නවා.

  • sayumi

    බලන්න මේ නෙලුම් කුලුනේ ලස්සන! පිටත ඉඳන් බැලුවත් හිත පිරෙනවා. හරියට අතක් උස්සලා වනා ගන්න බැරි පෙන්දෙක්ට මෙහෙම එකක් හදනවා තියා හිතන්නවත් පුලුවන්ද?

  • Dinuu

    Bill Gates මහින්ද මැතිදුන්ට ප්‍රශන්සා කල video ව දැනට 7000ක් share කර ඇත.
    ජනවාරි 8 පසුබෑමකට ලක් නොවුනි නම් මෙලහකටත් මහින්ද මැතිදුන් අපේ මේ පුන්චි ලන්කාව “ආසියාවේ ආශ්චර්යය” කරා හුගක් ලගා කරවලා. අගෝ 18 සිට නැවත අපි ඒ ගමන අරඹන බව ඉර හද සේ විශ්වාසයි!

    Mahinda.Info මේ Website එකෙන් කල සේවය අමරණීයයි! හද පත්ලෙන්ම තුති පුදමි!

    රට වෙනුවෙන්, පවර්, සයුමි, මහසොහොන්පිල්ලිය ඇතුලු මහින්ද මැතිදුන් වෙනුවෙන් කැප වූ හිතවතුන් සියලු දෙනාටම ඉදිරි ගමන් මගට හදවතින්ම සුබ පතමි.

    මගේ ආදරණීය මව්බිමට ජයවේවා!

    අපේ සදාදරණීය ජනනායකයා මහින්ද මැතිදුන්ට ජයෙන් ජයම වේවා!

    සන්ධානයට තෙරුවන් සරණින් තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින් අති විශිශ්ට ජයක් අත් වේවා!

    • කොමෙන්ට් හරහා අපව දිරි ගන්වන ඔබටත් බෙහෙවින් ස්තුතියි.

      • ජහපාල

        ජනවාරි 8 පසු මහින්ද මැතිදුන්ට එල්ල කල චෝදනා වලට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කරමින් mahinda.info වෙබ් අඩවිය කල කාර්ය භාරය විශිෂ්ටයි එසේම ඇදලා චෝදනා හිස් චෝදනා බව ඔප්පු කරමින් මෙම වෙබ් අඩවිය යාවත් කාලීන කරන editor තුමා ලිපි සදහා මූලාශ්‍ර සප්පයු සැමටත් මගී ඉස්තුතිය පුද කරන අතරම අගෝස්තු 18 ට පසුවත් රැදී සිටින ලෙස ඉල්ලා සිටිමි

        යහපාලනයේ යමයෝ එළවලා
        පන්දම් නිවලා සීනි ගලවලා
        appachchi යලි අගමැති කරලා
        අපි යනවා අලුතින් ගමනක් හෙට

        හොරා හොරා කියා කියා ගිය අය
        දැන් ටිකටික පච වෙනවා
        බියක් සැකක් නෑ දැඩි විස්වාසයි
        මිහිදු අයෙත් අගමැති වෙනවා

        ආදර අප්පච්චිට ජයවේවා
        දිනූ නිදහසට ජයවේවා
        රැකගත් මව්බිමට ජයවේවා
        රටට පණ දී අලුතෙන්ම පටන් ගමු ගමන අපේ සුබ පැතුම් ජය නියතයි
        රටට පණ දී අලුතෙන්ම පටන්ගමු ගමන අපී සුබපැතුම් ජය නියතයි

  • ajith

    i agree with you mahinda rajapaksa is our hero

  • ajith

    API YUDDEN GODAK DUK WINDA MINISSU, APITA YANNA PARAK THIBUNNE ,MINIHEKUTA PARATA BEHALA YANNA PULUWAN WATHAWARANAYAK THIBBE NE,LAMAYEKUTA SCHOOL YANNA BE SCHOOL WAL BOOMMA ,FAMILY EKAKATA GAMANAK EKATA YANNA BE OKKAMA WINASAWEI KIYAL BAYAI , EATH ADA EHEMA NE EATH SAMAHARA AYATA AI METHARAM IKMANATA MEWA AMATHAKA WENNE MEKA APE RATE ABAAGYA DE

  • sayumi

    යම පාලකයින් ලන්කා නිව්ස් වෙබ් ටුඩේ බ්ලොක් කර ඇත.ගූගල් හරහා ගොස් web proxy ටයිප් කර ‘අන් බ්ලොක් යූ ටියුබ්..’නමින් ඇති සයිට් එක ක්ලික් කර lankanewswebtoday ටයිප් කරන්න.

  • sayumi

    පවර්,දිනූ,රට වෙනුවෙන්,මහ සොහොන් – සුභ පතනෙමි ඔබ සැමටම ඉත සිතින්;
    මහින්ද . ඉන්ෆෝ එඩිටර් තුමන් – සිහි කරනෙමි කළ මෙහෙවර බැති සිතින්

    පසුවත් දාහතෙන් අපි සැම එක් වෙමූ – රට වෙනුවෙන් හැකි තරමින් කැප වෙමූ
    රට නැඟුමට අප්පච්චිට දිරි දෙමූ – කොටි එළවා සමගිය රජ කරවමූ!

  • Malini kumari

    His actions spoke louder than words.

    He can be upset because of his brother sunanda Deshapriya.

    Will he allow this election too to be rigged by
    Indian computers and western dollars?

    FIRST PRIORITY OF PARLIAMENT IS TO
    ABOLISH COMADY OF EXECUTIVE PRESIDENCY.

    It’s a laughing matter. Presidential statements and itself
    Is like Charly Chaplin or Andare…

  • sameera

    janapayhi thumani oba me ratata kala sewaya wishishtay.

  • ජහපාල

    සුවදක් හමයි හමයි රන් කුරහන්
    දැනේ දැනේ අබිමානය මුලුරටටම

    ජයනියනයි ඔහොම යන්

Leave a Reply