Mahinda Rajapaksa: මහින්දගේ මුල් ගල ගලවා, රනිල් නුවර අධිවේගයට ආයිත් මුල් ගල් තියයි. මෙන්න සාක්ෂි...

Tuesday, August 4, 2015

මහින්දගේ මුල් ගල ගලවා, රනිල් නුවර අධිවේගයට ආයිත් මුල් ගල් තියයි. මෙන්න සාක්ෂි...

[1]. වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය ප්‍රකාශ කළ පසුව 2015/08/03 දින මධ්‍යම අධිවේගී මාර්ගයට අලුතින් මුල් ගලක් තබා විවෘත කළා. එහි මුල් ගල් තබන පින්තූර ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ මෙලෙසයි.

ranil-express-way
[2]. අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2015/08/03 දින මුල් ගල් තබන ලද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය 2014 නොවැම්බර් 14 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් ගල් තබා ආරම්භ කරන ලද්දකුයි.  පහතින් දැක්වෙන්නේ ඒ සඳහා මූලාශ්‍ර.
President Mahinda Rajapaksa launched construction work today on the first phase of the proposed Northern Expressway, which also has an extension to Kandy. The foundation stones were laid at Senkada interchange... source: hirunews.lk 2014/11/14

මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුමේත් 2014/11/15 දින මේ බව දක්වා තිබෙනවා. (සැයු: ජනාධිපතිවරණය කැඳවූයේ 2014/11/20 වන අතර මෙම මුල්ගල් තැබීම් සිදුවූයේ ඊට පෙරයි. එනිසා මෙහි කිසිදු ආකාරයක නීති උල්ලංඝනය වීමක් සිදුවී නැහැ.)
colombo-kandy-express-way
ඒ බව සඳහන් කරමින් පසුගිය ද මහින්ද රාජපක්ෂ මහතා පළ කළ ටිවිටර් පණිවිඩය.
colombo-kandy-express-way-m

2015 ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට තිබූ මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දින නියමයක් නැතිව කල් දැම්මා.

එසේනම් සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා එදා තැබූ මුල් ගල ගලවා දමා නැවත රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල් ගල් තැබීමකුයි.

[3]. 2015/06/26 දින පාර්ලිමේන්තුව විසුරවා හැර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමෙන් පසුව, මැතිවරණයට සති 2ක් තිබියදී 2015/08/03 දින , ප්‍රධාන අපේක්ෂකයෙක් විසින් "පොදු දේපල" යොදා ගනිමින් විවෘත කිරීමක් සිදුකිරීම, මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මෙය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර නෑ. ඒ වගේම සමහර ඊනියා මැතිවරණ නිරීක්ෂකයින් මේ ගැන කතා නෑ.

 

[4]. මේ ගැන එක්සත් ජනතා නිදහස් සංධානය විසින් නගන ලද විරෝධය නිසා යන්තම් මැතිවරණ කොමසාරිස් වරයා ඇහැරී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කඩවත කොටස ඡන්දයට දින 9 කට පෙර විවෘත කර ලකුණු දා ගැනීමට හැදීම ගැන මෙලෙස නියෝගයක් නිකුත් වුණා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල - කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස තමන් මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. rivira.lk 2015/08/04

 

[5]. කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව නැවතත් දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ලබා දුන් China Metallurgical Group Corporation Limited නැමැති චීන සමාගමටමයි. (The Metallurgical Corporation of China (MCC) has come forward to construct the highway... ft.lk 2015/08/04)
ranil wickramsinghe china

ණය ආධාර ලබා ගෙන තිබෙන්නේත් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් චීන Exim බැංකුවෙන්මයි.

එදා චීනය නරකයි කියපු අයට අවසානයේදී නැවතත් චීනයේම සහයෝගය ලබා ගන්න සිදුවී තිබෙනවා. එජාපය විසින් ලෝක බලවතුන් යැයි කියා ගන්නා සමහරුන් අපේ රටට කරන දෙයක් නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා චීනය සහ රුසියාව දෙසට වැඩි නැඹුරුතාවයක් දැක්වීම නිවැරදි ජාත්‍යන්තර කළමනාකරනය බවටත් මීටත් වඩා උදාහරණ ඕන නෑ.

 

[6]. එදා මහින්ද රාජපක්ෂ මහතාට එම චීන සමාගම් කොමිස් දුන්නානම් එම චින සමාගම සහ එම චීන බැංකුව ආයිත් එජාපයෙන්ම සම්බන්ධ කර නොගත යුතුයි. එකදු හෝ වංචාවක් සිදුවී තිබුණානම් මාස 6 ක් තුළ අඩුම තරමින් නඩුවක් හෝ දැම්මෙ නැත්තේ ඇයි?. එසේ නොවීමෙන් කොමිස් (මෙගා ඩීල්) කතාව පට්ට පල් බොරුවක් බව යළිත් ඔප්පු වුණා. එජාපයේ මඩ චෝදනා ගැන මීට පෙර චීනයෙන් කරන ලද පැහැදිළි කිරීමත් මෙතනින්.

 

[5]. රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ,  එකී අධිවේගී මාර්ගයට මහින්ද රාජපක්ෂ මහතා ඇස්තමේන්තු කළ වියදමෙන් 50% ක් අඩු කර තිබෙන බවයි. මේකත් පට්ට පල් බොරුවක්. පහත මූලාශ්‍ර බලන්න.
මහින්දගේ: අධිවේගී මාර්ගය ඩොලර් බිලියන 4.5 ක පිරිවැයකින් ඉදි වෙයි. රුපියල් වලින් බැලුවොත් බිලියන 4.5*132= බිලියන 594. (expressway will be built at a cost of approximately 4.5 billion dollars... source: hirunews.lk 2014/11/14)

රනිල්ගේ: රුපියල් බිලියන පන්සිය හතළිහක (540) වියදමින් ඉඳි කෙරෙන කිලෝමීටර් 178ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත පුවක්වැ‍ටියේදී ඊයේ (03) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි. dinamina.lk 2015/08/04

එදා මහින්දගේ ඇස්තමේන්තු ගත කළ බිලියන 594 ක මුදල , රනිල් විසින් බිලියන 540 ක් දක්වා අඩු කිරීම 50% ක අඩු කිරීමක්ද? පේන විදිහට රනිල් වික්‍රමසිංහ  මහතාට ගණන් බෑ වගේ.

එම බිලියන 54 ක මුදල අඩු කළේත් මෙලෙසයි. කබීර් හෂීම් මහතා විසින් 2015 අප්‍රියෙල් මසදී අධිවේගී මාර්ගයේ පිරිවැය අඩු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ මෙලෙස සඳහන් වෙනවා. මූලාශ්‍රය: lankaweb.com 2015/08/02
1. මංතීරු 6 ක් ඉදි කිරීමට සෑදූ අධිවේගී මාර්ගය මංතීරු 4 කට අඩු කිරීම.
2. පාලම් වල ගොඩබිම තුළට ඇති දිග අඩු කිරීම.
3. පාලම් වල උස අඩු කිරීම.

එදා යහපාලනයක් වෙනුවෙන් හංසයට කතිරෙ ගැසූ පක්ෂ බදා ගෙන නැති උගත් මධ්‍යම පාන්තික ජනතාව , තවදුරටත් එජාපයේ යහපාලන ප්‍රෝඩා වලින් රැවටීමට නොහැකි වෙවි.

හැකි තරම් Share කර සියල්ලන්වම දැනුවත් කරමු.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. වැඩ බැරි රනිල් වෙන මොනවා කරන්නද? එයාගේ දක්ෂ කම් පෙන්වා තියෙන්නේ හොර පාරෙන් එලියට එන වැඩ පිළිවෙල වලටයි.මහින්ද සමග චන්දෙන් පැරදී මහින්දට බයේ වෙන උන් ඉදිරියට දමා කිහිප වරක් හැංගුන මේ මිනිහා වෙන උන්ගේ පහනෙන් එලිය බලන පින්ගුත්තරයෙක්. එයා දක්ෂ මොනවටද කියල ඔප්පු කරලා තියෙනවනේ. අද්යාපන ධවල පත්‍රිකාවක් ගෙනල්ල මේ යෝඩය නිදහස් අධ්‍යාපනය මරන්න හදපු වෙලාවේ ජනතා විරෝදයට ලක් උන හැටි අපිට මතකයි. බටලන්ද වදකාගාරයේ නිෂ්පාදන අධ්‍යක්ෂක. Regaining SriLanka මගින් රටට හෙන ගෙඩියක් පත් කරන්නට ගිය Ranil ලංකා භූමියෙන් තුනෙන් එකක් හා ලංකාවට අයත් මුහුදෙන් තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවටත් නොකියා ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදී නායකයා වූ ප්‍රභාකරන්ටට ලිය පවරා දුන් මේ නරුමයගෙන් වෙන මොකක් බලාපොරොත්තු වෙන්නද? උතුරේ ස්වයන් පාලන අයිතියක් හා උතුරත් නැගෙනහිරත් එකතු කොට ෆෙඩරල් පලනයක්කරණය සඳහා මැතිවරණ ප්‍රකාශයෙන්ම කියා සිටින TNA සමග ජාතික රජයක් පිහිටුවන්නට කැස කවන මොහුගෙන් අනුන්ගේ මුල් ගල් ගලව තමන්ගේ ගලක් විවුර්ත කිරීම පුදුමයක්ද? පුදුමය නම් එයුනුත් බිලියන ගණනින් හොරා කද්දී යහ පාලනය වෙනුවෙන් කෑ මොර දෙන NGO මාධ්‍ය නඩයත් සිවුරු දර ගත්ත අයත් කටට ඉබි යතුරු දර සිටීමයි.

    ReplyDelete
  2. මුලු ලක් තලය ලේ ගගකින් නාවන්න,
    රනිලා නැවත සැරසෙයි පඹයෝ ඔන්න,.
    චන්ද නීති වනසයි "මැකෝ " බලපන්න,
    උඹත් ඌට කඩේ යනවා ? කියපන්න.

    රනිලා, මැකා, පඹයා යන තුන් කට්ටු,
    දැනගෙන ඉදිව් තොපි ඉවරයි මෙන ඔට්ටු,
    දින සියයේ ජඩ කම් දැන් මාට්ටු,
    රවටන්නට බැරිය අප මැතිදුගේ රට්ටු.

    එක්සත් නිදහස් සන්දානයට ජයෙන් ජය වේවා, අපෙ මහින්ද මැතිදුට ජය වේවා

    ReplyDelete
  3. Muuta hena gahannaepi . Ponil wage hora thakkadiyek. Moota mongal.

    ReplyDelete
  4. අගමැති කම පිනට අරන්-මහ බැන්කුව සුද්ද කළා,
    මැතිඳු ඇරඹු අධිවේගයෙ- මුල් ගලටත් තට්ටු කළා;
    විලි ලැජ්ජා නැද්ද බොලන්-බට ලන්දේ කම්බ හොරා,
    වැසිකිලියක් හදලා උඹෙ -නම ගහපන් ඔයිට හොඳා!

    ReplyDelete
  5. :D අනර්ඝයි සෞභාග්‍යමත් Sayumi හිතවතිය..

    වචන 100 න් කියන එකක්
    පද හතරකින් නියම තැනට ගානට වැදෙන්ඩ ම වැඩේ දීලා තියනවා.

    නියමයි..

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.