Mahinda Rajapaksa: කොටහේන වෙඩි තැබීම ගැන mahinda.info විශේෂ හෙළිදරව්ව. රවි කරුණානායකගේ කැරැට්ටුව මෙන්න.

Saturday, August 1, 2015

කොටහේන වෙඩි තැබීම ගැන mahinda.info විශේෂ හෙළිදරව්ව. රවි කරුණානායකගේ කැරැට්ටුව මෙන්න.

[1]. කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී 2015/07/31 දින උදෑසන 11:30 ට පමණ වෙඩි තැබීමක් සිදු වුණා. එහිදී සිත්ති නසීමා නැමැති කාන්තාවක මිය ගිය අතර තවත් 14 දෙනෙක් තුවාල ලැබුවා. එහිදී මියගිය සහ තුවාල ලැබූ අය ගැන පළමුව අපගේ සංවේගය පළ කරනවා. එම ප්‍රහාරය සිදුවී අඩ හෝරාවක් පමණ ඇතුළත රවි කරුණානායක මහතාගේ ෆේස්බුක් පිටුවේ පළ වූ පින්තූරයකුයි පහත දැක්වෙන්නේ.

ravi-karunanayaka

එමගින් ප්‍රහාරයේ වගකීම මහින්ද රාජපක්ෂ මහතාට බැර කිරීමට හදන රවි කරුණානායක ඇතුළු එජාප මඩ මාධ්‍ය ව්‍යාපාරය, ප්‍රචාරය කළේ එය රාජපක්ෂවරුන් සිදු කළ අපරාධයක් බවයි.

 

[2]. බ්ලුමැන්ඩල් වෙඩි තැබීම පාතාල කල්ලි අතර සිදුවූවක් බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නැති බවත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එජාපයේ සුජීව සේරසිංහ ප්‍රකාශ කළා.

එජාපයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ම මෙසේ පවසද්දී රවි කරුණානායකට තවත් බොරු කළ හැකිද?

 

[3]. කොටහේන වෙඩි තබා ගැනීම මැර පිරිස් දෙකක් අතර සිදුවූවක් බවත් තුවාල ලබාපු අය අතර මේ රටේ හඳුනා ගත්ත මැරවරයෙක් සිටින බවත් ජේෂ්ඨ නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

 

 

[4]. රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පතේ ඒ ගැන වාර්තා වූයේ එය දේශපාලන හේතුවක් මත සිදුවූවක් නොව පාතාල ගැටුමක් බව යි.
kotahena-shot-ravi-karunana

මෙහිදී වැදගත්ම කරුණ එනම් රවි කරුණානායකගේ දේශපාලන අධාරකරුවන් අතර පාතාල සාමාජිකයින් සිටින බවට එජාපයේ පත්තරෙන්ම තහවුරු කරනවා. එජාපයේ පත්තරේම එලෙස තිබෙන බැවින් එය ප්‍රතික්ෂේප කිරීමට එජාපයේ කිසිවෙකුට නොහැකියි. 

එසේම තුවාල වූ 'ආමි සම්පත්' නැමැති පාතාල නායකයා පැන ගොස් තිබෙන බවත් ලංකාදීපයේ තවත් ලිපියකින් වාර්තා වෙනවා.

ravi-karunanayaka-army-samp

මෙම වීඩියෝවේ කාලය විනාඩි 3:16 සිට බලන්න, බ්ලූමැන්ඩල් වෙඩි තැබීමෙන් පසුව ආසන්නයේ ඇති මහල් නිවාසයකට ආමි සම්පත් පැන ගොස් හැංගුණා. වීඩියෝව හොඳින් බලන්න විශාල ආරක්ෂක නිලධාරීන් පිරිසක් මහල් නිවාසය වට කර තිබෙනවා.

වෙඩි තැබීමත් සමග ආමි සම්පත් නමැත්තා ගිනි අවියක්‌ද අතැතිව බ්ලූමෙන්ඩල් නව නිවාස සංකීර්ණය දෙසින් දිව ගිය බවද ඔවුහු කියන්නට වූහ. එහෙත් මුලදී එය කටකතා ස්‌වරූපයෙන් තිබුණද පසුව ඒ සියල්ල බුද්ධි අංශ මගින්ද තහවුරු කරන්නට විය. වැඩිදුර කියවීමට: දිවයින 2015/08/02


එනමුත් ඉහත ලංකාදීප පුවත අනුව ආමි සම්පත් ව අත් අඩංගුවට ගෙන නෑ. යහපාලන ආණ්ඩුව රණවිරුවන්වත් අඩපණ කොට පාතාලය රකින බවට තවත් උදාහරණ ඕනද?

 

[5]. ඉහත වීඩියෝ 2 ත් ලංකාදීප ලිපිත් අනුව (මේ සියල්ලම එජාපයේම අය කියන දේවල්) පාතාල කල්ලි අතර සිදුවූ ගැටුමක් පාදක කරගනිමින් රවි කරුණානායක විසින් තමන්ගේ ආධාරකරුවන්ගේ මළමිනී පවා විකුණා දේශපාලන වාසි ගත් බව කාටත් තහවුරු වෙනවා. මේ ආකාරයෙන් එජාපයෙන් කොතරම් මඩක් මහින්ද රාජපක්ෂ මහතාට ගහන්නට ඇත්දැයි ඔබම කල්පනා කර බලන්න.

 

[6]. සිදුවීම ගැන දිවයින පුවත්පතේ මෙලෙස වාර්තා කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කෙසෙල්වත්තේ ධනේෂ් නමැති පාතාල සාමාජිකයාද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

සිද්ධිය වන අවස්‌ථාවේ රවි කරුණානායක මහතා පැමිණි රැස්‌වීමට කොළඹ පාතාලයේ නම ගිය අපරාධකරුවන් වන ආමි සම්පත්, බ්ලූමෙන්ඩල් සංඛ, කෙසෙල්වත්තේ ධනේෂ් සහ වනාතේ බිම්සර නමැත්තන් සහභාගි වී සිටි බව අවට පිරිස්‌ පොලිස්‌ බුද්ධි නිලධාරින්ට පවසා ඇත.

වෙඩි තැබීමත් සමග ආමි සම්පත් නමැත්තා ටී 56 වර්ගයේ ගිනි අවියක්‌ ද රැගෙන බ්ලූමෙන්ඩල් නිවාස සංකීර්ණය ඔස්‌සේ දිව ගිය බවද ඔවුන් සඳහන් කර තිබේ.

මෙකී ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ ඇතුළු පාතාල ප්‍රබලයන් ඉකුත් කාලයේ ආරක්‍ෂක අංශ මෙහෙයුම්වලින් බේරීම සඳහා විදේශයකට පැන ගොස්‌ සිට මීට මාස දෙකකට පමණ ඉහතදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව ආරක්‍ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

කෙසෙල්වත්තේ ධනේෂ් නමැත්තා මීට පෙර මත් කුඩු ග්‍රෑම් පනහක්‌ සමග පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවී අධිකරණය මගහැර සිටින වරෙන්තුකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි.

සම්පූර්ණ ලිපිය මෙතනින්: දිවයින 2015/08/01

පාතාලය නැවතත් හිස ඔසවන්නේ කෙසේදැයි නිගමනය කිරීම මෙය කියවන සහෘදයින්ට බාරයි.

 

[7]. කවුද මේ ආමි සම්පත්?

ඉහත දක්වා ඇති ලංකාදීප උදෘතයක දැක්වෙන්නේ "එම ආධාරකරුවන් අතර සිටි ආමි සම්පත් නැමැති හමුදාව හැර ගිය අයෙකුට..." ආදී වශයෙනි. සාමාන්‍යයෙන් කැන්වසින් යද්දී එයට පාක්ෂිකයින් නොවන අයට සහභාගී වීමට ඉඩ ලැබෙන්නේ නෑ. මන්ද යත් ඊට සහභාගී වෙන්නේ ක්‍රියාකාරීම පාක්ෂිකයින් බැවින් ඔවුන් එකිනෙකා ගැන දැඩි අවධානයෙන් සිටිනවා. යම් හෙයකින් ආමි සම්පත් එම ආධාරකරුවන්ට අයත් නොවූවෙක්නම්, අදාල ආධාරකරුවන් 300 කට අධික පිරිස නිකම් බලන් සිටින්නේ නෑ.

කොටහේන වෙඩි තැබීමට හරියටම සති 3 කට පෙර එනම් 2015/07/09 දිවයින පුවත්පතේ මෙලෙස වාර්තා වී තිබෙනවා.

unp-underworld-sri-lanka

 

[8]. මෙය රවි කරුණානායකට එල්ල වූ ප්‍රහාරයක් ද?

BBC සංදේශයේ මාධ්‍යවේදියා විසින් "මේ සිදුවීම සිදුවෙච්ච වෙලාවේ ඔබතුමා එතන හිටියද?" යි අසද්දී රවි කරුණානායක "ඔව්" යැයි පිළිතුරු දෙනවා. මෙම වීඩියෝව කාලය 00:37 සිට බලන්න. මාධ්‍යවේදියා හරස් ප්‍රශ්නයක් අහද්දී රවි කරුණානායක දිව මාරු කරන හැටිත් බලන්න. මොවුන් කියන දේවල් විශ්වාස කළ හැකිද?

නමුත් පොලිසිය පැවසූයේ මෙලෙසයි.
ඇමැති රවි කරුණානායක මහතා එම රැස්‌වීමට සහභාගි වී ආපසු පිටව ගොස්‌ සුළු මොහොතකට පසු මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි. www.divaina.com/2015/08/01/news01.html

ඒ අනුව රවි කරුණානායක එහි නොසිටි බවත්, මෙය ඔහුව කිසි සේත්ම ඉලක්ක නොකළක් බවත් පැහැදිළියි.

 

[9]. තමන්ගේ කැන්වසින් වල සහ රැස්වීම් වල පාතාල කල්ලි සාමාජිකයින් සිටින නිසා, සාමාන්‍ය පාක්ෂිකයින් ඒවාට සහභාගී වීමට බිය වී සිටින බවත් රවි කරුණානායකට අවබෝධ වී තිබෙනවා.

දැන් ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම් වල බෝම්බ පත්තු විය හැකි බවයි. කට බොරු කීවත් දිව බොරු නොකියන රවි කරුණානායකගේ තවත් කූඨ සැලසුමක්දැයි සැකයක් මින් ඇති වෙනවා.

එහෙත් එවැනි කතා කීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රැළි වලට එන ජනකාය නවතාලීමට රවි කරුණානායකට නොහැකියි. මෙතරම් පාතාල කල්ලි නිදැල්ලේ සිටියදීත්, සහ මහින්ද රාජපක්ෂ මහතාට දී ඇති ආරක්ෂාව පවා අඩු කර තිබියදීත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ජනරැළි මේ දක්වා කිසිදු ආරක්ෂක ගැටළුවකින් තොරව පවත්වා ගැනීමට හැකි වුණා. (අකුරැස්සේ සිද්ධිය වූයේ පාක්ෂිකයෙක් අතින් අල්ලාගෙන තෙරපීමත් සමග අත හැරගැනීමට නොහැකි වීමක් වන අතර, සිදුවූ අත්වැරදීම ගැන අදාල පුද්ගලයා මහින්ද මැතිඳුන් වැඳ සමාව ඉල්ලා ගත්තා.)

රටේ ජාතික ආරක්ෂාව රැක ගැනීමට සුදුසු කුමන පක්ෂය දැයි මෙයින්ම පැහැදිළි වෙනවා නේද? ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතාට පාතාල කල්ලි එතරම් ගැටළුවක් නෙමෙයි. පසුගිය වසර කිහිපය තුළ සම්පූර්ණයෙන්ම පාහේ පාතාලය අවසන් කෙරුණා.

කාලයක් විදේශගතව සිට යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමග මෑතකදී මෙරටට පැමිණි එම පාතාල කල්ලි ටිකත් , අගෝස්තු 17 න් පසුව දින කිහිපයක විශේෂ බුද්ධි මෙහෙයුමකින් අවසන් කරනවාද , නැතහොත් මෙලෙස දේශපාලන ආධාර මත මහ දවල් අහිංසකයින් වෙඩි කා මැරෙන රටක් බවට මේ රට පත් කරගන්නවාද , යන්න තීරණය කිරීම මෙය කියවන සහෘද ඔබට බාරයි.


Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.