Mahinda Rajapaksa: රාජිත අලුත් කතාවක් - "රාජපක්ෂ පවුලට අපි විරුද්ධ නෑ, ඒගොල්ලෝ දිගටම දේශපාලනය කළානෙ"

Sunday, August 2, 2015

රාජිත අලුත් කතාවක් - "රාජපක්ෂ පවුලට අපි විරුද්ධ නෑ, ඒගොල්ලෝ දිගටම දේශපාලනය කළානෙ"

මහින්ද රාජපක්ෂ මහතාව පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය කිරීම සඳහා ගෙන ගිය ප්‍රධානතම චෝදනාවක් වූයේ "පවුල් පාලනය" යන චෝදනාවයි. රාජිත සේනාරත්නත් එම මඩ අවලාද ව්‍යාපාරයේ පෙරමුණ ගත් අයෙක් බව ඔබට මතක ඇති.

පසුගිය දා පැවැති දේශපාලන සංවාදයකදී එජාප අපේක්ෂක රාජිත සේනාරත්නගේ පවුලේ උදවිය දේශපාලනය කිරීම ගැන මාධ්‍යවේදියෙක් විමසුවා. ඉන් කෝපයට පත් එජාප අපේක්ෂක රාජිත සේනාරත්න පැවසූයේ පවුලේ අය දිගටම දේශපාලනය කරනවානම් එහි වරදක් නැති බවයි.

එජාප අපේක්ෂක රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසූයේ "ඇයි පුත්තුන්ට බැරිද... පවුලක හතර පස් දෙනෙක් ඉල්ලුවත් කමක් නෑ දේශපාලඥයෝනම්" යනුවෙනුයි.

"රාජපක්ෂ පවුලට චෝදනා කළා නේද?" යැයි හරස් ප්‍රශ්නයක් අහද්දී "අපි විරුද්ධ නෑ, ඒගොල්ලෝ දිගටම දේශපාලනය කළානෙ" යනුවෙන් එජාප අපේක්ෂක රාජිත සේනාරත්න පිළිතුරු දුන්නා.

සංවාදයේ වීඩියෝව බලන්න.


එදා එජාපය කී දේත්, අද එජාපය පවුල් පිටින් දේශපාලනය කරද්දී ඔවුන් කියන දේවලුත් අතර වෙනස පේනව නේද? පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ගිය මඩ අවලාද ව්‍යාපාරයම පදනම් වූයේ මෙවන් අතේ මාට්ටු වෙන බොරු කන්දරාවකිනුයි.

පවුල් පාලනය සහ සහෝදර සමගම යන මඩ අවලාදයට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පහත වීඩියෝවේ කදිම පිළිතුරක් ලබා දී තිබෙනවා.



තාමත් පවුල් පාලනයක් ගැන කියන අයට ඇත්ත දැනගැනීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.