
[1]. ශ්‍රී ලංකා රජයට අයත් රක්නා ආරක්ෂක සමාගමට අනුබද්ධව ඇවන්ගාඩ් සමාගම විසින් සමුද්‍ර ආරක්ෂක ජාලයක් පවත්වා ගෙන ගියා. යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම සති කිහිපයක් ඇතුළත එහි ආයුධ තිබූ නැව අත් අඩංගුවට ගෙන ජනමාධ්‍ය වලින් හෙළි කර මහා පාවාදීමක් කරනු ලැබුණා. (කළින් ලිපිය)
2002 දිගු දුර විහිදුම් බලකාය පාවා දීම හා සමානම මහා පාවාදීමකුයි එහිදී සිදුවුණේ. එහි සේවය කළ රණවිරුවන්ව අත් අඩංගුවට පත් වීම වැළැක්වීම සඳහා හිටපු නාවික හමුදාපති තුමාට ප්‍රකාශයක් ලබා දෙන්නත් සිදු වුණා.
[2]. යහපාලන ආණ්ඩුවෙන් සිදු කරන ලද මහා පාවාදීමට එරෙහිව රාජ්‍ය ආරක්ෂක අංශ වලින්ම එල්ල වූ විරෝධය නිසා පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූල බව පිළිගැනීමට යහපාලන ආණ්ඩුවට සිදු වුණා. මූලාශ්‍රය 2015.03.04 දිවයින
[3]. ඇවන්ගාඩ් සමාගම බිහි කිරීමට මූලිකත්වය ගෙන ලංකා ඉතිහාසයේ දෙවන වතාවට (පළමු වතාව: මහා පරාක්‍රමබාහු රජ සමය) ශ්‍රී ලංකා සමුද්‍ර සීමාවෙන් එපිටට ගොස් යුධ මෙහෙයුම් වල නියැලීමට අපේ රටේ රණවිරුවන්ට ශක්තිය ලබා දුන් නායකයාගෙන් පන්න පන්නා පළි ගන්න පටන් ගත්තා. මහනුවර පැවැත්වූ රැළියෙන් පසුව ඇවන්ගාඩ් හි උපදේශකවරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් තහනම් කරනු ලැබුවා.
[4]. එතැනින් නොනැවතී ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට රැගෙන ගියා. ඔවුන්ගේ අරමුන වූයේ අල්ලස් කොමිසමේ ප්‍රශ්න කර ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමයි. මූලාශ්‍රය

[5]. නමුත් මැතිවරණය අවසන් වී සතියක් ගිය තැන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ වාරණ නියෝගය ඉල්ලා අස් කර ගත්තා. මූලාශ්‍රය (වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පත්තරේ මූලාශ්‍ර දැම්මේ මෙය එජාපයේ අයටත් බොරු යැයි කීමට නොහැකි වෙන්නයි) මව්බිම සහ නෙත් වෙබ් අඩවි වලත් මේ බව සඳහන්.
[6]. එය මැතිවරණය ඉලක්ක කරගත් යහපාලන පළිගැනීමක් බව තවදුරටත් සැකයක් නෑ. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දුන්, මානුෂික මෙහෙයුමෙන් පසුව කොළඹ නගරය සංවර්ධනය කර ලෝකයේ අංක 1 ට ගෙන ආපු එතුමාට අන්තිමට මඩ ගැසුවා. අද වන විට ඒවා බොරු චෝදනා බව ඔප්පු වී තිබෙනවා. නමුත් මෙය අවසාන මඩ ගැසීම නොවේ...