Mahinda Rajapaksa: රනිල් හදන බව කියන කැළණි ගුවන් පාලමත් මහින්ද පටන් ගත්ත එකක්! එදා රනිල් විරුද්ධ වුණා.

Sunday, August 30, 2015

රනිල් හදන බව කියන කැළණි ගුවන් පාලමත් මහින්ද පටන් ගත්ත එකක්! එදා රනිල් විරුද්ධ වුණා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව කැළණි ගඟ හරහා දැවැන්ත ගුවන් පාලමක් ඉදිකරන බවට ෆේස්බුක් එකේ ප්‍රචාරයක් දියත් වෙන බැවින් ඒ ගැන ඇත්ත කතාව සාක්ෂි සහිතවම ජනතාවට පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

[1]. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටින බව වත්මන් යහපාලන ආණ්ඩුවෙන් පාලනය වෙන දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා. මූලාශ්‍රය 2015/08/28 දිනමිණ (archive)

[2]. රනිල් වික්‍රමසිංහ මහතාගේ රූපයත් යොදා ගනිමින් එය එතුමගේ සංකල්පයක් මත ඉදිවන්නක් ලෙස ෆේස්බුක් එකේ ප්‍රචාරය කරන ලද්දේ මෙලෙසයි.



[3]. නමුත් කැළණිය ගුවන් පාලම සෑදීමට සැලසුම් සකසා මුදල් ප්‍රතිපාදන වෙන් කළේත් අර "අවුරුදු 10 ක් ඉඳලත් මුකුත් කරල නෑ. කොමිස් ගැහුව විතරයි" කියල එජාපෙන් මඩ ගහපු මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළදීමයි.

මෙන්න මූලාශ්‍රය 2014/03/27 The Island (archive)



[4]. හදන්න යන දැවැන්ත ගුවන් පාලම ගැන 2014/04/03 දින ඉංජිනේරුවරයෙක් අන්තර්ජාලයට එක් කර තිබූ සටහනක්. මූලාශ්‍රය: 2014/04/03 skyscrapercity.com (archive)

[5]. ගුවන් පාලම හැදුවම දිස් වෙන විදිහ... මූලාශ්‍රය: 2013/09/26 dailynews.lk

[6]. දැන් සමහරු කියාවි මහින්දගෙ කාලෙදි කොමිස් ගැහුවා ඒත් දැන් රනිල් දූෂණ අඩු කරලා පාලම හදනව කියලා. බලන්න [3] කරුණෙහි දැක්වෙන පරිදි මහින්ද මහතාගේ කාලයේ පාලම හදන්න ණය ලබා ගත්තේ රු බිලියන 45 ක්. ඒ වගේම [1] කරුණෙහි දිනමිණ දක්වා ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන් හදන පාලමට යන්නේ රුපියල් බිලියන 45 ක් බවයි.  එකම ගාණ. රනිල් මහතා සත පහක්වත් අඩු කරගෙන නෑ. ඉතින් යහපාලුවන් පැවසූ කොමිස් මඩ පට්ට පල් බොරුවක් බවට ඔයිටත් වඩා සාක්ෂි කුමකට ද?

[7]. හාස්‍යජනකම දේ තමයි අද යහපාලකයින් තමන්ගෙ වැඩක් වගේ කරන මෙම කැළණිය / පෑළියගොඩ ගුවන් පාලමට එදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වපු විදිහ.

"ඔය ගුවන් පාලම වැඩක් නෑනෙ. අපි කොච්චර කල් පෑලියගොඩින් ගියාද කවුරුත් මැරුණෙත් නෑනෙ. ඕකෙ මිනිත්තු 15 ක් හිටිය කියන එක පුරුදුයි. මේ මොනවටද මේ ගුවන් පාලම්?" - රනිල් වික්‍රමසිංහ

විශ්වාස නැතිනම් අහලම බලන්න...


[8]. පේනව නේද වුණ දේ... එදා රට සංවර්ධනය කරනවාට එරෙහි වුණ අය කොමිස් දූෂණ හොරකම් ගැන කප්පරක් බොරු ගහලා, රට සංවර්ධනය කරන එකටත් මඩ ගහලා, කුමන්ත්‍රණ කරලා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කළා. අන්තිම බලයට ආවට පස්සේ යහපාලකයින්ට රට ඇදන් යන්න වෙලා තියෙන්නේත් ගමේ බයියා කියල එජාපෙන් ඇනුම්පද ගහපු ඔහු එදා ජාත්‍යන්තරට ගොස් සංවර්ධනය සඳහා ලබා ගත් ණය වලිනුයි.

[9]. ඒ වගේම එදා සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර තිබුණත් ජනමාධ්‍ය වලින් සංවර්ධන සංදර්ශන පවත්වන මේ යහපාලන මහත්තුරු පාලම හදල ඉවර වෙනකම් වැඩේ හරියට කරයිද කියලත් විශ්වාස කරන්න අමරුයි. උදාහරණ ලෙස හමුදා මූලස්ථානයක් හදන්න ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන් කර දී තිබූ මුදල් ටික රවි කරුණානායක මහතා ආපහු භාණ්ඩාගාරයට හරව ගත්තා.

විශේෂ ස්තුතිය නාවික ඉංජිනේරු විශ්ව චින්තන මහතාට.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.