
"මහින්ද හිතවාදී පිරිස් විසින්" යනුවෙන් ලංකාදීපයේ සඳහන් වුවද , ඒ පින්තූරය පළ කර ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින් විසින්ම මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීම සඳහා පවත්වාගෙන යන "සිංහල බොදුනුවා" නැමැති මඩ ෆේස්බුක් පේජ් එකේයි. (ඉහත පින්තූරයේ දිවුරුම් දෙයි යන්නට පහතින් ඇති sinhalabodunuwa නැමැති ටැග් ලයින් එක බලන්න). එම පිටුවේ පළ වෙන සෑම පෝස්ට් එකකින්ම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව වක්රාකාරයෙන් මඩ ගැසීම සිදුවෙයි.
මේ තියෙන්නේ එහි ඔරිජිනල් පෝස්ට් එක. (archive.org)
"සිංහල බොදුනුවා" නැමැති මඩ පේජ් එක ගැන මීට පෙර වෙනත් ෆේස්බුක් පේජ් මගින් දැනුවත් කර තිබුණි. පහත දැක්වෙන්නේ උදාහරණයක්. මූලාශ්රය

"සිංහල බොදුනුවා" නැමැති මඩ පේජ් එක රිපෝට් කරන ලෙසත්, වැරදීමකින් හෝ Like කරන තිබේනම් අන්ලයික් කරන ලෙසටත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. ඔය ආකාරයේ මඩ පේජ් තව බොහෝ ප්රමාණයක් තිබෙන අතර ෆේස්බුක් භාවිතා කිරීමේදී සෑම විටම කල්පනාකාරී වන්න.
ෆේස්බුක් එක තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම පෝස්ට් එකක් හදා දැමිය හැකිය. එනමුත් ජාතික පුවත්පත් වෙබ් අඩවියකින් යමක් වාර්තා කිරීමේදී පළමුව සිද්ධිය සම්බන්ධයෙන් ගවේශණයක් සිදු කළ යුතුය.
එක්කෝ ලංකාදීප වෙබ් අඩවියේ කතුවරයා ලෙස පත් කර ඇත්තේ ෆේස්බුක් එකේ යන පැරොඩි පෝස්ට් ගැන මෙලෝ හසරක දැනුමක් නොමැති ආධුනිකයෙකි. එසේනොවේනම් ලංකාදීප වෙබ් අඩවියෙන් සිතා මතාම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට කරන නින්දිත මඩ ගැසීමකි. ඉන් කුමක් නිවැරදි වුවද ලංකාදීප වෙබ් අඩවියේ විශ්වාසනීයත්වය නැති වී ඇති බව අප සහෘදයින්ට වැටෙහනවායැයි සිතමි.
අනිත් අයටත් දැනුවත් වීමට Share කරන්න.