මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව පෙන්වමින් එතුමාගේ නම යොදා ගනිමින් කිසියම් වංචනිකයින් පිරිස් සංවිධානාත්මකව අන්තර්ජාලයේ සහ ඉන් පිටත මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාර වල නියැලෙන බව දක්නට ලැබෙයි.
ඒ ගැන mahinda.info මාධ්‍ය අංශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා බලන ලදී.
මහින්ද රාජපක්ෂ මහතා හෝ එතුමාගේ පවුලේ උදවිය මුදල් එකතු කිරීමේ කටයුත්තකට කිසිවෙකුට කිසිදු ආකාරයකට අවසරයක් ලබා දී නැති බව තහවුරු කළේය.
එහෙයින් එතුමාගේ කීර්තිනාමය යොදා ගනිමින් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ කටයුතු වල නියැලෙන වංචනිකයින්ට හසු නොවන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.