KP ව අල්ලන්න තරම් චෝදනා නෑලු. මහින්දට ගහපු තවත් UNP මඩක් මාට්ටු !

[1]. පසුගිය ජනාධිපතිවරණ කාලයේ සිටම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපය ප්‍රමුඛ ඔවුන්ගේ හවුල්කරුවන් විසින් මඩ ගැසීමට ප්‍රධාන නිමිත්තක් කර ගත්තේ KP හෙවත් කුමරන් පත්මනාදන් ය. එසේ නින්දිත මඩ ගැසීමක් සිදුකළේ KP ට එරෙහිව ඔවුන් කිසිදු නඩුවක්වත් දාන්නේ නොමැතිව යි.

 

[2]. එහි උච්ඡතම අවස්ථාව වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාගේ මුහුණ විකෘති කර KP ගේ මූණ ඊට බට් කරෆොටෝශොප් කළ පින්තූරයක් යොදා ගනිමින් පාථලී චම්පික රණවක විසින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. (වැඩි විස්තර සහ Video)

 

[3]. KP යනු ජාත්‍යන්තර කොටි ජාලයේ හිටපු නායකයෙකි. ඔහු කිසි සේත්ම දේශප්‍රේමියෙක් නොවේ. හමුදා බුද්ධි අංශ මගින් KP ව අත් අඩංගුවට ගෙන යොදා ගත්තේ අනෙකුත් ජාත්‍යන්තර කොටි නායකයින්ව සහ කොටි ජාල හසු කර ගැනීමටයි. සතුරා වුවද හසු වූ පසුව සතුරාගේ තොරතුරු ලබා දේනම් යම් නිදහසක් ලබා දීම ඕනෑම රටක ක්‍රමයකි. KPට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි දැයි එජාපයෙන් පළමු චෝදනාව එද්දීම ඔහුවට එරෙහිව නඩු දැමීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබුණි. නමුත් එම මඩ ඉවසාගෙන එතුමා සිටියේ හමුදා බුද්ධි අංශ මගින් සිදුකරන ජාතික මෙහෙවර අඩ පන නොකිරීමටයි. තවත් විදිහකට කිවහොත් හමුදා බුද්ධි අංශ මෙහෙයුම් වලට ඉඩ දීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා තම දේශපාලන ගමනට හානි වෙන්නට ඉඩ හැරියේය.

 

[4]. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ KP මගින් හමුදා බුද්ධි අංශ වලට තොරතුරු ලබගත හැකි වුවද ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත්තේ එහි අනික් පැත්තයි. මන්ද යත් KP වැන්නන් තම ජිවිත ආරක්ෂාව සඳහා වඩාත්ම බලවත් කණ්ඩායම වෙත එකතු වෙන බැවිනි.

 

[5]. අද දින ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළ වූයේ “කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ” යනුවෙනි. (Archive) එක්සත් ජාතික පක්ෂයේ මඩ ගැන එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත වන රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීපයෙන්ම පිළිගන්නට සිදුවීම දෛවයේ සරදමකි.

 

[6]. එක විටම KP ට විදේශ ගත වීමේ තහනමත් ඉවත් කිරීමෙන් යහපාලනයේ රෙදි ගැලවී යන නිසා ඊට ටික කාලයක් ගනු ඇත. එසේ කර ඔහුව රටෙන් පිට කර මෙතෙක් කල් හමුදා බුද්ධි අංශ මගින් සිදුකළ මෙහෙයුම් ආපසු හැරෙව්වත් පුදුම නොවන්න.

 

[7]. මෙතෙක් කාලයක් දේශපාලන වාසි ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසූ අය දැන් නිහඬයි. ඒවාට රැවටුණ අය තෘෂ්ණීම්භූතව සිටී.

යාලුවන්ටත් ඇත්ත දැනගනන්ට Share  කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to KP ව අල්ලන්න තරම් චෝදනා නෑලු. මහින්දට ගහපු තවත් UNP මඩක් මාට්ටු !

  • Kamal

    කරුණා අම්මාන් සම්බන්දයෙන් වුණෙත් ඕකමනෙ.

    කරුණාගේ පාවාදිම!

    කරුණා විසින් ඉන්දිය මාධ්‍යයකට දි ඇති සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගෙන ඔන්න උඹලැයි දේශප්‍රේමියාගේ හැටි කියලා යහපාලන අන්ධයින් විසින් පෝස්ට් දමා ඇති අයුරු දැක්කෙමි. කරුණා කිසිදිනක දේශප්‍රේමියෙක් වුයේ නැත…කරුණා යනු කොටි සංවිධානයේ සිටි පසුව එහි සතුරා වන ලංකා රජයට සහාය දැක්වු එක් අයෙකි. කරුණාගේ සහාය බුද්ධි අංශ වලට මෙන්ම කොටින්ගේ රහස් තොරුතුරු දැනගන්නට ලංකා රජය හොඳින් පාවිච්චි කලේය. කරුණා යනු අපේ රටේ රජයේ ඉත්තෙකි…..

    කොටි සංවිධානය පරාජය කරන්නට කරුණා උදව් කළා යයි කොටි සංවිධානයේ උදව් කරුවන් මෙන්න බහුතර දෙමළ පිරිස්ද කරුණාව සළකන්නේ ද්‍රෝහියෙක් ලෙසයි. ඔහුට ආරක්ෂිතව සිටිය හැකි එකම ස්ථානය ලංකාව පමණි…වෙනත් කිසිම තැනක ඔහුට ආරක්ෂාවක් නැත…ඒ නිසා ඔහු ට ලංකා රජය මත යැපෙන්නට සිදුවේ……ඒ බව හඳුනාගත් නිසා මහින්ද විසින් කරුණාව හොඳින් පාවිච්චි කළා….

    රටේ බෙදුම්වාදි කොටස් දුර්වල විට , පවතින රජයෙන් තමන්ට ආරක්ෂාව ලැබෙන බව දන්නා විට කරුණා ලංකා රජයට අවශ්‍ය ලෙස හැසිරෙයි. නමුත් රටේ බෙදුම්වාදි කොටස් බලවත් වන විට, රටේ රජයත් එම කොටස් සමඟ කටයුතු කරමින් කරුණා මෙන් ලංකා හමුදාවට උදව් කළ කොටි සංවිධානයේ හිටපු අයට ආරක්ෂාව නොලැබෙන විට ඒ අයට ඇත්තේ එක විකල්පයක් පමණි. ඒ නම් නැවතත් දෙමළ බෙදුම්වාදින්නුත් බහුතර දෙමළ ප්‍රජාව සමඟ සමඟි විමය. සිංහල මෙන් නොව පාවා දෙන්නන් ව දරුණු ලෙස සළකන දමිළ සමාජයෙන් ඔහුට එසේ ගැලවීමක් ඇතැයි සිතිමට අපහසුයි. නමුත් ඒ සඳහා ඔහු උත්සාහ කරනු ඇත. එ සඳහා හොඳම මාර්ගය තමාගේ බෙදුම්වාදි ලක්ෂණ හුවා දැක්විමත් කොටින්වත් ප්‍රභාකරන්වත් උසස් කොට කතා කිරිමයි.

    කරුනා යනු මහින්දගේ මිනිහෙක් නොව, ලංකා රජය විසින් භාවිතා කළ අයෙක්..ඔහුට ආරක්ෂා කිරිමත් හරියාකාරව කළමනාකරණය කිරිමත් කුමන පක්ෂයක් බලයේ සිටියත් ලංකා රජය විසින් කළ යුතුය. රනිල් ගේ එජාපය පැහැරහරින්නේ මෙන්න මේ කාර්යයයි….අපේ ඉත්තෙක් වන කරුණාට අනාගයක් ගැන සිතිමට ලංකාවේ සිටිමින්ම ප්‍රභාකරන් ගේ ගුණ වයන්නට සිදුවිම පවතින තත්ත්වයේ බෙදුම්වාදි ප්‍රවායන් ශක්තිමත්ව ඉදිරියට එන බවට හොඳම ඉඟියයි….අනාගතයේදි කේපිත් කරුනා යන පාරේම යන්නට පටන් ගත හැකිය. Ishanka Jayathilaka

  • Pink Panther

    අපේ රටේ මෝඩ මිනිස්සුන්ට තේරුම් ගත්තේ නැති තේරුම් ගන්න ඕන උනේ නැති දෙය තමයි.. කරුණා ,KP කියන අයව පවිච්චි කලේමොකටද කියන එක. ඔවුන්ව අපේ රටට යහපතක් කර ගැනීම වෙනුවෙන් පාවිච්චි කළ ඉත්තන් මිසක් ඔවුන්ට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නෑ.
    එහෙම දුන්නා නම් ඔවුන් එදත් අපේ රටට හිතකර වෙන අන්දමට අදහස් දක්වන්නේ පෙනී සිටින්නේ නෑ…
    හොඳම උදාහරණය මෙම වීඩියෝව ..
    කරුණා එදා මෙහෙම කියන්නේ මොකක්ද කියලා අද තත්වයත් එක්ක තේරුම් ගන්න පුළුවන්..
    මේ කතාවෙන්ම පේනවා ඔහුව පවිහ්ච්චි උනේ කුමක් වෙනුවෙන්ද කියලා..
    එදා දෙමල සන්දානයට විරුද්ධව කතා කල කෙනෙකු අද මෙහෙම වෙන්නේ වර්තමාන යහපාලනයේ තිබෙන දියාරු ආරක්ෂක ප්‍රතිපත්ති නිසා සහ පෞර්ෂයකින් තොර නායකයෝ නිසා හිතුමනාපෙට රටට විරුද්ධව ඕනෑම දෙයක් කරන්න ඕනෑම ද්‍රෝහියෙකුට බයක් නැති නිසා.
    https://www.youtube.com/watch?v=odHSunSt5hM

Leave a Reply