Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන්ට එරෙහි යුද අපරාධ චෝදනා වල ඇත්ත කතාව මෙන්න...

Wednesday, August 19, 2015

මහින්ද මැතිඳුන්ට එරෙහි යුද අපරාධ චෝදනා වල ඇත්ත කතාව මෙන්න...

[1]. මොකක්ද මේ යුද අපරාධ?

(i). මානුෂික මෙහෙයුමේ දේශාපාලන සහ යුද නායකත්වයට එරෙහිව යුද අපරාධ චෝදනා නගන්නේ එල්ටීටීඊ හිතවාදී දෙමළ ජනතාව බහුලව සිටින රටවල නායකයින් සහ ක්‍රියාකාරිකයින් විසිනුයි. ඔවුන්ගේ අරමුණ වන්නේ එකී රටවල් සිටින එල්ටීටීඊ හිතවාදී ජනතාවගේ ඡන්දය සහ මුදල් ලබාගැනීම සඳහා එල්ටීටීඊ ය පරාජය කළ ශ්‍රී ලාංකික නායකයින්ගෙන් පළි ගැනීමයි. එම පළි ගැනීමට මානුශික මුහුණුවරක් දීම සඳහා "යුද අපරාධ" යන වචනය භාවිතා කරයි.

(ii). "යුද අපරාධ චෝදනා" හුදු පළිගැනීමක් පමණක් බව අපට කිව හැක්කේ එදා කොටි ත්‍රස්තවාදයෙන් අපේ රටේ ජනතාව බැට කද්දී කොටි ත්‍රස්තවාදයට එරෙහිව කිසිදු යුද අපරාධ චෝදනාවක් නැගීමට එම නායකයින් උත්සුක නොවුණ නිසයි.

අනික් අතට බටහිර රටවල් සිදුකරන දේවල් සම්බන්ධයෙන් කවුරුත් කතා කරන්නේ නෑ. ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා බටහිර නියෝජිතයින්ගේ මූණටම පවසා තිබෙනවා.



(iii). යුද අපරාධ පරීක්ෂණ වලට මුහුණ දී ඒවායින් නිදහස් වෙන්න කියල කවුරු හරි කියනවානම් ඒක කොයි තරම් ප්‍රායෝගික නොවන වැඩක්ද කියල ඔබට දැනටමත් පැහැදිලි ඇති.

(iv). අප රටේ නායකයින්ට සහ රණවිරුවන්ට එරෙහිව ව්‍යාජ යුද අපරාධ චෝදනා නැගීමට අවස්ථාව සලසා දුන්නේත් අපේම රටේ සමහරුන් වෛරයෙන් යුතුව පවසන ලද කතා නිසයි. මෙන්න උදාහරණයක්...
"On 13 December 2009 The Sunday Leader newspaper published an interview with General Sarath Fonseka, commander of the Sri Lankan armed forces during the final months of the war, in which he claimed that Defence Secretary Gotabhaya Rajapaksa had ordered an army commander at the battlefront to shoot dead all Tamil Tiger leaders who tried to surrender." source: wikipedia.org (Topic: Alleged war crimes during the final stages of the Sri Lankan Civil War) and Video

 

[2]. යුද අපරාධ යනු කෘතිමව මවාපු ගෝනිබිල්ලෙක්ද?

(i). මෙම යුද අපරාධ චෝදනා යනු ඡන්ද වලදී දේශපාලන වාසි ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් මවන ලද ගෝනිබිල්ලෙක් බව එජාපයේ සමහරු පවසනු දක්නට ලැබෙනවා. අවුරුදු ගණන් ඈත උදාහරණ ඕන නෑ, මීට දින කිහිපයකට පෙරදී පවා එල්ටීටීඊ හිතවාදී ජනතාව වෙසෙන රටවල නායකයින් සහ එල්ටීටීඊ හිතවාදී ක්‍රියාකාරිකයින් කී දේවල් බලන්න...

(ii). හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කෙනෙත් රොත් සිය ටිවිටර් ගිණුමේ තබන ලද පණිවිඩය

kenneth-roth

(ii). ඕස්ට්‍රේලියාවේ සෙනෙටර් ලී රයියනොන් සිය ට්විටර් ගිණුමේ තබන ලද පණිවිඩය. (ශ‍්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයෙන් හිටපු ජනාධිපතිගේ පාර්ශ්වය පරාජයට පත් වීම හරහා රාජපක්ෂ මහතා සහ ඔහුගේ සොහොයුරන් ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ගෙනයාම සදහා වූ ඉදිරි පියවරක්)

senator-lee-rhiannon

(iii). මේ අතර රාජිත සේනාරත්න පවසා ඇත්තේ "යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව" යි. මූලාශ්‍රය.

 

[3]. යුද අපරාධ වාර්තාව සැප්තැම්බර් අගදී. මූලාශ්‍රය

(i). එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් 30 දා ප්‍රකාශයට පත්කිරීමට තීරණය වී තිබෙනවා. මෙම වාර්තාව පසුගිය මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් වත්මන් රජය කළ ඉල්ලිම මත එය සැප්තැම්බර් මාසය දක්වා කල්දැමීමට ජගත් මානව හිමිකම් කොමිසම  එකඟ වුණා. මූලාශ්‍රය

(ii). ඊට හේතුවනම් අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්නේ "ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ්‍යන්ට" නිසා ඔය වගේ දේකදි දෙවරක් නොසිතාම මහින්ද රාජපක්ෂ මහතා වටා ජනතාව පෙළගැසීමයි. උසස් පෙළ විභාග අස්සේම මහ මැතිවරණය කඩිනමින් පැවැත්තුවේත් අර වාර්තාව එන්න කළිනුයි. මේවා අපි කියන නිසා පිළිගන්න ඕන නෑ. මෙන නිව්යෝක් ටයිම්ස් එකෙන්.
"Of particular concern to officials was the prospect that the United Nations report could affect domestic politics so close to parliamentary elections due to be held this spring." source: nytimes.com

(iii). ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ නොපැවැත්විය යුතු බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබෙනවා. මූලාශ්‍රය. ඒ වෙනුවට දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ජනපති සිරිසේන එකඟ වී තිබෙනවා. මූලාශ්‍රය. නමුත් ඇත්ත කතාව තමයි ශ්‍රී ලංකාව "රෝම සම්මුතියට" අත්සන් කර නොමැති නිසා ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වීම. මූලාශ්‍රය. එවිට එම පරීක්ෂණයට දේශීය මුහුණුවරක් දී ජාත්‍යන්තරයට අවශ්‍ය දේ රට තුළම ඉටු කර ගත හැකි වීම හේතුවයි.

 

[4]. තීරණාත්මක කඩඉම.

(i). මහින්ද රාජපක්ෂ මහතා වටා ජනතාව ඒකරාශී වී සිටින තුරා බටහිරයින්ගේ පළි ගැනීමේ අරමුණ සිදු කිරීමට ලැබෙන්නේ නෑ. එනිසා ඔවුන්ට මූලිකවම අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාව දේශපාලනයෙන් විශ්‍රාම ගන්වා ජනතාවට අමතක වීමට ඉඩ හැරීමයි.

(ii). ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අනේකවත් මඩ අවලාද ව්‍යාපාරයක් දියත් කරමින් එතුමාව මිනිසුන්ගෙන් ඈත් කිරීමට උත්සාහ දරණවා. පසුගිය මාස 6 තුරාවටම ඔබ අපට සටන් වදින්නට සිදුවූයේ අන්න ඒ බටහිර න්‍යායපත්‍රයට එරෙහිවයි.

(iii). රටට අභය දානය දුන් ඒ ආදරණීය නායකයාව එදා ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමත් සමග බටහිරයින් තවත් පියවරක් තැබුවා. මේ එළඹ තිබෙන්නේ ඒ තීරණාත්මක කඩඉමටයි.

 

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.