Mahinda Rajapaksa: කුමන්ත්‍රණකරුවන් අනාතයි. මැ.කො. ට අනුව මහලේකම්වරු තාමත් සුසිල් සහ අනුර. මෙන්න සාක්ෂි...

Sunday, August 16, 2015

කුමන්ත්‍රණකරුවන් අනාතයි. මැ.කො. ට අනුව මහලේකම්වරු තාමත් සුසිල් සහ අනුර. මෙන්න සාක්ෂි...

[1]. මහලේකම්වරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධනයේ මහ ලේකම්වරුන් වෙනස් කළ බවට පසුගිය දා විශාල ප්‍රචාරයක් දියත් වුණි.

එහෙත් 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියෙන් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා ඇත්තේ, කොළඹ දිසා අධිකරණයෙන් තමාට කිසිඳු නියෝගයක් ලැබී නොමැති බවයි. මූලාශ්‍රය

ඊට හේතුව වන්නට ඇත්තේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි වීමත් එසේ කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් වීම නිසයි.

මැතිවරණ වකවානුවක පක්ෂයක මහ ලේකම් කවුරුන්දැයි තිරණය වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත් මහ ලේකම් කවුරුන්ද යන්න මතයි.

මැතිවරණ කොමසාරිස්වරයා අලුතෙන් කිසිදු අධිකරණ නියෝගයක් නොලද හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතාත්, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාත් ඉදිරියටත් කටයුතු කරනු ඇත.

ඒ බව තහවුරු කරමින් මැතිවරණ කොමසාරිස්වරයාගේ වෙබ් අඩවියේත් ශ්‍රීලනිප සහ එජනිස මහලේකම්වරුන් පිළිවෙළින් අනුර සහ සුසිල් මහත්වරුන් බව සඳහන් වෙයි. මූලාශ්‍රය. : slelections.gov.lk

list

කෙසේ නමුත් මේ බව සුනන්ද දේශප්‍රිය මහතාගේ සොයුරු මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රසිද්ධියේ නොකියන්නේ එක් පාර්ශවයකට වාසි අත් වෙන බව කියමිනි. නමුත් මෙය එකම පක්ෂය තුල සිදුවීමක් බවින් අලුතෙන් කාටවත් වාසි සිදුවීමට පාර්ශව දෙකක් මෙහි නොමැති බව එතුමාට නොවැටහේද?

 

[2]. ඡන්දපොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල නියෝජිතයින්

ජනාධිපතිවරයා විසින් සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාට ඔහුගේ කටයුතු හිටපු ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මහතාගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම නිකුත් කොට ඇත. එහෙත්, විශ්වා වර්ණපාල මහතා විසින් සන්ධානයේ ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මාධ්‍යස්ථානවල නියෝජිතයින් ගේ ලැයිස්තුවක් මැතිවරණ කාර්යාලයට වෙනම එවා නොමැත. මූලාශ්‍රය

ලබන සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා, එක්සත් ජනතා සන්ධානයේ ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල නියෝජිතයින් නම් කර ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි. සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් පිළිගෙන ඇත. මූලාශ්‍රය ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා නම් කළ නියෝජිතයින් ඡන්දය දින නිරීක්ෂණ කටයුතු සිදු කරනු ඇත.

 

[3]. සුසිල්ගෙන් හදිසි වීඩියෝවක්.

පක්ෂයක සාමාජිකයෙකුගේ සාමාජිකත්වය අහෝසි කළ පමණින් සාමාජිකත්වය අහෝසි වෙන්නේ නැති බව එතුමා පෙන්වා දෙයි.



 

[4]. එජනිස විධායක සභාව

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නව ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා ලෙස නම් කරන ලද දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සංධාන විධායක සභාව වෙත ලිපියක් යොමු කළේය. ඔහු කියා සිටියේ ශ‍්‍රිලනිප මහ ලේකම් ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති සුසිල් ප්‍රේමජයන්ත මහතා එජනිස මහ ලේකම් ලෙස  යම් ක්‍රියාවක නිරත වන්නේ නම් හෝ විධායක සභාවට යම් දැන්වීමක් කරන්නේ නම් එය නීතිය ඉදිරියේ බල ශූන්‍ය ක්‍රියාවක් වනු ඇති බවයි.

එජනිස ව්‍යවස්ථාව අනුව විධායක සභා රැස්වීමකින් තොරව ලේකම්වරයා වෙනස් කළ නොහැතියි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය ප‍්‍රකාරව නව පාර්ලිමේන්තුව පිහිටුවීම දක්වා කාලය තුළ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා එජනිස මහ ලේකම්වරයා ලෙස සලකා කටයුතු කරන ලෙස ඔවුන් මැතිවණ කොමසාරිස්වරයා ඉල්ලා සිට ඇත. ඒ අනුව දුමින්ද දිසානායක විසින් යොමු කරන ලද ලිපිය එජනිස විධායක සභාව බැහැර කර තිබේ.

 

[5]. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රීලනිප මහලේකම් කමින් ඉවත් කිරීම.

ශ්‍රීලනිප මහ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය මූලික සංධානයක පොදු අපේක්ෂකයාව සිටියදී ඔහුව තවදුරටත් ශ්‍රීලනිප මහලේකම් ධූරයේ තබා ගැනීම සදාචාරාත්මක නොවේ. එසේම ඔහු කළ යුතුව තිබුණේත් අදාල මහලේකම් ධූරයෙන් ගෞරවනීයව ඉවත් වී එජාප පොදු අපේක්ෂකයා වීමයි. එසේ නොකරමින් එජාප පොදු අපේක්ෂකයාව සිටියදීම ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කිරීමට සෑදූ බැවින් එදා ඔහුව ශ්‍රීලනිප මහ ලේකම් කමින් ඉවත් කෙරුණි. එසේ ඉවත් කළේත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙනි.

නමුත් අද මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාව කැඳවන්නේවත් නැතිව, අනිත් අතට කිසිදු සාධාරණ හේතු දැක්වීමකින්ද තොරව, ඡන්දයට ඔන්න මෙන්න තිබියදී ශ්‍රීලනිප මහලේකම් සහ එජනිස මහලේකම්වරුන්ව ඉවත් කිරීම නීතියේ මූලධර්ම වලට අනුව පමණක් නොව සදාචාරාත්මකවද අනුමත කළ නොහැකියි.

ඉහත දැක්වූ පරිදි එම ඉවත් කිරීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන නොමැති බැවින් එය මෙම මහ මැතිවරණයට බල නොපායි.

 

[6]. මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්

ඒ අතර නීති විශාරදයන් රැසකගේ මතය වනුයේ අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් තමන්ව ධූරවලින් ඉවත් කළ අත්තනෝමතික සහ නීතිවිරෝධී ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවහොත් ඔවුන්ගේ වාසියට තීන්දුවක් ලැබීම අනිවාර්ය බවයි. එහිදී  ජනාධිපති සිරිසේන මුලික අයිතිවාසිකම් කඩකළ අයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීරණය කළහොත් තම පදවිය රැකගැනීම සම්බන්ධ බරපතල අවදානමටක ජනාධිපති සිරිසේන අනිවාර්යයෙන්ම මුහුණ දෙනුඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැකිය.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.