ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගී වුණ අතර එතුමා රනිල් වික්රමසිංහ මහතාට තම සුබපැතුම් පළ කළේය. මහින්ද රාජපක්ෂ මහතා, මෛත්රීපාල සිරිසේන මහතා සමගත් සුහදව කතාබහ කළේ හිතේ කිසිදු කහටක් තබා නොගනිමිනි. මීට පෙර අගමැතිවරුන් දිවුරුම් දෙද්දී විරුද්ධ පාර්ශවයන් ඊට සහභාගී වී සුබපැතීමක් දක්නට නොලැබුණි.
ප්රතිවාදියා තම ජයග්රහණය සමරන අවස්ථාවේ ඊට සහභාගී වී තම සුබ පැතුම් පළ කරන මහින්ද රාජපක්ෂ මහතා, ශ්රී ලංකාවට පමණක් නොව දකුණු ආසියාවටම අලුත් දේශපාලන සංස්කෘතියක් දායාද කළ බව එහි පැමිණි විද්වතුන්ගේ අදහස විය.





