Mahinda Rajapaksa: කොටින්ට මුදල් දුන් බව කියන චම්පිකගේ පච ආයිත් අතේ මාට්ටු.

Tuesday, August 11, 2015

කොටින්ට මුදල් දුන් බව කියන චම්පිකගේ පච ආයිත් අතේ මාට්ටු.

පාථලී චම්පික රණවක මෑතකදී පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රභාකරන්ව පරාජය කරන්න වුවමනාවක් නොතිබූ බවත්, භාණ්ඩාගාරය හිස් වෙනකම් කොටින්ට කප්පන් ගෙවූ බවයි.



 

[1]. ප්‍රභාකරන්ව පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට වුවමනාවක් නොතිබූ බව කියන චම්පිකගේ පච චෝදනාව අතේ පත්තු වෙන සාක්ෂි පහත දැක්වෙයි.





 

[2]. මහින්ද රාජපක්ෂ මහතා කොටින්ට කප්පම් ගෙවූ බව කියන පචය මුල් වරට නැගූයේ එජාපයේ රනිල් වික්‍රමසිංහ 2005 දී තම පරාජය වසා ගැනීමටයි. රනිල්ගේ එම චෝදනාවට චම්පික 2009 දී තමන් විසින්ම ලියන ලද "පටිසෝතගාමීව තිස්වසක්" පොතෙන් මෙසේ පිළිතුරු ලබා දී තිබෙනවා. (මීට පෙර මේ ගැන mahinda.info හි පළ වූ ලිපිය මෙතනින්)

patisothagamiwa-this-wasak

එදා රනිල්ගේ මඩ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රනිල්ව විවේචනය කළ චම්පිකට, දැන් රනිල් සමග එකතු වී රනිල්ගේ මඩ වලින් මහින්ද මහතාට දමා ගැසීමට සිදුවී තිබෙනවා. ඔහු දේශපාලන අවස්ථාවාදියෙකුට අමතරව බොරු කාරයෙක් බවත් සනාථ වී අවසන්.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.