ඡන්ද වංචාවක් ගැන උදය ගම්මන්පිළ මහතා හෙළි කරයි. ((video))

2015 මහ මැතිවරණයේ ප්‍රතිඵලය අස්වාභාවික බවත්, එහි යම් ගැටළු කාරී තැන් ඇති බවත් mahinda.info විශේෂ ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති.  පසුගිය දිනෙක උදය ගම්මන්පිල මහතාත් ඡන්දයේ වංචාකාරී සිදුවීම් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි.

උදය ගම්මන්පිල මහතා මතු කළ කාරණා වල සාරාංශය.

1. මැතිවරණයට පෙර ස්වාධීන මත විමසුම් වලින් එක්සත් ජනතා නිදහස් සංධානය 110-115 ත් අතර මන්ත්‍රී ධූර දිනා ගන්නා බව පැවසීම.

2. රටේ බුද්ධි අංශ වලින් සෘජුව තොරතුරු ලබා ගන්නා රටේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධූරය වෙනත් ජේෂ්ඨයෙකුට ලබා දීම ගැන පැවසීම. විපක්ෂ නායක ධූරයක් ගැන නොකීම. අගමැති ධූරය ගැන කතා කරන්නේ ජයග්‍රාහී පක්ෂය සමග මිස පරාජයට පත් වෙන පක්ෂය සමග නොවෙයි.

3. පෙරේදා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී ජනපති මෛත්‍රීපාල මහතා තහවුරු කර ඇත්තේ තමන්ට ලැබුණ වාර්තා අනුව සංධානය මන්ත්‍රීධූර 110 ත් 115 ත් අතර ගණනකින් දිනන්න හිටි බවත් තමන්ට අනාරක්ෂිත භාවයක් දැනුණ නිසා ලිපිය යවන්නත් ලේකම්වරු ඉවත් කරන්නත් සිදු වුණ බව. එනම් සංධානය දිනන්න හිටි බවත් එය පරාජය කළේ තමන් බවත් සංධාන නායක මෛත්‍රීපාල මහතා පිළිගනී.

4. එම කතාව තවත් තහවුරු කරමින් මෛත්‍රීපාල මහතාගේ නිජබිම වන පොළොන්නරුවේ ජයග්‍රහණය එජාපය ලබද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් පළාත වන හම්බන්තොටත් එතුමා තරග කළ කුරුණෑගලත් සංධානය ජයග්‍රහණය ලැබීම.

උදය ගම්මන්පිළ මහතාගේ පෞද්ගලික අත්දැකීම් මෙතැන් සිට…

5. ඡන්දය දින රාත්‍රී 7.30 ට වෙන විටත් (ඒ වන විට කළුවර වැටී ඇත) මහරගම විවේකාරාමය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි ගෙන ගිහින් නොතිබීම. පසුව මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් ඡන්ද පෙට්ටි රැගෙන යාම.

6. ගණන් කිරීමේ මධ්‍යස්ථාන 70 දී බුලත් කොළයට කතිරය ගැසූ ඡන්ද පත්‍රිකා 200 කට වඩා ප්‍රමාණයක් නිල මුද්‍රාව නෑ කියමින් (නිලධාරීන්ගේ වරදක් නිසා) ප්‍රතික්ෂේප කිරීම.

7. සමහර ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පෙට්ටිය සීල් තබද්දී වෙනදා මෙන් ලාකඩ වලින් සීල් තැබුවේ නැති බවට තොරතුරු ලැබීම.

8.සමහර අපේක්ෂකයින් මාධ්‍ය ආයතන වලට සංග්‍රහ කර තමන්ට වාසිදායක ලෙසට මාධ්‍ය මෙහෙයවා ගැනීමට උත්සාහ දරා ඇත. එමගින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බැවින් ඔවුන්ට එරෙහිවත් ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව මැතිවරණ දූෂණයක් සිදුවූ බව සනාථ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එම දූෂණය නිසා මැතිවරණ ප්‍රතිඵලය වෙනස් වුණ බවට ඔප්පු කළ යුතුයි. ඒ අනුව ලැබෙන සාධක අනුව ඉදිරියේදී මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කරනු ඇත.

එසේම විමල් වීරවංශ මහතාත් මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුයේය. ඔහු පැවසුවේත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 1
  •  
  •  
  •  
  •  
    1
    Share

15 comments to ඡන්ද වංචාවක් ගැන උදය ගම්මන්පිළ මහතා හෙළි කරයි. ((video))

  • shyam

    Like what Mr. Gammanpila stated the need of the hour is to collect the evidence mentioned and file a case in the Supreme Court. It is doubtful whether we could get the result overturned, however, all measures should be taken to bring attention to the above facts locally and internationally.

  • Rohan

    අප්පච්චි අපි කියූ දේ ඇහුවේ නෑ ………… 08.04.2015 මා පලකල Comment එකක් ……….
    යලි යලිත් රැවටෙනවද………? මහින්ද ජනපති තුමණි 58 ලක්ෂයෙන් 90% ක් SLFP නොව ඔබ තුමාට පුද්ගලිකව ලැබුන චන්දයි……..එනිසා විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල, ප්‍රසන්න, වෙල්ගම ඇතුළු කවදත් රට වෙනුවෙන් පෙනීසිටි පිරිස සමග ඕනෑම ලකුණකින් එන්න අපි ඔබතුමාව දිනවනවා……….. බොරු කතා රටතුළ පතුරුවල ජනපතිවරණ චන්දය කොල්ලකැවේ.……කෙළපෙරාගෙන මහින්ද ජනපති තුමාට හොරා, හොරා කිවත් යමපාලනයට අදට දින 99 යි………. මහින්ද රජය කළායයි කියන එක හොරකමක් වත් හොයාගත්තද ….? යමපාලනයේ බොරු……ටෝක්ස් වලට රැවටී හංසයාට කතිරේ ගසපු බොහෝ දෙනකු ද, රණවිරු ජිවිත 27000ක් පුජා කරලා තව 18000ක් විතර අංගවිකල වෙලා බේරාදුන් රට ……….රටේ ජයග්‍රහණය ආපස්සට හැරවීම නිසා කලකිරුන හංසයාට කතිරේ ගසපු හමුදා, පොලිස් සාමාජිකයින් ඇතුළු බොහෝ දෙනකු ද, JVP අවස්ථාවාදීන්ගේ චන්ද 4 ලක්ෂයත් පමණත්, මුස්ලිම් සහ දෙමළ අවස්ථාවාදීන්ගේ චන්ද 15-16 ලක්ෂයක් පමණත්, ජෙනරාල්ගේ චන්ද 1 ලක්ෂයත්, ආප්පයගේ චන්ද 3 ලක්ෂයත් පමණත්, බෙදී ගිය විට UNP යට චන්ද 40 ලක්ෂයක් වත් තනිව ලබාගත නොහැකියි………… මේ අතරට යමපලනයෙන් රැකියා අහිමිවූ, සංවර්ධන කටයුතු නැවතීමෙන් ……… උදා. ලංකාවේ ටිපර් 18,000 පමණ සංවර්ධන කටයුතුවල යොදවා තිබුණා ……අද වනවිට 15,000 ක්‌ පමණ ටිපර් හිමියන්ට ලිසිං වරිකයවත් ගෙවාගන්න බැරිතැනට වැටිලා ……… ගල්කොරියේ වැඩකළ කම්කරුවෝ, වැලිපොලේ වැඩකළ කම්කරුවෝ, මාර්ග සංවර්ධනයේ වැඩකළ කම්කරුවෝ …….. ඔවුන්ගෙන් යැපුන තව 2ක් වත් සිටියේ යැයි සිතුවොත් ඔවුන්ගේ චන්දයද යමපාලනයට ඉදිරි චන්දයකදී ලැබෙන්නේ නෑ…….. නමුත්, ජනවාරි 9 වැනිදා සිට අද වනතුරු 58 ලක්ෂය වෙනුවෙන් පෙනීසිටි විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල, ප්‍රසන්න, වෙල්ගම ඇතුළු කවදත් රට වෙනුවෙන් පෙනීසිටි පිරිසෙන් එක්කෙනෙකු හෝ නැතිව…… පක්ෂය SLFP උනාට, පාට නිල් පාට උනාට…….අපේ චන්දය SLFP ට දෙන්නෙ නෑ ……..” අප්පච්චි මලෝ………කියාගන අපතයෝ රැලක් එවලා…… නායකත්වය මංකොල්ල කෑවේ………. ආප්පයා බලහත් කාරයෙන් පක්ෂයේ නායකත්වය, ගත්තත්…… ආප්පයාට බිම් මට්ටමේ පාක්ෂිකයින් දිනාගන්නට බෑ………. මහින්ද ජනපති තුමාට සහ එතුමාගේ පවුලේ උදවියට හිරිහැර කර………. 58 ලක්ෂක් මහින්ද රාජපක්‍ෂ ජනපති තුමාට ආදරය කළ පාක්ෂිකයින් දිනාගන්නට ආප්පයාට කිසිදිනක ලැබෙන්නේ නෑ ……….. මන්ද….? ප්‍රභාකරන් කියූ දින 14 න් අතීතය අමතක වන මිනිසුන්……. මහින්ද රාජපක්‍ෂ ජනපති තුමාට ආදරය කළ 58 ලක්ෂය තුල නෑ …….. දින14 න් අතීතය අමතක කල අපතයින් සියල්ල ආප්පයාට ලැබුන 62 ලක්ෂය තුලයි සිටින්නේ ……… අපේ නියම ශ්‍රී ලංකා කාරයින්ගේ පැතුම් මේ පක්ෂය ඇතුලේ තව දුරටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ…….. මහින්ද අවා හෝ නොආව, සිරා ඇතුළු ඒ පක්කලි set එක SLFPයේ ඉන්නකම් අපි SLFPයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්නේ නෑ ……… උන් ඉන්නකම්, මම නම් අයෙත් ශ්‍රී ලංකා එකට කිසිම මැතිවරණයකදී චන්දෙ දෙන්නෙත් නෑ………… SLFPය ජයග්‍රහණයක් කරවීම, ජනපතිවරණයේදී සිරා සහ උගේ පක්කලියෝ කරපු අලුගුත්තේරු වැඩේ අනුමත කිරීමක් වෙනවා. SLFP ආණ්ඩුවක් හදන්න කියල සිරා වටේ ඉන්න උන්ට චන්දෙ දීල වැඩක් ඇත්තෙම නෑ….පත්වෙන එකෙක් පත් උනාවේ………අයෙත් අපේ නායකයෙක් කියන්න පුළුවන් කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන දවසක් අවොත් මිසක්, දන්න එකෙක්ගේ චන්දයක් වත් දැන් තියෙන පක්කලි රජ කරන මේ පක්ෂෙට දෙන්නෙ නෑ………එනිසා ඔබතුමා,….. ආප්පයාගේ සහ ඔහු වට සිටින අපතයින්ගේ කරගත් SLFP පවට කරගසන්න එපා………ඔබතුමා වෙන ඕනෑම ලකුණකින් එන්න කෘතවේදී ජනතාව ඔබතුමාව දිනවනවා……

    අප්පච්චි අපි කියූ දේ ඇහුවා නම්……….. මේ අපතයාට කිසිම බලපෑමක් කරන්න බෑ …..

    • Pink Panther

      රොහාන්සහෝදරයා කියන දෙයට එකඟයි. මහින්ද මහතාට දීපු චන්ද වලින් වැඩි ප්‍රමාණයක් එතුමා නිසාම දීපු දෙන චන්ද. ඒ නිසා වෙනම පක්ෂයකින් ඉල්ලුවානම් ඔය චන්ද ටික අනිවාර්යෙන්ම ලැබෙනවා විතරක් නොවෙයි අද වෙනකොට සිරිසේනගේදෙපතුල් ලෙව කන එවුන් ගෙන් කිහිප දෙනෙක්ම ගෙදර. ජාතික ලැයිස්තුවත්ඉතුරු වෙනවා…
      හැබැයි කනගාටුවට කරුණ තමයි මහින්ද මහතාට බොරුවට සහය දුන් කට්ටිය අද වෙන කොට නැවත සිරිසේන රනිල් හවුලට රිංගලා . මහින්ද මහතා නිවැරදිව මේ අව්ස්තාවාදී උදවිය හඳුනා ගත්තා නම් එදා ජනාදිපති වරණයේදී එතුමාව පාවල දීලා අප්පච්චි මලෝ කියාගෙන ගියපු කට්ටිය නැවත කිසිම විදිහකින් සම්භන්ද කර නොගෙන ඉන්න තිබ්බා.
      දැන් තවත් කණ්ඩායමක් හඳුනා ගන්න පුළුවන්. ඔවුන් තමයි ජනපතිවරණයෙන් පසුවත් බොරුවට එතුමාට සහය දෙන බව පෙන්වලා අවුරුදු 5ක් සදහා පාර්ලිමේන්තු රිංගන්න බලාගෙන හිටපු නිදහස් පක්ෂ අව්ස්තාවදීන්.
      දැන්වත් මහින්ද මහතාට තේරුම් ගන්න තියෙන්නේ ඔය නිදහස් පක්ෂය කියන එක වැඩක් නෑ.. නිදහස් පක්ෂය ආරක්ෂා කරලා වැඩක් නෑ, මොකද එකඅව්ස්තාවදී බලලෝභී පක්ෂයක් වෙලා ඉවරයි දැන්, ඒ නිසා රට ගැනවිතරක් හිතලා අලුත් පක්ෂයක් හදන්න.
      සියලුම දෙනා සහය දේවි. හැබැයි ඔය අවස්තාවාදී කිසිම කෙනෙක්ව ගන්න එපා ඇත්තටමඔය මිනිස්සුන්ගේ නම් වලට කෞරුවත් චන්දෙ දෙන්නේ නෑ.. මහින්ද මහතාගේ නම තියෙනවා නම් අලුත් අයට උනත් චන්දය දෙනවා කියන එක මේ පාර ඔප්පු උනා…
      ඔය බොරුවට නම තියෙන අය එතුමාගේ චන්ද මංකොල්ල කළා අනිත් පැත්තට යන එක විතරයි කරන්නේ.
      ඒ නිසා නිවැරදි පුද්ගලයෝ බුද්ධිමතුන් ඇතුළු බලවේග එකතු කර සන්දානයක් අලුතින් හදන්න..
      සිරිසේන ඉන්න පක්ෂයකට මම නම් ආයේ චන්දයක් දෙන්නේ නෑ…
      රනිල්ට ඕනේ මහින්ද මහතාව පරාජය කර තැනට බලය උදුරා ගැනීම එත් සිරිසේන චන්ද්‍රිකා එතුමාව විනාශ කිරීමේ වයිරයෙන් ඉන්නේ..
      ඒ නිසා අලුත් පක්ෂයක් හදන්න මේ පාර පාවාදීපු අයව ආයෙත් ගන්න එපා..
      මහින්ද මහතාටලොකුම හානිය එදත් අදත් කලේ ඔය වටේ හිටපු පාවා දෙන්නන් විශ්වාස කරපු නිසයි.
      සිරිසේනට චන්ද්‍රිකාට ඔවුන්ගේ බලය ජනතා කැමැත්ත ප්‍රදර්ශනය කරන්න දෙන්න..
      එතකොට වටහා ගන්න පුළුවන් වේවි.. ඔවුන්ට..
      ජනතාව කා සමගද ඉන්නේ නිදහස් පක්ෂයට මිනිස්සු සලකන්නේ කොහොමද මීළඟ පාර කියල..

  • Amila

    In that case why SLFP/UPFA is still silent??? at least Mahinda side…

  • Chinthaka

    සන්ස්කාරකතුමනි මේ වෙබ් අඩවිය බ්ලොක් කරල වගේ. මම මේ සයිට් එකට ආවෙ web proxy එකක ආධාරයෙන්.ඔන්න නියම යහපාලන වැඩ.නියම මාද්ය නිදහස.

  • SUMUDU HEWA

    මමත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමේ අන්තරාය ගැන දැනුවත් කිරීමට උපරිම උත්සහයක් දැරුව කෙනෙකි. වේදනාව අපි හැමෝටම ඇත. එහෙත් මේ ගැන දැන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් වත් එතුමන්ට දොස් නැගීමෙන් වත් පලක් නැත.
    එතුමා නිවැරදි තීරණ බොහොමයක් ගෙන රටට ජයග්‍රහණ රැසක් දිනා දුන් හෙයින් මේ එක තීරණයට දොස් නොනගා අපි මෙයින් හැකි අයුරකින් ගොඩ එන්නට එතුමාට ශක්තියක් වෙන්නට උත්සහ කරමු.
    ජනතාව ඡන්දයේදී නිවැරදි තීරණය ගෙන ඇතත් රජයේත් මැකෝ ගේත් චන්ද මගඩියකින් ඒ ජය අපට අහිමි කරනු ලැබ ඇත. එය අප්පච්චි දඩයමේ මුලික පියවරක් බවත් සැලසුමකට අනුව කෙරුණක් බවත් මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර අවසන් වීමටත් පෙරාතුව එලි දුටු සුද්දන්ගේ ට්විටර් වලින් මනාව පෙනෙයි. අපි මෙයට එරෙහිව නැගෙමු. අහස පොළොව නූහුලන අපරාධයකට විරෝධය දැක්වීමේ අපේ පැරණි සම්ප්‍රදාය අනුව තනි තනිව හෝ කණ්ඩායම් ලෙස හෝ පොල් ගහමු. මෙහි සාමාජීය සහ දේශපාලනික බලයක් ඇතත් ආගමික ස්ථානවල කෙරෙන්නක් හෙයින් රාජ්‍ය මර්දනයට ලක් නොවී අපට මෙය කළ හැකි ය.
    එමෙන් ම අප්පච්චිගේ කරපිටින් ගොස් ඇමතිකටු ගන්නා ගෙම්බන්ටද එරෙහිව පොල් ගහමු. අන්ත අසාධාරණ යුද්ධාපරාධ චෝදනා ඔස්සේ අප්පච්චි දඩයමට කැස කවන හැමට එරෙහිවත් පොල් ගහමු. අප්පච්චිට ඡන්දය දීම වැනි ම යුතුකමක් සේ සලකා එන්න අපි පොල් ගහමු.
    අවශ්‍ය ඉදිරි කටයුතුත් අපි කරමු.

  • SUMUDU HEWA

    when we do multiple shares, is there any way to avoid your thank you notes? #
    It is cumbersom to avoid each of these one by one when we are to share a post among many groups multiple times.
    thanks

  • champ

    Dear Mr.Editor,

    It was stated in news today that UNP and UPFP has agreed to form a government.However as per 19th Amend. the definition of National Government is not a government formed by only two parties representing the parliament but shall be a one to be formed by all the parties/groups in the parliament. Therefore the cabinet ministries shall be limited to 30 and if not it will be a violation of the constitution. In case if UNP and my3 form this so called national government better if someone can file a petition agaist violation of the constitution.

  • haki ikmanin nithi kriyamarga gatha yuthuyi. sakshi sathuru parshawayata lebenna thiyena idakada ahiriyayuthuyi. mathiwarana komasaris margayen siyalla kiriimata balaporoththu nowi aDhikaranaya issarahata haa yuthuyi

  • Piyaseeli Senanayake

    Sirisena, the brain dead president of our beautiful island will do anything to please his masters the white skinned west and India.

    Now you value Mahinda the leader with a backbone even more. I wish all success to the mission undertaken by Dinesh, Weerawansa and Gammanpila to bring sanity to my country once more. May the gods protect them and the Rajapakses.

  • Bandula Ukwatta

    What we have to say is, if MR. was not led the SLFP campaign , it would have been ended with a white walk to UNP.Certainly, MR is the only person save the reputation of SLFP against the UNP dominance. Until the 1st rally at Anuradahapura, MR behaved most disciplinary while President Sirisena overtly backing to UNP success.What moral right does he have to preside as the Chairman of SLFP?. Now his attempt is dilute SLFP. SLFP’s nothing could expect from Sirisena in future prospect.Now he is infusing anti- left campaign among members, taught him by US & Indian buddies.We again turn down to 2976.

  • Dils

    Dear Editor,
    How do I sign up for the upcoming ‘Suhada Hamuwa’? I sent an email to desahambanthota@gmail.com with the same question….but no reply.

    • Dear Dils, pls send your information such as
      1. your name (just for address you)
      2. your address (to find is it possible your to attend it)
      3. your phone number (to tell you the date of meeting by phone)
      4. what you have done in FB (to find out whether you are a genuine supporter)
      to that email.

      Then they will find out whether you are genuine supporter by contacting your facebook page. Once arranged the meeting by verifing all the data , they will contact you by phone for the Suhada Hamuwa.

      desahambanthota@gmail.com is not us but a separate team organizing that suhada hamuwa under the guide of Hon Mahinda Rajapaksa.

Leave a Reply