Mahinda Rajapaksa: රනිල් රට රවටන මහින්ද පවසන වැටුප් වැඩිවීම ගැන පැහැදිළි කිරීමක්.

Monday, August 3, 2015

රනිල් රට රවටන මහින්ද පවසන වැටුප් වැඩිවීම ගැන පැහැදිළි කිරීමක්.

පහත දැක්වෙන්නේ වැටුප් වැඩි කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කරමින් එජාප ඡන්ද රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයකුයි.



එම වීඩියෝවේ කියවෙන ප්‍රධාන කාරනා 4 ක් ගැන බලමු.

 

[1]. අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් රු 10000 දීමනාව රජයේ සේවකයන්ගේ වැටුපට එකතු කරන බවත් එවිට අවම වැටුප රු 32000 ක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(i). රු 10000 කින් වැටුප වැඩි කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් පොරොන්දු වූවක්. (The salaries of public servants will be raised by Rs 10,000 a month. source: colombotelegraph.com 2014/12/20) වැටුප රු 10000 කින් වැඩි කරන බව පොරොන්දු වුවත් සිදුවූයේ  අමතර රු 10000 ක දීමනාවක් එකතු කිරීමයි. එම රු 10000 දීමනාවවත් යහපාලන ආණ්ඩුවෙන් නිසි ආකාරයෙන් ගෙවා නෑ. එහිදී සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අයවැයෙන් වැඩි කර ඉකුත් දෙසැම්බරයේ සිට ලබා දුන් රු 3000 ට ඉතිරිය එකතු කිරීම පමණයි. මූලාශ්‍රය.

(ii). යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ මහින්ද රාජපක්ෂ මහතා 2014 අයවැයෙන් ලබා දුන් වැටුප් වර්ධක වලට අමතරව එම රු 10000 ලැබෙන බවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ අයවැයේ වැටුප් වර්ධක යෝජනා යහපාලන ආණ්ඩුවෙන් අවලංගු කරනු ලැබුවා. මූලාශ්‍රය.

(iii). එජාපයේ හර්ෂ ද සිල්වා මහතා පවසන පරිදි රාජ්‍ය සේවකයෙකු අතට ලබන අවම වැටුප (මූලික වැටුප නොවේ) රු 30,400 ක්. source: www.dailynews.lk එසේනම් ඉහත වීඩියෝවේ අවම වැටුප රු 32,000 ක් කරන  බව රනිල් වික්‍රමසිංහ මහතා පවසන අතර, ඉදිරි අවුරුදු 5 ටම එජාපයට බලය ලැබුණොත් අවම වැටුප වැඩි වන්නේ යන්තම් රු 1,600 ක් පමණයි.

(iv). ඒ අතර ජේෂ්ඨ පුරවැසියන්ට ගෙවන රු 2000 ක වැඩිහිටි දීමනාව ගෙවීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වුණා. මූලාශ්‍රය. 

(v). රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති විශේෂ දීමනාව හමුදාවන් වෙත ලබා නොදීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මූලාශ්‍රය.

 

[2]. මහින්ද රාජපක්ෂ මහතා අවම වැටුප රු 25000 කරන බවත් එවිට රු 6000 ක් අඩු වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා රනිල් පවසයි.

(i). එය සම්පූර්ණ අසත්‍යයක්. එක්සත් ජනතා නිදහස් සංධාන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙලෙසයි.

රාජ්‍ය සේවකයකුගේ අවම මුලික වැටුප රු. 25,000 දක්වා වැඩි කරන්නෙමු. මේ අනුව 1:4.25 අනුපාතයට රාජ්‍ය අංශයේ සියලු ශ්‍රේණි සඳහා වැටුප් සංශෝධනයන් සිදුවනු ඇත. මීට අමතරව දැනට ගෙවන ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කෙරේ. වැඩි විස්තර: එ.ජ.නි.ස. ප්‍රතිපත්ති ප්‍රකාශනය 28 පිටුව



"මූලික වැටුප" යනු ඕනෑම රජයේ සේවකයෙක් ලබන දීමනා රහිත දළ වැටුපයි. "අවම මූලික වැටුප" යනු රාජ්‍ය සේවයේ පහලතම තලයේදී ලබන එම දීමනා රජිත දළ වැටුපයි. වර්තමානයේ පහලතම තලයේ රාජ්‍ය සේවකයෙක් ලබන අවම මූලික වැටුප වන්නේ රු. 11,730. source: salary.lk එසේනම් අවම මූලික වැටුප  25,000 කිරීම යනු අර 11,730 ක අවම මූලික වැටුප 25,000 දක්වා වැඩි කිරීමයි. එයට දීමනා එකතු වූ පසු එය 35,000 දක්වා වැඩි වෙනවා.  අවම වැටුප එසේ ඉහල යද්දී ඊට ඉහල වැටුප් තල වල සිට උපරිම වැටුප වන 72818 දක්වා සියලුම වැටුප් ශ්‍රේණි අදාල අනුපාතයන්ට අනුව ඊට වඩා වැඩි අගයකින් ඉහල යනවා.

(ii). අවුරුදු 10 ක් නොකළ දේ දැන් කරන්න කතා කරන්නේ ඇයි යනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් අහන්න පුලුවන්.  2006 ට පෙර කනිෂ්ඨ සේවකයෙක්‌ගේ මාසික වැටුප රු. 7,900 යි. 2006 වසරේදී 6/2006 කියන චක්‍ර ලේඛයෙන් මෙම මාසික වැටුප රු. 11,730 දක්‌වා වැඩි කළා. එයට අනෙකුත් දීමනාත් එකතු වූ විට අවම මාසික වැටුප රු. 25,000 දක්‌වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු පොරොන්දු වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන් දැනට ලබන රුපියල් 11,730 ක්‌ වූ අවම වැටුප රුපියල් 25,000 ක්‌ කර ජීවන වියදම් දීමනා ඇතුළු අනෙකුත් දීමනා රුපියල් 10,000 ත් සමග රු. 35000 ක්‌ කිරීමටයි.

 

[3]. හමුදා විශ්‍රාම වැටුප් සංශෝධනය කර ඒ ගැන අනුමැතිය ගැනීමට මැතිවරණ කොමසාරිස්ට එවලා තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස් තුමාට නියමිත වන්නේ මැතිවරණ වලට අදාල දෑ ගැන කටයුතු කිරීමයි. නමුත් යහපාලනය නිසා විශ්‍රාම වැටුප් අනුමත කිරීමත් මැතිවරණ කොමසාරිස්ට බාර වෙයි.

එදා පුරප්පාඩුව තිබූ සෞඛ්‍ය ඇමති කමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව පත් කිරීම ඡන්ද අල්ලසක් යැයි පැවසුවා. (මාස 6 ක් ඇතුළත මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අඩුම තරමින් අල්ලස් කොමිසමට යාමට හෝ හැකි වුණ එකම චෝදනාව එයයි). එහෙත් ඡන්දයක් ප්‍රකාශ කළ පසුව විශ්‍රාම වැටුප් වැඩි කිරීම ප්‍රකාශ කිරීම ඡන්ද අල්ලස් නොවන බව පෙනෙයි.

 

[4]. පුද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප රු 10,000 ක් කළ බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙයත් පට්ට පල් බොරුවකි. පුද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප තවමත් රු 7900 යි.
The minimum monthly wage in the private sectors covered by wage boards was 6,900 rupees plus an extra allowance of 1,000 rupees, for a total of 7,900 rupees. source: salary.lk

 

පොරොන්දු නිසියාකාරයෙන් ඉටු කරන්නේ කවුදැයි දැන් මධ්‍යස්ථ ජනතාව කල්පනා කරාවි. මීට දසක ගණනාවකට පෙර සිටම අපේ රටේ මැතිවරණ වලදී ආකර්ශනීයම පොරොන්දු 3 ක් තිබුණා.
1. යුද්ධය අවසන් කිරීම
2. පාරට තාර දැමීම
3. ගමට විදුලිය දීම.
ඒ පොරොන්දු තුන ඇත්තටම ඉටු කර ඒවා තවදුරටත් කිසිදු පක්ෂයක් තම මැතිවරණ ප්‍රකාශ වලට ඇතුළත් නොකරන තැනට පත් කළේ කවුදැයි සිතා බලන්න.

ඊගාවට එජාපය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පොරොන්දු ඉටු කරන හැටි පහත රූප සටහනේ දැක්වෙනවා. ඉතින් ඔවුන්ගේ පොරොන්දු විශ්වාස කිරීම හෝ නොකිරීම සහෘද ඔබට බාර කරමු.
100-day-lie[1]

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය පවතින්නේ බොරුව තුළයි. ඉහත දක්වපු ආකාරයේ වැටුප් වර්ධක ආදී බරපතල කාරණා ඕන නෑ..., උදාහරණ ලෙස ප්‍රාථමිකම කාරණාව වන ඔවුන්ගේ පක්ෂ ලාංඡනය ගත්තත් ඒකෙත් තියෙන්නේ බොරුවයි.
unp-logoදළ තියෙන එකාට කියන්නේ "ඇතා" කියලයි. ඉතින් ඇතෙක්ගේ පින්තූරයක් ලාංඡනය ලෙස යොදා ගන්නා ඔවුන් එය ජනතාවට බොරු කරමින් හඳුවන්නේ "අලියා" යනුවෙනුයි.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

9 comments:

  1. Ranil and Ravi breaks all records of Guiness book on Tom Pacha.

    Ravi's boy Army Sampath was eliminated on whose orders, Ranil or Ravi?

    Army Sampath didnt die as reported. He was ordered to be removed with lethal injections to silent him. By a Minister in UNP named after Sun.

    He could reveal under world dealings of Honorable UNP Minister Ravi.

    ReplyDelete
  2. මෙව ගැනත් හිතන්න,
    පෞද්ගලිකකරනය නමින් රජ්ය අයතන විකුනාකෑම වෙනුවට විකුනු ආයතන නවත ලබගෙන "පෞද්ගලිකකරනය" යන වචනය දෙසපාලන වෙදිකවෙන් ඉවත් කරනලදි (telecom, shell gas, srlanken )JVP 40% පොදුපෙරමුනට පෑමිනිමට මෙය හේතු වී ඈත

    අදික දෙසපලන සහ මහජන විරොඩත හමුවෙ කරන්නට බෑහෑ යයි කිවු නොරොච්චොලේ ඉහල කොත්මලේ අවසන් කිරිම
    දකුනේ වරයක් සහ ගුවන් තොටුපොලක් සෑදිය යුතුයයි 1980 සිට සකච්චා විය. එහෙත් කිසිම අන්ඩුවකට එ සදහා ශක්තියක් තිබුනෙ නෑත. අදල ඈමතිවරුන් විදෙස වරයන් වලින් පගාව ඈරන් කල්දමු බවට චොඩන ලෑබීය

    ReplyDelete
  3. වීඩියෝ එක පේන්නෙ නෑ.

    ReplyDelete
  4. මේ කොහෙන් ආපු එවුන් ටිකක්ද මේව ඉවත් කරන්නෙ. මේ ලින්ක් එක බලාපං
    http://helabima.lk/read.php?as=8518&locationid=1438653023

    ReplyDelete
  5. මේ වීඩියෝ එකේ රනිල්ගේ කතාව තමයි එහි වෙනම දාල තියෙන්නෙ https://youtu.be/7a0mzzYq8Xk?t=3m41s

    ReplyDelete
  6. පරක්කු නොවි මෙවාට උත්තර දෙන්න, ඔයාලාට චොදනාවකට පිළිතුරක් දෙන්න ගොඩක් කල් යනවා, ඉක්මන් කරන්න මේක මහා විනාශයක ඇරබුම වෙන්න පුළුවන්, කලින් ලින්ක් එකට ආදාළව

    ReplyDelete
  7. ඒ ගැන ලිපි 2 ක්ම ලියා තිබෙනවා. ජනමාධ්‍ය වලත් මේවා දැක්වුවා.

    http://www.mahinda.info/2015/07/ltte-money
    http://www.mahinda.info/2015/07/champika-ransom

    ඔවුන්ගේ කතන්දර වලට පිලිතුරු දෙන්න යාම යනු ඒ මනස්ගාත තව තවත් ජනප්‍රිය වීමයි. සාක්ෂි රහිතව කවුරු හරි කියන හිතලු පස්සේ දුවන්නේ නැතිව මෙලෙස නිශ්චිත කරුණු දැක්වීමයි කළ යුත්තේ.

    ReplyDelete
  8. Sampath VithanageAugust 7, 2015 at 2:00 AM

    රාජපක්‍ෂ පවුල අසාධාරණ ලෙස හම්බ කළා කියන ජවිපෙ
    එදා උලපනේ ගෙදර තිබුණ රත්තරං ගැන කතා නොකරන්නේ මන්ද?

    සිරිල් විමලසුරේන්ද්‍ර

    මහින්ද රාජපක්‍ෂත් ඔහුගේ පවුලත් අසාධාරණ ලෙස හම්බ කළා කියන ජනතා විමුක්‌ති පෙරමුණ එදා උලපනේ ගෙදර තිබුණු රත්‍රං ගැන කතා නොකරන්නේ මන්දැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා මාධ්‍ය හමුවකදී විමසීමක්‌ කළේය.

    ජනතා විමුක්‌ති පෙරමුණට දැන් ඔවුන් 1988, 1989 යන කාලයේද කළ දේ අමතක වෙලා තිබේ යෑයිද මහාචාර්ය ගාමිණී සමරනායක මහතා එම මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසීය.

    මහනුවරදී පැවැත්වුණු මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා නිදහස්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ වඩා යහපත් ශ්‍රී ලංකාවක්‌ සඳහා වූ විද්වතුන්ගේ හා වෘත්තිකයන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබිණි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ඔහුගේ රජයේ ප්‍රමුඛයන්ටත් හොරු හොරු කියන එජාපය සහ ජනතා විමුක්‌ති පෙරමුණට කියන්ට පුළුවන්ද උලපනේ අර ගෙදරට රත්‍රං ලැබුණු සැටිත් රත්‍රං කොපමණ තිබුණාද කියා. ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට 17 අවුරුද්දක්‌ එක දිගට පාලනය කළ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයන් සහ අනුගාමිකයන් හොරකම් දූෂණ සිදුකළේ නැත්දැයි මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ප්‍රශ්න කළේය.

    මේ රටේ ඉතිහාසය දන්නා ජනතාවට බොරු කියා මුළා කිරීමට පුළුවන්කමක්‌ නැතැයි පැවසූ මහාචාර්ය සමරනායක මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයේ පවුල් පාලනයක්‌ තිබුණු බවට චෝදනා කරන පුද්ගලයන් සරත් ෆොන්සේකා මහතාත් බිරිඳත්, දියණියත්, බෑණාත් සම්බන්ධයෙන් කතා කරන්නේ නැතැයිද කීවේය.

    එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ හා එක්‌වුණු පක්‍ෂවලට දැන් මහින්ද රාජපක්‍ෂ උන්මාදයක්‌ ඇතිවී තිබෙන බව පැවසූ ඒ මහතා මේ වන විටත් මේ රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත්කරගෙන බැවින් මැතිවරණයේදී සිදුවන්නේ එය අනුමත කිරීම පමණකැයිද කීවේය.

    ReplyDelete
  9. Sampath VithanageAugust 7, 2015 at 2:30 AM

    වතුර විකුණන පනත ආයෙත්...

    නැවතත් ජලය විකිණීමේ සූදානමක්‌ ඇති බව කියෑවේ.

    (මේ කතා කරන්නේ බෝතල් කර පානීය ජලය විකිණීම ගැන නොවන බව මූලිකවම සිහිපත් කර සිටිමු)

    ජලය විකිණීමට පිඹුරු පත් සැකැසීමේ ක්‍රියාවලිය වසර පහළොවක්‌ පමණ පැරැණිය. 2001 වර්ෂයේදී මෙම ජල කළමනාකරණ පනත ගෙන ආ විටදීද ඊට එරෙහිව විශාල විරෝධතාවක්‌ මතුවිය. එදා ඉදිරිපත් කළ පනතේ සඳහන්ව ඇති ආකාරයට ගොවි සමාගම්වලට ජල අයිතිය පවරා අනතුරුව එම ගොවි සමාගම් මගින් පෞද්ගලික සමාගම්වලට අන්සතු කිරීම හෝ ඒකාබද්ධ ව්‍යාපෘති ආකාරයට ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමට නියමිතව තිබිණි.

    වර්තමාන ක්‍රියාවලිය තුළ මෙය කලඑළි බසින්නේ වෙනත් ක්‍රමයකටය. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය මගින් මෙම කෙටුම්පත කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත්තේය. මැතිවරණයෙන් පසුව ගංගා ෙද්‍රdaණි කළමනාකරණය සඳහා වෙනම අධිකාරියක්‌ පිහිටුවීමටද යෝජනා වී තිබේ. මෙම අධිකාරිය සමග ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ද ස්‌ථාපිත කිරීමට යෝජනා වී තිබෙන බව කියෑවේ.

    දැන් අපට පෙනෙන්නේ වසර පහළොවකට පමණ පෙර ආරම්භ කරන ලද එහෙත් "ලත් තැනම ලොප්" වූ ජලය විකිණීමේ නාඩගම අලුත් වේදිකා පසුතල සමග අලුත් නාට්‍යයක්‌ ලෙස කෙනකුට පෙනෙන්නට හැකි බවය. එහෙත් අප කියන්නේ මේ පරණ නාට්‍යයම අලුත් දෙබස්‌ සමගම වේදිකාගත කරන්නට සූදානම් බවය. ඉදිරිපත් කර ඇති කැබිනට්‌ සංශෝධනයට අනුව ගංගා ෙද්‍රdaණි අධිකාරිය පිහිටුවීමට කර ඇති යෝජනාවේ ජල සම්පත් පිළිබඳව සියලුම බලතල එම අධිකාරියට පැවරේ. දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන සතුව ජලය පිළිබඳව තීරණ ගැනීමට ඇති බලය එම නව අධිකාරියට පැවරේ. තවත් තේරෙන භාෂාවෙන් කිවහොත් බොන්නට, නාන්නට වතුර ටිකක්‌ ගන්නට තමාගේ වත්තේ ළිඳක්‌ කපා ගන්නටද මෙම අධිකාරියෙන් අවසර ලබා ගැනීමට සිදුවේ. පනතේ සඳහන්ව ඇති "බර වචන" වලින්ම කිවහොත් ගංගා ෙද්‍රdaණි අධිකාරිය ජලයෙන් ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයන් ස්‌ථාපිත කළ යුතුය. එම යාන්ත්‍රණය අනුව මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියට අනෙකුත් ආයතනයන්ද බැඳේ. මේ "අධිකාරිය" රාජ්‍ය රාජ්‍ය නොවන සංවිධාන, අනෙකුත් ප්‍රතිලාභීන් සමග එකතුව අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    විශේෂත්වය වන්නේ මෙම අධිකාරිය සමග මේ විෂයය සම්බන්ධවම ක්‍රියාත්මක වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ද පිහිටුවීමට යෝජනා වී තිබීමය. ඊට හේතුව වශයෙන් දක්‌වා ඇත්තේ ගංගා ෙද්‍රdaණි ආරක්‍ෂා කිරීම, සංරක්‍ෂණය කිරීම, කළමනාකරණය කිරීමේ වගකීම, පාංශු ඛාදනය වැළැක්‌වීම, ස්‌වාභාවික තුරුලතා ප්‍රතිජනනය, ජල මූලාශ්‍ර දූෂණය වීම ආදිය සම්බන්ධ නීතිය බලාත්මක කිරීම වැනි කරුණු නිසා බවය.

    අපට මේ මොහොතේ අතිශය සාධාරණ හා ප්‍රායෝගික ප්‍රශ්නයක්‌ අසන්නට තිබේ. මේ අධිකාරිය පිහිටුවන්නට යෝජනා කරන මහත්වරුන්ට ඉහත සඳහන් කළ කාරණා ක්‍රියාත්මක කිරීමට කඩිමුඩියේ ගංගා ෙද්‍රdaණි අධිකාරියක්‌ අවශ්‍ය වන්නේ ඇයි? නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය වැනි ඒ විෂයය හා බැඳුණු ආයතන සමගින් මේ ක්‍රියාවලිය දියත් කරන්නට හැකියාවක්‌ නැද්ද?

    කොහොමත් මේ පනතේ "ආදායම් එකතු කිරීමේ උපක්‍රම හා යාන්ත්‍රණයක්‌" ගැන කියා ඇති බැවින් මේ කරළියට එන්නේ ජලය විකිණීමේ සෙල්ලමම බව පැහැදිලිය.

    ජලය විකිණීම සඳහා ජාතික ජල සේවා ප්‍රතිසංස්‌කරණ පනතක්‌ ගෙන එන්නේ 2000 වර්ෂයේදීය. 2002 වර්ෂයේදී එය "ක්‍රියාත්මක" වන තැනටම කටයුතු යෙදිණි. එදා එය ක්‍රියාත්මක කළ මහත්වරු අඩියක්‌ පස්‌සට ගත්තේ විරෝධතා නිසාය. 2000 වර්ෂයේදී ජවිපෙ හා කල්‍යානන්ද තිරානගම ජල සේවා ප්‍රතිසංස්‌කරණ පනතට එරෙහිව අධිකරණයටද ගිය බව සිහිපත් කරමු.

    මේ කරන්නට යන්නේ බොන වතුර ටිකටත් බදු ගහන වැඩකි. වතුර ටිකටත්, ගෙදර බල්ලටත් බදු ගැහුවේ සුද්දාය. කොහොමත් බටහිර පදයට නටන්න වන විට වැඩ කරන්නට වෙන්නේ සුද්දන් මෙනි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.