Mahinda Rajapaksa: ශ්‍රීලනිප සභාපති සහ අනුශාසිකාව පක්ෂයට වැඩ කළානම් ඔවුන්ගේ දිස්ත්‍රික්ක පරාද නොවේ.

Tuesday, August 18, 2015

ශ්‍රීලනිප සභාපති සහ අනුශාසිකාව පක්ෂයට වැඩ කළානම් ඔවුන්ගේ දිස්ත්‍රික්ක පරාද නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ පක්ෂය දිනවීමටද නැතහොත් පරාජය කිරීමටද යන්න දැන් කාටත් නොරහසකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළේ කුමක්ද යන්න ඔහුගේ දිස්ත්‍රික් ප්‍රතිඵලය කියාපායි.

polinnaruwa

ඊගාවට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක් ලෙස සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙස බැලුවොත් ඇයත් සිදුකළේ කුමක්ද යන්නත් කවුරුත් වඩාත් හොඳින් දනී. ඇගේ දිස්ත්‍රික් ප්‍රතිඵලය ඇය පක්ෂයට සිදුකළ දේ පෙන්වා දෙයි.

gampaha

නමුත් මහින්ද රාජපක්ෂ මහතා තරග කළ කුරුණෑගල දිස්ත්‍රික්කයත්, එතුමාගේ ගම්පළාත් අයිති වෙන හම්බන්තොට දිස්ත්‍රික්කයත් දහසක් බාධක මැද්දේ ජයග්‍රහණය කිරීමට එතුමාට හැකි විය.

kurunegala

hambanthota

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ශය තවදුරටත් පැවතුණහොත් කුමක් වේවිදැයි සිතා පාක්ෂික ජනතාව නුදුරේදීම තීරණයක් ගත යුතුයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.