Mahinda Rajapaksa: තවත් ඡන්ද මඩගියක්! මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද එකතුවත් වරදියි.

Wednesday, August 26, 2015

තවත් ඡන්ද මඩගියක්! මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද එකතුවත් වරදියි.

මැතිවරණ විකාශයේ වැරදීම් බොහෝ සෙයින් තිබුණ අතර ඒවා අදාල මාධ්‍ය ආයතන වලින් සිදුකළ වැරදි යැයි කියමින් බලධාරීන් අත පිස දා ගත්තේය. නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවද ගණන් වරද්දා තිබේ.

පහත දැක්වෙන්නේ අපගේ සහෘදයෙක් විසින් ෆේස්බුක් එකේ පළ කර අප වෙත එවන ලද්දකි. (source)

election-thief

මීට පැය 5 කට පමණ පෙර පළ කල එම සටහන දැකීමෙන්දෝ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සටහන නැවතත් සකසා ඇත. http://www.slelections.gov.lk/2015GE/AIVOT.html

සැයු: මෙම පුවත පළ කළේ 2015/08/26 වන දින වන අතර මේ වන විට ගූගල් කෑෂ් අප්ඩේට් වී ඇත. ඒ අනුව ගූගල් කෑෂ් වල පෙර තිබූ වෙබ් අඩවිය මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වෙනස් කළ එක බවට පත් වී තිබේ. නමුත් මේ වන විට බොහෝ පිරිසක් මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ එම වරද දැක අවසන්ව ඇති බව සඳහන් කළ යුතුය.

ගූගල් කෑෂ් හි තිබූ ආකාරය අප බාගත කර තබාගෙන ඇති අතර එය මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න. Download

===================================

අප කළින් දැක්වූ පහත පැහැදිළි කිරීමෙන් ගිය විට ලැබෙන්නේ අලුතෙන් අප්ඩේට් වූ ගූගල් කෑශ් වෙබ් අඩවියයි. එනිසා කඩ ඉරි අතර ඇති මෙම කොටස කෑෂ් අප්ඩේට් වීම නිසා අදාල නොවේ.

නමුත් Google එකට හොර කළ නොහැකියි. මේ තියෙන්නේ 26 Aug 2015 00:06:28 GMT කාලයට අදාල අදාල Google Chche එක.

ඔබටම මැනුවලි Google Chache ලබා ගන්නා ආකාරය මෙලෙසයි.

1. ගූගල් වෙත පිවිසෙන්න www.google.co.uk

2. ගූගල් සර්ච් බොක්ස් එකේ මෙම ලින්ක් එක ඇතුළත් කරන්න. http://www.slelections.gov.lk/2015GE/AIVOT.html

3. සර්ච් රිසල්ට් එකේ URL එක අගට ඇති ඊතලය ක්ලික් කළ විට එන Cached මෙනුව ක්ලික් කරන්න.

4. අන්න ඒකෙ තියෙන්නේ මීට පෙර ගූගල් විසින් මතක තියා ගන්නා ලද වෙබ් අඩවියයි. (Google Chache ගැන වැඩි විස්තර මෙතනින්)

5. එම කෑශ් වෙබ් අඩවිය , අප්ඩේට් සමග ඉදිරීයදී වෙනස් වෙන බැවින් එය ඔබත් Save කර ගන්න. (ඉදිරියේදී ප්‍රයෝජනවත් වේවි)

===================================

ගූගල් කෑශ් හි තිබූ මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවි පිටුවේ තීරු 3 ම එක්සෙල් ශීට් එකකට කොපි කර එකතුව බලන්න. (Download)

එකතුව ලැබෙන්නේ 11,148,541
නිල වශයෙන් පළ කළ එකතුව 11,167,185
වෙනස 18,644

7. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල ලෝකයටම කියන නිල මාධ්‍ය යයි. රටක් වශයෙන් අතිශය සංවේදී තොරතුරක් වන බැවින් එහි තොරතුරු ඇතුළත් කරන්නේ ඒ සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් ඇති ප්‍රවීනයන් විසිනි. ඔවුන් එම දත්ත දෙපාරක් නොව දහ පාරක් සිතා බලා ඇතුළත් කරයි. එසේම වෙබ් අඩවියට ඡන්ද ඇතුළත් කළ පසුව ඡන්ද ගාණ බැලන්ස් නැති බව කවුරු හෝ ෆේස්බුක් එකේ දාපු ගමන් ආයිත් ඡන්ද එහාට මෙහාට කර නිවැරදි කිරීමේ සම්ප්‍රදායකුදු නොමැත.

8. මෙතරම් තාක්ෂණය දියුණුව තිබියදීත් වෙන කිසිදු මැතිවරණය නොතිබුණ අයුරින් මෙවර එක එක මාධ්‍ය ආයතන එක එක ඡන්ද ගණන් ඉදිරිපත් කළ අතර, දැන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල ඡන්ද ප්‍රතිඵලයත් වරද්දයි.

පලි 1: විකීපීඩියා වෙබ් අඩවියේ ඡන්ද එකතුවත් වෙනස් බව අපට සහෘදයෙක් විසින් පෙන්වා දී ඇත. විකීපීඩියා හි දත්ත ඇතුළු කරන්නේ මූලාශ්‍ර අනුව වන අතර 2015/08/27 දිනට WayBack Machine මගින් archieve කළ විකීපීඩියා වෙබ් අඩවිය මෙතනින්.  (WayBack Machine යොදා ගන්නේ ඔවුන් වෙබ් අඩවිය අප්ඩේට් කළත් පරන වෙබ් අඩවියම දැක ගැනීමටයි) එදිනට විකීපීඩියා අනුව දැක්වෙනේ මුළු ඡන්ද එකතුව 11,166,975 ලෙසටයි.

පලි 2: news.lk යනු රජයේ නිල පුවත් වෙබ් අඩවියයි. එහි ඡන්ද වල එකතු වතවත් එකකි.  2015/08/27 දිනට WayBack Machine මගින් archieve කළ news.lk මැතිවරණ ප්‍රතිඵලය මෙතනින්.  එහි දැක්වෙන වගුවේ හි එකතුව අනුව වලංගු ඡන්ද ප්‍රමාණය 11,166,991. එය තහවුරු කරමින් දෙරන වෙබ් අඩවියේ සමස්ත ඡන්ද එකතුවත් එම අගයම ලැබේ. රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් පළ කරන තොරතුරු වලට නිල පිළිගැනීමක් ලැබෙන අතර, එමගින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵලය පිළි නොගන්නා බව පෙනී යාමෙන් රජයේ පාර්ශවයන්ගෙන්ම ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කර තිබේ.

ඒ අනුව...,

මැතිවරණ වෙබ් අඩවියේ දැන් ඇති නිල වලංගු ඡන්ද 11,167,185
මැතිවරණ වෙබ් අඩවියේ කළින් තිබූ නිල වලංගු ඡන්ද 11,148,541
විකීපීඩියා වෙබ් අඩවියේ තිබූ නිල වලංගු ඡන්ද 11,166,975
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ සහ දෙරන වෙබ් අඩවියේ තිබූ නිල වලංගු ඡන්ද 11,166,991.

මෙහෙම හැමෝටම වරදින්න පුළුවන්ද? තීරණය ඔබට බාරයි.

වැඩි විස්තර: ඡන්ද මංකොල්ලයක් ගැන සමාජ ජාල කැළඹෙයි. අපගේ විශ්ලේෂණය.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. the pressure of showcasing the anomalies should be highlighted in many ways as possible! In addition legal action should be filed within the stipulated period. It is becoming obvious that the result changes have been done in a insidious manner which would be difficult to prove.Shows that RAW/CIA hands at work through their local counterparts!

    ReplyDelete
  2. chanda siduvee ethnam karunakara awasya vidi vidhana sakas karanna

    ReplyDelete
  3. Piyaseeli SenanayakeAugust 27, 2015 at 4:36 AM

    As I have been telling from the very beginning Sri Lankans can never have a free and fair election result under the current EC Deshapriya. Even the 08/01 was tampered with. The voters who were not interested in choosing their own PC members voted upto 90% to choose the head of state of SL. This was a computer Jil Mart. North and East voting was at 30% at 3pm on 08/01, then all of a sudden it shots up to 90%. The computers of the EC was re-booted twice during this period.

    On 17/08 Ranil, who was not man enough to contest on his own on 08/01, becomes the most popular politician of the land. Also Patali Champika who had been running down Ranil all his life gets over 100,000 votes from the UNP (from Ranil's party). The logic of these happenings is beyond human comprehension.

    ReplyDelete
  4. සමහර නොදරුවන්ගේ ආවේගාත්මක කොමෙන්ට් අනුමත නොකළත් ඔවුන්ට පිළිතුරු ලබා දිය යුතු යැයි සිතේ.

    1. වෙබ් සයිට් එකක් යනු වෙනස් කළ නොහකි මුද්‍රිත පත්තරයක් නොවේ. දැන් මැතිවරණ කාර්යාලයේ වෙබ් අඩවියට ගොස් ගාණ එකතු කර එහි වරදක් නෑ කීමෙන් පළක් නැත. ඔවුන් වරද දුටු ගමන් එය නිවැරදි කර තිබේ. හාරදාහකට වඩා මෙය ශෙයා කළේ එය දුටු පුද්ගලයින් සිටි නිසයි. (නමුත් එම වරද දුටු ගමන්ම වෙබැක් මැෂීන් එකට ඇතුළු නොකිරීම ෆේස්බුක් එකේ අදාල විස්තර පළ කළ පුද්ගලයා අතින් වූ අතපසුවීමකි. එක්කෝ ඔහු ඒ තාක්ෂණය නොදැන සිටියා විය හැකියි. එසේම ගූගල් කෑශ් එලෙස වේබැක් මැෂීන් එකට ඇතුළු කළ නොහැකියි.)

    2. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වලංගු ඡන්ද ප්‍රමාණය සහ රජයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ඡන්ද ප්‍රමාණය වෙනස් ය. ඒ අනුව නිල ප්‍රතිඵල දෙකක් පිට වී තිබේ. යම් ලෙසකින් රජයේ නිල වෙබ් අඩවියේ (සහ දෙරණ වෙබ් අඩවියේ) ප්‍රතිඵල වැරදි බව කියන්නේනම් ජනතාව නොමග හැරීම සම්බන්ධයෙන් රජයේ නිල වෙබ් අඩවිය ගැන මැතිවරණ කොමසාරිස් තුමා බලා ගත යුතුය.

    3. මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ රජයේ නිල වෙබ් අඩවියේ පළ වූ ඡන්ද ප්‍රමාණයන් අතර වෙනස අඩු බැවින් එය මැතිවරණ ප්‍රතිඵලයට බලපා නැති බව සමහරුන් පවසාවි. නමුත් ප්‍රශ්නය වන්නේ නිල ප්‍රතිඵල දෙකක් පිට වේනම් අදාල මැතිවරණය අන්ත දූෂිත මැතිවරණයක් යැයි නම් වීමයි. අනික් අතට ඒ ආකාරයෙන් වෙනස් වූයේ මීට වඩා ලොකු වෙනසක් කිරීමට ගිය නිසාදෝයි සැක ඇති වෙයි.

    ReplyDelete
  5. haki ikmanin neethimaya piyawara gatha uthui

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.