Mahinda Rajapaksa: මහින්ද මහතාව විපක්ෂ නායක කරන ලෙස සංධාන මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඉල්ලීම මත යෝජනාවක් සම්මත කරති.

Sunday, August 23, 2015

මහින්ද මහතාව විපක්ෂ නායක කරන ලෙස සංධාන මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඉල්ලීම මත යෝජනාවක් සම්මත කරති.

president-rajapaksa-speaking-in-parliament[1]

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් රැසකගේ හමුවක් කොළඹදී පැවැත්වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වන්නේ ලැබී ඇති ජන වරමට අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන බවත් එසේම විපක්ෂ නායක වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් ය.

එම කරුණ සම්බන්ධයෙන් කතා කළ ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ, මහින්ද රාජපක්ෂ මහතා හුදු විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීමට තමන් ඇතුළු සංධාන මන්ත්‍රීවරුන් එකඟ නැති බවයි. එවිට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එය තම පුද්ගලික මතය බවයි.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක බවට පත් කිරීමේ යෝජනාව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අතර රංජිත් සොයිසා මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කරනු ලැබුණි.

අදහස් දැක්වීමෙන් අනතුරුව රැස්වීමට පැමිණි සියලුම සංධාන මන්ත්‍රීවරුන් එම තීරණය ඒකමතිකව සම්මත කළෝය.

පුද්ගලික තීන්දු ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට දැන් අයිතියක් නැත්තේ එතුමා රටේ ජනතාවගේ පොදු චරිතයක් නිසා බව හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින්ම කෘතිමව සකසන ලද විපක්ෂයක් තබා ගතහොත් එ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අනතුරකට ලක් විය හැකි බවත්, එසේම එය ජන මතය පාවාදීමක් බවත්, ටී එන් ඒ එකට විපක්ෂ නායකත්වය ගියහොත් ඔවුන් ජිනීවා වාර්තාව පිට වන වකවානුවේ කුමක් ලෝකයට ගෙන යාවිදැයි සැකයක් ඇති බවත්, සංධාන පාක්ෂිකයින්ගෙන් දිගින් දිගටම සිදුවෙන පළි ගැනීම් වලට එරෙහිව කවරෙක් හෝ නැගී සිටිය යුතු බවත් ආදී කාරණා එහිදී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළෝය.