ඡන්දය නිවැරදිව ප්‍රකාශ කරන අයුරු…

[1]. පාර්ලිමේන්තු මැතිවරණය 2015 අගෝස්තු 17 සඳුදා දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙනවා.

[2]. ඔබගේ එකම ඡන්දයක් වුවද තීරණාත්මකයි.
…ඔබ දන්නවාද?
(i). පසුගිය ජනාධිපතිවරණයේදී සමහර දිස්ත්‍රික්ක වල ජය පරාජය තීරණය වූයේ ඡන්ද ඉතාමත් සුළු ප්‍රමාණයකිනුයි.
(ii). පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද මහතා කොහොමත් දිනනවා යැයි සිතමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොගොස් තමන්ගේ වෙනත් අත්‍යවශ්‍ය වැඩ වලට ගිය සැලකිය යුතු පාක්ෂිකයින් පිරිසක් සිටියායැයි වාර්තා වී තිබෙනවා.

[3]. මැතිවරණ දිනයේදී ප්‍රමාද නොවී, හැකිනම් පෙරවරුවේදීම ඡන්ද පොළට ගොස් ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඊට ප්‍රධාන හේතු…
(i). හවස් වෙද්දී යහපාලකයින් විසින් ඔබගේ ඡන්දය නොවැටේවි යැයි සිතා එය හොර ඡන්දයක් ලෙස දැමීමට ඉඩ තිබීම.
(ii). හවස් වෙද්දී ඔබට නොවැළැක්විය හැකි කටයුතු සඳහා යාමට සිදුවීම.

[4]. ඔබ සතු වලංගු හැඳුනුම්පත අනිවාර්යයෙනම ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න. (ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රය). වලංගු හැඳුනුම්පතක් නොමැතිව කිසිවෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකියි.

[5]. ඔබ සතුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් තිබේනම් එය රැගෙන යාම බෙහෙවින් ප්‍රයෝජනවත්. නමුත් නිල ඡන්ද පත්‍රිකාවක් ඔබට නොමැති වුණත් හැඳුනුම්පත තිබේනම් ඔබට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

[6]. අපේක්ෂකයින් සහ අංක ලයිස්තුව ඔබට ඡන්ද කොළය සමග දැනටමත් ලැබී තිබිය හැකි අතර එසේ ලැබී නොමැතිනම් මෙම ලිපියෙන් ඔබට දැකගනන්ට පුලුවන්.

[7]. මනාප 3 තෝරා ගැනීමේදී වඩාත්ම විශ්වාසදායී අයට ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන්න.

[8]. ඡන්දය සලකුණු කිරීමේදී එම ආවරණය කරන ලද කොටස තුළ ඇති පැන්සල භාවිතා කරන්න. ඡන්දය සලකුණු කිරීමේදී කතිර සලකුණ පමණක් භාවිතා කරන්න. කොටු තුළ පමණක් කතිර ගසන්න.

[9]. ඔබ ඡන්දය ලබා දීමේදී පළමුව පක්ෂ ලාංඡනය ඉදිරියේ ඇති කොටුව තුළ කතිරය ගසන්න. ඉන් අනතුරව පහතින් ඇති කොටු වලින් ඔබ මනාපය ලබා දෙන වඩාත්ම විශ්වාසදායී අපේක්ෂකයන් තිදෙනාට අදාල අංක දැක්වෙන කොටු තුනක පමණක් කතිර ගසන්න.

election-vote-paper-example

[10]. ඡන්ද කොළයේ වෙන කිසිදු සලකුණක් නොතබන්න. ඡන්ද ලකුණ සොයද්දී වැරදීමකින් වෙනත් කොටු වල තිත් තැබීම, වැරදියට ලකුණු කර නැවත කුරුටුගෑම, දාඩිය වැටී බොඳ වීම, කොටුවේ සීමාවේ ගෑවෙන ලෙසට කතිරය ගැසීම ආදී අතපසුවීම් නිසා ඡන්දය අවලංගු විය හැකියි. (ඔබ දන්නවද, පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 140,925 ක් අවලංගු වී තිබෙනවා.)

[11]. පසුව ඡන්ද කොළය නවා ඡන්ද පෙට්ටිය තුළට දමන්න. එය ඇතුළටම ගියාදැයි හොඳින් බලන්න.

ඔබගේ වටිනා ඡන්දය රටේ අනාගත ඉරණම තීන්දු කරන්නකි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to ඡන්දය නිවැරදිව ප්‍රකාශ කරන අයුරු…

  • jaya wewaa

    අපි මේ වෙලාවේ කල යුතු එකම දේ පවුලේ සියලු දෙනාම; එක් කෙනෙක් වත් ගෙදර නොඉඳ හැමෝම ගිහින් mahindha mathindun wenuwen චන්දේ දෙන්න.මොකද මතකනේ ජන8 යාපනේ අය චන්දේ දීපු හැටි.

    • Dinuu

      ජය සිරිමා බෝ සෙවනට..
      අද වඩිනා දෙව් රජුන්ට..
      අයදිමි රට බේර ගන්ට..
      මහින්දටම බලය දෙන්ට..!

      ලෝ පාලන දෙව් රජුන්ට..
      අප කල සැම පින් ලබන්ට..
      ලක් දෙරණට පිහිට වන්ට..
      මහින්දටම බලය දෙන්ට..!

  • shyam

    vote for those who were with Mr. Rajapaksa from the begining! I know that Mahinda Info readers are aware of it, however, many don’t seem to grasp the real need for this measure! I hope with sincerity that Mr. Rajapaksa will get a clear mandate to become the next Prime Minister and save our country! Best wishes to you sir!

  • champ

    To the administraters of this web page,

    There should be a mechanism to ensure a maximum/full voter turnout in electorates which are pro MR. 8th Jan. I believe this is the startegy they used to get more votes from North and East. In Maskeliya electorate voter turnout was almost 100%.I recall it was said that people were transported/pushed go and vote. We shall ensure that all pro MR votes are used this time.
    Thank You All.
    Let’s unite and save our mother Lanka!

  • jaya wewaa

    මර්වින් සිල්වා සමග මැර කණ්ඩායමක් කුරුණෑගලට-දිස්ත්‍රික්ක 5කට යහපාලන පාතාලය

    in Conspiracy, Featured August 16, 2015

    මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන දිස්ත්‍රික්කහී මැතිවරණය ප්‍රතිපලය අහෝසි කිරීම සදහා පාතාල කණ්ඩායමක් 20ක එම දිස්ත්‍රික්ක සදහා පිටත් කර තිබේ.මෙම පාතාල කණඩායම් 20 සම්බන්ධීකරණ කරනු ලබන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් වන ප්‍රියන්ත හා දවුලුගල විසින් බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

    ඒ අනුව

    01 කොළඹ දිස්ත්‍රික්කය – රවී කරුණානායකගේ සම්බන්ධකම් ඇති ඕල්කට්ගේ සමාජිකයින් 16 දෙනෙක්. මොවුන් කැස්බෑව, දෙහිවල,කොළොන්නාව, හෝමාගම,මොරටුව, කෝට්ටේ යන ආසනහී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනු ඇත.

    02 ගම්පහ දිස්ත්‍රික්කය – ජෝන් අමරතුංගගේ සම්බන්ධකම් ඇති මංජුලගේ කණ්ඩායම සාමජිකයින් 11යි. මොවුන් මිනුවන්ගොඩ, වත්තල,මීගමුව,ජා ඇල, කදාන, රාගම,බියගම යන ප්‍රදේශහී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට නියමිතයි.

    03 කළුතර දිස්ත්‍රික්කය – රාජිත සේනාරත්නගේ ප්‍රා කල්ලියට අයත් සාමජිකයි 27ක් යොදවා ඇත. බේරුවල, අළුත්ගම,අටළුගම යන ප්‍රදේශවල ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මගින් කළුතර දිස්ත්‍රික්කය පුරාම කෝලාහලයක් ඇති කිරීම මෙහි අරමුණයි.

    04 කුරුණෑගල දිස්ත්‍රික්කය – මර්වින් සිල්වාගේ කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර මහින්ද රාජපක්ෂයින්ගේ රුව මුද්‍රිත ටී ෂර්ට් හා තොප්පි දමාගෙන එජාප පාක්ෂිකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරය දියත් කිරීම සදහා සැලසුම වේ.

    05 අනුරාධපුර දිස්ත්‍රික්කය – පාලිත තෙවරප්පෙරුමගේ ඩිංගියා නැමැති පුද්ගලයාගේ කණඩායම් 02ක්. මොවුන්ගේ ප්‍රධාන මෙහෙයුමවී ඇත්තේ සිරිසේන විසින් පත් කල මහලේකම් දුමින්දගේ ආධාරකරුවන්ට පහරදීමයි. මෙම පහරදීම බොහෝඅ විට උදෑසන 7.45ත් 9.00ත් අතර සිදුකිරීමට ඉඩ ඇත.

    මේ අතර පුත්තලම,මොනරාගල,හලාවත,පොළොන්නරුව,අම්පාර, රත්නපුරය,හම්බන්තොට,මාතර, ගාල්ල නගරය ආශ්‍රිතව කලබලයන් ඇති කිරීමට නියමිත අතර මෙම පාතාල කණ්ඩායම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අපි බලා පොරොත්තුවෙමු
    lankanewsweb.today

  • champ

    Also better to publize the list of MR loyalists list in each district.My vote is from Gampaha.

  • Rata wenuwen

    රනිලා වස්ති කරනවා පඹයගේ **ට,
    කුනු ගද ගගහා බඩයනවලු තදසැරට,
    මලදානෙත් සුදානම් කර තොපට,
    “අනේ අන්ච්චන් ” ඇත්තේ කියන්නට

  • Samare

    I tried to log into “lankanewsweb.toady” to confirm the information given “Jayawewa”. That site had been blocked. I hope you are taking action about the information given by “jayawewa”

  • sayumi

    Samare,lankanewsweb.today has been blocked by yama paalane.to log in; go through google to ‘web proxy’ and enter any site there(eg.vpn book), and type ‘lankanewsweb.today’and click ‘go’

Leave a Reply