[2]. ඔබගේ එකම ඡන්දයක් වුවද තීරණාත්මකයි.
...ඔබ දන්නවාද?
(i). පසුගිය ජනාධිපතිවරණයේදී සමහර දිස්ත්‍රික්ක වල ජය පරාජය තීරණය වූයේ ඡන්ද ඉතාමත් සුළු ප්රමාණයකිනුයි.
(ii). පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද මහතා කොහොමත් දිනනවා යැයි සිතමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොගොස් තමන්ගේ වෙනත් අත්‍යවශ්‍ය වැඩ වලට ගිය සැලකිය යුතු පාක්ෂිකයින් පිරිසක් සිටියායැයි වාර්තා වී තිබෙනවා.
[3]. මැතිවරණ දිනයේදී ප්‍රමාද නොවී, හැකිනම් පෙරවරුවේදීම ඡන්ද පොළට ගොස් ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඊට ප්‍රධාන හේතු...
(i). හවස් වෙද්දී යහපාලකයින් විසින් ඔබගේ ඡන්දය නොවැටේවි යැයි සිතා එය හොර ඡන්දයක් ලෙස දැමීමට ඉඩ තිබීම.
(ii). හවස් වෙද්දී ඔබට නොවැළැක්විය හැකි කටයුතු සඳහා යාමට සිදුවීම.
[4]. ඔබ සතු වලංගු හැඳුනුම්පත අනිවාර්යයෙනම ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න. (ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රය). වලංගු හැඳුනුම්පතක් නොමැතිව කිසිවෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකියි.
[5]. ඔබ සතුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් තිබේනම් එය රැගෙන යාම බෙහෙවින් ප්‍රයෝජනවත්. නමුත් නිල ඡන්ද පත්‍රිකාවක් ඔබට නොමැති වුණත් හැඳුනුම්පත තිබේනම් ඔබට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.
[6]. අපේක්ෂකයින් සහ අංක ලයිස්තුව ඔබට ඡන්ද කොළය සමග දැනටමත් ලැබී තිබිය හැකි අතර එසේ ලැබී නොමැතිනම් මෙම ලිපියෙන් ඔබට දැකගනන්ට පුලුවන්.
[7]. මනාප 3 තෝරා ගැනීමේදී වඩාත්ම විශ්වාසදායී අයට ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන්න.
[8]. ඡන්දය සලකුණු කිරීමේදී එම ආවරණය කරන ලද කොටස තුළ ඇති පැන්සල භාවිතා කරන්න. ඡන්දය සලකුණු කිරීමේදී කතිර සලකුණ පමණක් භාවිතා කරන්න. කොටු තුළ පමණක් කතිර ගසන්න.
[9]. ඔබ ඡන්දය ලබා දීමේදී පළමුව පක්ෂ ලාංඡනය ඉදිරියේ ඇති කොටුව තුළ කතිරය ගසන්න. ඉන් අනතුරව පහතින් ඇති කොටු වලින් ඔබ මනාපය ලබා දෙන වඩාත්ම විශ්වාසදායී අපේක්ෂකයන් තිදෙනාට අදාල අංක දැක්වෙන කොටු තුනක පමණක් කතිර ගසන්න.

[10]. ඡන්ද කොළයේ වෙන කිසිදු සලකුණක් නොතබන්න. ඡන්ද ලකුණ සොයද්දී වැරදීමකින් වෙනත් කොටු වල තිත් තැබීම, වැරදියට ලකුණු කර නැවත කුරුටුගෑම, දාඩිය වැටී බොඳ වීම, කොටුවේ සීමාවේ ගෑවෙන ලෙසට කතිරය ගැසීම ආදී අතපසුවීම් නිසා ඡන්දය අවලංගු විය හැකියි. (ඔබ දන්නවද, පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 140,925 ක් අවලංගු වී තිබෙනවා.)
[11]. පසුව ඡන්ද කොළය නවා ඡන්ද පෙට්ටිය තුළට දමන්න. එය ඇතුළටම ගියාදැයි හොඳින් බලන්න.
ඔබගේ වටිනා ඡන්දය රටේ අනාගත ඉරණම තීන්දු කරන්නකි.