මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට ලංකාදීපයේ පළවූ ලිපිය එජාපයේම මඩකි!

“මහින්ද හිතවාදී පිරිස් විසින් ලංකාදීප පුවත්පතේ මුල් පිටුව විකෘති කර ඡායාරූපයක් සකස් කර අන්තර්ජාලයේ හා ජංගම දුරකථන ඔස්සේ බෙදාහරිමින් මහින්ද අගමැති බවට ව්‍යාජ ප්‍රචාරයක් යවමින් සිටිති” යනුවෙන් එජාපයේ රුවන් විජේවර්ධන මන්ත්‍රීවරයාට අයත් ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළ කර ඇත. (archive.org) පහත දැක්වෙන්නේ එකී ලංකාදීප ලිපියේ ස්ක්‍රීන් ශොට් එකකි.

lankadeepa

“මහින්ද හිතවාදී පිරිස් විසින්” යනුවෙන් ලංකාදීපයේ සඳහන් වුවද , ඒ පින්තූරය පළ කර ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින් විසින්ම මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීම සඳහා පවත්වාගෙන යන “සිංහල බොදුනුවා” නැමැති මඩ ෆේස්බුක් පේජ් එකේයි. (ඉහත පින්තූරයේ දිවුරුම් දෙයි යන්නට පහතින් ඇති sinhalabodunuwa නැමැති ටැග් ලයින් එක බලන්න). එම පිටුවේ පළ වෙන සෑම පෝස්ට් එකකින්ම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව වක්‍රාකාරයෙන් මඩ ගැසීම සිදුවෙයි.

මේ තියෙන්නේ එහි ඔරිජිනල් පෝස්ට් එක. (archive.org)

“සිංහල බොදුනුවා” නැමැති මඩ පේජ් එක ගැන මීට පෙර වෙනත් ෆේස්බුක් පේජ් මගින් දැනුවත් කර තිබුණි. පහත දැක්වෙන්නේ උදාහරණයක්. මූලාශ්‍රය

sinhala-budunuwa

“සිංහල බොදුනුවා” නැමැති මඩ පේජ් එක රිපෝට් කරන ලෙසත්, වැරදීමකින් හෝ Like කරන තිබේනම් අන්ලයික් කරන ලෙසටත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. ඔය ආකාරයේ මඩ පේජ් තව බොහෝ ප්‍රමාණයක් තිබෙන අතර ෆේස්බුක් භාවිතා කිරීමේදී සෑම විටම කල්පනාකාරී වන්න.

ෆේස්බුක් එක තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම පෝස්ට් එකක් හදා දැමිය හැකිය. එනමුත් ජාතික පුවත්පත් වෙබ් අඩවියකින් යමක් වාර්තා කිරීමේදී පළමුව සිද්ධිය සම්බන්ධයෙන් ගවේශණයක් සිදු කළ යුතුය.

එක්කෝ ලංකාදීප වෙබ් අඩවියේ කතුවරයා ලෙස පත් කර ඇත්තේ ෆේස්බුක් එකේ යන පැරොඩි පෝස්ට් ගැන මෙලෝ හසරක දැනුමක් නොමැති ආධුනිකයෙකි.  එසේනොවේනම් ලංකාදීප වෙබ් අඩවියෙන් සිතා මතාම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට කරන නින්දිත මඩ ගැසීමකි. ඉන් කුමක් නිවැරදි වුවද ලංකාදීප වෙබ් අඩවියේ විශ්වාසනීයත්වය නැති වී ඇති බව අප සහෘදයින්ට වැටෙහනවායැයි සිතමි.

අනිත් අයටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

20 comments to මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට ලංකාදීපයේ පළවූ ලිපිය එජාපයේම මඩකි!

  • Power

    මට මතක හැටියට මම මුලින්ම මෙම Mahinda.info වෙබ් අඩවිය කරා පැමිණියේ 2015 මාර්තු මස 8 වනදාය එදා සිට අද දක්වා ම පුලුවන් සෑම මොහොතකම මම සිටියේ මෙතනය.

    දීප්තිමත් දිනයකින් නැවත හමුවෙමු කියා 17 වනදා මෙයින් නික්ම ගියත් නැවත හමුවීමට සිදුව ඇත්තෙ දැඩි කණගාටුවක් සිතේ දරාගෙනය.

    එදා ජනවාරී 9 වනදා සිදු වූ බල පෙරලියත් සමඟ අපගේ සදාදරණීය නායකයාණන් අප අතරින් නික්ම යන මොහොත සිතක් පපුවක් තිබූ අපට කෙසේවත් බලා සිටීමට නොහැකි දර්ශනයක් විය.කෘතගුණ නොදත් මිනිසුන්ගේ පටු ක්‍රියාකලාපයක් නිසාවෙන් එතුමාට එවැනි ඉරණමක් අත් වූ බව නොරහසකි.එහෙත් ඒ හා සමඟාමී ව අප සදාදරණීය නායකයාණන් වටා සැබෑ ම කෘතගුණ දන්නා ජනතා බලවේගයක් එක් වූ බවත් කවුරුත් දන්නා පැහැදිලි සත්‍යයකි.එ් ආකාරයෙන් එතුමා වටා එක්රොක් වූ ජනතාව තව තවත් වැඩි දියුණු කිරීම උදෙසා විශාල කැප කිරීම් කරමින් කටයුතු කරන්නට වූ විමල් වීරවංශ මැතිතුමා,දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුලු ව සිටි දේශමාමක ජනතා හිතවාදී නායකයන්ටත් මම ප්‍රථමව මාගේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමි. ඒ හා සමඟාමී ව අප මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත එල්ල වූ අභූත වෛරී සහගත චෝදනාවන්ට ප්‍රබල සාක්ශි සාධක සහිතව මුලු මහත් සමාජයට ම මනාව එය අතේ පත්තු වන බොරුවක් බව ඔප්පු කර පෙන්වීම මුහුණ නොපෙණුනත් අප මිතුරෙක්,අප සහෝදරයෙක් ව අප සමඟ සිට අප සමඟ අදහස් හුවමාරු කර ගනිමින් Mahinda.info හි හිතවත් ඔබතුමා කළ සේවය මෙතකයි කියා කීමට වචන නැත.එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි සදා අනුස්මරණීය සේවයකි.එම උදාරතර සේවයට පිං සිදු වන්නට තවත් සහෝදර අප හිතවත් පිරිස් සමාජ ජාල හෝ වෙනත් විවිධ ක්‍රම වලින් මෙහි පලවන ලිපි මාලාවන් හුවමාරු කරමින් එය මුලු මහත් ලෝකය කරා ම රැගෙන යාමට ගත් උත්සහයටත් මා පුද්ගලිකව මාගේ කෘතවේදී ස්තූතිය පිරිනමමි.

    ඒ ආකාරයෙන් ම මෙහි පල වූ එම ප්‍රබල සාක්ශි සාධක ලිපි මාලාවන් සඳහා Comment යොදමින් තවත් විවිධ වූ ක්‍රම මඟින් සමාජය දැනුවත් කර අප සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් විශාල කැප කිරීම් කරා වූ (පුද්ගලික ව මාගේ මිත්‍ර කණ්ඩායමටත්) මා සහෝදර,මා හිතවත්,මා මිතුරු ඔබ සැම දෙනාටමත් මා හිස නමා අචාර කරමි. මෙහිදී Rata wenuwen,Dinuu,Sayumi මතක් නොකරම බැරිය.මුහුණ මෙයින් නොපෙණුනත් අදහස් අතින් අප සියලු දෙනා මෙහි වෙනම මිතුර කණ්ඩායමක් ගොඩනැගූ බව මට පුද්ගලිකව දැනුණු සත්‍යයකි.එහෙත් එම කණ්ඩායම ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳ සැක සහිතය.Mahinda.info හි ඔබතුමන් මෙම වෙබ් අඩවිය අතහැර දමාවිදැයි සැක සහිතය.කරන්නට දෙයක් නොමැත.ඔබතුමන් කළ සේවය අපමණය.ඔබතුමන්ටත් පුද්ගලික ජීවිතයක් ඇත.එම නිසා තවදුරටත් මෙම වෙබ් අඩවිය තම කාළය,මහන්සිය කැප කරමින් ඉදිරියටත් කරගෙන යා යුතුයි කියා ඉල්ලීමට අවශ්‍ය උවත් එසේ කීමට අයිතියක් නැතැයි මට සිතේ.

    දැන් වෙන්නට තිබූ සියල්ල සිදු වී අවසන්ය.මහින්ද රාජපක්ෂ ජනපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉතාසුලු ආසන සංඛ්‍යාවකින් පසු බැසීමට ලක් කරමින් එ.ජා.ප ජනාධිපති කෙනෙකු යටතේ එ.ජා.ප ආණ්ඩුවක් අප මාතෘ භූමියේ පාලනතන්ත්‍රය බාර ගැනීමට සූදානම්ය. එහෙත් යම් කොනකින් සිතේ සතුටක් ඇත.එය වෙන කිසිවක් නොව නිදහස් සන්ධානය තුළ සිට ම යම් කූට උපක්‍රම සිදුකොට එතුමාට අකුල් හෙලා නැවතත් මෙවර එතුමාගේ මුහුණ යොදා ගනිමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බොහෝ පිරිසක් මෙවර පරාජය වෙමින් තම ගම්බිම් බලා යාමට සිදුවීම හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතාම වෛරී සහඟත ලෙස අදහස් පළකළ ජ.වි.පෙ හා සරත් ෆොන්සේකා ඇතුලු නඩයත් අන්ත පරාජයකට පත් වීමය.ඒ ආකාරයෙන් එතුමා සමඟ තම හදවතින් ම සිටි සැබෑ ම මානව හිතවාදී නව මන්ත්‍රීන් ප්‍රමුඛ පිරිසක් මෙවර අප සුජාත මාතෘ භූමිය වෙනුවෙන් හා අප සදාදරණීය නායකයාණන් වෙනුවෙන් දියවන්නාව කරා පැමිණීමය.එම නිසා දැන් අපට ප්‍රබල ශක්තිමත් විපක්ෂයක් ගොඩනඟා ගත හැකිය.එ් ආකාරයෙන් ම අප මහින්ද රාජපක්ෂ මැතිතුමාත් දියවන්නා සටන් සදහා පැමිණෙන බව දන්වා ඇත.එහෙත් එතුමාට නැවත නැවතත් යම් පීඩනයක් ඇති කර රට වෙනුවෙන් තම වෙහෙස මහන්සිය කැප කරමින් නැවතත් ජනතා සේවය උදෙසා කැප වීමට පැමිණීමට කියා ආරාධනා කිරීමට යම්කිසි අයිතියක් නැතැයි මට සිතේ.

    කුමක් නිසා ද කියා සඳහන් කරන්නේ නම් එතුමා අප මාතෘ භූමියේ පැවති මිනීමරු කුරිරු යුද්ධය විජයග්‍රිහී ලෙස අවසන් කර විජයග්‍රාහී ලක් සිංහ ධඡය අප ලක්දෙරණේ ඔසවා තබා ලොව අනෙකුත් රටවල සමඟ කරට කර තරඟ කොට සංවර්ධනයෙන්,ආර්ථිකයෙන් හා අනෙකුත් සුබවාදී සෑම පියවරකින් ම ජයගත් හා ජය ගනිමින් සිටි නායකයාය.එහෙත් මේ රටේ සම හරක් මිනිසුන්ට එය වගේ වඟක් නැත.කොයි වෙලෙත් කන්ඩමයි.බඩ ගැනමය.එම නිසා මේ රටේ කෘතගුණ නොදත් එවැනි ජනතාවක් නිසා නැවතත් එතුමාගේ ජීවිතය අනතුරේ හෙලීම නොකළ යුතුය.එයින් මා අදහස් කරන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපට නැවතත් එපාය කියන එක නොවේය.මා මෙයින් අදහස් කරනුයේ ඉදිරියටත් කුමක් හෝ මැතිවරණයක් සඳහා එතුමාගේ මුහුණ පෙන්වා එතුමාගේ පිහිටෙන් පැමිණ එතුමා මේ මුලු මහත් සමාජයේ ප්‍රදර්ශන භාණ්ඩයක් නොකළ යුතුය කියන එකය.

    අවසාන වශයෙන් මෙසේ ලියන්නට සිතුවෙමි.

    එදා ජනවාරී 9 වනදාත් අප සුලු පසුබෑමක් මත ඇද වැටුණේය.එහෙත් දින,සති,මාස ගෙවීයත්ම අප නැවතත් අපි නැගිට්ටෙමු.නැවතත් අගෝස්තු 17 වන දින යලිත් සුලු පසුබෑමක් නිසා ඇද වැටුණේය.එහෙත් දැන් සිතේ පවතින් යම් පීඩනය නිසා යලි නැගිටීමක් ගැන සිතාගත නොහැක.

    එසේ නම් යම් සුභවාදී බලාපොරොත්තුවක් සිතේ දල්වා ගනිමින් නැවත් හමුවීමේ බලාපොරොත්තුවක් පෙර දැරිව අදට සමුගැනීමට සිතුවෙමි.

    අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා Mahinda.info හි ඔබතුමා,දේශමාමක ජනතාමාමක නායකයින් ඇතුලුව හිතවත් ඔබ සැම දෙනාම සියලු අපල උපද්‍රව වලින් ආරක්ෂා වේවා…!ඉදිරි අනාගතය සැම අතින් ම සාර්ථක වේවා..!

    බුදු සරණයි..
    ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි..!

    • @Power සහෘදයා, බෙහෙවින් ස්තුතියි ඔබගේ අගනා කොමෙන්ට් වලට. අපි ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

    • Dinuu

      හිතවත් Power, Mahinda.Info වෙබ් අඩවිය දිගටම පවත්වන බව එඩිටර් තුමා පවසනවා! එසේම වේවා යනු මගේත් පැතුමයි. වෙබ් අඩවිය තිබෙන තාක් කල් අපිත් මහින්ද මැතිදුන් වෙනුවෙන් පෙනී සිටිමු. එතුමා තනිකල නොහැකියි අපි ජීවත් වන තාක් කල්. Power ඇතුලු මෙහි එක්වූ මහින්ද පව්ලේ අපි හැමෝම හිතන්නේ…කළ ගුන දත් අපි හෙලන හැම හුස්මක් පාසාම අපි එතුමාට ණයයි කියලනේ.

      එඩිටර් තුමා ‘ස්තුතියි’ කියා ලිව් පෝස්ට් එකේ 35 ක් කමෙන්ට් කරලා 1500 ක් ෆේස් බුක් ශෙයාර් කරලා. සමහරු කියලා තිබුනා පෙබ සිටම නිහඩව අගය කලා කමෙන්ට් නොකලාට. සයිට් එක නවත්වන්න එපා කියලා.

      මත්තල පෝස්ට් එක 83ක් කමෙන්ට් කරලා 24600ක් ෆේස්බුක් share කරලා. මම මේවා ලිව්වේ මෙහි අගය මෙය කියවන අයට තව වටහාගන්නයි.

      Mahinda.Info එඩිටර් තුමා, මහින්ද මැතිදුන් වෙනුවෙන් මිල කල නොහැකි සේවයක් ඔබ මේ කරන්නේ. Power ටත් හද පිරි තුති පුදන්නයි මේ ලිව්වේ!

      • බෙහෙවින් ස්තුතියි.

        • Pink Panther

          Obalage danuwath kirim walata sthuthiya.
          man hithanne api sawoma den mahinda mahathaa pramukawa aluth sandhanayak pakshayak goda nanwanna awshayai..
          sirisena ,chandrika saha owunta hithawaadi ayata Nidahas pakshaya bhara denna..
          karunaakaralaa me nawa pakshaye adahasa samaaja gatha karanna..
          Mahinda Mathithumata sampreshanaya karanna..
          eyai den awshyathaawaya..
          nidahas pakshayen ayin weemata den kalaya hari..
          thawath me dewal balan inna amarui.

    • sayumi

      හිතවත් පවර්,
      17 සිදුවූ පසු බෑම දරාගත නොහැකි තරම් වේදනාත්මක එකක් බව ඇත්තයි. වැඩ අධික නම් නිතර නාවත්, ඉඳහිට හෝ මෙහි පැමිණෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.මුහුණු නොදැක්කත්,යහපත් අරමුණක් වෙනුවෙන් එකා වන්ව සිටි අප සැමගේ මිතුදම් ඉදිරියටත් එසේම පවතිනවා නිසැකයි.
      අපේ ජනපතිඳුන්ටත්,එතුමා සමග නොසැලී සිටින කලණ මිතුරන්ටත්,දිනූ බිමට ආදරය කරන්නාවූ පවර්, දිනූ,රට වෙනුවෙන් හා ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි!

      • sayumi

        දිනූගේ කමෙන්ට් එක දැකලා ආයි මේ ලියන්නේ මහින්ද මැතිඳුන් වෙනුවෙන් අපි සැම, ඉදිරියටත් සිටිය යුතුමයි.

        • Pink Panther

          ow sampurnayenma ekagayi..
          habayi den siyalu denama wenas wiya yuthui.. aluthin pata gatha yuthui..
          Nidahas pakshaya den wadak ne.. eya chandrika sirisena athulu nadayata bhara deela Mahinda mahathaa athulu kandayama paksha nayakayan aluth pakshayak sandanayak goda nawiya yuthui..
          meka thamayi patan gnna hondama welawa..
          anagathya saha rata wenuwen ikmaninma karanna one deyak..
          me mathya mini pasuwa idiriyata geniyaamata mahansi wiya yuthui..
          Nidahas pakshaya nisaa thamayi me awul anawashya gatum.. namuth janathawagen boho denekta nidahas pakshayak one ne.. UPFA 1k one ne..
          owunta awashya Shakthimath Jaathika nayakayaku wuna Mahinda Rajapakse saha pragathishili balawegayak..

      • Dinuu

        Pink Panther, Sayumi ඔබ දෙපලගේ කමෙන්ට් 100% අනුමත කරමි. අලුත් ප්‍රගතශීලි පක්ශයක ධජය යටතේ මහින්ද මැතිදුන් නොපමාව ඉදිරියට යා යුතුයි! මයිත්‍රී ගේ යකඩ සපත්තුවට යට වී හිටියා හොදටම ඇති. ජනතා පරමාධිපත්‍ය නැති බොහෝ දෙනෙක් දැන් මයිත්‍රී ගේ දරුණු ඒකාදිපතිවාදයෙන් හිස ඔසවනවා. ඒක වැරදියි. ජනතා බලය පැහැදිලිව ඇත්තේ මහින්ද මැතිදුන් ලගයි.

        මැතිවරණ අක්‍රමිකතා සිදුවුනා පැහැදිලිවම. මහින්ද පාක්ශිකයින් තුල අවිශ්වාසය ඇති කරලා… ඔවුන් බිය වද්දා… චන්දය දීමෙන් වැලැක්වූවා. මැකෝ පවා කොයි ලේකම් ද පිලිගන්නේ කියලා මැතිවරණයට පසුව කියන්නම් කියා… සත්‍යය වසන් කිරීමෙන්… මිනිසුන් තුල බිය සැක ඇති කලා එය වැරදියි. අපි මහින්ද මැතිදුන් වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිමු!

  • Singhe

    දිවයිනේ සියලුම ප්‍රකාශිත වලංගු චන්ද සංඛ්‍යාව 10,667,281 කි. නමුත් සියලුම පක්ෂ වලින් සියලුම අපේක්ෂකයින් ගෙන ඇති චන්ද එකතු කල විට එය 11,166,991 කි. මේ ඉලක්කම් දෙක සමාන විය යුතුය. නමුත් මෙහි චන්ද 499,710 ක (එනම් සියලු වලංගු චන්ද වලින් 4.7%) ක වෙනසක් ඇත. එනම් දිවයිනේ සියලුම ප්‍රකාශිත වලංගු චන්ද වලට වඩා චන්ද 499,710ක් වැඩිපුර චන්ද ගණන් කෙරී ඇත.

    වයිරිපාල සිරිසේන ගේ පවුලේ සාමාජිකයෙකු telecom අධිපති ධුරය දැරීමත් (යහපාලන පවුල් ආණ්ඩුව), telecom මඟින් චන්ද සම්බන්ධ මෘදුකාංග (software) පාලනය කිරීමත් , චන්ද දවසේ කිසි දා නොවුණු ලෙස චන්ද කොමසාරිස්ගේ වෙබ් අඩවිය හදිසියේ ක්‍රියා විරහිත වීමත් (චන්ද ලැයිස්තුව දික් වූ විට computer නොනවතී ) අනුව, මහා බැංකු හොරකමේ පමණක් නොව චන්ද හොරකමේත් විශේෂඥයන් බවට මේ හොර තක්කඩි රැල දැන් පත්වී ඇත. මෙය මෙරට ඉතිහාසයේ පළමු චන්ද වංචාවයි. මෙය වහාම පරීක්ෂා කල යුතුයි.

  • Mark Levinson

    This election was rigged. Mahinda was the winner. Sad voters have no clue.

    WHAT HAPPENED TO MY VOTE?

    This was the most corrupt election ever?

    President openly violated election laws repeatedly. Biased to UNP while
    Holding CHAIRMAN worked to defeat party and own seat.
    And he claims being fair and free and neutral, JOKE.

    Voters disenfranchised rigged.

    Citizens demand repoll recount.

  • shyam

    Lanka C News carries an article that Susil Premajayanth has agreed to Mr. Sirisena’s national list! What is happening? How could they do this to Mr. Rajapaksa? They used him to get into Parliament and now are abandoning him to get into the government! Let those who go, go but the voters who sincerely voted for them should stage a strong protest against each and every MP who jumps to the other side! It should be done in a peaceful manner and not violently! Show Mr. Sirisena that his schemes will not be tolerated! This would not have happened if in the first instance if Mr. Rajapaksa contested separately from the beginning itself! Mr. Sirisena is going to ruin Mr. Rajapaksa politically and try to isolate him, let all the politicians abandon Mr. Rajapaksa it does not matter, the loyal people will be with him, sometimes they too will dwindle due to pressure but there still will be many who will be there to protect Mr. Rajapaksa, to all right thinking citizens ask from your conscience is it right to tolerate this level of impunity which is being masked under the veneer of good governance? This is a psychological war fare to bring down Mr. Rajapaksa’s morale and get him to bow out of politics! Do not tolerate this if so that would be the biggest betrayal to the man who helped save our country and in the process lost his freedom, leadership and party due to vengeance of petty minded politicians!

  • Rata wenuwen

    හිතවත් පවර්
    මමත් ප්‍රථමයෙන් අපෙ එඩිටර් මහතාට ස්තුතිවන්ත වනගමන්ම, ඔබ දැක්වු මසුරන් වටිනා සහයෝගයට ,රටවෙනුවෙන් අනේකවාරයක් ස්තුතිය පුදකරනවා, මේ වැඩබිම නොවසා පවත්වායනබවක් එඩිටර් මහතා පැවසිම සිතට සතුටක්,
    අපි ඉදහිට හමුවෙමු, ඒවගේම දිනුටත් සයුමිටත් ස්තුති කරන්න මා මැලිවන්නේ නැහැ,
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

  • Mahesh

    අනේ අම්මපා මේ කාලකණ්ණි UNP ටොයියන්ට චන්දය කොහොම හරි යන්තම් දිනා ගත්තට පස්සෙත් තමන්ගෙ තියෙන හීන මානය නැති වෙලා නැති හැටි! නොදකින් නොදෝමකින්!!

  • eranga

    Srilanka ithihasya dushithama mathivaranaya!!

  • Mahesh

    අර චන්ද වංචාවක් සිදු වුන බවට තියෙන ආරංචියේ අළුත්ම තත්ත්වය කොහොමද? එහෙම සාධාරණ සැකයක් තියෙනවා නම් කල් මරන්නේ නැතිව අවශ්‍ය පියවර ගන්න ඕන කියන එකයි මගේ අදහස.

  • ජහපාල- යටි උගුල් අටවන නරුමයා

    අන්න ජපාලන සතා ගම්මන්පිල නිවාඩ් කබ්රාල් සහ සශි වීරවන්ෂව FCID එකට කැදවලා ඊලගට ගොටාබය විමල් වෙල්ගම ආදීන් විය හැකියි අඩමින් හිටිය ඇති සටනට සුදානම් වෙමු ගිය පාර යහපාලකයෝ ගහද්දි අපි බලන් හිටියා මෙපාරනම් අන්තිම සටන මරාගෙන මැරෙන්න හරි සටන් කරමු

  • වහාම විමර්ෂණයක් කල යුතුයි

  • ඔනෑම මොහොතක අපි මහින්ද මැතිතුමා සමගයි

  • පුතේ, දුවේ,
    අයුක්තියට අසාධාරණයට ක්‍රියාකාරීව එරෙහිවන තරුණ ජවය සහිත ඔබ සියලු දෙනා මානව හිත වාදීව මහා ජවයකින් මේ තීරණාත්මක අවස්ථාවේ මහින්ද වෙනුවෙන් නොබියව පෙනී සිට කරන ලද අයෝමය කැප කිරීම ගැඹුරින් හා සංවේදීව අගය කරමි. එහෙත් පුතනුවනි, දියණියනි, දේශපාලන ක්‍රියාකාරිත්වය හා දේශපාලන ජීවිතය හති වැටෙන්නාක් නොවන බව මහින්දවම හදාරා තේරුම් ගන්නට උත්සහ කරන්න.
    දේශපාලනයේදී අයුක්තිය යුක්තිය පසාරු කරගෙන හැම විටම ඉස්මතු වෙනවා. යුක්තිය තරම් නිහතමානී නැති අයුක්තිය මහා මෘග බලවේගයක්.
    නව මානයකින් ගුවනේ දේශපාලන සටන මෙහෙයවන බොහොමයක් පුතාල දුවාලට මහා පොළොවේ කටුක හා ගොහොරු මජර දේශපාලනය දිවැසින් දැකිය හැකි උවත් කටුක අත්දැකීම්වලට එතරම් පාත්‍ර නොවීම නිසාත්, දේශපාලන උත්තේජනය හීන වීම මෙන්ම විවේකය හා තාවකාලික නික්ම යෑම් හි අවශ්‍යතාවය ඇතිවීම සදාරනයි. මෙතෙක් ඔබල විසින් කෙරුණු මෙහෙවර ඇති උතුම්. එහෙත් දරුවනේ මෙතෙක් ඔබ කරුණාව දැක්වූ සමාජයටත්, තව දුරටත් ඔබටත් ඔබේ දරුවන්ටත් යහපත් සමාජයක් සහිත රටක් තිබිය යුතුයි.
    භුමියේ දේශපාලන යථාර්තය තේරුම් ගන්නට 77තේ බලයට පත් නුතන මහා හොර දෙටුවාගේ මාම වූ J R බලයට පත්වීමෙන් පසුව පැවති මහර අතුරු මැතිවරණය පැවත් වූ අන්දමත් එම චන්දය මංකොල්ල කෑ අන්දමත් හැදෑරීම පමණක් වුවත් සෑහේවි. රටේ එවකට සිටි ජන ප්‍රසාදය දිනාගත් ජනප්‍රියම නළුවා වූ විජය කුමරතුන්ගගේ (අද ඉන්න වාචාල මඩ ගොන්ජල වගේ නොවෙයි) මැතිවරණ ජය හොරා කෑවේ කොහොමද?
    තවත් කරුණක්. තමන්ගේ අක්කර දහස් ගනනක් රජයට පවරා දෙමින් යටත් විජිත කාලයේ සිට මන්කොල්ලකාරීව සුද්දන් විසින් පවත්වාගෙන ගිය තේ වතු සමාගම් පොදු ජනතාව සතු කල, ආගම් වාදීව පුද්ගලිකව මන්කොල්ලකාරී ලෙස අසාධාරණව පවත්වාගෙන ගිය පළල්ම ජන සමුහය වූ දුප්පතුන්ගේ දරුවන්ට උසස් අද්‍යාපනය අහිමි කල පාසැල් පද්දතිය අපේ දරුවන්ට ජන සතු කොට දුන් හා shell , Caltex, esso වැනි අමෙරිකන් තෙල් සමගම් ජනතාව වෙත පවර දුන් සිරිමවොගේ පුරවැසි භාවයත් අහිමි කරන්නට තරම් මුර්ග ලෙස අද යහ පාලනය මෙන් එදා ධර්මිෂ්ට පාලනයක් ගෙන ගිය U N P යේ කෙරුවාවේ ප්‍රතිපල අපේ පරම්පරාවේ මහින්දත් වාසුත් වගේ අය බුක්ති විඳ තියෙනවා. එදා සිරිමවොගේ ජීවිතය ඉතුරු කලත් අද මහින්දගේ හා ගොටබයගේ ජීවිතයම ඔවුන් ගිල දමන්නටයි හදන්නේ. රටට ජීවිතය ලබා දුන් ඔවුන්ගේ ජීවිතය රැක දීමට මේ මොහොතේ අහිංසක අපට කල හැකි දෙයක් වේ නම් එය එක මිටක් ලෙස බැදී ආවාටයක් ලෙස රැකවල් ල සිටීමයි. චන්ද කාලයට වඩා නොනගත කාලය බයානක බවත් උන්ගේ පවිටු අරමුණු ජන මනසට වැලි ගසා ලෙහෙසියෙන් ජය ගත හැකි වන්නේ මෙවන් පසු බිමක බවත් දේශපාලන යුග පසු කොට අත් දැකීම් සහිතව වයසින් මුහුකුර ගිය අයෙකු ලෙස තරුණ ඔබට වාර්තා කල හැකියි.
    විකල්පයක් නැහැ. යුක්ති ගරුක පක්ෂයක් සංවිදාන ගතව හැදේවි. එය දේශපාලන අත්දැකීම් බහුල ඉන් මුහුකුර ගිය මහින්ද විසින් ක්‍රියාත්මක කරාවි. එතෙක් අපට අයත් අපේ කටයුතු මෙන්ම ඔබට අයත් සුවිශේෂී දක්ෂතා සහිත ඔබේ දායකත්වය ඉඩ ලැබෙන පරිදි හෝ උපරිමයෙන් ලබා දී අහිංසක ජනතාව ගොනු කර ගන්න

Leave a Reply